Saturday, December 31, 2016

119. ලස්සන අවුරුද්දක් ගෙනාවට ඔබට ස්තූතියි 2016 ...




අද 2016 අවුරුද්දේ අන්තිම දවස... 

2016 අවුරුද්ද කියන්නෙ තුශානිගේ ජීවිතේ අමතක නොවන බොහොම වැදගත් අවුරුද්දක්. ඒ නිසාම ආපස්සට හැරිලා අවුරුද්ද දිහා බැලුවහම මතකෙට එන දේවල් බොහෝමයක් තුශානි තියෙනවා.

ජීවිතේ ගොඩාක් දුක් වෙච්ච අවස්ථා වගේම ජීවිතේ ගොඩාක් සතුටු වෙච්ච අවස්ථාත් එක්ක ජීවිතේ බෙදාගන්න ආදරණීය අත්වැලක් ලැබීම 2016 අවුරුද්ද සුවිශේෂි අවුරුද්දක් වෙන්න හේතු උනා. 

කාලයක් අසනීපෙන් හිටිය තාත්තව පූර්ණ සුව තත්වෙකට ගෙන්නත්. අම්මත් එක්ක තාත්තව දඹදිව යවලා හිතේ හැටියට වන්දනාමාන කරගෙන එන්න යවන්න පුළුවන් වීමත් 2016 වසරේ තුශානිගේ හිතේ තිබුනු හීන හැබෑ කරගත්ත අමතක නොවන අවස්ථා.  

ඒ වගේම තුශානිත් ලංකාව වටේ නොගියපු හැම තැනකම වගේ අවිද්ද අවුරුද්දකුත් මේක. ඒත් එක්කම එක එක විදිහේ බාහිර වැඩ ගොඩක් එක්ක බොහොම කාර්යබහුල වුන අවුරුද්දකුත් තමයි 2016.

ජීවිතේ සිද්වෙන සමහර දේවල් අපිට හිතා ගන්නවත් බැරි පුදුම දේවල් කියන එක තුශානි පොඩි කාලේ ඉඳලම විශ්වාස කරන දෙයක්. ඒ උනත් අපි කෙනෙක්ට වරදක් නොකරනවා නම් ඒ ආශිර්වාදය අපේ ජීවිතයට ලැබිලා අපේ ජීවිත සාර්ථක කරනවා කියන එක ගෙවුනු 2016 අවුරුද්දේ තුශානි අත්වින්ද දෙයක්. 

ඉතින් 2016 ගැන ආපස්සට හැරිලා බැලුවහම හුඟක් සතුටුයි. හීනෙකෙන් වත් නොහිතපු වසරක් අරගෙන ආවට ඔබට බොහොම ස්තූතියි 2016 

ඒ වගේම ලබන්නවූ 2017 වසර බොහොම සාදරෙයෙන් පිලිගන්නත්, මගේ බ්ලොග් යාළුවො හැම කෙනෙක්ටම 2017 වසරත් සුබම සුබ වසරක් වේවායි සුබ පතන්නත් තුශානි මේක අවස්ථාවක් කර ගන්නවා. 

 




ප.ලි. - හපොයි.... ගොඩක් දවස්කින් මුකුත් ලියන්න බැරි උන නිසා ලියන්න දැන් ටිකක් කම්මැලි වෙලාලු මම. හි..හි...

Related Posts Plugin for WordPress, Blogger...