කාලෙකින් ඔපීසියේ රස කතාවක් කියන්න බැරි වුනානේ... ඉතින් අද තුශානි හිතුවා ඔපීසියේ රස කතාවක් කියන්න. හැබැයි ඉතින් රස කතාවක් කියලා කිව්වට මේක මේ බිත්තර කට්ටක් හොයාගෙන ඒක ඇතුලට වෙලා දවස් ගානක් ඉන්න පුළුවන් තරමට සිද්ද වුනු බොහොම හොඳ වැඩක්. හි..හි...
හරියට අර ෆේස් බුක් එකේ සතුට යනු , දුක යනු , කියලා එක එක ඒවා දානවා වගේ නව නිංගිරාව යනු කියන එකට මේක හොඳම හොඳ උදාහරණයක් කිව්වොත් මම හිතන්නේ ඒක හරියටම ගැලපෙනවා.
තුශානි වැඩ කරන්නේ විදේශීය රටවල් එක්ක ගණුදෙනු කරන සාමගමක කියලා කලින් කියලා තියෙනවනේ. ඉතින් පිටරටවල් වලින් අපේ ආයතනයට ඕනේ කරන දේවල් අපි ගෙන්නනවා. මෙහෙම ඒ දේවල් ලංකාවට ගේද්දී භාන්ඩ වර්ග මොනවද, කොච්ච ප්‍රමාණයක් එනවද, කොච්චර මිලක් වෙනවද එහෙම කියලා ලිපි ලේඛන ටිකක් තියෙනවා අපිට හදන්න. ඉතින් එදත් සුපුරුදු විදිහට ඒ ලිපි ලේඛන ටික අපි හදාගෙන යනකොට මෙන්න එක්කෙනෙක් කියනවා ආපු ඉන්වොයිස් එකක් වැරදියි කියලා.
" මේ.. හොඳටම ෂුවර් ද ? "
අපේ අයගේ හැටි දන්න නිසා කෝකටත් කියලා මම ආපහු සැරයක් ඇහුවා.
"ඔව්.. ඔව්.. මම දෙපාරක් බැලුවා... මේ... ඔයත් මේක පොඩ්ඩක් බලලා යන්න කලින් සප්ලයට මේල් එකක් දාලා යනවද. එතකොට හෙට උදේ වෙනකොට හරි ඉන්වොයිස් එක ඇවිත් තියෙයි. "
"අයියෝ... මමත් දැන් ඔෆ් වෙන්.... ..... " කෝ ඉතින් ඉතුරු ටික කියන්න හම්බවුනේ නෑ. අරයා ෆයිල් එක මගේ ටේබල් එක උඩින් තියලා යන්න ගිහින්..
දැන් ඉතින් මොනවා කරන්නද. කාටද අප්පේ ඔය පිටු දහයක් විතර තියෙන ඉන්වොයිස් එක ආපහු චෙක් කර කර ඉන්න පුළුවන් මේ ගෙදර දුවන්න ලෑස්තිවෙලා ඉන්න වෙලේ. ඒ නිසා කොම්පීතරේට ටිකක් එබිලා හරි එක එවන්න කියලා ඊ මේල් එකක් දාලා මාත් ඉතින් ගෙදර ගියා.
ඊලඟ දවසේ ඉතින් සුපුරුදු විදිහට පිණිබර හිමිදිරියේම ඔපීසියට ඇවිත් වැඩ පටන් අරගෙන විනාඩි කීපයයි ගියේ.. මෙන්න කවුදෝ ඇවිත් මගේ ලඟ ඔළුව නව නව ඉන්නවා මගේ ඇහි පිල්ලමේ කොනේම ඇහි පිහාට්ට අතරින් පේන්න පටන් ගත්තා.
"ගුඩ් මෝනිං තුශානි.. බ්ලා බ්ලා.. බ්ලා.... " කියලා දෙතුන් සැරයක් නැවිලා ජපන් මහත්තයෙක් විස්තරයක් කියන්න පටන් ගත්තා.
බැලින්නම් මෙයා අර මම ඉන්වොයිස් එක වැරදියි කියලා යවපු කොම්පැනියෙම එක්කෙනෙක්. වෙන වැඩ වගේකට මේ දවස් වල අපේ කොම්පැනියට ඇවිත් ඉඳලා තමයි තිබිලා තියෙන්නේ. ඉතින් අර කොම්පැනියෙන් එයාට කතා කරලා කියලා, ගිහින් පොඩ්ඩක් බලන්න කියලා.
ඉන්වොයිස් එක ඉතින් වැරදියිනේ මාත් ඉතින් බය නැතුව වාඩි වෙන්න කියලා ඩොකියුමන්ට්ස් ටික අතට දුන්නා බලන්න කියලා.
ඉන්වොයිස් එක වැරදියි කියලා දීපු එක්කෙනාටත් මම ඒ අතර තුරේ කෝල් එකක් දීලා වෙච්චි සිද්දිය කියනකොට මෙන්න ඒ පාර එයා කියනවා " බලන්නකෝ හරි වැඩේනේ මට කොළයක් මිස් වෙලා ඒකත් ආවහම නම් ටෝට්ල් එක හරි වගේලු.
ඔන්න එතකොට තමයි මටත් තරු එකක් දෙකක් පේන්න පටන් ගත්තේ. මේල් එකක් දැම්මට මම ආපහු චෙක් කලේ නෑනේද කියලා මගේ ටිකිරි මෝලේට කල්පනා වෙන්න පටන් ගත්තා. එතකොටම හීන් දාඩිය දාන්න පටන් අරෙගෙන ඇඳගෙන හිටිය රතු පාට සාරියේ පාට ගෑවිලා වගේ අත පය රතු පාට වෙලා තමයි පේන්න පටන් ගත්තේ.
තක්කාලි ගෙඩියක් මූණේ හයි කරගෙන වගේ ඊට පස්සේ මම අර මනුස්සයා දිහා බලනකොට ඒ මනුස්සයා බොහොම සැහැල්ලුවෙන් ඩොකියුමන්ට්ස් ටික චෙක් කරනවා... චුට්ටක් නවත්තනවා... ගෙනත් දීපු තේ එක බොනවා... ආපහු කැල්කියුලේටර් එක අරෙගෙන ටොක් ටොක් ගාලා ඔබනවා ... ලැප්ටොප් එක දිහා ටිකක් බලාගෙන ඉන්නවා... වට පිට බලනවා... බොහොම සැහැල්ලුවෙන් වැඩ.
දැන් ඉතින් මොකද කරන්නේ... විනාසයි... අනිවාර්යයෙන් බැනුම් කෝටියක් අහන්නම වෙනවා. වක්කඩේ කැඩුවා වගේ එක තප්පරයට එක්දාස් පන්සීයක් විතර දේවල් හිතට එන්න පටන් ගත්තා.
මොනවා කරන්නද ඉතින් වෙච්චි දේ වුනානේ. එන විදිහට ෆේස් කරනවා කියලා හිත හදාගෙන පුටුවේ වාඩි වෙලා අරකේ තව කොපි එකක් අරගෙන මාත් චෙක් කරන්න පටන් ගත්තා. මොකද මමම චෙක් කරන්නේ නැතුව මට මුකුත් කියන්න බෑනේ.
බැලුවහම ඩොකියුමන්ට්ස් වල වැරැද්දක් නෑ.
දැන් අපේ බොස් එනවා. ජපන් මහත්තයත් එක්ක කතා කරලා මොකද්ද ප්‍රශ්ණේ අහනවා. ඊට පස්සේ මම බැනුම් අහනවා... ඒ රූප පේලිය මගේ ඉස්සරහ මැවිලා පේනවා වගේ...
ඒ වෙලාවෙම මට තව වචනයක් මතක් වෙනවා.. ඒ තමයි නව නිංගිරාව.. ඔන්න මට තේරුම් යනවා ඒ වචනේ හරිම තේරුම ඒ වෙලාවෙම...
ගිරවියෙක් වගේ කියවන මම ඒ වෙලේ ඉබ්බියෙක් වගේ ගොළු වෙලා. ආසාවට එක වචනයක් කටට එන්නේ නෑ.. ඉබි කට්ටක් ඇතුලේ හැංගිලා ඉන්නමයි හිතට ආවේ.
මගේ මේ අමුතු හැසිරීම දැකලාද මන්දා ඔන්න ඒ පාර අර මනුස්සයා ඔළුව උස්සලා මගේ දිහා බය වෙලා වගේ බලාගෙන ඉන්නවා...
" සොරි.... " එක පාරටම මගේ ඔළුවට ආවේ ඒ වචනේ...
ඒත් එක්කම ඔළුව නවලා මමත් ආචාර කරලා අපේ අතින් වෙච්චි වැරැද්ද, වචන ටික අමාරුවෙන් ගැට ගහලා කිව්වා...
නපුරු මූණක් එක්ක බැණුම් වරුසාවක් බලාපොරෝත්තුවෙන් එයාගේ මූණ දිහා බැලුවට ඒ වෙනුවට ඒ මූණේ තිබුනේ හරිම අහිංසක හිනාවක්.
"ඕ... ඉට්ස් ඔකේ.. ඉට්ස් ඕකේ... නෙවෙර් මයින්ඩ්"
"හදිස්සියට ඔහොම වෙනවා තමයි... ගනන් ගන්න එපා. ඒකට කමක් නෑ.. අපි හිතුවේ අපි ඩොකියුමන්ට්ස් හදලා එවලා තියෙනවා වැරදි ඇති කියලා. අපේ අතින් වුනත් එහෙම වැරැද්දක් වෙන්න පුළුවන්නේ. " තියුණු කඩු භාෂාවෙන් වුනත් බොහොම කරුණාවන්ත විදිහට ඒ මනුස්සයා කියාගෙන ගියා.
ඒ ටික අහගෙන ඉන්නකොට මට මතක් වුනේ අර සින්දුව... ඔව් ඔව්... අර "වන සිව් පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.... "සින්දුව. මොකද වෙන කෙනෙක්ට එහෙම වුනා නම් කෑ ගහලා බැනලා , බොස්ටත් කම්ප්ලේන් කරලා යන්න තිබුනානේ.
ඊට පස්සේ එයා "මම එහෙනම් ගිහින් එන්නම්" කියලා ඔළුව නමලා මටත් ආචාර කරලා එයාගේ බඩු භාණ්ඩ ටිකත් අරගෙන මම කරපු පෙර පිනක් නිසාමද කොහෙද බොස් එන්න කලින් යන්න ගියා.
නව නිංගිරාව නිසා වෙච්චි හිතේ අමාරුව මදිවට පනස් පාරක් විතර නැවිලා හැදිච්ච කොන්දේ අමාරුවත් නිසා එහෙම්මම පුටුව උඩට වෙලා මේසේ උඩ තිබුනු වතුර වීදුරුවම එක හුස්මෙට බීලා විනාඩි විස්සක් විතර ඉඳලා තමයි අන්තිමට පුටුවෙන් නැගිට්ටේත්.
" මේ වැඩේ ශේප් නේද ...අපි බලාගෙන හිටියේ... " අර ඩොකියුමන්ට් එක වැරදියි කියපු එක්කෙනා හිමීට මගේ ලඟට ඇවිත් අහනවා.
" මොකක් කිව්වා අපි ???? " මම අහුවා
" ඔව්.. මේ... මේ... මමයි xxxxයි, xxxxxයි, xxxxයි xxxxයි, xxxයි."
අරයා ඔෆිස් එකේ තව කීප දෙනෙක්ටත් විස්තරේ කියලා. එතකොටම මට අර නව නිංගිරාව කියන වචනේ තව තව ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගත්තා..
මොනවා කරන්නද මගේත් වැරැද්දනේ... ඔයින් ගියා මදැයි කියලා මම ඉතින් හිත හදා ගත්තා.