මිණිබිරියක් අත්තම්මා කෙනෙකුගේ අතින් අල්ලාගෙන සිටින ඡායාරූපයකි.
( අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී )
වෙනදා නම් අපි යනකොට
මල් ඔසරිය හැඩට ඇඳන්
බලාන හිටි හැටි මතකයි
ඉස්තෝපුවේ පුටුවේ ඉඳන්
මල් ඔසරිය හැඩට ඇඳන්
බලාන හිටි හැටි මතකයි
ඉස්තෝපුවේ පුටුවේ ඉඳන්
ගෙට ගොඩවෙන කොටම ඇවිත්
හිස අතගා තුරුළු කරන්
නලලේ හාදුවක් තියලා
මහන්සි නිව් හැටි මතකයි
කෙහෙල් කැනක් හෙම ඉදවලා
කැවිලි ජාති ගොඩක් හදලා
කැවිලි ජාති ගොඩක් හදලා
මාළු පිනිත් අඩුවුනේ නෑ
අලුත් හාලේ බතට රසට
කාලය ගත වෙලා ගිහින්
අපි ටික ටික ලොකු වෙනකොට
අපි ටික ටික ලොකු වෙනකොට
නිතර එන්න බැරි වුනානේ
හඬ ඇහුවට දුර බනුවෙන්
ඒ හින්දා ද වෙනදා වගේ
අද නාවේ ඉස්සරහට
තරහ වෙලා දෝ හිතුනා
නාවට මෙහි බලලා යන්න
සමාව ඉල්ලන්න හිතන්
කාමරේට දුව ආවේ
කාමරේට දුව ආවේ
නෑනේ අද වෙනදා වගේ
තුරුළු කරන් මා ඉම්බේ
කාමරයේ ඇඳ උඩ හිඳ
හිටියට මා දෙස බලාන
වෙනදා තිබුනු හයි හත්තිය
දැනුනා දැන් නැති විත්තිය
වෙනදා තිබුනු හයි හත්තිය
දැනුනා දැන් නැති විත්තිය
ඒත් හිනා මූනේ නම්
කිසි අඩුවක් නෑ පෙනුනේ
කිරි පාටට කොන්ඩේ එක්ක
පින් පාටයි එහි තිබුනේ
බණ පද වැල් එකට අරන්
අනිත්‍ය ගැන කිව් විදිහට
අනිත්‍ය ගැන කිව් විදිහට
සුදු අත්දෙක රැලි වැටිලා
ගතේ වාරු නැති වෙනකොට
යන්නට දැන් කාලේ ඇවිත්
කීවත් දැනි නිතරම ඔබ
කීවත් දැනි නිතරම ඔබ
අත්තම්මේ යන්න එපා
දිවිය ලෝකේ ඉක්මනටම
දිවිය ලෝකේ ඉක්මනටම
~
ප.ලි. - අත්තම්මට ( තාත්තාගේ අම්මට ) දැන් අවුරුදු 94ක් වෙනවා.. පහුගිය දවසක අත්තම්මා බලන්න ගමේ ගියහම හිතුනු දේවල් ටිකක් තමයි මේ විදිහට කුරුටු ගෑවේ.