කවුරුහරි කෙනෙක් අපිට හුඟක් ආදරෙයි කියලා හිතෙනකොට දැනෙන සතුට...
සතුටෙන් හිනා වෙන වෙලාවෙදි වගේම දුකෙන් අඬන වෙලාවෙදිත් කවුරුහරි බලාගන්න ඉන්නකොට දැනෙන සතුට ...
සතුටෙන් හිනා වෙන වෙලාවෙදි වගේම දුකෙන් අඬන වෙලාවෙදිත් කවුරුහරි බලාගන්න ඉන්නකොට දැනෙන සතුට ...
පාළුවෙන් තනිකමෙන් ඉන්න වෙලාවක හොඳම යාළුවෙක් කතා කලාම දැනෙන සතුට..
දකින්න පුළුවන් වෙයි කියලා නොහිතන කෙනෙක් හදිස්සියෙම දැක්කහම දැනෙන සතුට...
කරන්න පුළුවන් වෙයි කියලා නොහිතන දෙයක් සාර්ථකව කරගන්න පුළුවන් වුනාම දැනෙන සතුට...
උදව්වක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුට උදව්වක් කරන්න අවස්ථාවක් ලැබුනහම දැනෙන සතුට...
හුඟක් මහන්සිවෙලා කරපු වැඩක් ඉවර කරගන්න පුළුවන් වුනාම දැනෙන සතුට...
බලාපොරොත්තුවෙන් හිටිය විභාග ප්‍රතිඵලයකින් ඉහලින්ම සමත් වුනා කියලා අහන්න ලැබුනාම දැනෙන සතුට...

බඩගින්නේ ඉන්න වෙලාවක අම්ම උයපු රස බත් එකක් උණුවෙන්ම කනකොට දැනෙන සතුට...
හදපු කෑමක් කවුරුහරි රස බලලා රසයි කිව්වහම දැනෙන
සතුට...
හොඳයි කියලා තෝරපු දේකට තවත් කෙනෙක් කැමති වුනාම
දැනෙන සතුට ....
මුමුණ මුමුණ ඉන්න සිංදුවක් එකපාරට අහන්න ලැබෙනකොට
දැනෙන සතුට...
ඔය කිව්වේ තුශානිට මතක් වෙච්ච වචන වලින් කියන්න බැරි තරම් සතුටු හිතුනු සිද්ධි කීපයක් විතරයි..
එතකොට 49 + කිව්වේ ????
හි.. හි.. එහෙම කිව්වේ මෙන්න මේ නිසා.
අද තුශානි ලියන්නේ තුශානිගේ 50 වෙනි පෝස්ට් එක ..
ඉතින් ඒකටත් තුශානිට වචනයෙන් කියන්න බැරි තරමට සතුටුයි...
එතකොට 49 + කිව්වේ ????
හි.. හි.. එහෙම කිව්වේ මෙන්න මේ නිසා.
අද තුශානි ලියන්නේ තුශානිගේ 50 වෙනි පෝස්ට් එක ..
ඉතින් ඒකටත් තුශානිට වචනයෙන් කියන්න බැරි තරමට සතුටුයි...
මොකද පොස්ට් 50ක් ලියනවා තියා බ්ලොග් එකක් පටන් ගන්න වත් අදහසක් මුලින් තුශානිට තිබුනේ නැති නිසා. අනිත් කාරනේ තමයි අධ්‍යාපන කටයුතුයි ඔපීසියේ වැඩයි එක්ක පොස්ට් 50ක් ලියන්න වෙලාවක් හොයා ගන්න එකත් ලේසි පාසු නෑනේ.
ඉතින් ඒ හැමදේම එක්ක වුනත් බ්ලොග් එක පටන් අරන් අවුරුද්දක් යන්නත් කලින් පොස්ට් 50ක් ලියාගන්න පුළුවන් වුන එක ගැන හිතනකොට මටම පුදුමයි වගේම සතුටුයි.
ඉතින් ඒ සතුට විඳින්න තුශානිට හොඳ අඩිතාලමක්, මගපෙන්වීමක් වගේම යෝධ ශක්තියකුත් ලැබුනා... සතුට වචනයෙන් කියන්න බෑ වගේම වචනයෙන් ස්තූති කරන්නත් බෑ කියලා දන්නවනේ...
ඒ වගේම පුංචි වෙලාවක් හරි අරගෙන කැකුළු ගොමුවට ගොඩ වැදුණු, අදහස් දක්වපු මගේම ආදරණීය බ්ලොග් යාළුවන්ටත් මේ තරම් දුර එන්න දීපු සහයෝගෙට මුළු හදවතින්ම ස්තූති කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා..
ඉදිරියෙදිත් ඉඩ කඩ තියෙන වෙලාවට කැකුළු ගොමුවට ගොඩ වෙලා හොඳ නරක කියන්න කියලත් බොහොම ගෞරවයන් ආරාධනා කරනවා...