මිණිබිරියක් අත්තම්මා කෙනෙකුගේ අතින් අල්ලාගෙන සිටින ඡායාරූපයකි.
( අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී )
වෙනදා නම් අපි යනකොට
මල් ඔසරිය හැඩට ඇඳන්
බලාන හිටි හැටි මතකයි
ඉස්තෝපුවේ පුටුවේ ඉඳන්
මල් ඔසරිය හැඩට ඇඳන්
බලාන හිටි හැටි මතකයි
ඉස්තෝපුවේ පුටුවේ ඉඳන්
ගෙට ගොඩවෙන කොටම ඇවිත්
හිස අතගා තුරුළු කරන්
නලලේ හාදුවක් තියලා
මහන්සි නිව් හැටි මතකයි
කෙහෙල් කැනක් හෙම ඉදවලා
කැවිලි ජාති ගොඩක් හදලා
කැවිලි ජාති ගොඩක් හදලා
මාළු පිනිත් අඩුවුනේ නෑ
අලුත් හාලේ බතට රසට
කාලය ගත වෙලා ගිහින්
අපි ටික ටික ලොකු වෙනකොට
අපි ටික ටික ලොකු වෙනකොට
නිතර එන්න බැරි වුනානේ
හඬ ඇහුවට දුර බනුවෙන්
ඒ හින්දා ද වෙනදා වගේ
අද නාවේ ඉස්සරහට
තරහ වෙලා දෝ හිතුනා
නාවට මෙහි බලලා යන්න
සමාව ඉල්ලන්න හිතන්
කාමරේට දුව ආවේ
කාමරේට දුව ආවේ
නෑනේ අද වෙනදා වගේ
තුරුළු කරන් මා ඉම්බේ
කාමරයේ ඇඳ උඩ හිඳ
හිටියට මා දෙස බලාන
වෙනදා තිබුනු හයි හත්තිය
දැනුනා දැන් නැති විත්තිය
වෙනදා තිබුනු හයි හත්තිය
දැනුනා දැන් නැති විත්තිය
ඒත් හිනා මූනේ නම්
කිසි අඩුවක් නෑ පෙනුනේ
කිරි පාටට කොන්ඩේ එක්ක
පින් පාටයි එහි තිබුනේ
බණ පද වැල් එකට අරන්
අනිත්‍ය ගැන කිව් විදිහට
අනිත්‍ය ගැන කිව් විදිහට
සුදු අත්දෙක රැලි වැටිලා
ගතේ වාරු නැති වෙනකොට
යන්නට දැන් කාලේ ඇවිත්
කීවත් දැනි නිතරම ඔබ
කීවත් දැනි නිතරම ඔබ
අත්තම්මේ යන්න එපා
දිවිය ලෝකේ ඉක්මනටම
දිවිය ලෝකේ ඉක්මනටම
~
ප.ලි. - අත්තම්මට ( තාත්තාගේ අම්මට ) දැන් අවුරුදු 94ක් වෙනවා.. පහුගිය දවසක අත්තම්මා බලන්න ගමේ ගියහම හිතුනු දේවල් ටිකක් තමයි මේ විදිහට කුරුටු ගෑවේ.
ලස්සන කවි පෙලක්......
ReplyDelete:) බොහොම ස්තූතියි...
Deleteකවි පංතිය හරිම ලස්සණයි.ඒ වගේම අත්තම්මට දීර්ඝායුෂ පතනවා.
ReplyDeleteමාත් පොඩිකාලෙ ඇඟිලිගැන ගැන ඉන්නේ මහගෙදර ගිහින් අත්තම්මා හදන තෝසෙ කාල, ගඟෙන් නාලා එන්න. අද කාර්යබහුල ජීවිතයකට කොටු වෙලා ඉන්නකොට වෙලාවකට හිතෙනවා ඒ සුන්දර ලමාකාලෙම ඉන්න තිබුනනම් කොච්චර හොඳද කියලා.
බොහොම ස්තූතියි..
Deleteමේ තියෙන්නෙ ගමේ විස්තර ලියපු තවත් පොස්ට් ටිකක්
* කිටි කිටි ගවුම https://littleflowerbuds.blogspot.com/2015/04/76.html
* හොල්මන් කතාවක් කියලා කට්ටියව බය කරනව කියලා එහෙම හිතන්න එපා
http://littleflowerbuds.blogspot.com/2013/11/blog-post.html
ස්තූතියි. බයවෙන්න එපා මං හොල්මන්වලට බය නෑ.
Delete++++++
ReplyDelete:O මොකෝ වැටක් ?
Deleteකවි පෙල ලස්සනයි. අපුරුවට අතීතයට එක්කරන් ගියා. තුශාණිගේ අත්තාම්මාට දිර්ඝායුෂ පතනවා. අත්තාම්මා ගැන ලියලා විතරක් මදි පවුනේ සීයා. සීයා ගැනත් ලියන්න.
ReplyDeleteබොහොම ස්තූතියි...
Deleteසීයලා දෙන්නම මේ වෙනකොට අපි අතරෙ නෑ. අම්මගේ තාත්තා ගැන නම් ලිව්වා. මේ තියෙන්නේ ඒක
නොඑන ගමනක දුක්බර මතකය ....
http://littleflowerbuds.blogspot.com/2013/12/blog-post_20.html
ආත්තම්මට පුල් රෙෂ්පට් එක.. !!
ReplyDeleteබොහොම ස්තූතියි...
Deleteමං හිතුව දේ තුශානි පලියෙන් කියල තිබුනනෙ. ලස්සන කවි පෙල. අත්තම්මාට දීර්ගායු!
ReplyDeleteබොහොම ස්තූතියි කසුන් ...
Deleteලස්සනයි තුශානි.
ReplyDeleteසිත් නොරිදවන ලෙස අපහට දී ඔවදන්
දත් නැති කටින් හිනහව ලස්සනට බෙදන්
ගෙත්තම් මැවූ පෙර දින රූ සපුව තියන්
අත්තම්මාට නිරෝගි සුව පතමි මෙමන්.....
ජයවේවා!!!
කවියට කවියෙන්ම පිලිතුරක් දීලා තියෙන්නේ ..
Deleteබොහොම ස්තූතියි දුමින්ද ... ජයවේවා !!!
ලස්සන කවි පෙලක් මට අපේ ආච්චිඅම්මා මතක්වුනා.
ReplyDeleteබොහොම ස්තූතියි.. ඒ වගේම ඔයාව සාදරයෙන් කැකුළු ගොමුවට පිලිගන්නවා..
Deleteලස්සන කවි ටිකක්. ආත්තම්මට දිර්ඝායුෂ පතනවා..
ReplyDeleteබොහොම ස්තූතියි දිනේෂ් ...
Deleteඔයවගේ රස කෑම කන්න , කතා අහන්න මට අත්තම්මෙක් ඉඳලම නෑ.මම ඉපදෙන්න ඉස්සර ඒ අය මැරිලා. ඉස්සර කවුරු හරි තමන්ගේ ආච්චි එක්ක හුරතල් වෙනකොට මම ඊරිසියාවේ පැලෙනවා.
ReplyDeleteඑහෙමද ... එහෙනම් ඔයා මාත් එක්කත් ඊරිසියාවේ පැලෙයි.. ;) මොකද මට ඒ හතර දෙනාත් එක්කම ඉන්න ලැබුනනේ...
Deleteඅපුරු පැදි පෙළක්...
ReplyDeleteආත්තම්මට දීර්ඝායු...
බොහොම ස්තූතියි ලොකු අයියා...
Deleteඅත්තාම්මාට,නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා.මමත් අච්චිලාගේ ආදරය හොඳට අත්දැකලා තියෙනවා.
ReplyDeleteබොහොම ස්තූතියි මනෝජ්...
Deleteඒ අත්දැකීම් හරිම සුන්දර මතකයන් ගොන්නක් වෙන්න ඇති අනිවාර්යයෙන්ම...
ලෙඩක් දුකක් නැතිව ඉතිරි කාලයත් ගතකරන්න ලැබේවා කියා පතමි. ආච්චිගේ කටේ දත් එහෙම තියෙනවාද...
ReplyDeleteබොහොම ස්තූතියි.. ඔව් අපෙත් ප්‍රාර්ථනය ඒකයි..
Deleteඅහපු ප්‍රශ්ණෙට නම් උත්තරේ නෑ කියන එකයි .. :)