ඔන්න ඉතින් එකෝමත් එක දවසක අපේ බ්ලොග් ලියන යාළුවො කට්ටියට තිබුනලු සම්මන්ත්‍රණයක්. ඉතින් හැමෝම හරියටම වෙලාවට ඇවිත් සම්මන්ත්‍රණයට සහභාගී වුනාලු. සම්මන්ත්‍රණය බොහොම සාර්ථකව ඉදිරියට යන අතරතුරේ කට්ටියම හරිම උනන්දුවෙන් දේශනය අහගෙන ඉන්න නිසා දේශනය පවත්වපු මහාචාර්යතුමාට හිතුනලු කට්ටියත් එක්ක පුංචි ක්‍රියාකාරකමක් කරන්න.
" හැලප.. මොකද හිතන්නේ අපි කට්ටියත් එක්ක පුංචි ක්‍රියාකාරකමක් කරමුද ? "
" අනේ කරමු මහාචාර්යතුමා මාත් මේ ටිකක් නිදිමෙතේ හිටියේ හැක හැක .. ඒ දේශක තුමා. "
" හරි හරි ... එහෙනම් හැමෝම මේ බැලුම් ටික ගන්න.. අරගෙන පුම්බලා තමන්ගේ නම ලියන්න. "
ඔන්න ඉතින් කට්ටිය බැලුම් ටික පුම්බලා මාකර් පෙන් එකකින් තමන්ගේ නම් ලිව්වලු මැකෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ මහාචාර්යතුමා එතන තිබුන කාමරයක් පෙන්නලා, බැලුම් සේරම ඒ කාමරේට දාන්න කියලා කිව්වලු.
හරි... එහෙනම් ජය වේවා !! විදානේ මුලින්ම බැලුමත් අරගෙන ගියාලු..
" අරූ, සහෝදර, විදානේ,දිනේෂ්, සඳුමල්, හැලප, දේශක, කකා කෝ ඔයාලගේ ඒවා.. දෙන්න මම ගෙනියන්නම් " කියලා නලීන් අයියා ඒ කට්ටියගේ බැලුම් ටික එකතු කරගෙන ගියාලු..
මධුරංග, අපි නම් "ම" යනු කියලා මනෝෂ්ගෙයි, මහේෂ්ගෙයි, මනෝජ්ගෙයි, මැලේගෙයි බැලුම් ටික එකතු කරගෙන ආවලු.
" මෙන්න අපේ බැලුම් ටික.... " කියලා අපූර්වි , ශානුගෙයි, දිලිනිගෙයි, රෙහානිගෙයි, මොණරිගෙයි, චාම්ස්ගෙයි, බස්සිගෙයි බැලුම් ටික අරගෙන ආවලු.
කුරුටු ගෑ ගී පවුරේ අයත් එයාලා කට්ටියගේ බැලුම් ටික අරගෙන ආවලු.
ඉවාන් අයියයි, සිරා අයියයි, චතුරංග අයියයි, කොහොමත් පොදු වැඩ වලට කැමති නිසා ස්වේචාවෙන්ම ඉදිරිපත් වෙලා අනිත් අපේ බ්ලොග් ලියන යාලුවො හැමෝගෙම බැලුම් බෝල ගෙනැල්ලා, බැලුම් බෝල ටික කාමරේ අසුරණ වැඩේ බාර අරගෙන කලාලු.
කාමරේ පිරින්න බැලුම් බෝල ඇසුරුවහම මෙන්න මේ විදිහට තමයි තිබිලා තියෙන්නේ... ( නම ඈතට පේන්නේ නෑලු හොඳේ... :) )
ඊට පස්සේ මහාචාර්යතුමා කට්ටියටම කතා කරලා මෙන්න මෙහෙම කිව්වලු
" හැමෝටම මම විනාඩි 3 ගානේ දෙනවා... ගිහිල්ලා තමන්ගේ නම ගහලා තියෙන බැලුම හොයාගෙන එන්න ඕනේ.. "
ඔන්න ඉතින් එක එක්කෙනා ගිහින් උත්සාහ කලත් කාටවත් විනාඩි 3 කදි නම් තමන්ගේ නම ගහපු බැලුම හොයා ගන්න බැරි වුනාලු.
ආපහු කට්ටියටම කතා කරපු මහාචාර්යතුමා
" හරි ... එහෙනම් අපි මෙහෙම දෙයක් කරමු. ඔයාලා හැම කෙනෙක්ම දැන් ගිහින් අහඹු විදිහට බැලුමක් හොයාගෙන ඒ බැලුම අයිති කාරයා හොයලා ඒයාට දෙන්න. හැබැයි මේකටත් මම දෙන්නේ විනාඩි 3 යි. "
ඔන්න ඉතින් ආයෙමත් කට්ටිය දුවලා ගිහින් තමන්ට හම්බවෙච්චි බැලුමේ අයිතිකාරයා හොයාගෙන එයාට දෙන්න පටන් ගත්තාලු. විනාඩියක් වගේ බොහොම සුළු කාලේකදි හැමෝටම පුළුවන් වුනාලු තමන්ට අයිති බැලුම ලබා ගන්න.
හැමෝටම හරිම
සතුටුයි.. ඉතින් එහෙම සතුටින් හිටිය කට්ටිය ගාවට ආපු මහාචාර්යතුමා මෙන්න
මේ විදිහට තමන් කරන්න උත්සාහ කරපු කණ්ඩායම් ක්‍රියාකාරකම ගැන විස්තර කලාලු..
"මේ දේමයි අපිට අපේ ජීවිත වලදිත් වෙන්නේ.. අපි අනිත් අය ගැන චුට්ටක් වත් හිතන්නේ නැතුව හැමතිස්සේම අපේ සතුට හොයනවා. ඒත් එහෙම කොච්චර හෙව්වත් ඒ සතුට අපිට හොයා ගන්න බැරි වෙනවා එහෙමත් නැත්තම් සතුට හොයාගන්න හුඟක් කල් ගත කරන්න සිද්ධ වෙනවා.
අපිට ටිකක් හිතලා බලන්න පුළුවන් නම් අනිත් අයගේ සතුට වෙනුවෙනුත් අපිට යමක් කරන්න පුළුවන්ද කියලා, ඒ අයගේ සතුට වෙනුවෙන් අපි යමක් කරන කොට නිකම්ම අපිට අපේ සතුටත් ලැබිලා තියෙනවා. එතකොට අපිට වගේම අපේ ලඟ ඉන්න අයත්ට දැනෙන්නේ අපේ සතුට ලැබුනට වඩා ලොකු සතුටක්. ඒ නිසා හැමතිස්සේම තව කෙනෙක්ට සතුටක් හිතෙන දෙයක් කරන්න උත්සාහ කරන්න. එතකොට අපිටත් හැමදාම සතුටින් ඉන්න පුළුවන්.
අපිට ටිකක් හිතලා බලන්න පුළුවන් නම් අනිත් අයගේ සතුට වෙනුවෙනුත් අපිට යමක් කරන්න පුළුවන්ද කියලා, ඒ අයගේ සතුට වෙනුවෙන් අපි යමක් කරන කොට නිකම්ම අපිට අපේ සතුටත් ලැබිලා තියෙනවා. එතකොට අපිට වගේම අපේ ලඟ ඉන්න අයත්ට දැනෙන්නේ අපේ සතුට ලැබුනට වඩා ලොකු සතුටක්. ඒ නිසා හැමතිස්සේම තව කෙනෙක්ට සතුටක් හිතෙන දෙයක් කරන්න උත්සාහ කරන්න. එතකොට අපිටත් හැමදාම සතුටින් ඉන්න පුළුවන්.
මම හිතනවා බ්ලොග් ලියන අය විදිහට ඔයාලට මේ පුංචි ක්‍රියාකාරකම ආදර්ශයට අරෙගෙන ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. එහෙනම් ආයෙමත් දවසක හමුවෙමුකෝ.. " කියලා මහාචාර්යතුමා කට්ටියට සමුදුන්නලු.
ප.ලි - මේ කතාව තුශානිට දේශනයකදි අහන්න ලැබුන කතාවක් කට්ටියටම සතුටු හිතෙයි කියලා හිතුන නිසයි මේ විදිහට ලියන්න හිතුවේ.