" තාත්... තත්තත් තා.... " මේ බලන්නකෝ.. බබා තාත්තා කියනවා... මම ගෙට ගොඩ වෙනකොටම තොටිල්ලට වෙලා කියව කියව ඉන්න බබා දිහා බලාගෙන අම්මා කිව්වා... " ඒ තාත්තා කියනවද ? " මම අහුවෙ හිතා ගන්න බැරි පුදුමෙන්.. ඔව් මෙයත් පොඩි කාලේ ඔහොමම තමයි නේද කිව්වේ.. අම්මා තාත්තා දිහාවට හැරුනා. එතකොට තාත්තගෙ මූණෙත් තිබුනෙ වචනෙන් විස්තර කරන්න බැරි සතුටක්.
මේ වෙනකොට තුශානි නිවාඩු ඉවර වෙලා ඔපීසියට යන්න පටන් අරගෙන නිසා දෝනිව බලාගන්නේ, කවන්නේ, පොවන්නේ, නාවන්නේ ආදී දවල් කලේ සියළුදේ සිද්ද වෙන්නේ තුශානිගෙ අම්මගෙයි තාත්තගෙයි අතින්. ඉතින් අම්මයි තාත්තයිත් දෝනි එක්ක දැන් ආපහු තුශානිගේ පුංචි කාලෙට ගිහින් දෝ කියලත් වෙලාවකට තුශානිට හිතෙනවා.
" ඔයා පොඩි කාලේ තාත්තා වැඩට ගියානේ.. ඒ හින්දා ඔයාගේ වැඩ වලට තාත්තට උදව් වෙන්න වැඩිය කාලයක් තිබුනෙ නෑ.. බලන්නකෝ දෝනිගෙ වැඩ වලට නම් සීයා හරියට මහන්සි වෙනවා."
අපේ අම්මා කියන විදිහට මම පොඩි කාලේ තාත්තා වැඩට ගිය නිසා මගේ වැඩ කරගන්න අම්මට ලොකු සහයෝගයක් දෙන්න තාත්තට වෙලාවක් තිබිලා නෑ. අම්මත් රැකියාවක් කරපු නැති නිසාත් ආච්චි ඒ කියන්නෙ අම්මගෙ අම්මා හිටිය නිසාත් මගේ වැඩ වලට තාත්තාගෙ සහයෝගය නොතිබ්බා කියන එක ලොකු ගැටලුවක් වෙලත් නෑ. ඒත් අද අපේ තාත්තා විශ්‍රාම අරගෙන ගෙදර ඉන්න නිසා මගේ දෝනිගේ හැමදේටම අම්මට තාත්තා ලොකු සහයෝගයක් හරි සතුටින් ලබා දෙනවා.
" දුවලා වැඩිපුර ආදරේ තාත්තලාටලු.. " ඒ නිසාද දන්නෙ නෑ අපේ දෝනිත් ඉස්ස ඉස්සෙල්ලාම තාත්තා කියලා බහතොරන්න ගත්තේ.. හපොයි හපොයි එහෙම හිතනොකොට නම් ටිකක් හිතට දුකයි. ඒත් හිතට එකඟවම ගත්තොත් තුශානිත් වැඩිපුරම ආදරේ තාත්තට කියන එක පිලිගන්නම වෙනවා.
කොහොම වුනත් ඊයෙ දවස මගේ තාත්තටත් දෝනිගේ තාත්තටත් ගොඩක් විශේෂ දවසක් උනා. ඒ මගේ තාත්තගෙ උපන්දිනේත් ඊයෙට යෙදිලා තිබුන නිසා...
තුශානිගෙ ජීවිතේ තාත්තා කියන්නේ වීරයෙක්. බොහොම සරලව ජීවත් වෙන්න, ජීවිතේ බාදක කම්කටොලු වලට හිනාවකින් සැහැල්ලුවෙන් මුහුණදෙන්න තාත්තට තියෙන හැකියාව ඇත්තටම හරි පුදුමාකාරයි.
ඒ හැම දේ එක්කම මගේ දෝනිටත් ආදරණීය සීයා කෙනෙක් විදිහට බොහොම සුන්දර වට පිටාවක් ගොඩ නගන්න අදටත් මගේ තාත්තා ඇප කැප වෙලා ඉන්නවා කියලා හිතෙනකොට හිතට ලොකු සතුටක් දැනෙනවා.
ඉතින් ඊයෙ දවසට විතරක් නෙවෙයි හැමදාටම සතුට, වාසනාව, නිදුක් නීරෝගී බව මුලු හදවතින්ම අපි තාත්තා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන බව දැන ගෙන හිටියත් තාත්තා ඒ කිසිම දෙයක් අපෙන් බලාපොරොත්තු නෙවෙන බව නම් තුශානි හොඳාකාරවම දන්නවා...