මර්සි එදිරිසිංහ කියන්නේ වේදිකාව, සිනමාව, රූපවාහිනිය හා ගුවන් විදුලිය එක විදිහට ජයගත් අපේ යුගයේ බොහොම ප්‍රවීණ, හැම කෙනෙක්ම හුඟක් ආදරය කරන දක්ෂ කලාකාරිණියක්. උපතින් ලද කට හඬත් දෝතින් රැගෙන ආ කලා ප්‍රතිභාවෙනුත් ඈ කළ හපන්කම් අපි හැම කෙනෙක්ම අවිවාදයෙන් යුතුව ඉහලින්ම රස වින්දා කිව්වොත් නිවැරදියි.
ඒත් ඇය මේ වන විට ඉතාමත් අසාධ්‍ය ලෙස රෝගී තත්වයෙන් ඉන්නව කියන පුවත අහන්න දකින්න ලැබීම තුශානිගේ හිතට ලොකු වේදනාවක් ගෙන එන්න හේතු වුනා. ඒ තුශානිට මීට සුළු කාලයකට කලින් ගුවන් විදුලියේදි ඇයව දැන හඳුන ගන්න ලැබීමත්, ඇයගෙන් ගුරු හරුකම් ලබන්නට වාසනාවන්ත වීමත් නිසා වෙන් වගේම, තුශානි හුඟක් ආදරය කරන ගෞරව කරන තවත් එක් චරිතයක් නිසාවෙන්.

තුශානි ගුවන් විදුලිය තුල ළමා ශිල්පිණියක් විදිහට ගතකල සොඳුරු කාලය බ්ලොග් පිටු අතරට එක් කරන්න නම් තාම අවස්ථාවක් ලැබුනේ නෑ. ඉතින් අද නෙවෙයි, ඉදිරියෙදි ඉඩ කඩ ලැබෙන විදිහට ඒ රසබර අත්දැකීම් හුඟක් ලබාගත්ත, ජීවිතයේ අමරණීය කාලය ගැන පුංචි සටහන් කීපයක් තියන්නත් බලාපොරොත්තුවක් තියෙනවා..
ඒත් අද තුශානි මේ ලිපිය වෙන් කරන්නේ ආදරණීය මර්සි නැන්දා වෙනුවෙන්. මර්සි නැන්දා කිව්වේ ගුවන් විදුලිය තුල ඇන්ටිලා අන්කල්ලා නැති නිසා. අක්කලා අයියලා හැරුනහම වයසින් මුහුකුරා ගිය හැම වැඩිහිටි කෙනෙක්ම අපිට නැන්ද කෙනෙක් හරි මාමා කෙනෙක් හරි වුනා. ළමා පිටිය, සරස්වතී මණ්ඩපය, හඳමාමා, සමනල ලන්ද, ගුවන් විදුලි නාට්‍ය වගේ වැඩසටහන් අහපු අපේ බ්ලොග් යාළුවො ඉන්නවනම් ඒ අය දන්නවා ඇති මහින්ද අල්ගම මාමා, ලක්ෂ්මන් කහටපිටිය මාමා, සුමනා ජයතිලක නැන්දා වගේ අය දුටු නොදුටු හැම කෙනෙක්ටම කොච්චර ආදරනීය නැන්දලා මාමලා වුනාද කියලා. ඉතින් ඒ වගේ අපි මර්සි එදිරිසිංහ මහත්මියත් ඇමතුවේ මර්සි නැන්දා කියලා.
මර්සි නැන්දා ඒ වෙනකොටත් හුගක් ජනප්‍රිය කෙනෙක් වෙලා හිටිය නිසා ඇය අපිව නොහඳුනනවා වුනත් අපි ඇය ගැන හොඳින් දැන ගෙන හිටියා. ඒ නිසාම එයා කථා කරන , හිනාවෙන, ඇවිදින විදිහ මම හරිම ඕනෑ කමින් හුඟක් ආසාවෙන් බලන් හිටිය විදිහ තාමත් මට මතකයි. බොහොම සැහැල්ලු, සරල, විනෝදකාමී කෙනෙක් වුනු මර්සි නැන්දා පුංචි ආධුනිකයන් වෙච්චි අපිට ලොකු ශක්තියක් වුනා.
තුශානිටත් ගුවන් විදුලි නට්‍ය සහ හඬ කැවීම් වලට සම්බන්ද වෙන්න අවස්ථාව ලැබුන නිසා මර්සි නැන්දගේ කට හඬ හැසිරවීම්, කට හඬ පාලන, හඬ වෙනස්කිරීම් වගේ දේවල් වල සජීවී අත්දැකීමුත්, ප්‍රවීණ ගුරුහරුකමුත් ලබන්න හැකියාව ලැබුනා.
සොඳුරු සිදුවීම් බොහෝමයක් තිබුනත් ඒ අතරිනුත් තුශානිට කිසි දවසක අමතක නොවන සිදුවීමක් තියෙනවා. ඒ තුශානි නාට්‍ය වලට සම්බන්ද වුනු මුල් කාලයේ එක් අවස්ථාවක තුශානිට ලැබුන නාට්‍ය චරිතයක් කරන්න ලැජ්ජාවෙන් බලන් ඉන්නකොට පිටට තට්ටුවක් දාලා ඒක කරන හැටි කියලා දීපු අවස්ථාව. ලොවි ගෙඩියක් තරමට මූණ රතු කරගෙන එදා මර්සි නැන්දා දිහා තුශානි බලන් හිටිය හැටි ඊට පස්සේත් කටිටිය මතක් කළා.

ඒ මතකයන් එක්ක අද ඇඳක් මත වැතිරිලා ඉන්න මර්සි නැන්දා දකින කොට හිතට එන වේදනාව වචන වලට පෙරලන්න බැරි තරම්. තුශානි විශ්වාස කරන දෙයක් තමයි. මොනාහරි දෙයක් ගැන එක් කෙනෙක් ප්‍රාර්ථනා කරනවට වඩා වැඩි දෙනෙක් ඒ ප්‍රාර්ථනාව කරනව නම් ඒක හුඟක් බල සම්පන්නයි කියන එක. ඉතින් ඒ නිසාම මර්සි නැන්දා වෙනුවෙනුත් තුශානි කරන ප්‍රාර්ථනාවට බ්ලොග් යාළුවනුත් සම්බන්ධ කරගෙන බොහොම ආශිර්වාදාත්මක ප්‍රාර්ථනයක් කරන්න ඕනේ කියලා හිතුවා.
" ආදරණීය මර්සි නැන්දේ ... සිනහවෙන් අප සිනහ ගැන්වු ඔබේ දිවියත් සිනහවෙන්ම ගෙවන්නට නිදුක් නිරෝගී සුවය ඉක්මනින්ම ලැබේවා ...! "
" ආදරණීය මර්සි නැන්දේ ... සිනහවෙන් අප සිනහ ගැන්වු ඔබේ දිවියත් සිනහවෙන්ම ගෙවන්නට නිදුක් නිරෝගී සුවය ඉක්මනින්ම ලැබේවා ...! "
--------- පින්තූරය : සිළුමිණ සිත්මල්යාය -----------