බ්ලොග් ලෝකයේ හමුවු සොඳුරු මිනිසුන් අතරේ විචාරකතුමා මට බොහොම සුවිශේෂි පුද්ගලයෙක්.
එක් වරක් පමණක් ඔහුව මා සියැසින් දුටුවත් , වචන දහයකට පහලවකට වඩා ඔහු සමග මා කතා නොකර තිබුනත් ඔහුගේ අකුරු අතරින් හරි පුදුමාකාර බැදීමක් අපි අතර ගොඩනැගිලා තිබුනා.
ඒ නිසා මේ ආරංචිය තුශානිට දැනුනෙ බොහොම සමීපතමයෙකුගේ නික්මයාමක් විදිහට.
ඒත් එක්කම සමහර අවස්ථාවලිදි විචාරකතුමා කියපු දේවල් තුශානිගේ හිතට එකින් එක එන්න පටන් ගත්තා. බ්ලොග් පිටු අතරට ගිහින් ආපහු ඒ දේවල් බලන්න ලොකු ඕන කමත් තුශානිට තිබුනත් ටික වෙලාවකින් නොදැනීම අකුරු ටිකෙන් ටික බොඳ වෙන්න පටන් ගත්තා.
-----------------------------------------
----------------------------------------
------------------------------------------
------------------------------------------
විචාරක WicharakaMarch 29, 2016 at 11:57 AM
--------------------------------------------------------
ලියන්න බොහෝදේ තිබුනත් හිතට ශක්තියක් නෑ ඒ දේවල් අකුරු කරන්න්න. ඔබට සුබ ගමන් විචාරක මාමේ ...
ඒත් එක්කම සමහර අවස්ථාවලිදි විචාරකතුමා කියපු දේවල් තුශානිගේ හිතට එකින් එක එන්න පටන් ගත්තා. බ්ලොග් පිටු අතරට ගිහින් ආපහු ඒ දේවල් බලන්න ලොකු ඕන කමත් තුශානිට තිබුනත් ටික වෙලාවකින් නොදැනීම අකුරු ටිකෙන් ටික බොඳ වෙන්න පටන් ගත්තා.
-----------------------------------------
මේ කතා නම් මීට කලින් අහලා තිබුනේ නෑ. ශෝක් කතා ටික...
ලිපිය හුඟක් සංවේදීව දැනුනා.
මහේෂා - ගවීශ දෙපළට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
----------------------------------------
ටිකක් හොයලා බලන්න. අපිට ඉතින් මෙහෙම කියෙව්වොත් තමයි
මේවා කියවන්න ලැබෙන්නේ.
ෂෝක් නේ තුශානී. ඔයා දන්නවද, 'වක්කඩ ළඟ දිය වැටෙන තාලයට'
ගීතයේ, 'තිත්ත පැටව් උඩ පැන නැටුවා' කියන කොටස, 1960 දශකයේ
පොතක මුද්‍රණය කර තිබුනේ, අකුරු උඩ ගිහින් යටට එන විදිහට.
විචාරක WicharakaMarch 29, 2016 at 11:57 AM
වචනයක් දෙකක් කතාකරන්න නම් බැරිවුනා දරුවෝ. ඒ ගැන දුකයි.
ආයෙත් මේ වගේ උත්සවයකදී හමුවෙමු.ඔබට සුබ පැතුම්!
සාධු, සාධු, සාධු! අවබෝධය ඇත්නම්, පරිත්‍යාගය කියන වචනේ තේරුම
දන්නවනම්, 'ආදරය කියන්නේ පරිත්‍යාගය තමයි' කියලා හිතනවානම්,
විවාහ ජීවිත කොයිතරම් සාර්ථක වෙයිද දරුවෝ.
~*~
ඒක නම් හිතට තදින්ම වැදුනා. අනික ඔහු ඔබ ඇමතූ ලයාන්විත ආකාරය...
ReplyDeleteඔව් ඩුඩ්... ඒ අකුරුවල හරි ආදරණීය බවක් තිබුනා...
Deleteඒම දුකකි,
ReplyDeleteයාම දුකකි,
ඒම යාම අතර දුකකි!
ඔව්.. කොයිදේත් අවසානය දුකක්...
Deleteමං මැරිච්චි දවසටත් තුෂෘනි දාවි. දේශක අංකල් හරි හොදයි කියලා නේද??
ReplyDeleteඑනවා යනවා.. කරපු කියපු විතරක් වටිනාකමක් තිබුනත් නැතත් සමාජයට බලපානවා. සුභ ගමන් විචා කියලම කට රිදෙනවා.. මිනිහා ගියපුවාවේ. ඒත් අවුරුදු සීයක් ගියත් මිනිහව අමතක කරන්න බැරි තරං අකුරු මිලියන ගානක් අපිට දීල ගිහිල්ල තියෙන්නේ.. ඒක ගැනයි සන්තෝස.. මාතලං කිව්වා විචාරක හාමිනේ කිව්වය උන්නැහැ දවසට පැය දහ අටක් බ්ලොග් වෙනුවෙන් කැප වෙනවය කියලා. ඉතිං එහෙම සිද්ධීයක් ගෙදර දැනං ඉද්දී.. මුණුපුතෝ යාලුවෙක්ගේ මල ගෙයක් බවට මෙය පත් නොකිරීමට කටයුතු කරන්න හිතට ගන්නවනං හොදා. මට කාත් කව්රුවත් නෑ යන්න. ඒත් මං තනියම හරි හෙට යනවා පැය දහයක් වත් ඉදල එන්න. වැඩකට නෙමෙයි. මිනිහා කරපු කැපවීමට ගෞරවයක් විදියට මාත් පොඩී කැපකිරීමක් කරනවා. එච්චරයි
හපොයි හපොයි... හොඳයි කියලා ලියන්නෙ කොහොමද :O
Deleteඔව්... අවුරුදු සීයක් ගියත් අමතක කරන්න බැරි තරං අකුරු මිලියන ගානක් අපිට දීල ගිහිල්ල තියෙන්නේ.. ඔහුගේ ඒ කැපකීරීම් වලට අඩු තරමෙ බලන්න ගිහින් වචනයක් දෙකක් කතා කරන්නවත් ප්‍රමාද වුන එක ගැන තුශානිගේ හිතේ ලොකු පසු තැවිල්ලක් තියෙන්නෙ.
ඔබේ කැප කීරිම ගැන ආඩම්බරයි දේශකතුමා...
++++
ReplyDelete:(
Deleteවේදනාව වැඩි වෙනවා... සුභ ගමන් මගේ ජේෂ්ඨ සගයාට!!!
ReplyDeleteඅපිටත් වඩා කළණ විචාරකතුමා ඇසුරු කරලා තියෙන නිසා වේදනාව දැනෙන ප්‍රමාණය වැඩි ඇති...
Deleteඔබට සුබ රාත්‍රියක් විචා!!!
ReplyDeleteඅපෙත් පැතුම එයමයි...
Delete" දැනුම , මනුසත්කම දෙකම බෙදාදුන් නිහතමාණී සෘහද මිනිසෙක් විචාරකතුමා. "
ReplyDeleteඅත්නොහැර ලිපි කියවපු අඩවියක් " විචාරකගේ අඩවිය " දැකලා , කතාබහ නොකර තිබුනත් ( E-Mail ගණුදෙනු කිහිපයක් නම් සිදුකරා. ) හිතට තඩින් දැනුණ වෙන්වීමක් ..
ඔහුට නිවන් සුව ලැබේවා ...!
ඔව් සඳරු.. වයස් බේදයක් තරාතිරමක් නොබලා හැම කෙනෙක් සමගම සුහදව සිටි හැම කෙනෙක්ම ආදරය කල චරිතයක්... නිවන් සුව විචාරක මාමේ !
Deleteඔබට සුවදායී රාත්‍රියක් වේවා තුමනි.......
ReplyDeleteඅපේ පැතුමත් එයයි ...
Deleteමා ඔහු හඳුනා ගෙන සිටියේ බ්ලොග් අවකාශයෙන් පමණයි.එත් ඔහුගේ නික්ම යාම හදවතට දැනෙනවා.සුබ ගමන් ඔබට.
ReplyDeleteඔව් ... බ්ලොග් අවකාශය හරහා ඔහු අපි හැම කෙනෙක්ටම ගොඩක් සමීප හිතවතෙක් වුන නිසයි මේ තරම්ම ඔහුගේ සමුගැනීම අපිට දැනෙන්නෙ...
Deleteඅසනීපවෙලා ඉන්න කොට දෙපාරක් මුණගැහෙන්න ලැබුනා. බ්ලොග් ඔහුට ඉතා වැදගත් බව පෙනුනා.ලිවීමේ හා අන්තර්ගතයේ කොලිටි එක ගැන හොඳ හැඟීමකින් ඔහු ලිව්ව.
ReplyDeleteRIP
බලන්න යන්න හිතාගෙන හිටියත් ප්‍රමාද වැඩි වුනා... Pra Jay ඒ අවස්තාව දෙපාරක්ම උදා කරගත්ත එක ගැන අද සතුටු වෙනවා ඇති නේද ...
Deleteබ්ලොග් අවකාශයට ඔහුගේ අඩුව තදින්ම දැනේවී...
පොස්ට් එක දැක්කම හදන් හිටපු හිත ආයෙම සීසීකඩ. :( මොනවා කරන්නද තුෂානි
ReplyDelete