ඉරිදා දවස කියන්නේ හුඟ දෙනෙක්ට නිවාඩු දවසක්.
ඒත් මම එහෙම කිව්වට, සමහර අය නම් කියයි "අපොයි නෑ... ඉරිදට තමයි අපිට වැඩ
වැඩිම කියලා". රස්සාවට ගිහින් කරන වැඩ වගේ දෙතුන් ගුණයක වැඩ ප්‍රමාණයක්
අපිට ඉරිදට කරන්න තියෙනවා කියලත් කියයි. ගෙදර දොර අස්පස් කරන්න, වත්තේ
පිටියේ වැඩ, කඩේ/පොලේ ගිහින් ගෙදරට ඕනේ දේවල් ගේන්න, රෙදි සෝදන්න, වගේ වැඩ
ගොඩක් ඉරිදට කරන්න තියෙනවා කියලා අනිවාර්යයෙන්ම කියයි...
ඉතින් ඔන්න අද තුශානි හදන්නේ ඒ වැඩ ගොඩට තවත් එක වැඩක් එකතු කරන්න. "මේ
තියෙන වැඩ ටිකත් බොහොම අමාරුවෙන් කර ගන්න එකේ මෙයා මේ තවත් වැඩ කියනවා"
කියලා දැන් මට බනින්න පට ගන්න එහෙම එපා ඔන්න.
නොඑන ගමනක දුක්බර මතකය .... පොස්ට් එකේදී මතකයි නේද තුශානි,
තුශානිගේ සීයා ගැන කිව්වා. සීයා, සීයාගේ කාලයෙන් වැඩි කොටසක්ම යෙදෙව්වේ ගහ
කොලත් එක්ක ගතකරන්න . ඒ නිසාම ගෙවතු වගාවටත් සීයා ගොඩක්
ආස කලා. වැටකොළු, පතෝල, බණ්ඩක්කා, වම්බටු, කරවිල, රාබු වගේ එළවළු වර්ගත්
පලතුරු වර්ගත් වලින් මුළු වත්තම ඒ දවස්වල පිරිලයි තිබුනේ.
වත්ත විතරක් නෙවෙයි ඒ දවස් වල අපේ ගෙදර උඩ තට්ටුව හදලා නොතිබ්බ නිසා ඒ ඉඩ
කඩත් සීයා සීයාගේ වගාවන් වලට යොදා ගත්තා. ස්ලැබ් එක උඩ පස් පුරවපු පෝර උර
තියලා ඒ පොර උර වල තමයි සමහර එළවළු පැල හිටෙව්වේ. ඒ විතරක් නෙවෙයි සීයා තුශානිටත් පෝර උර
හදලා දෙනවා පැල හිටවන්න. ඉතින් ඒවායේ පැල ලොකු වෙලා ඵලදාව ලැබෙනකොට තුශානි
අත්විඳපු සතුට අදටත් ජීවිතේ හරිම සුන්දර මතකයක්.
ඉතින් පහුගිය දවස් වල ඒ අතිත මතකයන් එක්ක ඉන්න වෙලාවක තුශානිට අයෙමත් හිතුනා පුංචි වගාවක් පටන් ගන්න.
වගාව පටන් අරගෙන ටිකෙන් ටික දවස් ගෙවිලා ඵලදාව නෙලා ගන්න කාලෙත් ඉක්මනම ලං වුනා. මේ තියෙන්නේ ඒ ඵලදාවේ පින්තුර ටිකක්. බලන්නකෝ කොහොමද කියලා.
කලින් පෝස්ට් එකක කියපු අමුත්තගේ වර්තමාන තත්වෙත් බලන්නකෝ.. මේ සැරේ අමුත්තෝ ගොඩයි...
ඉතින් ඔයාලත් තියෙන වැඩ රාජකරිත් එක්ක පුංචි වෙලාවක් වෙන්කරගෙන පුළුවන් විදිහකට මේ වගේ එළවළු පැලයක් දෙකක් හිටවන්න. ඒකෙන් වස විසෙන් තොර කෑමක් කන්න පුළුවන් වෙනවා වගේම හිතටත් ලොකු සතුටක් ලබන්න පුළුවන්. එළවළු මිලදී ගන්න යන වියදමත් ඒකේන් අඩු වෙන නිසා ඒක සාක්කුවටත් වාසියක්නේ.