අද තුශානි කියන්න යන්නේ මීට ටික කාලෙකට කලින් තුශානිට වෙච්චි ඇබැද්දියක් ගැන.. ම්.... පෙත්ත පුතා කියලා උඩින් ලියලා තියෙන නිසා ඔන්න කියන්න යන්නේ ගිරවෙක් ගැන කියලා වරදවා වටහා ගන්න එහෙම එපා හොඳද .. අහන්නකෝ කතාව ...
එදා තුශානිට හොඳටෝම උණ හැදිලා හිටියේ.. හැමදාම බෙහෙත් ගන්න දොස්තර ගාවට බෙහෙත් ගන්න ගියාම දොස්තර හදිස්සියෙම කොහෙද ගිහින් බෙහෙත් සාප්පුවත් වහලා.
" දැන් මොකද දූ අපි කරන්නේ.. වෙන දොස්තර කෙනෙක්ගෙන් වත් බෙහෙත් ටිකක් ගමු නේද.. ඔයාට අමාරුයිනේ.. " අම්මා කිව්වා.
"අනේ අම්මා .. මට බෙහෙත් ඕනේ නෑ.. අපි ගෙදර යමු.. "
" එහෙම කියලා බෑනේ.. මේ ලඟ ඉන්නව තව දොස්තර කෙනෙක්. අපි එයා ගාවට යමු . " කියලා ඔන්න අම්මා මාවත් එක්කගෙන ඒ දොස්තර ගාවට යන්න පිටත් වුනා.
"ඉස්සර හිටියේ දැන් ඔය ඉන්න දෝස්තරගේ තාත්තා.. මිනිස්සු එයාට කිව්වේ පෙත්තා දොස්තර කියලා. පෙති සෑහෙන ගොඩක් දෙනවා බොන්න." යන ගමන් අම්මා කිය කිය ගියා.
"ඔන්න අම්මා, මට නම් බෙහෙත් ගොඩක් බොන්න බෑ.." බෙහෙත් බොන්න තියෙන අකමැත්ත නිසාම තුශානිට ඕනේ වුනේ ගෙදර යන්න.
"හා හා... අපි ගිහින් බලමුකෝ.. දැන් ඉන්නේ හිටිය දොස්තරගේ පුතානේ එයා එහෙම නැතුව ඇති. "
"ඔන්න අම්මා, මට නම් බෙහෙත් ගොඩක් බොන්න බෑ.." බෙහෙත් බොන්න තියෙන අකමැත්ත නිසාම තුශානිට ඕනේ වුනේ ගෙදර යන්න.
"හා හා... අපි ගිහින් බලමුකෝ.. දැන් ඉන්නේ හිටිය දොස්තරගේ පුතානේ එයා එහෙම නැතුව ඇති. "
කොහොමින් කොහොම හරි තුශානිට ඒ දෝස්තර ගාවට යන්න වුනා..
" අහ්.. මොකද මේ ළමයට.. ? " දොස්තර ගාව පුටුවේ වාඩි වෙනකොට දොස්තරගේ අර බෝතල් අඩි කන්නාඩි දෙකෙන් මං දිහා බලලා ඇහුවා..
ම්හු.. සද්දයක් නෑ.. ( හි.. හි.. මං ඉතින් උත්තර දුන්නේ නෑනේ.. )
ඉතින් ලෙඩ වෙලා ඉන්න අයට ඔය අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන්න පුළුවන්ද... මං ඉතින් අම්මා දිහා බැලුවා..
" ඩොක්ට.. මෙයාට ඊයේ ඉඳලා උණ " පොඩි කාලේ වගේම අම්මා ඩොක්ටට විස්තරේ කිව්වා.
හරි... අපි උණට මේ බෙහෙත බොමු.. උණ තිබුනා නම් කැස්ස හෙම්බිරිස්සවත් ටිකක් ඇති. මම ඒවටත් බෙහෙත් දෙන්නම්කෝ. වෙද නලාව තියලා බලන ගමන් දොස්තර හෝ ගාලා බෙහෙත් ලියනවා.
" කෝ.. කහින්න බලන්න.. කැස්සට මේ සිරප් එකත් බොන්න. ඔළුවේ කැක්කුමටත් මම බෙහෙතක් දෙන්නම්.. "
ඔළුවේ කැක්කුම කලින් තිබුනේ නම් නෑ. දැන් නම් ඔළුවේ කැක්කුමයි කලන්තෙයි දෙකම තියෙනව වගේ. ලියන බෙහෙත් වට්ටෝරුව දැක්කහම තුශානිට දැනුනා. ඒත් ඉතින් කලන්තේ වගේ කිව්වෝත් තවත් බෙහෙත් වැඩි වෙන නිසා තුශානි සද්ද නැතුව හිටියා. කොහොමින් කොහොමහරි අන්තිමට බලනකොට කෝලේ ඉවර වෙන තැනටම බෙහෙත් ලියලා.
" වෙන ලියන්න ඉඩ නෑනේ. ඒ නිසා වෙන බෙහෙත් නම් නැතුව ඇති. " කියලා හිතනකොටම මෙන්න දොස්තර තවත් කොලයක් අරගෙන බෙහෙත් ලියනවා.

ලෙඩ ටික පැත්තක තියලා කෑ ගහල අඬන්න තරම් හිතුනා. මොනව කරන්නද.. :(
අන්තිමේදි දෙවෙනි කොලෙත් පිරෙන්නම බෙහෙත් දීලා තමයි රත්තරන් පාට දාරයක් තිබ්බ ලස්සන් නිල් පාට ඉරි ඉරි පෑන මේසේ උඩින් තිබ්බේ. ඇයි ඉතින් ලියන එක දිහා බලාගෙන හිටිය වෙලාවේ හැටියට ඔය සේරම විස්තර මතක හිටිනවනේ.. හි.. හි..

යන්තම් හරි.. දැන්වත් ඉක්මනට ගෙදර යන්න පුළුවන් කියලා හිත හදා ගන්නකොටම මෙන්න දොස්තර ආයේමත් උපදෙස් මාලාවක් දෙන්න පටන් ගත්තා..
" දවස් තුනක් විතර යනකන් හොඳට පරිස්සම් වෙන්න ඕනේ.. ඇල් වතුර අල්ලනවත් එපා. සීතල කෑම බීම සපුරා තහනම්. උණු වතුර තමයි දිගටම පාවිච්චි කරන්න ඕනේ. වේවැලක් තියාගෙන ටීචර්ලා උපදෙස් දෙනව වගේ මං දිහා බලලා ටිකක් සැරෙන් වගේ දොස්තර කිව්වා. "
" අනේ මට නම් බෑ ඕවා කරන්න. මට මේ එච්චර බර පතල ලෙඩක් නෑනේ.. ඊටත් මම ඔය සැරෙන් කියන කිසිම දෙයක් කරන්නේ නෑ.. " එහෙම හිතුවට කිව්වේ නෑ.. හි.. හි.. හොඳ ළමයෙක් වගේ අහගෙන ඉඳලා ඩොක්ටට තැන්කූ කියලා බෙහෙත් ගන්න තැනට ආවා.

බෙහෙත් ලියපු කොළ දෙක දුන්නා විතරයි බෙහෙත් දෙන මනුස්සයා මැෂින් එකක් වගේ සුදු පාට කවර වලට රතුපාට, කහ පාට, නිල් පාට බෙහෙත් පෙති අහුරු අහුරු දානවා. අනේ මේවා ස්මාටීස් වුනා නම් කොච්චර ශෝක්ද.. ( අර චොක්ලට් ඇතුලේ තියෙන පාට පාට ඒවා. ) කියලා හිත හිත තුශානිත් බෙහෙත් ටික දිහා බලන් හිටියා.
අන්තිමේදි කිලෝ එකක් විතර බර බෙහෙත් ගොඩකුත් අරගෙන තමයි බෙහෙත් සාප්පුවෙන් එලියට එන්න වුනේ.
" ඔය බෙහෙත් ඔක්කොම නම් බොන්න ඕනේ නැති වෙයි. බලමුකෝ තාත්තටත් පෙන්නලා. ඕන ඒවා විතරක් බලලා බොමු." මූණත් අඹුල් කරගෙන බෙහෙත් ගොඩත් තුරුළු කරගෙන යන මං දැකලා පව් කියලා හිතිලද කොහෙද අම්මා කිව්වා...
ඔන්න ඒක අහුවහම නම් ඒ වෙලාවෙම තුශානිගේ ලෙඩ ඔක්කොම හොඳ වුනා වගේ දැනුනා.. ඇයි ඉතින් මේ බෙහෙත් කන්ද කොහොම බොන්නද .
" ඔව් අම්මේ මිනිස්සු කියන එක හරි.. එයත් පෙත්ත පුතෙක්ම තමයි.. ඔන්න අපහු නම් කොච්චර ලෙඩ වුනත් ඒ දොස්තර ගාවට නම් යන්න එන්න බෑ හොඳේ.." කියලා අම්මගේ අතේ එල්ලිලා ගෙදර ආවා.