ගෙවීගෙන යන්නේ සාහිත්‍ය මාසේ නිසා මේ කාලය අපි කවුරුත් පොත් පත් ගැන වැඩි උනන්දුවක් දක්වන කාලයක්. බොහෝමයක් දෙනා මේ වෙනකොට සෑහෙන පොත් ප්‍රමාණයක් මිලදී ගෙනත් ඇති කියවන්න. ඒ නිසා අද තුශානි හිතුවා මේ පොත් කියවීම ගැන වෙනස්ම විදිහෙ දෙයක් කියන්න.
හොඳයි... මම ඔයාලගෙන් ඇහුවොත් "පොතක් කියෙව්වහම මොන වගේ දෙයක් හිතට එනවද කියලා" ගොඩ දෙනෙක් කියයි, ඒක විස්තර කරන්න බැරි හැඟීමක් කියලා. ඒ කියන්නේ පොතක් කියවලා ලබන රසවින්දනය, දැනුම වචනයෙන් විස්තර කරන්න අමාරුයි කියලා ඔයාලා කියයි. ඔව් එකම පොතක් උනත් එක එක්කෙනාට ඒ පොත දැනෙන, රසවිඳින විදි, ඒ පොතෙන් ලබා ගන්න දැනුම වෙනස්.
ඒත් ඔයාලා කවදහරි දවසක හිතලා තියෙනවද අපි වගේ මේ විදිහට පොත් කියව කියව රස විඳින්න බැරි පිරිසකුත් අපි අතරෙම ඉන්නවා කියලා. හ්ම්.. හිතලා නැතුව ඇති සමහර විට. ඒත් අපි වගේ දෑසින් මේ පොත් රසවිඳින්න අපහසු පිරිසකුත් අපි අතරේ ඉන්නවා. එයාලත් අපි වගේම පොත් වලට ආදරය කරන, පොත් කියවන්න බොහොම ආසාවෙන් ඉන්න පිරිසක්.
එතකොට එයාලා කොහොමද මේ පොත් අපි වගේම රස විඳින්නේ ? හරි... ඒ ප්‍රශ්ණෙට බොහොම පැහැදිලි උත්තරයක් කසුන් මෙන්න මේ පොස්ට් එකේ දී කියලා තියෙනවා.
ඒත් ඔයාලා කවදහරි දවසක හිතලා තියෙනවද අපි වගේ මේ විදිහට පොත් කියව කියව රස විඳින්න බැරි පිරිසකුත් අපි අතරෙම ඉන්නවා කියලා. හ්ම්.. හිතලා නැතුව ඇති සමහර විට. ඒත් අපි වගේ දෑසින් මේ පොත් රසවිඳින්න අපහසු පිරිසකුත් අපි අතරේ ඉන්නවා. එයාලත් අපි වගේම පොත් වලට ආදරය කරන, පොත් කියවන්න බොහොම ආසාවෙන් ඉන්න පිරිසක්.
එතකොට එයාලා කොහොමද මේ පොත් අපි වගේම රස විඳින්නේ ? හරි... ඒ ප්‍රශ්ණෙට බොහොම පැහැදිලි උත්තරයක් කසුන් මෙන්න මේ පොස්ට් එකේ දී කියලා තියෙනවා.
දෘශ්‍යාබාධිත අය වෙනුවෙන් නිර්මාණය වුනු මේ “DAISY” (Digital accessible Information System) තාක්ෂනය ගැන තුශානිත් මුල් වරට විස්තර දැන ගත්තේ කසුන්ගේ මේ ලිපිය හරහායි.
තුශානිටත් ලොකු ආසාවක් තිබුනා මේ තාක්ෂණය ඔස්සේ පුලුවන් විදිහකට යමක් අපේම යාළුවන් වෙනුවෙන් කරන්න. ඉතින් කසුන් හරහා සම්බන්ද වෙලා තුශානිත් මේ වැඩේට පුංචි දායකත්වයක් ලබා දුන්නා.
මුලින් ටිකක් අමාරුයි වගේ හිතුනත් ටිකක් පහු වෙනකොට නම් ඒක ඒ තරම් අමාරු කාරියක් වුනේ නෑ. අපිට කරන්න තිබුනේ මේ ඩේසි තාක්ෂණය ඔස්සේ අපිට ලබා දීලා තිබ්බ පොත කියවලා පටිගත කරන එකයි. හැබැයි හැම පිටුවකම තියෙන හැම දෙයක්ම අපිට පුළුවන් උපරිමයෙන් විස්තර කරන්න කියලා අපිට උපදෙස් ලැබුනා.
උදාහරණයක් විදිහට කියනවා නම් පිට කවරය ගත්තොත්, ඒකේ තියෙන හැම වචනයක්ම කියවිය යුතුව තිබුනා. ඒ වගේම පින්තූරයක් නම් ඒ පින්තූරය කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට විස්තර කලයුතු වුනා. පටුන , පෙරවදන වගේ දේවල් විතරක් නෙවෙයි පිටු අංක, පරිච්චේද , වරහන් වගේ තැන් පවා විශේෂයෙන් සඳහන් කල යුතුව තිබුනා. කොටින්ම කියනවා නම් සම්පූර්ණ පොතම ගැන හඬ පටයේ ඇතුලත් වුනා.
සමහර විට ඔයාලට මේ ගැන හිතාගන්නවත් බැරුව ඇති. ඇත්තම කියනවා නම් තුශානිටත් පුදුම හිතුනා මේ වෙනකොට පටිගත වෙලා තියෙන පොත් වල හඬ පට අහන්න ලැබුනහම.
ඉතින් කොහොමහරි පුළුවන් විදිහට තුශානිත් ඒ වැඩේට දායක වුනා. ඒ වගේම අපේ සහෝදර බ්ලොග් කරුවන් , කාරිනියන් කිහිපදෙනෙකුත් මේ වැඩේට සම්බන්ද වෙලා ඉන්නවත් දකින්න ලැබුනා.
අන්තිමට වැඩේ ඉවර වෙනකොට නම් හිතට දැනුනේ හරිම පුදුමාකාර සතුටක්. මොකද තව කෙනෙක් අපේ කට හඬක් හරහා පොතක් කියවනවා කියලා හිතට දැනෙනකොට ඒ සතුට කොයිතරම් වෙන්න ඇතිද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්නේ.
ඉතින් මේ පොත් කියවන මාසේ අපි අපිට හිතෙන හිතෙන පොත් ගොඩ ගොඩ අරගෙන කියවනකොට, ඒ පොත්ම කියවන්න ආසාවෙන් ඒත් ඒ හැකියාව නැති අයත් අපි අතරම ඉන්නවා කියන එක අමතක කරන්න හොඳ නෑ.
ඒ නිසා ඒ වෙනුවෙන් යමක් ඔයාලටත් කරන්න පුළුවන් නම් මම හිතනවා කසුන් ඔයාලටත් ඊට අවශ්‍ය මග පෙන්වීම අනිවාර්යයෙන්ම කරයි කියලා. අදින් අවසන් වෙන මේ සාහිත්‍ය මාසේ ඒ අදහසත් හිතට අරගෙනම මේ සාහිත්‍ය මාසෙට සමු දෙන්න කියලා තුශානි මේ වෙලාවෙ බොහොම ආදරයෙන් මතක් කරනවා.
~ * ~