Friday, September 9, 2016

113. උදව්වක් ඕනේ මට, සුළඟ මේ අහනවද ...



උදව්වක් ඕනේ මට
සුළඟ මේ අහනවද
අපේ ගෙදරට හොරෙන්
ගිහින් එන්නට බැරිද ...

අම්මා තාත්තා එහේ
සනීපෙන් ඉන්නවද
මම නැතුව පාළුවෙන්
ඉන්නවද කියනවද ... 

මගුල්ගේ දා වගේ
අම්මගෙ මූණ
සතුටින්ද
කඳුළු හෙම තිබුනොතින්
පිසදාලා එනවාද  ...

මගෙ කාමරේ තාම
කලින් තිබුනා වගෙද
බෝනික්කෝ තරහා වෙලා
නම් යාළු කරනවද ...

කාමරේ ලඟ රෝස
පඳුරේ මල් තියෙනවද
මල් පිපිලා මම කොහෙද
එබි එබී බලනවද ...

මාලා ගිරවුන් තාම
පාන්දර එනවාද
මම නිදියි හිතාගෙන
ගී කියනවද තාම ...

සුදු පුළුන් ටෙඩී මගේ
හොර ගෙඩියා වගේ නිදිද
ගෙනියන්න එයාවත් 
එනවාමයි කියනවද ...

මම ගෙදර නැති අඩුව 
පා කරලා යවනවද 
හැමදෙනත් හැම දෙයත්
තිබුනා වගේ හදනවද ... 

එහෙම නැතිවුනොත් මට
දුක හිතෙයි
දන්වද
ඇවිත් යන්නට හනික 
එන බවත් කියනවද ... 



~ * ~



44 comments:

  1. මට ගමට එන්න කුරුළු පිහාටුවක් එවන්න.

    ReplyDelete
    Replies
    1. පොඩි මල්ලි අතේ අනේ අම්මේ කුරුළු පිහාටුවක් එවන්න.... :)

      Delete
  2. අපූරුයි. දූත මෙහෙවරට සුළගක්.
    'කියන්න සුළගේ' කියන සින්දුව මතක්වුණා මේක කියවද්දි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුමින්ද... ඔබටත් ජය !!!

      Delete
  3. නියමයි තුශාණි. අලුත විවාහ වී පිටවී ගිය මනාලියකගේ කලින් සිටි පරිසරය ගැන නැගෙන සිතුවිල්ල. ගීතයකට අදහසකට සොරකම් කරගැනීමට ඉඩ ඇත.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉයන්...

      ඔයා ගීත රචකයෙක් නිසා බැරිද දෙන්න උපදෙසක් මේක ගීතයකට හරවගන්න ?

      Delete
    2. මේ අදහස borrow කරන්න පුළුවන්ද හැමෝටම සහභාගී වෙන්න පුළුවන් තරඟයක් දාන්න?

      Delete
    3. නියමයි.... අනිවාර්යයෙන්ම පුළුවන්...

      Delete
    4. එහෙනම් අපි බලමුකෝ කවුද අභියෝගේ භාර ගන්නේ කියලා... :)

      Delete
  4. Replies
    1. අනේ ඔව්... තව බලු පැටියා... :(

      Delete
  5. ඇයි අප්පා මනුස්සයා එක්ක යන්නකෝ මේ සති අන්තේ,ඊලග සති අන්තේ එන්නේ හොඳ නිවාඩුවක්.

    ReplyDelete
    Replies
    1. යමි යමි ...

      ඉඩක් ලැබුනු ඉක්මනටම එනවා කියන්න කියලා තමයි හුළඟටත් කියලා යැව්වේ... :)

      Delete
  6. ඉයන්ගේ අදහස හොඳයි.. හොඳ සිංදුවකට ප්ලොට් එකක්.. මම නිකමට හිතුවේ අපේ උන්දැලත් ඔහොම හිතන්න ඇතිනෙ ඒ කාලේ? දැන් නම් එහෙම හිතන්න තියා දවසටම කෝල් එකක් ගන්නවත් වෙලාවක් නෑ.. වැඩ..වැඩ..වැඩ.. හ්ම්ම්..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි.. ඉයන් කිව්වහම මටත් ආස හිතුනා..

      ඔව් කළණ අනිවාර්යයෙන්ම හිතෙන්න ඇති.. ඉපදුනු දා ඉඳලා හිටිය පරිසරයෙන් ඈත් වෙලා ඉන්න වෙනකොට එහෙම හිතෙනවා...

      චූටි පැටියගේ දඟවැඩ පටන් අරගෙන නිසා තවත් වැඩ වැඩි ඇති නේද ...

      Delete
  7. මල් බොනික්කන් පූසි පැටව් ටික
    පාට ගවුම් පොඩ් අද තනි වෙනවා.....
    පියාණනේ ඔබෙ ආසිරි විද විද
    ඉරණම් ගමනක් යන්නට යනවා

    පියාණනේ ඔබෙ පුංචි කුමාරිය
    පුංචි මනාලිය වී යන දවසේ
    එපා හඩන්නට එපා හඩන්නට
    පුංචි මුණුපුරෙක් කැන්දන් එන්නම්
    මා හෙට දවසේ......

    ReplyDelete
    Replies
    1. ජීවිතේ පළවෙනි වතාවට තාත්තගෙ ඇස් වල කඳුළු දැක්කා එදා... :(

      Delete
  8. Replies
    1. විදානේ මේ පැත්තේ කාලෙකින්.. ජයවේවා !

      Delete
  9. ඇයි අම්ම උයන කෑම . මේ සතිඅන්තෙ ගිහිං හොඳට කන්න.

    ReplyDelete
    Replies
    1. අම්මගෙ රස කෑම මතක් වෙනකොට ගෙදර දුවන්න හිතෙනවා... අම්මා හදන පොල් සම්බෝලයි බතුයි එක්ක බැලුවහම උනත් අනිත් කෑම පරාදයි...

      Delete
  10. ඇයි අම්ම උයන කෑම . මේ සතිඅන්තෙ ගිහිං හොඳට කන්න.

    ReplyDelete
    Replies
    1. දෙපාරක් කාලා මාව මහත් වෙයිද දන්නෙ නෑ... ;)

      Delete
    2. අද දවාලෙත් තුංපාරක් කෑවෙ එහෙනං. වෙලාවක ඔයාලගෙ ඔපිසියෙ ගේට්ටුව ලඟට ඇවිත් කෑගහල ඔයාගෙ ඔපිස් කෑම එක අරං යන්න ඕන

      Delete
    3. ෂ්.... මෙහෙමත් කෑ ගහලා කියනවද මම අහන්නෙ ඔය වගේ දේවල්...

      ඉරිදා දවසක නිවාඩු පාඩුවේ එන්නකො එහෙනම්.. ;)

      Delete
  11. ගී පදරචනය ගැන පූර්ව අත්දැකීම් ඇති අයට හොඳ අවස්ථාවක්.

    ReplyDelete
    Replies
    1. ඔව්... මේක හොඳ අවස්ථාවක් වේවි...

      Delete
  12. එහෙම හිතන්නත් දුකයිනේ.....

    කොහොම උනත් අක්කගෙ පද පෙළනම් හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ඔයත් ගෑණු ළමයෙක් නිසා මේ දේ හොඳින් වටහා ගන්න පුළුවන් ඇති...

      බොහොම ස්තූතියි නිර්මාණි...

      Delete
  13. සුන්දර පද පෙළක් තුශානි...මේ ඇසුරින් නිර්මාණය වෙන ගීත රස විඳින්නට බලා සිටිනවා ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... උත්සාහයක් අරගෙන බලමුද ඔයත් ?

      Delete
  14. මටත් ඔහොමම හිතුන අප්ප.දැන්නම් ගානක් නෑ.ආපු මුල් මාස 4-5 නම් පට්ට අවුල්

    ReplyDelete
    Replies
    1. ඔව්... හැමදෙනාම නොවුනත් බොහෝ දෙනෙක් මේ අත්දැකීමට මුහුණ දීලා ඇති ...

      බොහොම ස්තූතියි මේ පැත්තට ගොඩවුනාට.

      Delete
  15. ඉයන් තුමාගේ පෝස්ට් එකෙන් තමා මේ පෝස්ට් එකට ආවේ. ඔයාගෙ කවියනම් අපූරුයි.ඉතින් ඔන්න මම පොඩි උත්සහයක් අරන් බැලුවා පද රචනාවකට. ඉඩ තියෙන වෙලාවක ගිහින් බලන්නකෝ හොදයිද කියලා

    ReplyDelete
    Replies
    1. මුලින්ම ශානිව සාදරයෙන් කැකුළු ගොමුවට පිලිගන්නවා...

      මම මේ ඒ පැත්තට ගිහින් එන ගමන්... හරිම ලස්සන පද පේලි ටිකක්.. බොහොම ස්තූතියි...

      හිතට පුදුමාකාර සතුටක් දැනෙනවා...

      Delete
  16. තුශානි ඔයාගේ සිතුවිල්ල හැමෝටම බෝ වෙලා නේද,, හරි අගෙයි මේ වැඩේ.. මේ පද ටික කියෙව්වාම ඔයගේ හිතේ පාලුව මටත් දැනෙනවා.. මගේ ඇත්ත අත්දැකීම ඊට වඩා වෙනස් වුනත්

    මට කවදාවත් දැනිලා නැ මම මගේ ගෙදරින් ගියා කියලා... ඒ ඇයි දන්නේ නැ, අපේ නැදැ වෙන අනිත් අක්කලගේ වෙඩින් වලදි එයාල අඬනවා දැකල මල්ලි මට විහිලු කර කර හිටියේ කවදාහරි මාත් අඬයි කියලා. ඒත් පුදුමේ කියන්නේ මගෙ වෙඩින් එකේ මම ඇඬුවේ නැ,ඊට පස්සේ එහෙම දැනුනෙත් නැ. වෙන් වෙනවා කියලා නෙමේ මට දැනුනේ , තවත් කෙනෙක් අපිට එකතු උනා කියලා.

    අපි බලමු ඊලඟට කවුද ලියන්නේ කියලා....:)

    ReplyDelete
    Replies
    1. ඔව්.. අපූරු පද රචනා කීපයක්ම මේ වෙනකොට ලියවිලා තියෙනවා.. ඔයාගෙනුත් එකක් බලාපොරොත්තුවෙන් ඉන්නේ...

      වෙඩින් එක දවසෙ නම් ටිකක් හිත හයිය කරගෙන හිටියා. ඒත් සමහර වෙලාවට ඉස්සර මතක හිතට එනකොට නොදැනිම ඇහැට කඳුලක් එනවා..

      Delete
  17. තුශානිට හොඳටම හෝම් සික්. බැඳලා වෙන්වෙලා ගිය අලුත ඔහොම තමයි. කාලයත් එක්ක ටිකෙන් ටික ඔය ගතිය ඇරිල යාවි. බැඳපු අලුත හැලපිටත් තදින්ම හෝම් සික් හැදුණා. මම මේ සතියෙ ගෙදර යන්නද කියල සිකුරාදට මගෙන් අහනවා. හරි හරි ගිහිං හුරතල් වෙලා අම්මට කියල කෑම කවාගෙන එහෙම එන්නකො කියල මම යන්න දෙනවා. ගෙදර ඉඳල සඳුදට කෙළින්ම ඔෆිස් එනවා. ඉතිං හිත හොඳයි. ඔහොම ටික කාලයක් යද්දී ගෙදර ගියත් ඉක්මනට ආපහු එන්න හදන්නෙ. කාලය හොඳම බෙහෙත්. ඔයාගෙත් ඔය අමාරුව ඉක්මනට ඇරිල යාවි. ආ තව එකක් ඉක්මනටම පවුලට තුන්වෙනියෙක් එකතු කර ගත්ත නං ඔක්කොම දේවල් හරියාවි. ජය!!

    ReplyDelete
    Replies
    1. :) ඔව් හැලපතුමා කාලය තමයි හැමදේටම හොඳම බෙහෙත... බොහොම ස්තූතියි..

      ඔන්න හැලපතුමාගෙනුත් තුශානි ගී පද රචනාවක් බලාපොරොත්තුවෙන් ඉන්නේ...

      Delete
  18. රත්තරන් දුවේ - අපේ රත්තරන් දුවේ
    ඔබයි දිවිය අර්ථවත් කලේ
    ගියදා පටන් ඉහිල - කුරුළු කුඩුවෙන්
    සංතෝෂයක් නෑ හිතේ

    ඉගිලිලා ගියේ - සමුගෙන අපේ කුඩුවෙන්
    ඔබත් කුඩුවක් තනන්නනේ
    ඉගිලිලා ගිහින් තනපු කුඩුවත් අරන්
    නැවත එන්න පියඹලා දුවේ

    හනික එන්න පියඹලා දුවේ ..........//
    ඉගිලිලා ගිහින් තනපු කුඩුවත් අරන්
    ඈවිත් යන්න එන්න සුදු දුවේ .....

    Artists : Nanda Malani & Rohana Weerasinghe
    Lyrics : Carlo Fonseka
    Melody : Rohana Weerasinghe

    ReplyDelete
    Replies
    1. ඉස්සරට වඩා මේ ගීතය දැනෙනවා දැන්...

      ස්තූතියි සිරා අයියේ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...