Tuesday, July 8, 2014

සුබ උපන්දිනයක් අම්මා...



සඳෙහි වු සොමි ගුණය
හද පතුලේ රඳවමින්
තරු එළිය කරන්නට
කිරණ දුන්නේ ඔබයි...

නෙතු පියන් විලස හිඳ
රැකගමින් නිරතුරුව
ආදරෙන් හොඳ නරක
කියාදුන්නේ ඔබයි..


ඔබෙ සුවඳ කිරි සුවඳේ
මුසුව ජීවය දෙමින්
තුරුලේ හිඳ නැළවෙන්න
සෙවන වුයේ ඔබයි...


මුවග පිරි සිනාවත්
සතුට රැඳි දිවි රටාවත්
යෙහෙළියක් ලෙසින් හිඳ
පෙන්වුවේ ඔබයි...


දූ පොඩිත්තක් ලෙසට
මේ භවේ ලෙසින් මතු
උපදිනා හැම භවේ
පතන්නේ ඔබයි...


සුබම සුබ උපන්දිනයක් අම්මා..

34 comments:

  1. තුශානිගෙ අම්මට සුභම සුභ උපන් දිනයක් වේවා...
    නිදුක් නිරෝලී සුව සම්පත් ඉතිරේවා...

    කවිය ලස්සනයි

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි මහේෂ්...

      පද පේලි ටික නම් කලබලේට ලිව්වේ... :)

      Delete
  2. Replies
    1. Thank you very much Deshakathumaa ... ( on behalf of my mother )

      Delete
  3. ඔබේ ආදරණීය මවට සුබ උපන්දිනයක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. සුබ පතන්න එකතු වුනාට හුඟක් ස්තුතියි හැලපතුමා ...

      Delete
  4. තුෂානි ගේ ආදරණීය මෑණියන්ට සුබ උපන් දිනක් වේවා..... නිදුක් නිරෝගී අනාගතයක් පතමි

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි නලීන් අයියේ..

      කට්ටියගේ සුබ පැතුම දැක්කහම අම්මට හුඟක් සතුටු හිතෙයි..

      Delete
  5. අම්මාට සුබ උපනයක් වේවා ..!!!!
    පද පෙලි ටික ලස්සනයි

    ReplyDelete
    Replies
    1. හුඟක් ස්තූතියි සහෝ..

      Delete
  6. ඔන්න අම්මට අපෙනුත් සුබපැතුම්... කවි ටික නිකන් හදිසියෙන් ලිව්වා වගේ පෙනුනේ , එත් රහයි

    ReplyDelete
    Replies
    1. ඔව්නේ ඔව්නේ.. :) ලිව්වේ නම් කලබලෙන් ...

      හුඟක් ස්තූතියි හොඳේ...

      Delete
  7. මිහි මඬලේ අඳුරු කුසේ
    දිය උල්පත අම්මා..
    අහස් තලෙන් මරු කතරට
    වහින වැස්ස අම්මා..
    නිල් දෙරණේ තුරුලිය මත
    මල් සම්පත අම්මා..
    තුරුලිය මත පිපි කුසුමේ
    පර සම්පත අම්මා...

    සිය දහසක් නෙක ලෝදා
    එළිය කරන අම්මා..
    සොලොස් කලා පිරි පුරහඳ
    එළිය කරන අම්මා...

    සඳ නැති රෑ සක්වල තරු
    එළිය කරන අම්මා...
    උදා ගිරෙන් ලොවට අදින..
    ලහිරු මඬල අම්මා...

    ගායනය : නන්දා මාලනී
    පද රචනය :ඩබ්ලිව් ඒ. අබේසිංහ
    සංගීතය : ප්‍රේමසිරි කේමදාස+

    මේ උපහාරය ඔබේ දයාබර මෑණියන් වෙනුවෙනි.

    ඇයට සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කල බව කියන්න. නිදුක් නිරෝගී සුව, දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා ඇයට.

    ReplyDelete
    Replies
    1. අම්ම ගැන කියවෙන ගීත අතුරෙන් මමත් ආසම ගීතයක්...

      සුබ පතන්න එක් වුනාට හුඟක් ස්තූතියි මනෝෂ්..

      Delete
  8. තුශානිගෙ අම්මට සුබම සුබ නිරෝගී උපන් දිනක් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි සුබ පැතුම් වලට ...

      Delete
  9. තුශානීයේ අම්මාට සුබම සුබ උපන් දිනයක් පතනවා.නිදුක් නිරෝගී දීර්ඝායුශ පතනවා...:)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි... ගෙදර ගිය ගමන්ම පණිවිඩේ දෙන්නම්කෝ... :)

      Delete
  10. තුශානිගේ මවට නිදුක් නිරෝගී සුවයත් සමගම සුබ උපන් දිනයක් පතමි!!

    ReplyDelete
    Replies
    1. ගෙදර යනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ සුබ පැතුම් ටික පෙන්නන්න...

      බොහොමත්ම ස්තූතියි සුබ පතන්න එක් වුනාට ...

      Delete
  11. ඔබේ මවට සුබම සුබ උපන්දිනයක් වේවා.

    ReplyDelete
    Replies
    1. සුබ පැතුම් වලට හුඟක් ස්තූතියි ශෙහාන් ..

      Delete
  12. තෂානිගේ මවට සුබම සුබ උපන් දිනක් වේවා!!! දීර්ඝායු සම්පත් ලැබේවා...


    ජය වේ වා!!!!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි විදානේ ...

      කට්ටියගේ සුබ පැතුම් දැකලා අම්මටත් හරිම සතු‍ටුයි..

      Delete
  13. අම්මාට සුබම සුබ උපන් දිනක් වේවා!!

    ReplyDelete
    Replies
    1. සුබ පතන්න එක් වුනාට හූඟක් ස්තූතියි ...

      Delete
  14. ඔබේ ආදරණීය මෑණියන්ට සුභම සුභ උපන්දිනයකට ආසිරි පතමි. මේ කමෙන්ටු ඇයටත් පෙන්වන්න. මව්කමේ යහගුණය ඇයගෙන් දුරස් වූ වටපිටාවක මට ඉතා හොදින් දැනෙනවා. මගේ මවගේ උපන් දිනය තිබුනෙ ගිය මාසෙ...මම ඇයටත් හොරා උපන් දින සුභ පැතුමක් තැපැල් කලා. එය දැක ඇය බොහෝ සතුටට පත් වු බව මට දැනුනා.

    නිදුක් නිරෝගී චිර ජීවනය ඔබේ මවට ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ඔව් සිරා අයියේ.. සුබ පැතුම් දැකලා අම්මට හරිම සතුටුයි..

      අම්මලා අපෙන් ලොකූ දේවල් බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි කරන පුංචි දෙයක් වුනත් එයාලට ඒක මහමෙරක්..

      බොහොමත්ම ස්තූතියි සුබ පැතුම් වලට ...

      Delete
  15. තුශාගේ අම්මා හට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා! මේ තිලිණය අම්මා වෙත,
    -------අම්මා-------
    හිනා වෙන්නට සියක් උල්පත් මවා දී
    නිසලවම නොසෙල්වී හිදිනා
    නමක් නැති මහා කන්ද
    නුඹයි අම්මා....

    හිරුගේ කිරණින් පහස ලබමින්
    සඳක් වී ලොවටම සිසිලැසක්
    ගෙනැවිතින්......
    නිදා නොනිදා රැය පහන් කල සඳකින්නරාවි
    නුඹයි අම්මා....

    සර්ව පිත්තල ලෝකයක එතුනු
    ආදරේ වෙන් කර
    වතුර,කිරි වෙන් කරා සේ
    ජීවිතයම අරුත් ගැන් වු හංසධේනුව.....
    නුඹයි අම්මා......
    _____ශානු_____

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සන පද වැලක්... ගොඩාක් ස්තූතියි...

      තෑග්ගයි සුබ පැතුමුයි අම්මට පෙන්නන්නම්කෝ...

      Delete
  16. පරක්කු උනත් ඔන්න මමත් සුබ පැතුම් එකතු කරනවා..

    ReplyDelete
    Replies
    1. පරක්කුවෙලා හරි සුබ පතන්න එක් වුනාට බොහොමත්ම ස්තූතියි...

      Delete
  17. ඔබගේ මව්ට දීර්ඝායුෂ පතමි.

    ReplyDelete
    Replies
    1. සුබ පතන්න එක් වුනාට හූඟක් ස්තූතියි ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...