Thursday, July 16, 2015

84. එක එක කාලෙට හැදෙන ලෙඩ ...

දන්නවනේ ඉතින්... එක එක කාලෙට අපිට එක එක ලෙඩ හැදනවානේ. ඉතින් මේ දවස් වල තුශානිටත් බොහොම දරුණු ලෙඩක් බෝ වෙලා. 
"අනේ  පව් තුශානි... ඇපල්, දොඩම්, මිදි, චොක්ලට්, කෝන් ෆ්ලෙක්ස්, අයිස් ක්‍රීම් ටිකක් එහෙම අරගෙන ගිහින් එයාව බලලා එන්න ඕනේ ... " කියලා එහෙම ඔයාලට හිතුනා නම් ඔන්න ඒ අදහස මේ කියන දේවල් අහලා අතඇරලා දාන්න එහෙම එපා හොඳද. :)

මොකද එහෙමත් වටිනා අදහස් මම කියන ඒවා නිසා වෙනස් කර ගන්න එක හොඳ නෑනේ. හි..හි...

ඉතින් මේ දවස්වල පැතිරිලා යන ඉන්ෆ්ලුවෙන්සා A1 H1,  ඩෙංගු,  සාස් වගේ ලෙඩ එක්ක පේපර් ක්වීලිං කියලා ලෙඩකුත් පැතිරිලා තිබුන නිසා ඔන්න තුශානිට එක පාරටම ඒ ලෙඩේ බෝ වුනා. කට්ටිය බලනවා ඇති මොකද්ද මේ අලුත් ලෙඩේ කියලා නේද. 

හ්ම්... පේපර් කවීලිං තමයි ඒකේ නම. මේ ලෙඩේ සමහර විට ඔයාලටත් මේ වෙනකොට හැදිලා තියෙන්න පුළුවන්. නැත්තම් කලින් හැදිලා තිබිලා මේ වෙනකොට හොඳ වෙලා තියෙන්නත් පුළුවන්. 

රෝග ලක්ෂණ තමයි A4 කොළ හීනි තීරු වලට කපලා රෝල් කරලා එක එක විදිහේ නිර්මාණ කරන්න හිතෙන එක. දන්නවද... මේ ලෙඩේ හැදුනහම පාට පාට A4 කොළ මයි හැම තැනම පේන්න පටන් ගන්නේ.

ම්.... මේ ලෙඩේ තුශානි බෝ වුනේ අපේ පුංචි සිත්තරාවිගෙන්.. එයාලාටත් ඉස්කෝලේ ටීච තමයි කියලා දීලා තිබුනේ. මම ඉතින් ඒ ටීචගෙන් ඉගෙන ගත්ත පුංචි ටීචගෙන් වැඩේ ඉගෙන ගත්තා. කොහොමින් කොහොමහරි ලෙඩේ උග්‍ර තත්වයකට පත්වුනා.  

අන්තිම්දී ඉතින් පාට පාට A4 කොළ ටිකකුයි, කාඩ් බෝඩ්, කතුරු, පැන්සල්, අඩිරූල් ටිකක් හොයාගෙන වැඩේ පටන් ගත්තා.  

ඔන්න එහෙනම් බලන්නකෝ...

































හැබැයි තුශානි තාම ඉන්නේ පේපර් ක්වීලිං වල හෝඩියේ පන්තියේ. ඉගෙන ගන්න දේවල් නම් ගොඩක් තියෙනවා. බලමුකෝ.... ඉඩ ලැබෙන විදිහට. තව කරන්න පුළුවන් දේවල් මොනාද කියලත් හොයලා බලන්න ඕනේ. 

අහ්.... වැදගත්මදේ කියන්න අමතක වුනා. මේ ලෙඩේ බෝ වෙනවලු..... සමහර විට මේ වෙනකොට ඔයාලටත් මේ ලෙඩේ ටිකක් බෝ වෙලා තියෙන පුළුවන් මගෙන්.  :O

හෝව් හෝව් කලබල වෙන්න එපා. ලෙඩක් වුනාට මේකේ හොඳ පැත්තකුත් තියෙනවා. කොහොම වුනත් එහෙමෙහෙ දුවන හිත ටිකක් එක තැනක තියා ගන්න, කම්මැලිකමක්, පාළුවක් දැනුන වෙලාවට ඒක නැති කරගන්න, අලුත් අලුත් දේවල් හිතන්න, නිර්මාණයක් කරලා අවසාන කලාම ලැබෙන අමුතුම සතුට අත් විඳින්න මේ නිසා හැකියාව තියෙනවා කියලා නම් කියන්නම ඕනේ.  


කාල වේලාව තියෙනවා නම් ස්වයං රැකියාවක් විදිහට ආදායමක් උපයා ගන්න එක එක විදිහේ නිර්මාණ කරන්නත් පුළුවන්. සුබ පැතුම් පත්, එහෙමත් නැත්තම් බිත්ති සැරසිලි ( වෝල් හැන්ගිංස් ) , එක ඒක රූප වගේ දේවල් කරන්න පුළුවන්.
 

විශේෂ කෙනෙක්ට විශේෂ සුබ පැතුමක් කරන්නත්, පුංචි තෑග්ගක් දෙන්න දෙයක් නිර්මාණය කරගන්නත් පුළුවන්. මොකද කඩෙන් දෙයක් ගන්නවට වඩා තමන්ගේ අතින්ම දෙයක් හදලා දෙන්න පුළුවන්නම් ඒකේ වටිනාකම වැඩියිනේ.  ඒ නිසා ලෙඩේ බෝ වෙලා නම් ඒ ගැන බය හිතන්න එපා.


39 comments:

  1. හොඳ ලෙඩක්.. පුංචි සිත්තරාවී ගැනත් අදයි කියෙව්වේ. ඇයටත් මගේ ආචාරය!

    ReplyDelete
    Replies
    1. හ්ම්... බැරෑරුම් ලෙඩක්..හි..හි...

      බොහොම ස්තූතියි කළණ... පුංචි සිත්තරාවීටත් පණිවිඩේ දෙන්නම්කෝ.... :)

      Delete
  2. හානේ.. මටත් දරුණුවට තියෙන ලෙඩක්නෙ ඕක! හිටුකෝ මාත් දාන්ට ඕනෙ පෝස්ට් කට්ටක්. කාලයක් ඔය වගේ කාර්ඩ් හදලා පොඩි පොඩි බිසිනොසුත් කලා ඉතින්. කාර්ඩ් ටික හරිම ලස්සනයි තුශ්!

    ඔයාගෙ හුස්ම හිරවෙන තරම් ලස්සන පේපර් ක්විලින් තියෙන සයිට් එකක් දෙකක් කියන්නද?
    http://azlina-lin.blogspot.com/
    http://cardsbycheryl.blogspot.com/
    http://www.allthingspaper.net/

    මෙයා ලංකාවෙ එක්කෙනෙක්. වැඩ මාර නීට්.
    http://chamicrafts.blogspot.com/

    ෆේස්බුකියේ තියෙනවා Happy Rabbit creations කියල පේජ් එකක්, එයා බිසිනොස් එකටම ඔය වැඩේ කරන එක්කෙනෙක්.

    "චතුරිකා ජිනසේන ක්විලින්" කියන්නේ ත්‍රිමාණ නිර්මාණ කරන කෙනෙක්. එයාගේ නිර්මාණ තියෙන්නෙත් එෆ්.බී. මාරයි ඒවනම්.

    ඔය කොල ගානට කපාගන්න වැඩේ පහසුයි හෑන්ඩ් ශ්‍රෙඩර් එකක් ගත්තනම්. සරසවි එකේ තියෙනවා. :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ සෝ මච්... බස්සී.......

      දැන්නම් හුස්ම හිර වෙලා ලෙඩේ උග්‍ර වුනාද මන්දා..... :O

      ඔව්.. ඔව්... ලෙඩේ කොයි තරම් දරුණුවට තිබුනද කියෙන්නේ හෑන්ඩ් ශ්‍රෙඩර් එකකුත් අරගෙනමට්යි පස්ස බැස්ස බැලුවේ... හි..හි... කොළ ටික ගානට කපා ගන්න එකේන් හරිම ලේසියි.. මුල් දවස් වල එක එක තීරු කපන්න ගිහින් ඒකට සෑහෙන වෙලා ගියා.

      Delete
  3. මට නං ඔය සූටි සූටි වැඩ දිරවන්නෑ බොලං.. හනුම දර පලනව වගේ මොකක් හරි කරන්න තිබ්බ නං කරනව හිහි..

    හැබැයි ලස්සනයි ... තවත් දියුණු කරං ඉස්සරහට ගිහිං මාකටින් සයිඩ් එකටත් බහින්ට
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. හැබැයි සූටි සූටී වැඩත් කරන්න පුරුදු වෙන්න ඕනේ ....

      සූටි සූටී වැඩ් නිසා හරිම සීරුවට කරන්න ඕනේ වගේම වැඩේට හුඟක් වෙලාත් යනවා...

      තැන්කූ මහේෂ්... බලමුකෝ... හි..හි...

      Delete
  4. දැන් අපි ඇපල්, දොඩම්, මිදි, චොක්ලට්, කෝන් ෆ්ලෙක්ස්, අයිස් ක්‍රීම් ටිකක් එහෙම අරගෙන ඕව බලන්න එන්න ඕනෙද ?

    හොදයි හොදයි. වැඩේ කරගෙන යන්න. සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව... මේච්චර මේ ලෙඩ වෙලා ඉන්දෙද්දී ආවේ නැතත් මම අර කියපු දේවල් පොස්ට් එකේ හරි එවන්න ඕනේ..

      තැන්කූ තැන්කූ කොබෝ අයීයේ...

      Delete
    2. හරි හරි එහෙනම් එන දවසට ප්‍රයිඩ් රයිස් හදලා චිකන් ඩේවල් දාල වෙජ් චොප්සියක් තිබ්බම ඇති. . වැඩිය මොකුත් එපා..

      Delete
    3. හපොයි...

      මේ.... එන එක කරදරයිනේ ඔයාලට. කොයි තරම් වැඩ රාජකාරිද නේද .. ඒ නිසා කමක් නෑ එන්න ඕනේ නෑ. අර ටික පොස්ට් එකේ එවන්නකෝ....

      Delete
  5. නිර්මාණ ටිකනං මල් සූකිරි කෙල්ලෙ. (මල් ටිකයි සූකිරි ඈ...)
    හුහ්... කියකො අර කියපුවට වඩා ලොකු ලෙඩක් හැදිලා කියලා. එකෙක් එන්නෑ පැත්ත පළාතෙ.

    ReplyDelete
    Replies
    1. හි..හි.. තැන්කූ ....

      ;( ම්හු.. ම්හු... ඈ...... ලෙඩක් හැදිලා ඉන්න කෙනෙක්ට ඔහොමත් කියනවද ... ඈ.... ;(

      Delete
  6. අර ඉස්සර සොඳුරු මං පෙත ලිව්ව ධාරා කෙල්ලත් ඔව්ව කළා බිසිනොස් එකට, කැම්පස් ගියාට පස්සේ වැඩේ අල්ලලා දැම්ම හැබැයි..

    මටත් දැන් ඉස්සර වගේ සියුම් වැඩ අල්ලන් නෑ අප්පා,හනුම දර පලනවා වගේ ඒවා තමා මටත් හරි යන්නේ..

    එහෙනම් තව ලස්සන ලස්සන ඒවා හැදුවාම ඒවත් දාන්ට ඕනේ ඈ අපිට බලන්න..

    ReplyDelete
    Replies
    1. අහ්... ධාරාව දැක්කේ නෑ තමයි කාලේකින්...

      ඔයත් එහෙනම් මහේෂ්ගේ ජාතියේම තමයි :)

      හාකෝ.. හාකෝ...අනිවාර්යයෙම දාන්නම්...

      Delete
  7. >>"අනේ පව් තුශානි... ඇපල්, දොඩම්, මිදි, චොක්ලට්, කෝන් ෆ්ලෙක්ස්, අයිස් ක්‍රීම් ටිකක් එහෙම අරගෙන ගිහින් එයාව බලලා එන්න ඕනේ ... " කියලා එහෙම ඔයාලට හිතුනා නම් ඔන්න ඒ අදහස මේ කියන දේවල් අහලා අතඇරලා දාන්න එහෙම එපා හොඳද. :)<<


    ඔයා බය වෙන්න එපා. අපි යාවජීව පාඨකයෝ හැටියට ඔයාට ඇපල්, දොඩම්, මිදි, චොක්ලට්, කෝන් ෆ්ලෙක්ස්, අයිස් ක්‍රීම් වල පින්තූර ටිකක් එවන්නම්

    ReplyDelete
    Replies
    1. අයියෝ... යාවජීව පාඨකයෝ හැටියට පින්තූරද එවන්නේ.... :(

      Delete
  8. මං ඉස්සර වැඩ කරපු තැන්ස්ත් ඔහොම වැඩමුලුවක් තිබුනා. කට්ටිය එක එක සුකුරුත්තන් හරි ලස්සනට හදල තිබුනා. මේ ටිකත් හරිම ලස්සනයි තුශානි. දිගටම කරගෙන යන්න. ඉතාම හොඳ නිර්මාණශීලී විනෝදංශයක්..

    ReplyDelete
    Replies
    1. :) තැන්කූ මනෝෂ්... ඇත්තටම ඒක නම් හොඳ විනෝදාංශයක්..

      Delete
  9. අඃ අනන් ගාල්ලමයෙකුට කියාපු ලෙඩේ , දැන් තොග ගානට කාඩ් ඇති තුශානිලගේ ගෙදර

    ReplyDelete
    Replies
    1. හි..හි... සෑහෙන ප්‍රමාණයක් මේ වෙනකොට ගෙදර තියෙනවා.. කාඩ් සේල් එකක් දාලා තියෙන්නේ... :D

      Delete
    2. ගෑල්ළමයෙකුට කිව්වා? හුහ්... ඇයි මොකද කොල්ලෙක් කරහම වෙන්නේ? දැන් ඔය අනන්තවත් සැලුන් දාගෙන ඉන්න පුරසිද්ද උන් වැඩිමනක් පිරිමි නේ! මේ.. සිරාවටම කියන්නේ, සමහර පිරිමින්ට පුළුවන් ඔය වගේ වැඩ ගෑනු ළමයින්ට වඩා. මැහුම් වලදීත් මම හිතන්නේ පිරිමින් ලස්සනට මහනවා.

      Delete
    3. ඔව් ඔව්.. ඒ කතාවට මාත් එකඟයි... ගෑනු ළමයින්ට වඩා ඔය වගේ දේවල් හොඳට පුළුවන් පිරිමි ළමයි ඉන්නවා...

      Delete
  10. ලඟින්වත් යන්න හොඳ නෑ... හපොයි.. ඕව බෝවෙන්න හොද ලෙඩ නෙවෙයි... :D
    මටත් ඔය සුකුරුත්තන් වැඩ පුලුවන්. ඒත් ඉතින් කොයින්ද ඕවට වෙලාවක්..

    ReplyDelete
    Replies
    1. හ්ම්...ඔව් ඔව්.. ඔයාට නම් ඔය සුකුරුත්තන් වැඩ බැරි වෙන්න විදිහක් නෑ...

      ඒකනේ... සූටි සූටි වැඩ නිසා වෙලාව තමයි ප්‍රශ්ණේ...

      Delete
  11. මලා... මට බෝ උනා.... පෙර වැරදි ඇති නිසා බෝ වීම ඉක්මන් උනා... හෆොයි..

    මෙන්න මගෙත් ඔයිට සාපේක්ෂ ලෙඩක්..
    (වැඩ නම් නියමයි ඈ , වැඩේ කියන්නේ මට ලෙඩේ නම් බෝ උනා උනාට නිට් එකට කරන්න තරම් තැන්පත්කමක්/ඩිපොසිට් එකක් නැති කමයි... ඕකනේ වැඩේ නේද? ඕක තමයි හිමවලස්සු රොක් වෙන්න කියල හිතාගෙන බූල් ටින්ට් කරහම වෙන්නේ.. හෙහ්)

    ReplyDelete
    Replies
    1. හපොයි... පෙර වැරදි තියෙනවා නම් ලෙඩේ ඉක්මනටම බෝ වෙනවා..

      Waw.. නියමයි නේ... මටත් තිබුනා ඔය ලෙඩේත්.. මේවා දැක්කහම ඒකත් අයේමත් හැදීගෙන එනවද මන්දා..... හපොයි...


      Delete
  12. හනුමා වගේ දර පලන්න කැමති ගොඩට ඔන්න ඔහේ මාවත් දාගන්ටකෝ.

    ReplyDelete
    Replies
    1. අයියෝ මනෝජ් එහෙම කියලා බෑ... සූටි සූටි වැඩත් කරන්න පුරුදු වෙන්න ඕනේ... :)

      Delete
  13. උත්සාහය බොහොම අගය කරනවා...මේ වගේ නිර්මාණ වලින් ඉවසීම ප්‍රගුණ කරන්නත් පුලුවන්. හිර කෙල්ල වගේම කාලෙකට කලින් බොග් ලිව්ව නිසුපා ත් හොද වැඩකාරියො දෙන්නෙක්...වෙලාවක එයාලගෙනුත් ගුරු හරුකම් අරගෙන බලන්න...සුභ උපන්දිනයක් කියලා කොලයක සටහන් කරලා අලවන එක කැතයි කියලා මම හිතනවා නගා...ඒ වෙනුවට වෙනත් නිර්මාණාත්මක දෙයක් කරන්න බලන්න...ජය !

    ReplyDelete
    Replies
    1. :) කිව්වත් වගේ මේවා කරන්න නම් සෑහෙන ඉවසීමක් ඕනේ වෙනවා... ඔව් ඔව්.. එයාලගෙනුත් ගුරු හරුකම් ටිකක් ගන්න ඕනේ.. බස්සිගෙනුයි උපේක්ෂාගේනුයි නම් දැනටමත් ගුරුහරුකම් ටිකක් ලැබුනා..

      සුභ උපන්දිනයක් කියලා කොලයක සටහන් කරලා අලවන එක වෙනුවට වෙන මොන වගේ දෙයක් කලොත්ද හොඳ කියලා අදහසක් තියෙනවා නම් කියන්න. මාත් ඒ ගැන ටිකක් හිතලා බලන්නම්... ස්තූතියි සිරා අයියේ...

      Delete
    2. මම හිතනවා පෑනකින් හරි පැන්සලකින් හරි ඒ අකුරු ලියලා ඒ උඩින් එය නොපෙනෙන විදියට ස්වභාවික යමක් අලවන එක සුදුසුයි කියලා...උදා...වියලන ලද පත්‍ර හෝ මල් පෙති.

      Delete
    3. ඔව් ඒකත් හොඳ අදහසක්... ස්තූතියි සිරා අයියේ...

      Delete
  14. අද කාලෙ ලමයින්ට හැදෙන ලෙඩ වල හැටියට මේක නම් ගොඩක් හොඳ ලෙඩක්. කාඩ් ටික නම් ගොඩක් ලස්සනයි .

    ReplyDelete
    Replies
    1. මේ ලෙඩේ බෝ වෙනවා හරිද... හි.. හි...

      තැන්කූ ගිමන්...

      Delete
  15. ජය වේවා. අපේ ගෙදර උන්නාන්සෙට නං බෝ නොවේවා. හැක්.. දෙන්නටම ජය..

    ReplyDelete
    Replies
    1. :) පෙර වැරදි තියෙනවා නම් බෝ වීමේ සම්භාවිතාව වැඩියි....

      තැන්කූ දේශ්..

      Delete
  16. හැබැටම අගේ ඇති නිර්මාණ ටිකක්. ඔව්ව කොරන්ට නම් භාවනා කරනව වගේ
    හිතේ එක්තැන් කොරාන කොරන්ට ඕන.

    හැබැයි ඔය කොලයක් කපන වෙලාවට අතින් ඇදල බලන්ට ඕන භාවනාවට වෙන දේ. හෙහ් හෙහ්.

    ReplyDelete
    Replies
    1. හි..හි.. කිව්වේ නම් අත්දැකීමෙන්මද කොහෙද ...

      තැන්කු....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...