Saturday, April 29, 2017

ඔබට සුබ ගමන් විචාරක මාමේ...




බ්ලොග් ලෝකයේ හමුවු සොඳුරු මිනිසුන් අතරේ විචාරකතුමා මට බොහොම සුවිශේෂි පුද්ගලයෙක්.

එක් වරක් පමණක් ඔහුව මා සියැසින් දුටුවත් , වචන දහයකට පහලවකට වඩා ඔහු සමග මා කතා නොකර තිබුනත් ඔහුගේ අකුරු අතරින් හරි පුදුමාකාර බැදීමක් අපි අතර ගොඩනැගිලා තිබුනා. 

ඒ නිසා මේ ආරංචිය තුශානිට දැනුනෙ බොහොම සමීපතමයෙකුගේ නික්මයාමක් විදිහට.
 
ඒත් එක්කම සමහර අවස්ථාවලිදි විචාරකතුමා  කියපු දේවල් තුශානිගේ හිට එකින් එක එන්න පටන් ගත්තා.  බ්ලොග් පිටු අතරට ගිහින් ආපහු ඒ දේවල් බලන්න ලොකු ඕන කමත් තුශානිට තිබුනත් ටික වෙලාවකින් නොදැනීම අකුරු ටිකෙන් ටික බොඳ වෙන්න පටන් ගත්තා. 

-----------------------------------------

මේ කතා නම් මීට කලින් අහලා තිබුනේ නෑ. ශෝක් කතා ටික...

  1. විචාරක - WicharakaMay 12, 2015 at 12:34 PM
    දුවනවා යන්ඩ. මෙව්වා කියවලා නරක් වෙන්නේ නැතුව.
----------------------------------------

ලිපිය හුඟක් සංවේදීව දැනුනා. මහේෂා - ගවීශ දෙපළට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.


  1. බොහොම ස්තුතියි දුවේ. ඔබට ජය!

 ----------------------------------------



ටිකක් හොයලා බලන්න. අපිට ඉතින් මෙහෙම කියෙව්වොත් තමයි මේවා කියවන්න ලැබෙන්නේ.


  1. හොයනවා හොයනවා ළමයෝ. හම්බවුනොත් ටක් ගාල දාන්නම්.
 ------------------------------------------
ෂෝක් නේ තුශානී. ඔයා දන්නවද, 'වක්කඩ ළඟ දිය වැටෙන තාලයට' ගීතයේ, 'තිත්ත පැටව් උඩ පැන නැටුවා' කියන කොටස, 1960 දශකයේ පොතක මුද්‍රණය කර තිබුනේ, අකුරු උඩ ගිහින් යටට එන විදිහට.

  1. අහ්.. එහෙමද ...
    බොහොම ස්තූතියි විචාරකතුමා...
------------------------------------------

විචාරක WicharakaMarch 29, 2016 at 11:57 AM
වචනයක් දෙකක් කතාකරන්න නම් බැරිවුනා දරුවෝ. ඒ ගැන දුකයි. ආයෙත් මේ වගේ උත්සවයකදී හමුවෙමු.ඔබට සුබ පැතුම්!

  1. මම තරහයි විචාරක අන්කල් එක්ක..
    මම ඔයාගේ ලඟට ඇවිත් කතා කරලත් මාව මතක නෑනේද... : ( 
--------------------------------------------------------
සාධු, සාධු, සාධු! අවබෝධය ඇත්නම්, පරිත්‍යාගය කියන වචනේ තේරුම දන්නවනම්, 'ආදරය කියන්නේ පරිත්‍යාගය තමයි' කියලා හිතනවානම්, විවාහ ජීවිත කොයිතරම් සාර්ථක වෙයිද දරුවෝ.

  1. ඔව් විචාරකතුමා.. ඒ කතාව නම් හරියටම හරි..



ලියන්න බොහෝදේ තිබුනත් හිතට ශක්තියක් නෑ ඒ දේවල් අකුරු කරන්න්න. ඔබට සුබ ගමන් විචාරක මාමේ ...
 

~*~


21 comments:

  1. ඒක නම් හිතට තදින්ම වැදුනා. අනික ඔහු ඔබ ඇමතූ ලයාන්විත ආකාරය...

    ReplyDelete
    Replies
    1. ඔව් ඩුඩ්... ඒ අකුරුවල හරි ආදරණීය බවක් තිබුනා...

      Delete
  2. ඒම දුකකි,
    යාම දුකකි,
    ඒම යාම අතර දුකකි!

    ReplyDelete
    Replies
    1. ඔව්.. කොයිදේත් අවසානය දුකක්...

      Delete
  3. මං මැරිච්චි දවසටත් තුෂෘනි දාවි. දේශක අංකල් හරි හොදයි කියලා නේද??

    එනවා යනවා.. කරපු කියපු විතරක් වටිනාකමක් තිබුනත් නැතත් සමාජයට බලපානවා. සුභ ගමන් විචා කියලම කට රිදෙනවා.. මිනිහා ගියපුවාවේ. ඒත් අවුරුදු සීයක් ගියත් මිනිහව අමතක කරන්න බැරි තරං අකුරු මිලියන ගානක් අපිට දීල ගිහිල්ල තියෙන්නේ.. ඒක ගැනයි සන්තෝස.. මාතලං කිව්වා විචාරක හාමිනේ කිව්වය උන්නැහැ දවසට පැය දහ අටක් බ්ලොග් වෙනුවෙන් කැප වෙනවය කියලා. ඉතිං එහෙම සිද්ධීයක් ගෙදර දැනං ඉද්දී.. මුණුපුතෝ යාලුවෙක්ගේ මල ගෙයක් බවට මෙය පත් නොකිරීමට කටයුතු කරන්න හිතට ගන්නවනං හොදා. මට කාත් කව්රුවත් නෑ යන්න. ඒත් මං තනියම හරි හෙට යනවා පැය දහයක් වත් ඉදල එන්න. වැඩකට නෙමෙයි. මිනිහා කරපු කැපවීමට ගෞරවයක් විදියට මාත් පොඩී කැපකිරීමක් කරනවා. එච්චරයි

    ReplyDelete
    Replies
    1. හපොයි හපොයි... හොඳයි කියලා ලියන්නෙ කොහොමද :O

      ඔව්... අවුරුදු සීයක් ගියත් අමතක කරන්න බැරි තරං අකුරු මිලියන ගානක් අපිට දීල ගිහිල්ල තියෙන්නේ.. ඔහුගේ ඒ කැපකීරීම් වලට අඩු තරමෙ බලන්න ගිහින් වචනයක් දෙකක් කතා කරන්නවත් ප්‍රමාද වුන එක ගැන තුශානිගේ හිතේ ලොකු පසු තැවිල්ලක් තියෙන්නෙ.

      ඔබේ කැප කීරිම ගැන ආඩම්බරයි දේශකතුමා...

      Delete
  4. වේදනාව වැඩි වෙනවා... සුභ ගමන් මගේ ජේෂ්ඨ සගයාට!!!

    ReplyDelete
    Replies
    1. අපිටත් වඩා කළණ විචාරකතුමා ඇසුරු කරලා තියෙන නිසා වේදනාව දැනෙන ප්‍රමාණය වැඩි ඇති...

      Delete
  5. ඔබට සුබ රාත්‍රියක් විචා!!!

    ReplyDelete
    Replies
    1. අපෙත් පැතුම එයමයි...

      Delete
  6. " දැනුම , මනුසත්කම දෙකම බෙදාදුන් නිහතමාණී සෘහද මිනිසෙක් විචාරකතුමා. "
    අත්නොහැර ලිපි කියවපු අඩවියක් " විචාරකගේ අඩවිය " දැකලා , කතාබහ නොකර තිබුනත් ( E-Mail ගණුදෙනු කිහිපයක් නම් සිදුකරා. ) හිතට තඩින් දැනුණ වෙන්වීමක් ..

    ඔහුට නිවන් සුව ලැබේවා ...!

    ReplyDelete
    Replies
    1. ඔව් සඳරු.. වයස් බේදයක් තරාතිරමක් නොබලා හැම කෙනෙක් සමගම සුහදව සිටි හැම කෙනෙක්ම ආදරය කල චරිතයක්... නිවන් සුව විචාරක මාමේ !

      Delete
  7. ඔබට සුවදායී රාත්‍රියක් වේවා තුමනි.......

    ReplyDelete
    Replies
    1. අපේ පැතුමත් එයයි ...

      Delete
  8. මා ඔහු හඳුනා ගෙන සිටියේ බ්ලොග් අවකාශයෙන් පමණයි.එත් ඔහුගේ නික්ම යාම හදවතට දැනෙනවා.සුබ ගමන් ඔබට.

    ReplyDelete
    Replies
    1. ඔව් ... බ්ලොග් අවකාශය හරහා ඔහු අපි හැම කෙනෙක්ටම ගොඩක් සමීප හිතවතෙක් වුන නිසයි මේ තරම්ම ඔහුගේ සමුගැනීම අපිට දැනෙන්නෙ...

      Delete
  9. අසනීපවෙලා ඉන්න කොට දෙපාරක් මුණගැහෙන්න ලැබුනා. බ්ලොග් ඔහුට ඉතා වැදගත් බව පෙනුනා.ලිවීමේ හා අන්තර්ගතයේ කොලිටි එක ගැන හොඳ හැඟීමකින් ඔහු ලිව්ව.
    RIP

    ReplyDelete
    Replies
    1. බලන්න යන්න හිතාගෙන හිටියත් ප්‍රමාද වැඩි වුනා... Pra Jay ඒ අවස්තාව දෙපාරක්ම උදා කරගත්ත එක ගැන අද සතුටු වෙනවා ඇති නේද ...

      බ්ලොග් අවකාශයට ඔහුගේ අඩුව තදින්ම දැනේවී...

      Delete
  10. පොස්ට් එක දැක්කම හදන් හිටපු හිත ආයෙම සීසීකඩ. :( මොනවා කරන්නද තුෂානි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...