Saturday, November 5, 2016

118. හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි ඔබට නිවන් සුව ...



සප්ත ස්වරයේ රටා අතරින්
මැවුනු ඔබෙ හඬ මනහරයි
ගීතයේ හැඟුමන් එකින් එක
මතුවු ඔබෙ රුව පින් බරයි

කලා කෙත අස්වාද්දාලන්නට
කළ මෙහෙය ඔබෙ අනර්ඝයි

අඩුව පිරවිය නොහැක අද දින
අප ඔබට බෝ ණය ගැතියි


දැයෙන් සමුගෙන ගියත් ඔබ අද
මෙලෙස නිසසල වු ගතින්
අමර ගී හඬ අමරණීයයි

සමග ඔබෙ රුව හදවතේ



ගුරු පියාණනි
හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි
ඔබට නිවන් සුව ... 


Related Posts Plugin for WordPress, Blogger...