Friday, February 28, 2014

මේ අවුරුද්දෙත් මට නෑ ...



කෑ ගහල සතු‍ටු වෙන්න , විනෝදෙන් ගත කරන්න 
ලස්සන දවසක් මේ අවුරුද්දෙ මට නෑ

හැමෝම සුබ පතන , තෑගි බෝග ගොඩක් ලැබෙන 
ලස්සන දවසක් මේ අවුරුද්දෙ මට නෑ

බැලුම් බෝල එල්ල
න්න, ක්‍රේප් පටි වලින් සරසන්න
ලස්සන දවසක් මේ අවුරුද්දෙ මට නෑ

යාළුවෝ ගොඩක් වටකරගෙන කේක් ගෙඩියක් කප
න්න
ලස්සන දවසක් මේ අවුරුද්දෙ මට නෑ

ආදරේ වැඩි වෙන්න, ආදරේ පිරුණු  හාදු ගොඩක් ගන්න
ලස්සන දවසක් මේ අවුරුද්දෙ මට නෑ

පෙබරවාරි  29 වෙනිදාවක් මේ අවුරුද්දෙ නැති නිසා  
උපන්දිනය සමරන්න දවසක් මේ අවුරුද්දෙ මට නෑ.




 ප.ලි. - පෙබරවාරි 29වෙනිදාවක් නැති වුනත් පෙබරවාරි 29වෙනිදා උපන්දිනය සමරන යාළුවො හැම කෙනෙක්ටම සුබම සුබ උපන්දිනයක් !

ඔන්න මගේ උපන්දිනය කියලා හිතලා කේක් ඉල්ලන්න නම් ඔට්ටු නෑ හොඳද ...

Tuesday, February 4, 2014

සැබෑ නිදහස ...




නිම් වළලු නොපෙනෙනා ගුවන සිසාර පියඹා යන සියොතුන්
පවසාවි නිදහසේ සැහැල්ලුව

ඈත දියඹේ දඟකාරකම් කරමින් පීනා යන මත්ස්‍යයින්
පවසාවි නිදහසේ  අපූර්වත්වය

ශීත කඳු ශිකරයන් මත හුදකලාවූ තුරු පන්ති
පවසාවි නිදහසේ  චමත්කාරය 


අලුයමේ දිවාකර රශ්මියට විකසිත වු රත් පියුම්
පවසාවි නිදහසේ  සුන්දරත්වය

මද පවනෙ පහස විඳ දැල්වෙනා පහන් ටැඹ
පවසාවි නිදහසේ  ආලෝකය 


ජය කෙහෙළි ඝෝශා මැද ඉහළ නැගි ධජ පතාකයන්
පවසාවි නිදහසේ  අභිමානය

මහී කත ලෙයින් තෙත් කර දිවි පිදූ විරු පුතුන්
පවසාවි නිදහසේ  ප්‍රෞඩත්වය ...

Related Posts Plugin for WordPress, Blogger...