කෑ ගහල සතුටු වෙන්න , විනෝදෙන් ගත කරන්න
ලස්සන දවසක් මේ අවුරුද්දෙ මට නෑ
හැමෝම සුබ පතන , තෑගි බෝග ගොඩක් ලැබෙන
ලස්සන දවසක් මේ අවුරුද්දෙ මට නෑ
බැලුම් බෝල එල්ලන්න, ක්‍රේප් පටි වලින් සරසන්න
ලස්සන දවසක් මේ අවුරුද්දෙ මට නෑ
යාළුවෝ ගොඩක් වටකරගෙන කේක් ගෙඩියක් කපන්න
ලස්සන දවසක් මේ අවුරුද්දෙ මට නෑ
ආදරේ වැඩි වෙන්න, ආදරේ පිරුණු හාදු ගොඩක් ගන්න
ලස්සන දවසක් මේ අවුරුද්දෙ මට නෑ
පෙබරවාරි 29 වෙනිදාවක් මේ අවුරුද්දෙ නැති නිසා
උපන්දිනය සමරන්න දවසක් මේ අවුරුද්දෙ මට නෑ.
ප.ලි. - පෙබරවාරි 29වෙනිදාවක් නැති වුනත් පෙබරවාරි 29වෙනිදා උපන්දිනය සමරන යාළුවො හැම කෙනෙක්ටම සුබම සුබ උපන්දිනයක් !
ඔන්න මගේ උපන්දිනය කියලා හිතලා කේක් ඉල්ලන්න නම් ඔට්ටු නෑ හොඳද ...
ඔන්න මගේ උපන්දිනය කියලා හිතලා කේක් ඉල්ලන්න නම් ඔට්ටු නෑ හොඳද ...
පෙබරවාරි 29 ඉපදුන අය වාසනාවන්තයි.. මොකද යාළුවන්ට කේක් දෙන්න ඕන නෑ නේ.. අපේ නම් කන්තෝරුවේ සගයන්ට කේක් ඕන කියලා වදේ ගහන්ඩ බෑ නේ :)
ReplyDeleteකේක් දෙන්න වෙන්නෙ නැති එක නම් හොඳයි.. තෑගිත් නෑ හැබැයි...
Deleteඉතින් හොදයිනේ ගාණක් ඉතුරුයි
ReplyDeleteඔව් ඔව් ... ගාණක් නම් ඉතුරුයි දෙගොල්ලන්ටම.. මොකද තෑගි දෙන්න වෙන්නෙත් නෑ නේ..
Deleteමං හිතුවෙ ඔයාගෙ උපන්දිනේ 29 වෙනිදා කියලා. :)
ReplyDeleteමං දන්න කෙනෙක්ගෙ උපන්දිනය පෙබරවාරි 29. එයා නම් කියන්නෙ අවුරුදු හතරකින් උපන්දිනය ලබන කොට අගය වැඩියිලු...
මගේ උපන්දිනේ කියලා හිතලා කේක් ඉල්ලයි කියල බයේ තමයි කලින්ම කිව්වේ...
Deleteහැබැයි අගේ වැඩි නිසා 29 වෙනිදා වුනා නම් හොඳයි කියලත් හිතෙනවා ..
එතකොට කාගේ උපන්දිනේද?
ReplyDeleteඔන්න මගේ නම් නෙවෙයි... 29 උපන්දිනය සමරණ හැමෝටම සුබ පතන්නයි පෝස්ට් එක ලිව්වේ..
Deleteඉන්දියාවෙ අපි දන්න ටීචර් කෙනෙක් එයාගෙ වයස තිස් ගානයි කියනව,පෙනුමට නං හැටකටත් වැඩියි,බලපුවම එයාගෙ උපන්දිනේ පෙබරවාරි 29.එයාට අවුරුද්දකින් වයස යන්නෙ අවුරුදු හතරකට සැරයක්ලු.ඇත්තටම මේ කාගේ උපන් දිනේද තුශානි.
ReplyDeleteඑහෙමත් හොඳයි එතකොට වයස යන්නෙත් නෑ නේ...
Deleteවිශේෂ උපන්දින සැමරුමක් නෑ හැලපතුමා.. 29 උපන්දිනය සමරණ අය වෙනුවෙන් ලිව්වේ...
හරිම පරාර්ථකාමී සුභ පැතුමක් නේ.. ජය වේවා. මාත් ඒ අයට සුභ පතනවා සුභ උපන්දිනයක් කියා.
ReplyDeleteස්තූතියි සුබ පතන්න එක් වුනාට ..
Deleteහ්ම්ම් මටත් ආසයි පෙබරවාරි 29 නෙමේ අප්‍රේල් 31 ඉපදෙන්න.
ReplyDeleteහ්ම්.. චතුරංගටත් තියෙන ආසාවල් ..
Deleteඕක ඒ තරං හිතන්න දෙයක් නෙවීනෙ... කීයක් හරි ඉතුරුයි කියල හිත හදාගමු..... අනික කී දෙනෙක්ගෙන් එක්කනෙක්ටද ඔය වාසනාව තියෙන්නෙ
ReplyDeleteඔව් ඔව්.. ඒක ඇත්ත... හරිම දුර්ලභ වාසනාවක්...
Deleteමගේ යාළුවෙක් ඉන්නවා පෙබරවාරි 29 ය උපන්.. මිනිහා මාර්තු 1 තමා ගන්නේ පාර්ටි එක.
ReplyDeleteඅප්පෝ මහ මෝඩ මිනිහෙක්. කීයක් හරි ඉතුරු කර ගන්න තිබුණනේ...))
Deleteඔන්න නලීන් අයියේ මතක ඇතුව පාටි එකට යන්න එහෙනම්...
Deleteඒකෙත් හැටි ඕං.......
ReplyDeleteඔව්.. ඔන්න ඔහොමලු 29 වෙනිදා ඉපදිච්ච අය හිතන්නේ..
Deleteඅනේ පව්! ඒත් එක වාසියක් තියෙනවා හරිම අඩුවෙන් වයස යනනේ. අවුරැදු 4කින් අපි වයසට යනකොට ඔයා වයසට යන්නේ අවුරැද්දකින්. ඒ කෙසේ වෙතත් සුභම සුභ උපන් දිනයක් වේවා!!
ReplyDeleteම්... චන්දන අයියා පෝස්ට් එක කියවල තියෙන්නේ කලබලෙන්ද කොහෙද ...
Deleteපටලව ගනියි කියලා හිතුන නිසාමයි මගෙන් කේක් ඉල්ලන්න එපා කියලා ලිව්වේ...
ආයේ ඉතින් 2016 තමයි.. මගේ හොදම යාළුවා ආදරවන්තයා හොයා ගත්තේ පෙබරවාරි 29 තමයි.. උන්ට සුභ පතන්නවත් විදිහක් නෑ ඉතින්..
ReplyDeleteසුවිශේෂි දවසක් එහෙනම්...
Deleteහරි ෂෝක් සිතිවිල්ල තුෂි.....
ReplyDeleteකාටවත් නොපෙනෙන පැත්තක් ඔබ දැකීම ඇත්තටම මා අගය කරනව.
බොහොමත්ම ස්තූතියි අගය කලාට ...
Deleteහරිම හොඳ වැඩක් තුශානි කරලා තියෙන්නේ. ඇත්තටම මේ දිනය එහෙම් පිටින්ම අමතක වෙන දිනයක්.
ReplyDeleteඅවුරුදු 4 කට සැරයක්නේ ඒ දවස මතක් වෙන්නේ .. ඒකයි ඒ ගැන ලියන්න හිතුනේ.. ස්තූතියි...
Deleteඇත්තටම මේ දවසෙ ඉපදුන අයට වයස යන්නෙ අවුරුදු හතරෙන් හතරටද?හි හි
ReplyDeleteඔව්නේ.. වයසට යන්නේ අවුරුදු 4 කට සැරයක්ලු...
Deleteඔව්නෙ එහෙම අයත් ඉන්නවනෙ නේද :3
ReplyDeleteඉන්නවනේ ඉන්නවනේ.. හැම තත්පරයකම කොහේහරි කෙනෙක් උපදිනවා...
Deleteමට ඔහොම වුනා නම් දෙයියනේ.. මං අඩයි අවුරුද්ද පුරාම.. පෙබරවාරි 29 ඉපදලා උපන්දිනයක් නෑ කියන්නේ අවාසනාවක්//
ReplyDeleteහොඳ වෙලාවට මොණරි පෙබරවාරි 29 ඉපදුනේ නැත්තේ...
Deleteනැත්තන් අඬ අඬ ඉන්න නිසා මොණරිගේ බ්ලොග් පොස්ට් අපිට කියවන්න ලැබෙන්නෙත් නෑනේ...
:D
Delete