Friday, April 12, 2019

129. අලුත් අවුරුද්දට නෑගම් එන පොලිතින් බෑග් ...




ලස්සන වටපිටාවක් ගැන කතා කරද්දි අලුත් අවුරුද්දට නෑගම එන පොලිතින් බෑග් ගැනත් කතා නොකරම බෑනෙ. ඉතින් අවුරුද්දට ඉස්සෙල්ලා මේ කියන්න යන පුංචි පුංචි දේවල් ටික ගැන ඔයාලගේ අවදානය යොමු කරන්න පුලුවන් නම් මේ අවුරුද්ද වෙනදටත් වඩා ලස්සන අවුරුද්දක් වෙයි කියලා තුශානි විශ්වාස කරනවා.

මුල්ම දේ තමයි ගෙදරට පොලිතින් බෑග් එන ප්‍රමාණය අඩු කරගන්න එක. පොළට , කඩේට එහෙමත් නැත්තම් සුපිරි වෙළඳසැලකට යනකොට රෙදි හරි, වේවල් හරි, පන් හරි බෑග් එකක් මතක ඇතුව ගෙනියන්න පුළුවන් නම් ගෙදරට එන පොලිතින් බෑග් ප්‍රමාණයක් ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්. .

එහෙම අපහසු නම් අඩුම බෑග් ගානක් පාවිච්චි කරලා මිලදී ගන්න දේවල් දාගෙන එන්න පුළුවන්. උදාහරණයක් විදිහට කියනව නම් එක ඒක එළවලු වර්ගයට එක එක බෑග් ගන්නේ නැතුව එකම බෑග් එකක එළවලු කීපයක් දාගෙන එන්න පුළුවන් නම් ගෙදරට ගේන බෑග් ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා.

ඒ  වගේම ගෙදරට ගෙනාපු බෑග් කෙලින්ම කුණු කූඩෙට දාන්නෙ නැතුව ආපහු පාවිච්චි කරන්න පුළුවන් මට්ටමේ තියනවා නම් පාවිච්චි කරන එකෙනුත් ගෙදරට එන බෑග් ප්‍රමාණය අඩු වෙනවා. එහෙම පාවිච්චි කරන්න බැරුව ඉවත දාන ඒවා ගෙදර අනෙක් අපද්‍රව්‍ය එක්ක එකට දාන්නෙ නැතුව වෙනමම වෙන් කරලා ඉවත් කරන්න කටයුතු කරනවා නම් දිරන දේවල් එක්ක පොළවට පොලිතින් එකතුවෙලා වෙන හානිය වලක්වගන්න පුළුවන්.

ඒත් එක්කම අවුරුදු කාලේ ගෙවෙල් වලට ගෙනියන කැවිළි පෙවිලි, තෑගි බෝග පොලිතින් උර වල දාගෙන යනවා වෙනුවට ලස්සන කඩදාසි බෑග්, රෙදි බෑග් වල වගේ දාගෙන යන්න පුලුවන්නම් පුංචි වෙනසක් එක්කම අමුතු ලස්සනකුත් තියෙයි.

ම් ... කඩදාසි පිඟානක් උඩ කැවිලි තියලා කඩදාසි පෙට්ටියක දාලා කැවිලි පෙට්ටියක් අරන් ගියොත් ලස්සනයි වගේම  කට්ටිය අකමැති වෙන එකක් නෑ නේද.

නිර්මාණශීලීව හිතලා බැලුවොත් තව ගොඩක් දේවල් තියෙයි පොලිතින් බෑග් වෙනුවට පාවිච්චි කරන්න. ඉතින් ලබන්නාවු අවුරුද්ද පරිසරයට හිතකාමී විදිහට ගතකරන්න හිත් පහල වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් තුශානි අදට නවතිනවා.  අලුත් අමුත්තිගෙ පළවෙනි අවුරුද්ද නිසා තුශානිටත් වැඩ ගොඩක් තියෙනවා කරන්න.


හැමෝටම සාමය, සතුට, සෞභාග්‍ය පිරිණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ! 





6 comments:

  1. තුශානිගේ පවුලේ සැමට හා අලුත් අමුත්තියට සාමය සතුට සෞභාග්‍ය පිරිණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. කොළොම්පුරේ පවුලේ හැම දෙනාටමත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...

      Delete
  2. අලුත් අමුත්තියටත් තුෂානි පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. විනීත පූ පවුලේ හැම දෙනාටමත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...

      Delete
  3. තුෂා ගොඩක් කල් අතැරිලා තිබුනා....හෙමීට මග ඇරිච්චා කියවන් යනවා පහලට...

    ReplyDelete
    Replies
    1. ඒකනේ... සතුටුයි මේ පැත්තට ඇවිත් ගියාට

      Delete

Related Posts Plugin for WordPress, Blogger...