Friday, March 8, 2019

128. ජීවන ගමනේ චරිත මවන්නිය ඇයයි ...


දියණිය විලස පැමිනෙයි ඇය               කැදැල්ලට
වෙයි සොයුරියක් සොහොයුර සොහොයුරියන්  හට
යෙහෙලිය ලෙසින් මිතු දම් රකිමින්             සැමට
වෙයි තරුණියක් ළදැරිය දින ගෙවෙන            විට


පෙම්වතියක් වෙමින් ඇය බිරිඳක්              ලෙසට
පතිකුලයට පිය නගයි නව දිවියක්             වෙතට
මව් පදවියක් දරමින් ඇය                       දරුවනට
මිත්තනියක් වෙයි මුණුපුරු              මිණිපිරියන්ට



ජීවන ගමනේ විවිධ වු භූමිකාවන් නිරූපනය කරමින්
පවුලට , රටට , ලෝකයට
වැඩදායි වූ මෙහෙයක් ඉටු කරන
සියළු කතුන්ට
උපහාරයක් වේවා !


 

8 comments:

  1. එක දවසක් විතරක් දී කාන්තවට
    ඉතුරු දින 364 දුන්නේ පිරිමින්ට
    තව කොහෙද සම තැන් දෙන්නේ ගැහැණුන්ට
    ඒ එක දිනත් රජයේ නිවාඩු කල යුතුව ඇත

    ReplyDelete
    Replies
    1. හපොයි හපොයි... ඔය කතා කියලා බලන්නකො ගෙදර එක්කෙනාට. බත් කන්න වෙන්නෙත් කඩෙන් ඈ... ;)

      Delete
  2. ලස්සන කවි සිතුවිල්ලක්.

    -සිතක සංකල්පනා-

    ReplyDelete
  3. එසේම වේවා නගෝ...

    බාලිකා ලොව මැලවුනදා මුලු ලොවටම රෑ වෙනවා...නීලා එහෙමයි කිව්වෙ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...