පහුගිය මාර්තු 26 වෙනි ශනිදාව තුශානිගේ
ජීවිතේ මතකයේ රැඳුණු ලස්සන දවසක්. බ්ලොග් ලිපි කියවන්න තිබුණු ආසාවට බ්ලොග් එක පටන් ගත්තත් මේ වගේ සුන්දර
අත්දැකීමක් අත්විඳින්න විඳින්න්න ලැබෙයි කියලා නම් තුශානි කවදාවත් හිතලා තිබුනේ නෑ...
මීට අවුරුදු දෙකහමාරකට කලින් අහම්බෙන් තුශානිට බොහොම අපූරු බ්ලොග් එකක් කියවන්න අවස්ථාව ලැබුනා. ඉතින් ඊට පස්සේ තුශානි
රැයක් දවාලක් නැතුව බ්ලොග් වලට ඇබ්බැහි වෙලා වගේ එක දිගට බ්ලොග් කියෙව්ව හැටි හරිම අපූරු
මතකයක්.
පස්සේ තුශානිට ඕනේ වුනා ඒවාට කමෙන්ට් කරන්න. කොහොමහරි කමෙන්ට් කරන්න
ප්‍රොෆයිල් එකක් හදාගැනීමේ අන්තිම ප්‍රතිපලේ වුනේ ඉතින් බ්ලොග් ලියන්න
පටන් ගත්තු එක.
බ්ලොග් ලෝකේ ආසාවෙන් කියවපු, කිසි දවසක සියැසින් දැකලා නොතිබුනු, බ්ලොග්
වල හිමිකරුවන්, හිමිකාරිනියන් දැන හඳුනගන්න, එයාලත් එක්ක කතා බහ කරන්න
තුශානිගෙ හිතේ ලොකු හීනයක් තිබුනා.
බ්ලොග් සම්බන්ද කිසිම දේකට එන්න කලින් අවස්ථාවක් නොලැබුන නිසා තුශානි හැබැහින් දැකලා අඳුරගෙන හිටියේ බ්ලොග් කරුවන් කීප දෙනෙක් විතරයි. ඒ නිසා
ටිකක් චකිතයකින් තමයි එතනට ආවේ. ඒත් ආවට පස්සේ නම් හරිම හුරු පුරුදු,
කාලේක ඉඳන් දන්න කට්ටිය ඉන්න තැනකට ආවා වගේ තමයි දැනුනේ. ඒ තරමටම හැම කෙනෙක්ම හරිම සුහදශීලි , හූරු පුරුදු අය වුනා.
බොහොම ආදරණීය පිලිගැනීමක් එතන තිබුණා. ඒ වගේම කළණයි, ඉවානුයි එතන හිටිය අනිත් අය හඳුනවලා දීපු නිසා ඉක්මනින්ම කට්ට්ය අඳුර ගන්නත් ලොකු පහසුවක් වුනා.
ශාලාව ඇතුලට යනකොට මුලින්ම තුශානිගේ ඇහැ ගියේ නෙළුම් යායක් වගේ සරසලා තිබුණු වේදිකාවට. කඩිසර කූඹි ටිකක් වගේ එහෙට මෙහෙට දුව දුව වැඩේ සාර්ථක කරගන්න කට්ටිය ලොකු කැපවීමක් කරලා තිබුන බවත් ප්‍රේක්ෂකාගාරේ හිටිය අපිට පේන්න තිබුනා.
ගීත , අදහස් විමසුම් , නාට්‍ය එක්ක නොදැනීම සොඳුරු හෝරා කීපයක් ගෙවිලා ගියා වගේම සහෝදර බ්ලොග් කරුවන්, බ්ලොග් කාරියන් සම්මාන ලබනකොට ඒ ජයග්‍රාහී හිනා මුණු එලිය කරන්න දෑත් එකට එක් කරනන් අවස්ථාව ලැබුනු එකත් ලොකු සතුටක්.
" දමනය " පෝස්ට් එක වෙනුවෙන් බස්සී , ඉවාන්, අශාන් සමග තුශානිටත් ලැබුනු අගයකිරීම ගැනත් දැනෙන්නෙ කියාගන්න බැරි නිහතමානී
සතුටක්. බ්ලොග් ලෝවේ සොඳුරු සිතැත්තන් සිතැත්තියන්ගේ අත්පොසසන් හඬින් වේදීකාවට ගොඩ වීමම තුශානිට වචනයෙන් විස්තර කරන්න බැරි සතුටක්. විසාල නෙළුම් යායක පුංචි නෙළුම් පොහොට්ටුවක් වෙන්න ලැබීම හරියට හීනයක් වගේ.
තුශානි පසු පස හිඳිමින් තුශානිව ධෛර්යමත් කල හැම කෙනෙක්මත් , පුංචි කැකුළු මල් ගොමුවට ගොඩ වැදිලා අදහස් දීලා, අගය කරලා , අඩුපාඩු පෙන්නපු හැම කෙනෙක්මත් තුශානිගේ ඒ ජයග්‍රාහනයේ කොටස් කරුවෝ කියලයි තුශානි විශ්වාස කරන්නේ. බොහොම ස්තූතියි හැමෝටම.
තුශානි පසු පස හිඳිමින් තුශානිව ධෛර්යමත් කල හැම කෙනෙක්මත් , පුංචි කැකුළු මල් ගොමුවට ගොඩ වැදිලා අදහස් දීලා, අගය කරලා , අඩුපාඩු පෙන්නපු හැම කෙනෙක්මත් තුශානිගේ ඒ ජයග්‍රාහනයේ කොටස් කරුවෝ කියලයි තුශානි විශ්වාස කරන්නේ. බොහොම ස්තූතියි හැමෝටම.
ඉතින් හැම දෙනා එක්කම නොවුනත් පුළුවන් වුන විදිහට
ගොඩ දෙනෙක් එක්ක කතා කරන්න ලැබීමත් , ඒ අයට සුබ පතන්න ලැබීමත්
එදා තුශානි අත්විඳපු ලොකු භාග්‍යක් විදිහටයි තුශානි සලකන්නේ.
හුඟක් කැපවෙලා නෙළුම් යාය බ්ලොග් සම්මාන උලෙල සංවිධානය කරපු
හැමෝටමත්, සම්මාන ලබපු , හමුවෙලා කතා කරපු , කතා
කරන්න බැරි වුනු හැමෝටමත් ආයෙත් සුබ පතන්න මේක අවස්ථාවක් කරගන්නවා.
වර්තමානයේ බ්ලොග් ලියන අපේ කට්ට්යට වගේම , කලින් බ්ලොග් ලියලා
පොඩ්ඩක් මහන්සි ඇරපු කට්ටියටත් මේ සම්මාන උලෙල හොඳ උද්දීපනයක් ඇති කරලා
තියෙනවා කියලාත් මට හිතෙනවා ආපහු ලියන්න පටන් ගන්න. ඒ නිසා ඉක්මනින්ම පරණ අයගේ අලුත් පොස්ට් කීපයකුත් දකින්න ලැබෙයි කියල අපි බලාපොරොත්තුවෙන් ඉමු නේද ..:)
සාර්ථක නිමාවක් වගේම තවත් ඉදිරියට මේ වගේ කටයුත් සංවිධානය කරන්න අවශ්‍ය ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලත් තුශානි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා.
එහෙමනම් ආයේමත් මෙවන් සොඳුරු තැනකදී හමුවෙමු..
එහෙමනම් ආයේමත් මෙවන් සොඳුරු තැනකදී හමුවෙමු..
සුබ පැතුම් මචෝ
ReplyDeleteතැන්කූ තැන්කූ මෙන්ඩා...
Deleteතුශානිට සහ බ්ලොගයට සුභ පැතුම්....
ReplyDeleteඔබව හමුවී කතා කිරීමට ලැබීම ගැන සතුටුයි... තව ටිකක් වෙලා හිටියානං තව ටිකක් සෙට් වෙලාම විස්තර කතා කරගන්න තිබුණා.... ඊළග වතාවේ එහෙම කරමු... ජයවේවා...
කුරුටු ගෑ ගී පවුරේ කට්ටියම අඳුන ගන්න පුළුවන් වුන එකටත් කට්ටියටම සුබ පතන්න පුළුවන් වුන එකටත් මටත් හරිම සතුටුයි.
Deleteඉවර වෙන්කන් ඉන්න බැරි වුන එක ගැන නම් දුකයි ආයේ හමුවෙමුකෝ.. ජයවේවා...
එළකිරි
ReplyDeleteතැන්කූ තැන්කූ දේශ්.. මම හිතුවා ඔයත් එයි කියලා.
Deleteසුපැතුම් සෝයුරී...
ReplyDeleteබොහොම ස්තූතියි...
Deleteහමුවන්නට ලැබීම සතුටක් තුෂා...
ReplyDeleteඔව්... හරියට කාලේක ඉඳන් දන්න කෙනෙක් හම්බවුනා වගේ දැනුනේ. හරිම සතුටුයි...
Deleteසැක් ඉතරක්... කතා කරන්න බැරි උනානෙ. අවුරුදු උත්සවේදි වත් සෙට්වෙමු තුශානි. සුභපැතුම්.
ReplyDelete(ඉවානෙයද කොහෙද කිව්ව ඔය හතර දෙනා ආතර් සී ක්ලාක් ගෙ දරුවො කියල. හැබෑට මං අහන්නෙ, ප්‍රසිද්ධ ස්ථාන වල කියන්ඩ වටින කතා ද ඔව්ව ඈ...?)
ඒකනේ ... ඔන්න මම නම් ඔයා සම්මාන ගන්නකොට අප්පුඩි ගැහුවා හරිද කතා නොකලට.. හම්බවෙමුකෝ අයෙම දවසක...
Delete( ඒකනේ... එහෙමත් කියනවද මම අහන්නේ... බැරි වෙලාවත් ටීවී එකේ එහෙම දැම්ම නම් කට්ටිය පෝලිමේ එයි අපිව හොයාගෙන.. :P )
//ඉවානෙයද කොහෙද කිව්ව ඔය හතර දෙනා ආතර් සී ක්ලාක් ගෙ දරුවො කියල. හැබෑට මං අහන්නෙ, ප්‍රසිද්ධ ස්ථාන වල කියන්ඩ වටින කතා ද ඔව්ව ඈ...?//
Deleteහම්මේ ඉතින් නේ.. :D
තුශානි කියපුවාම තාම මැවෙන්නෙ ලස්සන දිලිසෙන ඇස් තියෙන කෙලිත්තියක් කියහල්ලකො
ReplyDeleteමං නං හිතුවෙම මුංදැගෙ බරට ඉස්ටේජ් එක කඩං වැටෙයි කියල
හැක් හැක්...
යන්න කලිං අන්තිම තත්පරේ හරි වේව් එකක් දාන්න පුලුවං වුණ එක ගැන සතුටුයි හමුවෙමු ආයෙම දවසක...
ජයවේවා
ආනේ... ඔයා එහෙමද මාව හොයා ගත්තේ... මම ඒත් බැලුවා කොහොමද මාව හරියටම අඳුරගත්තේ කියලා තැන්කූ ඈ.. :P
Deleteඅශානුත් හිටිය නිසා ඉස්ටේජ් එක බැලන්ස් වුනා මගේ හිතේ.. හි.. හි...
ඔයත් එක්කනම් කතා කරලා යන්නමයි හිතාගෙන ආවේ.. ආයේ දවසක හම්බවෙමුකෝ...
//අශානුත් හිටිය නිසා ඉස්ටේජ් එක බැලන්ස් වුනා මගේ හිතේ..//
Deleteඕකනෙ බැරි... :D
මම හිතන් හිටියෙ තුෂානි කියන්නෙ පොඩි ගැල්ලමෙක් කියල හැබැයි එදා දැක්කෙ ලොකු සුදු ලස්සන අක්කෙක් (අක්කෙක් වෙන්න ඕන මම හිතන්නෙ ;) ...) හිනා උනාට කතා කරන්න හම්බුනේ නැහැනෙ.ආයේත් දවසක හමුඋනාම කතා කරන්නම් :) ලැබුන සම්මාන වලට මගෙන් සුබපැතුම් :)
ReplyDelete// ලොකු සුදු ලස්සන අක්කෙක්.. // හපොයි... ම්.. ලොකු අක්කෙක් නම් තමයිලු හැබැයි ඉතින් ඉතුරු වචන දෙක :P හි..හි...
Deleteඒකනේ .. අයෙමත් දවසක හම්බුනොත් අනිවාර්යයෙන්ම කතා කරමු හොදේ..
බොහොම ස්තූතියි නංගියෝ...
සුබපැතුම්...
ReplyDeleteබොහොම ස්තූතියි උපේක්ෂා.. දකින්න ආසාවෙන් හිටියේ ඔයාව..
Deleteසුබ පැතුම් තුෂානි...
ReplyDeleteකතා කරන්න බැරි වීම ගැන කණගාටුයි...
බොහොම ස්තූතියි ඒකනේ.. අයේ දවසක හම්බවෙමුකෝ..
Deleteසුබ පැතුම්. ලබන නෙලුම් යායේ හොඳම බ්ලොගර් වෙන්න.
ReplyDeleteබොහොම ස්තූතියි කසුන්.. :O හප්පේ මෙයත් කරන ප්‍රාර්ථනා...
Deleteවචනයක් දෙකක් කතාකරන්න නම් බැරිවුනා දරුවෝ. ඒ ගැන දුකයි. ආයෙත් මේ වගේ උත්සවයකදී හමුවෙමු.ඔබට සුබ පැතුම්!
ReplyDeleteමම තරහයි විචාරක අන්කල් එක්ක..
Deleteමම ඔයාගේ ලඟට ඇවිත් කතා කරලත් මාව මතක නෑනේද... : (
මාත් හිටියා නේද එතැන?
Deleteඔව්..ඔව්.. ඒ ලඟ පාත හිටියා..
Deleteතුශානිගේ සම්මානයටත් හද පිරි සුබ පැතුම්....!
ReplyDeleteබොහොම ස්තූතියි මනෝජ්... මනෝජ්ලා ගොඩක් නිසා ටැපලිලා හිටියේ හි.. හි..
Deleteආයෙ දවසක අනිවාර්යයෙන්ම හම්බවෙලා කතා කරමු හොදේ..
ආ මේ ඉන්නෙ. සම්මානෙ ගත්ත විනාඩියක වගේ වෙලාව ඇතුලත දැකල හිනා වුණා විතරයි, ඊටපස්සේ කොහෙන් ගියාද කියල හොයන්න නෑ. :D ඇයි අක්කෙ අඩුම තරමේ ලැබුණ තෑගී ටිකවත් අරගෙන යන්න එපැයි. පැරාගේ පොත් ටිකයි, ඉයන්ගේ CD's ටිකයි මම අන්තිමට බස්සි අක්කට දීල ආවා. කොහොම වුණත් උණුසුම් සුභ පැතුම් සම්මානයට. ආපහු වෙලාවක හමු වෙමු.
ReplyDeleteඇත්තටම මමත් හිතන් හිටියේ තුශානි කියන්නෙ වැඩිම වුනොත් මට වඩා වැඩිම වුණොත් අවුරුද්දක් දෙකක් වැඩිමල් අක්ක කෙනෙක්, නැත්තන් මට වඩා බාල කෙනෙක් කියල. බලද්දී සෑහෙන වැඩිමල්.
අපරාදේ පොත් ටික නේද... කියලාවත් එන්න ඔයාව හොයා ගන්න බැරි වුනා. මන් ලඟ තිබුනු ඔයාගෙයි බස්සිගෙයි තෑගි ටික ඉවාන්ට දීලා ආවේ...
Deleteඋණුසුම් සුභ පැතුම් ඔයාටත්. ආපහු වෙලාවක හම්බවෙමුකෝ...
// බලද්දී සෑහෙන වැඩිමල්. // හපොයි... ඔය කියන තරම් වයසක් නෑ අනේ මට.. බර්ත් සර්ටිෆිකට් එකක් එවන්නම්කෝ වෙලාවක හි.. හි..
ඉවාන් තමයි අනිත් එක්කෙනා. උත්සවේ ඉවර වුනාට පස්සේ ඉවාන් අයියව ඇහැටවත් දැක්කෙ නෑ. මං ටික වෙලාවක් බලන් ඉඳල පොත් ටික බස්සි අක්කට දීල ආවා. හම්බ වුණ වෙලාවක බස්සිගෙන් ඉල්ලගන්නකො. තෑගි ටික නම් පස්සේ වෙලාවක ගන්න බැරියැ.
Deleteබොහොම ස්තූතියි, අනිවාර්යයෙන්ම.
හහා මට වඩා අවරුදු 3-4ක්වත් වැඩිමල් කොහොමහරි. :D
අක්කෙ මෙන්න මේකට ඊමේල් එකක් දාන්න පොඩ්ඩක්,
Deleteashanravindu@yahoo.com
අහ් හරි.. ඔන්න ඊමේල් එකක් එවලා ඇති බලන්නකෝ...
Deleteසුබ පැතුම් තුශානි!!
ReplyDeleteබොහොම ස්තූතියි හැලපතුමා.. තුශානිව දකින්න ඇති නේද ?
Deleteඑදා දොර ලඟදි මටයි සිත්තරාටයි මුලින්ම හම්බවුනේ ඔයාවනේ. සතුටුයි අඳුරගන්න ලැබුණ එකට. ඒ වගේම සම්මානයටත් සුබ පැතුම්! :)
ReplyDeleteඔව් ඔව්... මටත් සතුටුයි අඳුර ගන්න ලැබුනට...
Deleteසම්මානෙට ඔයාටත් සුබ පැතුම් ! පස්සේ හම්බුනේ නෑනේ සුබ පතන්න :)
සුබ පැතුම් තුශානි...
ReplyDeleteයන්න ලෑස්ති වෙලා කේක් කෑලි හතරක් කෑවයි කියල කට්ටිය ඔයාව හොය හොය හිටියා තව සම්මානයක් දෙන්න...
බොහොම ස්තූතියි කඳුළු..
Deleteහප්පේ කට්ටිය ඒකත් දැකලාද.. මම හිතුවෙ කවුරුත් දැක්කේ නෑ කියලා හි.. හි..
ඔන්න...වෙන නම් මුකුත් දැක්කෙ නෑ හොඳේ....මේ ඇත්තමයි .....
Deleteහි.. හි.. හාකෝ හාකෝ..
Deleteසුභ පැතුම් තුෂානි.
ReplyDeleteපස්සේනේ දන්නේ මට ඉස්සරහා පුටුවේ ඉදලා තියෙන්නේ තුෂානිනේ.
බොහොම ස්තූතියි මනෝ..
Deleteඅපරාදේ.. දන්නවා නම් කතා කරන්න තිබුනා... අපහු වෙලාවක හම්බවෙමුකෝ..
හදවතින්ම සුබ පතනවා..
ReplyDeleteබොහොම ස්තූතියි ලලිත්..
Deleteලද සම්මානය වෙනුවෙන් හෘදයාංගම සුභපැතුම් ...!
ReplyDeleteතව තවත් ලස්සන නිර්මාණ බිහිකරන්න , ජයග්‍රහණ ලබන්න හැකිවේවා ..!
බොහොම ස්තූතියි සඳරු...
Deleteලියන ඒවා කියවන්න දිගටම මේ පැත්තට එන්න...
මේ පළමු දවස නෙමෙයි, ඒත්, මං හිතන්නේ කමෙන්ට් කරන්නෙ නම් නැතුව ඇති නේ ... ආයි ආවාම කමෙන්ට් එකක් දාලා යන්නම්කෝ ...
Deleteහා.. කියෙව්වා කියලා හරි දාලා යන්න.. එහෙම දැක්කහම දැනෙන සතුට විස්තර කරගන්න බෑ... :)
Deleteබ්ලොග් ස්ෆියරයේ ලබාගත් මේ සාර්තකත්වයට සහ ඇගයීමට මාගේ උණුසුම් සුභ පැතුම් !
ReplyDeleteබොහොම ස්තූතියි දුමී...
Deleteලියපු දේවල් කියවන්න මේ පැත්තට ආපු ඔයාලා තමයි තුශානිට ලොකු ශක්තියක් වුනේ...
Jayawewa
ReplyDeleteඅහ්.. විදානේව දැක්කට කතා කරලා සුබ පතන්න බැරි වුනානේ..
Deleteආපහු හම්බුනොත් අනිවාර්යයෙන්ම කාතා කරමු..
Jayawewa
ReplyDelete:O සුබ පැතුම් දෙකක් නේද.. ජය වේවා !
Deleteමම නම් එතන නොහිටියත්, උදේ ඉඳන්ම කුටුහලයෙන් හිටියේ වෙන දේ දැනගන්න. ඒ වගේ සුහද හමුවකට යන්න ලැබෙන එකත් ලොකු වාසනාවක් තමා. සුභ පැතුම් තුශානිටත්, පුංචි කැකුළු මල් බ්ලොගයටත්.
ReplyDeleteහි..හි.. දන්නවද... ඩුඩ් කියලා වෙන එක්කෙනෙක්ට රැවටිලා හිටියේ.. තව පොඩ්ඩෙන් ගිහින් අහනවා ඩුඩ්ද කියලා...
Deleteඒ වගේ සුහද හමුවකට යන්න ලැබෙන එකත් ලොකු වාසනාවක් තමා. මතක් වෙනකොටත් ආසයි.
සුබ පැතුම් වලට ගොඩක් ස්තූතියි..
මට එදා වැඩිපුරම උනේ මේ අහවලා මේ අහවලා කියල එක එකාට අඳුන්නල දෙන්න.. හික්.
ReplyDeleteතුෂානි ට කසුන් (අහසෙන් එන්න) ඇවිත් හිටියා හමු උනේ නැද්ද?
ඒ නම් බොරු... වැඩිපුරම වෙලා ගියේ අර සම්මාන ටික හදන්න.. ඕනේ නම් කාගෙන් හරි තව අහලා බලන්න... ;) අපි හොඳට බලාගෙන හිටියේ පැයකට වැඩිය ගියා.. හි.. හි...
Deleteකසුන්ගෙන් තමයි එන්න පාර අහගත්තෙත්.. ආවට පස්සේ හොයා ගන්න බැරි වුනානේ වචනයක් හරි කතා කරලා යන්න..
/* කසුන්ගෙන් තමයි එන්න පාර අහගත්තෙත් */
Deleteජීවිත අපි හිතනවාට වැඩිය කොච්චර වෙනස් ද කියලා හිතෙනවා නේද ඒ වාක්‍යය දැක්කාම?
ඒ වෙනකොට කසුන්ගේ විතරයි ටෙලිෆෝන් නම්බර් එකක් මම ලඟ තිබුනේ. ඉතින් කලින් එතනට ගිහිනුත් නොතිබුන නිසා කසුන්ට කෝල් කලාම එයා යන විදිහ කිව්වා හිතුවට වඩා බොහොම පැහැදිලිව.
Deleteකිසිම ප්‍රශ්ණයක් නැතුව එතනට ගියාම මටත් ඔය විදිහටම හිතුනා.
සුබ පැතුම් තුශානි! තව තවත් හොඳට ලියන්න.
ReplyDeleteඑන්න බැරි වුණා නේ ඔයාලාව දැක බලා ගන්න.. බලමු වෙන ඉවෙන්ට් එකකදි වත්..
බොහොම ස්තූතියි සිතු...
Deleteඒකනේ.. අයේ දවසක අනිවාර්යයෙන්ම හමුවෙමු..
දැන් ඔයාට ලැබුනේ ඒ තෑගිවලින් හතරෙන් එකක්ද? ඒ කියන්නේ සම්මානයෙන් කාලක්, පැරාගේ පොතෙන් පිටු පනහක් විතර?
ReplyDeleteකවුද අර විද්‍යා කතාව ලියපු සමරසිංහ කියන බ්ලොග්කාරයා?
පුංචි දෙයක් අපි හතර දෙනාට වෙන වෙනම දුන්න නම් හොඳයි හැමෝටම ඒක සිහිවටනයක් විදිහට තියා ගන්න.. කොහොමවුනත් ලැබුනු දේ අපි සමාදානයෙන් බෙදා ගත්තා.. පොත කාගෙන් හරි ඉල්ලගෙන කියවන්න ඕනේ..
Deleteඅර... මයික් එකක් ලඟට වෙලා හිටිය කෙනාලුනේ ඔය සමරසිංහ කියන්නේ හි..හි..