Wednesday, March 23, 2016

100. කෝපි කෝප්පයක් බීලම සමරමු...

දන්නවද ... අද තුශානි ලියන්නේ කැකුළු ගොමුවේ 100 වෙනි පොස්ට් එක. බ්ලොග් කියවන්න තිබුනු ආසාවටයි, ඒවාට කමෙන්ට් කරන්න තිබුනු ආසාවටයි බ්ලොග් එකක් හදා ගන්න ඕනෙ කියලා හිතුවට පොස්ට් 100 ක් ලියාගන්න පුළුවන් වෙයි කියලා නම් තුශානි කවදාවත් හිතලා තිබුනේ නෑ .

කොහොම වුනත් අද හුඟක් සතුටු දවසක් නිසා තුශානි හිතුවා, ඔයාලාටත් කෝපි කෝප්පෙක රස විඳින්න අවස්ථාව දීලාම ඒ සතුට සමරන්න.



හරි... ඔන්න එහෙනම් කෝපි කෝප්පේ රස විඳින ගමන් මේ ටිකත් අහන්න්කෝ....

ජීවිතේ අපිට එක එක අවස්ථා වලදී නොයෙක් විදිහේ ප්‍රශ් වටට මුහුණ දෙන්න සිද්ද වෙනවා. ඉතින් එහෙම ප්‍රශ් වලට මුහුණ දෙද්දී, අපි ඒවට ප්‍රතික්‍රියා කරන විදි ගැන ඔයාලා ටිකක් හිතලා බලලා තියෙනවද ?  

සමහර විට නැතුව ඇති. කමක් නෑ... අපි දැන් කෝපි එකක් බිබී ඉන්න නිසා, දන්න අයට ආපහු මතක් කර ගන්නයි , නොදන්න අයට දැන ගන්නයිත් එක්ක කෝපි උදාහරණෙකින්ම මම ඒ ගැන කියන්නම්. 

හොඳයි, මේක පුංචි පරික්ෂණයක්. හිතන්න අපි ගන්නවා කියලා කැරට් අලේකුයි, බිත්තරේකුයි, කෝපි ඇට ටිකකුයි. 

අපි මේ ජාති තුන වෙන වෙනම වතුර භාජන 3 කට දාලා ලිපේ තියලා විනාඩි පහලවක් විස්සක් විතර රත් වෙන්න ඇරලා ලිපෙන් බාගන්නවා කියලත් හිතන්නකෝ. මොනවගේ දෙයක් දකින්න පුළුවන් වෙයිද ?  

හරියටම හරි, කැරට් අලේ වතුරට දාලා තම්බන්න කලින් බොහොම තදට තිබුනත් දැන් අතින් පොඩි කරන්න පුළුවන් තරමට ඒක මෙලෙක් වෙලා තියෙනවා දකින්න පුළුවන්.

බිත්තරේ ගැන හිතලා බලනවා නම්, බිත්තරේ වතුරේ දාලා තම්බන්න කලින් බැරිවෙලාවත් කැඩුනොතින් බිත්තර සාරු අත පුරා ගෑවෙන්න පුළුවන් වුනත් දැන් බිත්තරේ තැම්බිලා හොඳට ඝන වෙලා තියෙනවා දකින්න පුළුවන් ආපහු නොවෙනස් වෙන විදිහට.

එතකොට කෝපි ඇට ටික ? ඔව් කෝපි ඇට ටිකේ නම් කිසිම වෙනසක් දකින්න ලැබෙන්නේ නෑ. ඒත් කෝපි ඇට වල පාට, රසය අර උණූ වතුරට මිශ්‍ර වෙලා තම්බපු වතුර ටිකත්  සුවඳ හමන්න පටන් අරගෙන තියෙනවා.

අපි ප්‍රශ්න වලට මුහුණ දීලා ඒවට ප්‍රතික්‍රියා කරන  විදිහත් හරියට ඔන්න ඔය වගේම තමයි. 

සමහරු කැරට් අල වගේ. ඒ කියන්නේ හිත් හරිම තදයි. ඒත් ප්‍රශ්නයක් ආවහම උණු වතුරේ තැම්බුනු කැරට් අලයක් වගේ ඒ ප්‍රශ්න දරා ගන්න බැරුව හිත් මොලොක් කර ගන්නවා. තේරෙන බාසාවෙන් කියනවා  නම් මොකක් හරි ප්‍රශ්නයක් ආවහම  කඳුළු පෙරාගෙන, හොටු පෙරාගෙන අඬ අඬ ඉන්නවා වගේ  මුකුත්ම විසඳුමක් හොයන්න යන්නේ නැතුව.

තවත් සමහරුන්ගෙ හිත් ගොඩාක් මොළොක්. ඒ වුනාට  ප්‍රශ්නෙකට මූණ දෙන්න වුන දවසට එයාලගෙ හිත් පුදුම විදිහට දැඩි වෙනවා. ඒ හිතක් ආපහු මොනම දේකින්වත් උණු වෙන්නෙ නෑ. හරියට අර තම්බපු බිත්තරේ වගේ. 

ඒත් කෝපි ඇට තැම්බුනා කියලා කෝපි ඇට වල සැකැස්ම කොයිම විදිහකින් වත් වෙනසක් සිද්ද  වෙන්නෙ නෑ. ඒ වගේ සමහර මිනිස්සුත් ප්‍රශ්න ආව කියල තමන්ව වෙනස් කරගන්නෙ නෑ. ඒ ප්‍රශ්න වලට බොහොම හොඳින් මුහුණදෙනවා. සංවේදී වෙලාවත් දැඩි වෙලාවත් තීරණ ගන්න යන්නේත් නෑ. කෝපි ඇට තැම්බුවට පස්සේ ඒ තම්බපු  වතුර ටික සුවඳ හමන්න, වතුරට රසයක් පාටක් ලැබෙන්න ගන්නවා වගේ මිනිස්සු තමන් වෙනස් නොවී, තමන් ඉන්න පරිසරය හොඳ පැත්තට වෙනස් කරගන්නවා. තමන්ට පීඩා කරපු රත් වෙච්ච වතුර ටිකට වුනත් තමන්ගේ රසය ගුණය ලබා දෙන්න කෝපි ඇට පසු බට වෙන්නේ නෑ. 

අන්න ඒ වගේ කොයි තරම් ප්‍රශ්න ජීවිතේට ආවත් ඒ දේවල් වලට නොසැලී මුහුණ දෙන්න අපිටත් පුළුවන් නම්, ඒ ප්‍රශ්න ගේන අයටත් යහපතක් කරන්න අපිට පුළුවන් නම්, ප්‍රශ්න සාර්ථකව විසඳගන්න අපිට පුළුවන් වේවි වගේම හැම දෙනා එක්කම හොඳින් ජීවිතේ ගත කරන්නත් අපිට හැකියාව ලැබේවි. 

ඒ නිසා කැරට් අලයක් වත්, බිත්තරයක්වත් නොවී කෝපි ඇට ටිකක් වෙන්න අපි හැම කෙනෙක්ම උත්සාහ කරන්න ඕනේ කියලයි අද තුශානිට කියන්න ඕනේ වුනේ. 





ප.ලි. - කෝපි පාඩම තුශානි කාලේකට කලින් කැරට් අලයක් වෙලා  ඉන්නකොට ඉගෙන ගත්ත පාඩමක්. හි..හි.. ඉතින් අද පෝස්ට් 100 සම්පූර්ණ වෙන විශේෂ දවසක් නිසා ඒ  පාඩම කියලා දුන්න කෙනාට ස්තූති කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා ~



46 comments:

  1. ඉස්සරෝම සීයට සුභ පැතුම්..
    දිගටම ලියමු මේ ගැම්මෙන්ම...

    තුශානිට උපදෙස් කතා කියන්න තියෙන හැකියාව නං මාරයි අප්පා.. ඒකත් ගැලපෙන උපහැරණත් එක්කම...
    කැරට් කස්ටිය වැඩි.. කෝපි කස්ටිය අඩුයි... නේහ්...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහේෂ්...

      කෝපි කස්ටිය වෙන එක හරිම අමාරු වැඩක්.. ඒකයි කැරට් කස්ටිය වැඩි... හි.. හි... ජයවේවා !

      Delete
    2. 26 එනව නං මගෙ මූණත් තහඩුව මතකනෙ. කතා කරන්න වෙයිඈ..
      මොකෝ මම ඇවිදින මල් පොහොට්ටුවක් හොයන්න කියලැයි
      හැක්

      Delete
    3. ෆොටෝ එකක් අතේ තියගෙන කෙනෙක් හොයන එක්කෙනෙක් දැක්කෝත් ඒ මං ඈ... හි.. හි...

      Delete
    4. හිහි.. හාලු හාලු

      Delete
  2. සුබ පැතුම් ඔබට , මම නම් බිත්තරයක් වෙලා ඉන්නේ ලොවෙත් :D

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට...

      ඒ මොකෝ බිත්තර වෙලා ? කොහොමහරි ට්‍රයි කරලා කෝපි වෙන්න. :)

      Delete
  3. සුබපැතුම්.

    ඔය කතාව මම මුලිම්ම කියෙව්වේ බස්සිගේ පෝස්ටුවකින්. මම ඔය කොයි ජාතියේද කියල දැනගන්න ඕනේ ඉක්මනට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි උපේක්ෂා...

      මේක ප්‍රසිද්ධ සිද්ධාන්තයක්.. ඒ නිසා හුඟක් අය මේ ගැන ලියලා ඇති...

      බලන්නකෝ එහෙනම් ඔයා කොයි ජාතියේද කියලා ... :)

      Delete
  4. පෝස්ට් සීයක් කියන්නේ සුලුප‍ටු ගානක් නෙවෙයි බ්ලොගර් කෙනෙකුට. විශේෂයෙන්ම අපි වගේ සාමාන්‍ය වේගෙන් ලියන කෙනෙකුට. උණුසුම් සුභ පැතුම් ඔබටත්, ඔබේ බ්ලොගටත්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඩුඩි.. ඔපීසියේ වැඩයි අනිත් අමතර වැඩයි එක්ක බ්ලොග් ලියනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒ නිසා ගොඩක් සතුටුයි..

      බොහොමත්ම ස්තූතියි සුබ පැතුම් වලට... :)

      Delete
  5. හා හා.. 26 වෙනිදට කෝපි ටික හදාගන්න කෙනෙක් නැතුව හිටියේ.. දැන් හරි :)
    100 ට සුභ පැතුම්! 1000ක් ලියපු දවසට කොෆී ලිකර් වලින් පාටියක් දාමු.

    ReplyDelete
    Replies
    1. හපොයි... 26 ඇවිත් කෝපි හදන්න වෙයිද :S

      තැන්කූ තැන්කූ කලණ...

      අනිවාර්යයෙන්ම කොෆී ලිකර් වලින් පාටියක් දාමු :P ( 1000 ලියන එක ඉතින් වෙන දෙයක් නෙවෙයි වෙන්න බැරි දෙයක් හි.. හි.. )

      Delete
  6. 26 එනවා කියලා ආරංචි වුණා.... ඔන්න කතා නොකළොත් බලාගමු හොදේ..........

    ආ............ 100 ට ජය

    ReplyDelete
    Replies
    1. අහ්.. අනිවාර්යයෙන්ම කතා කරමු.. හොයා ගන්න බැරි වුනොත් අපි ඔයාලා තෑගි ගන්නකොට අප්පුඩි ගහන්නම්කෝ....

      තැන්කූ කුරුටු ...

      Delete
  7. සීයට සුබ පැතුම්!! කැරට් වෙලා හිටියා බිත්තර වෙලත් හිටියා දැන් නං කෝපි මයෙ හිතේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හැලපතුමා...

      අහ් එහෙමනම් හොඳයි.. මොකද කෝපි වෙන එක ලේසි නෑ.

      Delete
  8. මමනම් පොඩි කාලෙ ඉඳලම බිත්තරයක්. හැක්.
    26 ඔයා එනව ද? එදාට එහෙනම් ඔය කෝපි එකත් අරං එන්න.
    සීයට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බිත්තර වෙලා හරියන්නෙ නෑ.. කෝපි වෙන්න උත්සාහ කරන්න...

      එන්න තමයි හිතාගෙන ඉන්නේ.. කලණ කෝපි දෙන නිසා ගේන්න ඕනේ වෙන එකක් නෑ මගේ හිතේ.

      100 ට සුබ පැතුවට බොහොම ස්තූතියි...

      Delete
  9. සුබ පැතුම්..කෝපි මල් පිපුනම හරිම ලස්සණයි , සුවදයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලලිත්... :)

      Delete
  10. 100ට සුභපැතුම් තුශානි.අතේ පයේ හයිය තියනකම් මේ බ්ලොග් එක යාවත්කාලීන වේවායි ප්‍රාර්ථනා කරනවා.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කටුසු... ඔයාලා තමයි මට ඉන්න ලොකුම හයිය..

      Delete
  11. සියයට මගේ උණුසුම් සුබ පැතුම් තුෂා....

    පාඩමත් වටිනවා....කෝපි වෙන්න තව ටිකක් කල් ගත වෙයි....ඒත් ඉතින් මොකද නේ කවද හරි කෝපි වගේ වෙනවනේ....

    එහෙනම් 100ට 1000 පෝස්ට් ලියන්න ලැබේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කිඹුලී...

      ඔව්... කෝපි වෙනවා කියන එක ලේසි නෑ... මටත් හිතෙන්නේ ටිකක් වයසට යනකොට කෝපි වෙන්න ලේසි වෙයි කියලා...

      තැන්කූ ඈ.. ඒත් ඒක වෙන දෙයක් නෙවෙයි වෙන්න බැරි දෙයක්... හි.. හි...

      Delete
  12. Obe siyaweni post eka wenuwen mage suba pathum piliganna!Wadi wadiyen liyanna dhahiriya labewa!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සරත්... ලියන ඒවා කියවන්න දිගටම එන්න.

      Delete
  13. තුශානිට මගෙනුත් සුබ පැතුම්
    පරක්කු නෑ මගෙ හිතේ...

    කෝපි ඇටයක් වෙන එක ලේසි නෑ තුශානි...
    ඒ නිසා මම ඒක ගැන හිතන්නෙවත් නෑ.

    ඔතන ඔයා නොදැකපු දෙයකුත් තියෙනවා..
    කැරට් අලේ තැම්බුවම මොලොක් උනාට එයාගෙ හැමදේම, පාට රස සුවඳ...
    එයාට පුලුවන් විදිහට... එයාව රිද්දපු වතුරට එකතු කරනවා...
    ඒ දේ එයා සතුටින් වෙන්න ඕනෙ කරන්නේ... මට එහෙම හිතෙනවා...

    ඒ නිසා මේ කැරට් ජීවිතේ මට සැපයි...

    ඒ අතින් නපුරුම කෙනා තමයි බිත්තර ගෙඩිය...
    කාටවත් හොඳක් වෙන්න පතන්නෙත් නැතුව නපුරෙක් වගේ හිත ගල් කරන් ඉන්නෙ එයා...

    කතාව කියල දීපු කෙනා ඔයාට බාගයයිනෙ කියා දීල තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...

      ඔව් කඳුළු... කෝපි ඇටයක් වෙන එක ලේසි නෑ...

      ඔයා කියපු කතාව හරි.. කතාව කියලා දීපු කෙනා ඔය ගැනත් කිව්වලු. මම ඒ වෙලේ කැරට් අලයක් වෙලානේ හිටියේ.. ඔළුවට ගියේ කෝපි ගැන කියපු ටික විතරයි... හපොයි... නිල් වෙන්න ටොක්කක් හම්බුනා. :S

      Delete
  14. සුභ පැතුම්. පරික්ෂණයට සහභාගී නොවීය.. හැක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දේශ්...

      එහෙම හරියන්නේ නෑ.. බලන්න බලන්න ඔයා කෝපිද, බිත්තරද , කැරට්ද කියලා ..

      Delete
  15. 100 ට සුබ පැතුම්...
    මම මේ කල්පනා කලේ මම අයිති වෙන්නේ මොන ගොඩටද කියලා...
    මට ස්ථිර කුලකයක් නැහැ මුණ දෙන්න වෙන ප්‍රශ්න අනුව එක එක වෙලාවට ඔය කුළක තුනටම වැටෙනවා කියලයි මට හිතෙන්නේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලොකු අයියා...

      හ්ම්... මුහුණ දෙන්න වෙන ප්‍රශ්න අනුව එක එක වෙලාවට ඔය තුනටම අපිත් වැටෙනවා තමයි.

      Delete
  16. Replies
    1. හප්පේ මෙයාව දැක්ක කල්... ජය වේවා ! ජය වේවා !

      Delete
  17. ඒ කියන්නේ කොපි වගේ වෙන්න කියලාද ?

    පොස්ට් සීයට සුබ පැතුම් තුශානි.පොස්ට් සීයක් කියන්නේ සැහෙන ලොකු ඉලක්කයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ... කෝපි වගේ වෙන්න කියලා තමයි... :P

      බොහොම ස්තූතියි මනෝජ්..

      ලියන ඒවා කියවන්න ඔයාලා ආව හයියෙන් තමයි මේ තරම් දුර ආවේ...

      Delete
  18. මාගේ දෑස දෙස බලනු, මෙතැන් පටන් මම කෝපි ඇටයක්, කෝපි ඇටයක්.....

    ශතකයට සුභ පැතුම් !

    ReplyDelete
    Replies
    1. කෝ බලන්න හි.. හි...

      තැන්කූ තැන්කූ යසිත්...

      Delete
  19. අදයි මේ පැත්තට ආවෙ තුෂා.. අඳුනගන්න ලැබීම සතුටක්... තවම ලිපිය කියෙව්වෙ නැහැ හොඳේ.. පසුව කියවන්නම්..

    ඔයාගෙ අඩි ලකුණු දිගේ බ්ලොග් අඩවියට ගොඩවැදුණා..

    ReplyDelete
    Replies
    1. මටත් හුඟක් සතුටුයි අඳුර ගන්න ලැබීම. තුශානි සාදරෙන් ඔයාව කැකුළු ගොමුවට පිළිගන්නවා..

      නිවාඩු පාඩු වෙලාවක කියවලා බලන්නකෝ එහෙනම්.. :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...