Tuesday, August 19, 2014

ඔපීසියේ රස කතා... (1)



කලින් පෝස්ට් එකේදි කිව්ව වගේ මේ දවස් වල තුශානිට ඔපීසියේ හොඳටෝම වැඩ. ඒ නිසා බ්ලොග් එක පැත්තේ නම් නිතර එන්න බැරිවුනා. ඉතින් වැඩ අතරේ වුනත් ඔපීසියේ සිද්ධ වෙච්චි රස කතා ටිකක් ලියන්න ඕනේ කියලා හිතුන නිසයි ඔන්න මේ පෝස්ට් එක ලියන්න හිතුවේ. 

අපේ ඔපීසිය කොළඹ නගරයේ පිහිටලා තියෙන විදේශීය පෞද්ගලික ආයතනයක්. ම්... ඔපීසිය ගැන හුඟක් විස්තර නම් කියන්න විදිහක් නෑ. මොකද එහෙම කිව්වොත් කියන්න තියෙන සමහර රස කතා කියන්න බැරි වෙනවා.. ඒ නිසා ඔපීසිය ගැන වැඩි විස්තර කියන්නේ නෑ.. 

හරි ඔන්න එහෙනම් කියවලා බලන්නකෝ අපේ ඔපීසියේ රස කතා...  අත්දැකීම කොයිතරම් රසවත් වුනත් ඒවා වචන වලට පෙරලන්න කොච්චර අමාරුද කියලා හිතුනේ මේ පෝස්ට් එක ලියන්න ගත්තහම. රස කතා ලියන්න තුශානි ඒ තරම් දක්ෂ නම් නෑ හොඳද ..

එයාටයි මටයි

විදේශිය ආයතනයක් නිසා වෙලාවට කලාවට වැඩ කරන එක ගැන නම් අපේ අය ටිකක් සැලකිලිමත්. අනිත් දේවල් කොහොම වුනත් වෙලාවට බාකෝඩ් එක ගහන්න එන්න නම් හැමෝම වග බලා ගන්නවා. 

ඔන්න ඉතින් පරාත් කුකුලා අතේ අරගෙන උදේ පාන්දරම ඔපීසියට ගොඩ වුනා.. පරා කිව්වට පරා ගැන කියන්න බැරි වුනා නේ .. පරා කියන්නේ අපේ ඔපීසියේ වැඩ කරන කොයිදේටත් මොකක්හරිම උත්තරයක් තියෙන විනෝදජනක චරිතයක්.  එදා පරා වෙනදට වඩා ටිකක්  වෙනස්.. අලුත්ම අලුත් ටිකක් කැපී පේන ශර්ට් එකක තමයි ඇඳන් ඇවිත් හිටියේ. කවුරුහරි අලුත් ඇඳුමක් හරි විශේෂ ඇඳුමක් හරි ඇඳලා ආවොත් ඒ ගැන පුංචි කතා බහක් ඇතිවෙන එක හැම ඔපීසියකම සිද්ධවෙන සාමාන්‍ය දෙයක්නේ. ඉතින් අපේ ඔපීසියේ අයත් පරාගේ මේ වෙනස ගැන කතා වුනා. 

"ගුඩ් මෝනිං පරා.. ෂා.. අද ලස්සන ශර්ට් එකක ඇඳලනේ.. " අපේ එක්කෙනෙක් කිව්වා. 

" තෑන්ක්ස් .. දන්නවද මේ ජාතියේ ශර්ට් ලෝකෙන්ම තියෙන්නේ දෙකයි.. එයාටයි මටයි.. " ගෑණු ළමයෙක් ලස්සනයි කිව්වහම පරාත් බොහොම උජාරුවෙන් කිව්වා. 

" කවුද අනේ ඔය එයා ? " තව ගෑණු ළමයෙක් අහුවා...

" ඔබාමටයි මටයි.. " ගෑණු ළමයි ටික පිරිවරාගෙන හිටිය පරා කිව්වා..

"  ෂා ඔයත් එහෙනම් එසේ මෙසේ කෙනෙක් නෙවෙයිනේ .."

"නැතුව නැතුව මම ඉතින් ඔය අනිත් අය වගේ නෙවෙයිනේ..  "

"එතකොට ඔයත් අඳින්නේ ජනාධිපතිලා අඳින ශර්ට්.. හොඳයි හොඳයි.. අනේ මටත් ගෙනැල්ල දෙන්නකෝ මිශෙල්ගෙ වගේ ඇඳුමක්... " පරාගේ කතාව අහගෙන හිටිය තව ගෑණු ළමයෙක් අහුවා

"ඔයාට පිස්සුද .. මම මේ ඔබාම කිව්වේ අපේ ටවුන් එකේ ටේලර් ශොප් එකේ වැඩ කරන මල්ලිට... එයා මහල ඇඳුපු ශර්ට් එකක් දැකලා මමත් ඒ වගේ එකක මහගත්තා.. එතකොට ඒ ජාතියේ ශර්ට් තියෙන්නේ එයාටයි මටයි.. හැක හැක ... "

"අයියෝ කෙනාගේ හැටි දැන් දැනත් මෙයාලා එයත් එක්ක කතාවට යනවනේ.. දැන් අහගත්තනේ.. " කියලා අපේ සීනිය අයියා කෙනෙක් හිනා වෙවී යද්දි ගෑණු ළමයි කට්ටිය පරාටයි අයියටයි දෙන්නටම හිතෙන් බැන බැන ඔ‍ෆිස් එකට ගියා. 

ගානක් වෙන්න තව එකාක් මදි


මේ කතාව මම කුරුමිටි මාමලගේ කතාවෙදිත් කිව්වා..මෙන්න මේකයි කතාව.. එයාගේ නම් ජගා.. වායු සමනය කරපු කාමරයක පීනසය තියෙන කෙනෙක් ඉන්නකොට කිවිසුම් කිහිපයක් යන එකට හිනා වෙන එක නම් හොඳ නෑ.. ඒත් ඉතින් ඒ කිවිසුම් ගනන් කරන කෙනෙකුත් ඉන්න නිසා ඒකට හිනා නොවී ඉන්නේ හරිම අමාරුවෙන්.

" හචින් .. " ජගා
 
"එකායි... " අපේ එක්කෙනෙක්
 
"හචින් ... "

"දෙකායි........ "

"හචින්.... හචින්.... "

"තුනායි............. හතරායි........................  "අයියෝ ගානක් වෙන්න තව එකාක් මදි.. 

හ්ම්හ්.. බලමුකෝ මෙයාලටත් ලෙඩක් හැදුනාම.. ඕවා දිට්ඨධම්ම වේදනීය කර්ම කිය කිය ජගා බැන බැන යද්දි අපි ඉතින් ඇස් වල කඳුළු පුරෝගෙන හිනා වෙනවා..

හොඳම වැඩේ කියන්නේ බැරි වෙලාවත් හෙම්බිරිස්සවක් හැදිලා හචිමක් එහෙම අපේ කෙනෙක්ට ගියොත් ජගා කියන දේවල් අහන් ඉන්න බැරුව ගොළුබෙලි කට්ටක හරි හැංගෙන්න වෙන නිසා කට්ටිය දැන් හචිමක් යන එකටත් තියෙන්නේ පුදුම බයක්.. හෙම්බා භීතිකාව කියලා තමයි අපේ ඔ‍ෆිස් එකේ අය ඒකට කියන්නේ හි.. හි...

වැඩ  මුහුදේ පතුලටම ගිලිලා වැඩ කරද්දි වෙන වෙන තැන් වල රින්ස් යන ෆෝන් වලට ආන්සර් කරන ඒවා.. , හිස් තේ කෝප්පවල තේ බොන ඒවා.. , කන්නාඩි ඔළුවේ දාගෙන හැම තැනම හොයන ඒවා.. ශෝට් කට් වැඩ කරන්න ගිහින් වැඩ ඩබල් වෙන ඒවත් ඔපීසියේ කිසි අඩුවක් නෑ.. හිතුවටත් වඩා පෝට්ස් එක ටිකක් දික් වුන නිසා අද තව කතා කියන්න යන්නේ නෑ.  අපහු වෙලාවක ඔපීසියේ රස කතාවක් කියන්නම්කෝ. 


41 comments:

  1. සීනිය අයියා කෙනෙක්
    ඔයාලයි ඔපීසියෙ ඉන්නෙ සීනිය අයියලාද? අපේ උපිස් එකේ නංගිලා කියන විදියට නම් අපේ ඔපිස් සියෙ අයියලාට මාර පැණිය තමයි තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. අපි සීනිය අයියලා කියලා කියන්නේ නම් නෑ.. කතාවෙදි නම් පාවිචි කරන්න බෑනේ..

      ම්... ඔයාලගේ ඔපීසියෙ අයට වඩ නම් අපේ අය ටිකක් හොඳයි වෙගේ.. හි.හි..
      කොහොමවුනත් ස්තූතියි ඔපීසියේ රස කතා කියවන්න ආවට ..

      Delete
    2. ඇයි සීනියර් පොරක් කියන්න බැරි? නැතිනම් ජ්‍යෙෂ්ඨයෙක් කියන්න හැකියිනේ.

      ගෙදර අයියා මල්ලී නංගී කතා ඉස්කෝලේට බෝවෙලා, පස්සේ ඉස්කෝලෙන් විශ් විද්‍යාලවලට බෝවෙලා, දැන් සේවා ආයතනවලටත් බෝවෙලා වගේ!

      Delete
    3. :) මේ කමෙන්ට් එක දැක්කහම මට මතක් වුනේ මම මුලින්ම කකාගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දාපු දවස. එදත් මට මේ දේ කිව්වා.. සමහර විට මතක ඇති.

      ඔපීසියෙදි නම් ගොඩක් වෙලාවට මිස්ට කියලා තමයි පාවිච්චි වෙන්නේ. කොහොම වුනත් ටිකක් වැඩිමල් කෙනෙක්ට නම කියලා කතා කරන්න පුරුදු වෙන්නෙ ටිකක් අමාරුයි.

      Delete
  2. රසබර, සෙනෙහබර, දුක්බර අත්දැකීම් වලින් ඔබගේ වෘතීය දිවිය පිරෙන්න කියල ප්‍රාර්ථනාකරනවා. කෙසේ වුවත් මේ සියලු දේ ටුලින් සමාජය පිළිබඳ අවධි මනසින් සිටින මිනිසුන් කෙරෙහි වඩා සංවේදී හදවතක් ඇති අයෙකු වීමට හැකිවෙන්න කියලත් ප්‍රාර්ථනාකරනවා.

    ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඔව් ... ප්‍රාර්ථනාවට හුඟක් ස්තූතියි මනෝශ්..

      Delete
  3. අපි මේ බලාගෙන හිටියේ ඔපීසියේ රස කතා කවද්ද මේ පැත්තේ ලියවෙන්නේ කියලා.. ඕවා මෙහෙම ලියනවට වැඩිය ඇත්තටම මුණ දෙද්දී හුඟක් සුන්දරයි කියලා අත්දැකීමෙන්ම දන්නවා..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත ... ලියන්න ගියාමයි තේරුනේ රස කතා අත්විඳින තරමට අකුරු වලට පෙරළන්න අමාරුයි කියලා...

      රස කතා කියවන්න මේ පැත්තට ගොඩ වුනාට බොහොමත්ම ස්තූතියි හොඳේ..

      Delete
  4. හිහැක්..
    අර ඔබාම කේස එක නං පට්ට ඈ..
    අර ංගි ඇන්ටිලාට මක්ක හිතුණද දන්නෑ...
    හුූ.....................

    ReplyDelete
    Replies
    1. හි.. හි.. කටින් බනින්න බැරි කමට කට්ටිය හිතින් බැන බැන ගියා.. :D

      Delete
  5. ඔයාගේ ඔපීසියේ කතා කියෙව්වම මටත් හිතුනා ඒ වගේ ඒවා ටිකක් ලියන්න ... බලමුකෝ

    ReplyDelete
    Replies
    1. ෂා ...ශෝක්නේ .. එහෙනම් ලියන්න ලියන්න..

      අපි එන්නම්කෝ කියවන්න ..

      Delete
    2. කාම පැයේදි ලියහංකො ඉතින් කෙකර ගාන්නෙ

      Delete
  6. හෙහේ,අපේ ඔපිසියේ රස කතා මේකේ ලීවොත් මේ බ්ලොග් එක වාරණය කරනවා බලධාරීන් විසින්...:D

    ReplyDelete
    Replies
    1. හි.. හි.. ඒකත් එහෙමද ...

      ‍තෝරලා බේරලා හරි එකක් දෙකක් ලියන්නකෝ ....

      Delete
  7. ඔබාමා කතාව එල ...දෙවැනි එක තේරුණේ නෑ නොවෑ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ...

      මෙහෙමනේ.. ජගාට එක දිගට හචින් යන නිසා කට්ටිය හචින් කීයක් ගියාද කියලා ගනන් කරනවා.. ජගාට හිනාවෙලා ඒ දේම හිනා වෙච්ච කෙනෙක්ට වුනොත් ලැජ්ජාව නිසා කටිටිය හෙම්බිරිස්සාව හැදෙනවට බයයි..

      Delete
  8. ඉස්සර මම වැඩ කරපු ඔපීසියෙ කිවිසුමක් ගියාම අහළ පහල ඉන්න අයගෙන් කෙනෙක් ඉංග්‍රීසි අකුරක් කියනවා...ගොඩාක් වෙලාවට මේ වැඩේ කලේ දැරිවියො. ඒ අකුරට නම පටන් ගන්න යාලුවෙක් ඉන්නවා නම් එයාලු මාව මතක් කලේ...

    වර්තමාන ඔපීසියේ නම් අලුත් ෂර්ට් එකක් ඇදගෙන ඇතුලට එන්න විතරයි ඕනෙ..මැලේ නංගි බබාලා කමෙන්ට් එක දෙන්නෙ හරිම ඉක්මනට...

    ReplyDelete
    Replies
    1. අකුරක් කියලා ඒ අකුරට නම පටන් ගන්න කෙනෙක් මතක් කරන්න ඇති කියලා කියන එක ඉස්සර අපිත් කරනවා.... හුඟක් වෙලාවට ඒ කෙනාගේ කැමතිම කෙනාගේ නම පටන් ගන්න අකුර තමයි කියන්නේ.. හි..හි...

      සිරා අයියටත් මැලේ නංගිලගෙන් හොඳ කමෙන්ට්ස් හම්බ වෙනව ඇති නේද එහෙනම්..



      Delete
    2. ඇත්තටම නගා...අපේ නගාලා තරම් එකට වැඩ කරද්දි මැලේ නගාලා ආඩම්බර නෑ. හරිම සහයෝගෙන් වැඩ කරනවා. ඒ වගේම ගොඩාක් විවෘතයි.

      Delete
  9. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  10. අපේ ඔෆිස්වල තියෙන රසකතා නං මෙව්වයේ ලියන්න බෑ තුශානි.එච්චර ලස්සනයි.

    ReplyDelete
  11. මේ ඔපීසිය ඇත්තේ අපේ ඔපීසිය අහළ පහළමයි කියල හිතෙනවා. වෙලාවක දවල් කෑමකට සෙට් වෙමුද? ඔය අමිල එහෙමත් මේ අහළ පහළම තමා. දැන් රස කතා කියල ටැග් එකක් අරින්න

    ReplyDelete
    Replies
    1. ඔව්.. ටිකක් විතර ලඟ .. මටත් ආසයි කට්ටිය හම්බවෙලා කතා බහ කරන්න.

      රස කතා ටිකක් නම් තියෙනව කියන්න. කතා ටික වචන වලට පෙරලන එක තමයි අමාරුම.

      Delete
  12. හචිස්....................................

    ජ ය වේ වා !!!!!

    ReplyDelete
    Replies
    1. එකායි.......

      ම්.. ගානක් වෙන්න නම් තව හචින් 4 වත් යන්න ඕනේ.. :D

      Delete
  13. කතා දෙකම පට්ටයි.. මේක දිගට සීරිස් එකක් වගේ ලියන්නද කල්පනාව ?

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ... ඉඩ තියෙන විදිහට කතා කීපයක් ලියන්න හිතාගෙන ඉන්නේ.. බලමුකෝ...

      Delete
  14. ඔයාලගේ ඔෆිස් එකට මං ආපු වෙලාවෙත් මාර වැඩක් වුනා , හොඳවෙලාවට ඔයා ඒක ලියලා නෑ :P

    ReplyDelete
    Replies
    1. අහ්... ඔය කියන්නේ අර ඔ‍ෆිස් එක ඇතුලේ සර්කස් පෙන්නන්න ගිහින් වැටිච්ච කතාවෙ එහෙම නෙවෙයි නේද .. :P

      Delete
    2. හුටා...! ඒක නෙවෙයි ඊට කලින් වෙච්ච එක, අර ඔෆිස් එක ඇතුලේ දී මාරක ලිඳේ බයිසිකල් පැද්ද කතාව :P

      Delete
  15. හෙක් හෙක් ඔබාමා නම් මරු, අන්ත කතාවේ වගේ මනුස්සයෙක්ගේ අසරණකමක් දුර්වල කමක් විහිළුවට ගන්න එකනම් එච්චර හොඳ දෙයක් නෙවේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. මනුස්සයෙක්ගේ අසරණකමක්, දුර්වලකමක් විහිළුවට ගන්න එක හොඳ නෑ. හචින් ගනින එකට ජගා පුංචි තරහක් පෙන්නුවට අහිතක් හිතන්නේ නෑ කියන එක හොඳින්ම දන්න නිසා ඒක නරක වැඩක් කියල කවුරුත් හිතන්නේ නෑ..

      Delete
  16. හැක් හැක්.. ආපේ පරණ ඔෆිස් එකෙත් හිටියා පරා කියල එකෙක්.මේකා කෝඩ් බැකප් කරන්නෙ නෑ කම්මැලි කමට. හැමදාම බොසාට ඕන වෙලාවට මේකගෙ කෝඩ් මිසින්. මූ ආපු අලුත මුත් එක්ක තවත් එකෙක් ගත්තා වැඩට. උට අපි කිව්වෙ "මා පුත්" කියල. ඉතින් පරා හිතන් ඉඳල තියෙන්නෙ ප්‍රොබ්ෂන් පීරියඩ් ඉවර වුනාම, අපි මුන් දෙන්නගෙන් එකෙක්ව විතරයි පර්මනන්ට් කරන්නෙ කියල.

    මේක පට්ට ප්‍රෙෂර් එකේ වැඩ කරල තියෙන්නෙ. දවසක් මීටිමකදි මුගෙ කෝඩ් මිසි වෙන එක කතාව ඇදුනා. මෙන්න බොලේ මේක හොටු පෙර පෙර ඇඬුවෙ නැතෑ, ඇයි සර්ලට මගේ වැරදිම විතරක් පේන්නෙ කිය කියා. පරා උගේ සම්පූර්ණ කතාවම එදා මීටිමේ දිගහැරියා. එදා තමයි දැන ගත්තෙ "පරා" "එක් පුත්" එක්ක පට්ට සටනක් හිතින් මෙහෙයවල කියල.

    ReplyDelete
    Replies
    1. නිවැරදි කිරීමක්: මෙහි "එක් පුත්" යන්න "මා පුත්" ලෙස වෙනස් විය යුතුයි. මොකද "එක් පුත්" කියල තව එකෙක් හිටියා නොවැ.

      Delete
    2. අන්තිමට දෙන්නම පර්මනන්ට් කලාද ?

      ලියන්නකෝ ඔයාලගේ ඔපීසියෙත් රස කතා ටිකක්.. මතක ඇතුව "එක් පුත් " ගැනත් ලියන්න ...

      Delete
    3. හොඳයි හොඳයි බලමුකෝ ඉස්සරහට ඒව ගැනත් ලියන්න. දෙන්නම පර්මනන්ට් නම් කලා. හැබැයි පරා එන්න එන්නම දුර්වල උනා. උෟට බොසා ගානේ සතියක් නිවාඩුත් දුන්නා මනස නිරවුල් කරගෙන එන්න. ඒත් බැරි පාර අපේ බොසා ඌව කවුන්සලින් (මානසික උපදේශනයකට) වලටත් යැවුවා බොස් ගානෙම. පස්සෙ ඌම හිතලා අයින් උනා.

      Delete
  17. හැම ඔපිස් එකකම ඉන්නවා ඔය වගේ කෙනෙක්... රජ වසලෙත් අන්දරේ කෙනෙක් හිටියනෙ....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...