කවුරුහරි කෙනෙක් අපිට හුඟක් ආදරෙයි කියලා හිතෙනකොට දැනෙන සතුට...
සතුටෙන් හිනා වෙන වෙලාවෙදි වගේම දුකෙන් අඬන වෙලාවෙදිත් කවුරුහරි බලාගන්න ඉන්නකොට දැනෙන සතුට ...
සතුටෙන් හිනා වෙන වෙලාවෙදි වගේම දුකෙන් අඬන වෙලාවෙදිත් කවුරුහරි බලාගන්න ඉන්නකොට දැනෙන සතුට ...
පාළුවෙන් තනිකමෙන් ඉන්න වෙලාවක හොඳම යාළුවෙක් කතා කලාම දැනෙන සතුට..
දකින්න පුළුවන් වෙයි කියලා නොහිතන කෙනෙක් හදිස්සියෙම දැක්කහම දැනෙන සතුට...
කරන්න පුළුවන් වෙයි කියලා නොහිතන දෙයක් සාර්ථකව කරගන්න පුළුවන් වුනාම දැනෙන සතුට...
උදව්වක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුට උදව්වක් කරන්න අවස්ථාවක් ලැබුනහම දැනෙන සතුට...
හුඟක් මහන්සිවෙලා කරපු වැඩක් ඉවර කරගන්න පුළුවන් වුනාම දැනෙන සතුට...
බලාපොරොත්තුවෙන් හිටිය විභාග ප්‍රතිඵලයකින් ඉහලින්ම සමත් වුනා කියලා අහන්න ලැබුනාම දැනෙන සතුට...
දකින්න පුළුවන් වෙයි කියලා නොහිතන කෙනෙක් හදිස්සියෙම දැක්කහම දැනෙන සතුට...
කරන්න පුළුවන් වෙයි කියලා නොහිතන දෙයක් සාර්ථකව කරගන්න පුළුවන් වුනාම දැනෙන සතුට...
උදව්වක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුට උදව්වක් කරන්න අවස්ථාවක් ලැබුනහම දැනෙන සතුට...
හුඟක් මහන්සිවෙලා කරපු වැඩක් ඉවර කරගන්න පුළුවන් වුනාම දැනෙන සතුට...
බලාපොරොත්තුවෙන් හිටිය විභාග ප්‍රතිඵලයකින් ඉහලින්ම සමත් වුනා කියලා අහන්න ලැබුනාම දැනෙන සතුට...
බඩගින්නේ ඉන්න වෙලාවක අම්ම උයපු රස බත් එකක් උණුවෙන්ම කනකොට දැනෙන සතුට...
හදපු කෑමක් කවුරුහරි රස බලලා රසයි කිව්වහම දැනෙන
සතුට...
හොඳයි කියලා තෝරපු දේකට තවත් කෙනෙක් කැමති වුනාම
දැනෙන සතුට ....
මුමුණ මුමුණ ඉන්න සිංදුවක් එකපාරට අහන්න ලැබෙනකොට
දැනෙන සතුට...
ඔය කිව්වේ තුශානිට මතක් වෙච්ච වචන වලින් කියන්න බැරි තරම් සතුටු හිතුනු සිද්ධි කීපයක් විතරයි..
එතකොට 49 + කිව්වේ ????
හි.. හි.. එහෙම කිව්වේ මෙන්න මේ නිසා.
අද තුශානි ලියන්නේ තුශානිගේ 50 වෙනි පෝස්ට් එක ..
ඉතින් ඒකටත් තුශානිට වචනයෙන් කියන්න බැරි තරමට සතුටුයි...
එතකොට 49 + කිව්වේ ????
හි.. හි.. එහෙම කිව්වේ මෙන්න මේ නිසා.
අද තුශානි ලියන්නේ තුශානිගේ 50 වෙනි පෝස්ට් එක ..
ඉතින් ඒකටත් තුශානිට වචනයෙන් කියන්න බැරි තරමට සතුටුයි...
මොකද පොස්ට් 50ක් ලියනවා තියා බ්ලොග් එකක් පටන් ගන්න වත් අදහසක් මුලින් තුශානිට තිබුනේ නැති නිසා. අනිත් කාරනේ තමයි අධ්‍යාපන කටයුතුයි ඔපීසියේ වැඩයි එක්ක පොස්ට් 50ක් ලියන්න වෙලාවක් හොයා ගන්න එකත් ලේසි පාසු නෑනේ.
ඉතින් ඒ හැමදේම එක්ක වුනත් බ්ලොග් එක පටන් අරන් අවුරුද්දක් යන්නත් කලින් පොස්ට් 50ක් ලියාගන්න පුළුවන් වුන එක ගැන හිතනකොට මටම පුදුමයි වගේම සතුටුයි.
ඉතින් ඒ සතුට විඳින්න තුශානිට හොඳ අඩිතාලමක්, මගපෙන්වීමක් වගේම යෝධ ශක්තියකුත් ලැබුනා... සතුට වචනයෙන් කියන්න බෑ වගේම වචනයෙන් ස්තූති කරන්නත් බෑ කියලා දන්නවනේ...
ඒ වගේම පුංචි වෙලාවක් හරි අරගෙන කැකුළු ගොමුවට ගොඩ වැදුණු, අදහස් දක්වපු මගේම ආදරණීය බ්ලොග් යාළුවන්ටත් මේ තරම් දුර එන්න දීපු සහයෝගෙට මුළු හදවතින්ම ස්තූති කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා..
ඉදිරියෙදිත් ඉඩ කඩ තියෙන වෙලාවට කැකුළු ගොමුවට ගොඩ වෙලා හොඳ නරක කියන්න කියලත් බොහොම ගෞරවයන් ආරාධනා කරනවා...
වෙල් ඩන්!
ReplyDeleteමුල්ම පෝස්‍ටුවේ මුල්ම සුබ පැතුම ඔබෙන් වීමත්.. 50 වෙනි පෝස්‍ටුවේ මුල්ම සුබ පැතුම ඔබෙන් වීමත් සතුටක්...
Deleteආ මග කෙටියි.. යා යුතු මග දුරයි...
ReplyDeleteකම්මැලි නොවී ලියන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. සුබ පැතුම්..
බොහොමත්ම ස්තූතියි දිනේෂ්... ඔයත් කැකුළු ගොමුව පටන් ගත්ත කාලේ ඉඳන් මේ පැත්තට ආව ගිය කෙනෙක්නේ...
Deleteසුබ පැතුම් පනස්වෙනි උපන්දිනේට තුශානිගේ හික් හික් හික් ..
ReplyDeleteඇත්තටම සුබ පැතුම් පොස්ට් පනහට .. එකත් ලොකු සතුටක් තමයි
හපොයි.. පනස්වෙනි උපන්දිනේ සමරන්න නම් තව ගොඩක් කල් තියෙනවා... :D
Deleteසුබ පැතුම් වලට හුඟක් ස්තූතියි... මේ තරම් දුරක් එන්න පුළුවන් වුනේ ඔයාලා හැම කෙනෙක්ම ලබා දුන්නු ශක්තිය නිසයි..
ඉත සිතින්ම සුබපතනවා තුෂානි..
ReplyDelete50, 500ක් වෙන දවසෙදි ඔබට මීටත් වඩා සතුටු හිතෙයි. ඒ ගමනට අපි ඔක්කොම ආසිරි පතනවා.
බොහොමත්ම ස්තුතියි... සුබ පැතුම් ලොකු ආශිර්වාදයක්...
Deleteපියෙන් පිය නඟමින්.. ඔබ යන මේ ගමනට.. එක් කරමි සුබ පැතුම්.. මල් සුපිපි මාවතක..බොහෝ දුර පියනගන්නට..
ReplyDeleteදිරිගැන්වීම් වලට හුඟක් ස්තූතියි..ඉඩකඩ තියෙන විදිහට දිගටම ලියන්නයි බලාපොරොත්තුව..
Deleteපට්ට ඈ....
ReplyDeleteකම්මැලි නොවී හිටිය නං මීට වඩා ලියන්න පුළුවන් කම තිබ්බ...
තුශානි පටං ගත්ත දවස් වල ඉදල ඉන්න කෙනෙක් විදියට මම දන්නවනෙ මේ මනුස්සය කොයි තරං කම්මැලියෙක්ද කියල
හි.. හි.. ඔව් ඔව්.. මහේෂ් මුල ඉඳලම තුශානිත් එක්ක හිටිය කෙනෙක්නේ... බලමුකො ඉස්සරහටවත් කම්මැලි නැතුව ලියන්න... දීපු හැම සහයෝගෙකටම හුඟක් ස්තූතියි..
Deleteනියමනෙ!
ReplyDelete50ට හදවතින්ම සුබ පැතුම්!!
තැන්කූ තැන්කූ... ඔයත් නිතර මේ පැත්තට ගොඩ වෙලා ගිය කෙනෙක්නේ.. දුන්නු අත්වැල හුඟක් වටිනවා..
Deleteඅඩේ හල්ෆ් සෙන්චරියක් ගහලා තියෙන්නේ, ඔහොම යන ඔහොම යන චිරාත් කාලයක් බට කරන්න ලැබේවා, හැකියාවක් අතීත 20 20 ගැහිල්ලක් ගහන්න, එත් ටෙස්ට් ගහන එක තමා මට නම් හොඳ, ඔබේ සිතුවිලි නිර්මාණ බවට පත් කරපු වෑයම් 50 ට උණුසුම් සුබ පැතුම්.
ReplyDeleteපොඩි පොඩි ටයිපින් මිස්ටේක් ගණන් ගන්න එපා හරිය :D
Deleteහාෆ් සෙන්චරියක් ගහන එකත් ලේසි නෑනේද ... මමවත් හිතුවේ නෑ හාෆ් සෙන්චරියක් මෙච්චර ඉක්මනට අනිත් වැඩත් එක්ක ගහන්න පුළුවන් වෙයි කියලා..
Deleteමාත් කැමති ටෙස්ට් වලට තමයි.. වෙලා අරන් ගහන්න පුලුවන්නේ... බොහොමත්ම ස්තූතියි සුබ පැතුම් වලට...
ආවට වැඩි දුරක්,ආවට වඩා හොඳින් යන්න තුශානියාට සුබ පැතුම් මගෙනුත්...:)
ReplyDeleteකිසිදවසක දැකපු නැති අය වුනත් නිර්මාණත් එක්ක අපි එකිනෙකා හඳුන ගත්ත විදිහ හරිම සුන්දරයි.. තුශානිගේ මුල් කාලේ ඉඳලම යාළුවෙක්නේ මනෝජ්... හුඟක් ස්තූතියි.. :)
Deleteතුශානිගේ 50 ට සුබ පැතුම්.ඉක්මනටම 100ත් ලඟාවේවා.
ReplyDeleteබොහොමත්ම ස්තූතියි හැලපතුමා...
Deleteඔබේ බ්ලොග් අඩවිය තුලින් තුශානි හුඟක් දේවල් ඉගෙන ගත්තා.. ඔබෙන් නිතර ලැබුනු අදහස්, මගපෙන්වීම් මේ තරම් දුර එන්න ලොකු පිටිවහලක් වුනා..
හදවතින්ම සුභ පතනවා ඔයාට. මම නම් ඔයා තරම් නාකි නෑ. ඒත් ඉතින් සතුට බෙදා ගන්න නම් බැරි කමක් නෑ. තවත් හොඳට ලියන්න ධෛර්‍යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteහඳුනගෙන හුඟක් කල් නොවුනත් කෙටි කාලේකදි හරි හඳුන ගන්න ලැබීම සතුටක්.. ඉතින් සතුට බෙදා ගන්න බැරි කමක් නෑ. :) ප්‍රාර්ථනාවන්ට හුඟක් ස්තූතියි..
Deleteඅක්මාවෙන්ම සුභ පතනවා නගෝ....දුවද්දී දැවී යන්නෙ නැතුව සෙන්චරියත් ගහමු....ජය !
ReplyDeleteබොහොමත්ම ස්තූතියි සිරා අයියේ !
Deleteසිරා අයියගේ ලිපි හරහාත් බොහෝ දේවල් ඉගෙන ගන්න අවස්ථාව මට ලැබුනා.. ලියපු ලිපි වල ගුණ දෝස් කියලා කරපු දිරිගැන්වීම් ලොකු පන්නරයක් වුනා..
වැඩ ගොඩක් එක්ක වුනත් දිගටම ලියන්නයි බලාපොරොත්තුව බලමුකෝ .. :)
ගණන් ගන්න එපා. ලොකුවට හිතන්නත් එපා. ආපු ගමන ඒ අය්රින්ම යන්න. බලාපොරොත්තුත් එපා.. එකම දේ උවමනාව විතරයි. සුභ පැතුම් සහ ජය වේවා තුශානි..
ReplyDeleteඔව් දේශකතුමා... හුඟක් ස්තූතියි සුබ පැතුම් වලට..
Deleteමුලින්ම සුභ පැතුම් මල් මිටක් ගී පවුරේ අපි හැමෝගෙන්ම තුශානිට...ඔයාගෙ ලිපි වල තියනවා හරි අමුතු නැවුම් ගතියක්...ඒත් ඉතිං ඒ කතාවක් බලන්න කාලාන්තරයක් පෙරුම් පුරන්න එපායැ...ඇයි ඉතිං ලියන්නේ ඉබි වේගෙන්නේ...දැන් අපි නිකමට ගත්තොත් පෝස්ට් 50 ට අවුරුද්දයි...ඒ කියන්නේ දවස් 365 ට පෝස්ට් 50 යි... ඔන්න දැන් තමයි වැඩේ... 50/365 = 0.137............ හපෝයි...මදි...මදි...මදි...දවසකට පෝස්ට් එකකින් දශම ගානයි ලියලා තියෙන්නේ...හිහ්...හිහ්...හිහ්...ඉතිං දැන් තව උනන්දුවෙන් ලියන්න...ඔබේ ලිපි බලන්න අපි ගොඩක් ආසයි...චිරාත් කාලයක් බ්ලොග් ලෝකයේ වැජඹේවා කියලත් ප්‍රාර්ථනා කරනවා තුශානිට....
ReplyDeleteහප්පේ 0.137 ද ... හි... හි...
Deleteඋනන්දු කිරීම් වලට වගේම ප්‍රාර්ථනාවන්ට බොහොමත්ම ස්තූතියි .... :) ලියන දේවල් ආසාවෙන් කියවනව කිව්වහම හුඟක් සතුටු හිතුනා...
සුභ පැතුම් ...දිගටම ලියන්න කොච්චර වෙලාව අඩු වුනත් ,නැත්නම් එ ගැම්ම ආපහු ගන්න ලෙසි නෑ ...
ReplyDeleteහුඟක් ස්තූතියි සහෝ.. ඒක නම් ඇත්ත ලියන්නේ නැතුව ටික දවසක් හිටියහම නිකම්ම කම්මැලි වෙනවා...
Deleteපරක්කු වෙලා හරි ඇවිත් සුබ පතනවා තුශා දිගටම ලියන්න
ReplyDeleteසුබ පැතුම් වලට බොහොමත්ම ස්තූතියි ශානු..
Delete