Wednesday, September 3, 2014

ඔපීසියේ රස කතා - (2)

ඔපීසියේ රස කතා කියවන්න වැඩිදෙනා කැමති නිසා ඔන්න තවත් රස කතාවක් ලියන්න හිතුවා.. :) ඉතින් මුල් කතා දෙක කියවන්න බැරි වුන කෙනෙක් ඉන්නව නම් මෙන්න මෙතනින් ගිහින් ඒකත් කියවලා එන්නකෝ..



අපේ ඔපීසිය විදේශීය රටවල් එක්ක ගණුදෙනු කරන ආයතනයක් කියලා මම කලින් කිව්වනේ. ඒ නිසා එක එක වැඩ වලට නිතර සුදු මහත්තුරු ඔපීසියට යන එන එක ලොකූ අමුත්තක් නෙවෙයි.

ඉතින් ඒ යන එන වෙලාවට අපිටත් ඔය ටොපි චොකලට් බැග් එකක් එහෙම ගේන්න සමහර අය නම් අමතක කරන්නේ නෑ.. හප්පේ එතකොට ඉතින් අපිට හරි සතු‍ටුයිලු. බැරි වෙලාවත් ඒ ටොපි චොකලට් බැග් එක ලැබුන කෙනා තුශානි එහෙම වුනොත්, එතකොට තුශානිට කට්ටියගෙන් සැලකිලි ගොඩයි.. පාර්සලය උස්සගෙන යන්න, ‍රැපින් එක ගලවන්න, බෙදන්න කට්ටියගෙන් හරි උදව්.. :D හැබැයි ලැබෙන දේ ටිකක් හුරු පුරුදු නැති පිට රට කෑමක් නම් ඒක මුලින්ම රස බලන්න කෙනෙක් හොයාගන්න ටිකක් අමාරු වෙන දවසුත් නැතුවම නෙවෙයි. මොකද නොදන්න කෑම කාලා එක එක අකරතැබ්බ වලට මුණදීපු අවස්ථා අපේ ඔපීසි ඉතිහාසේ ඕන තරම් තියෙනවා. ඒ නිසා ඒ වගේ දෙයක් කවුරුහරි රස බලලා තත්වේ කොහොමද කියලා බලලා තමයි අනිත් අය කන්න පටන් ගන්නේ.. ඔන්න දැන් තුශානිට හම්බවෙන ඒවා අපිටත් ඕනේ කියන්න ඔට්‍ටු නෑ ..

හරි හරි දැන් කතාව අහන්නකෝ..

පරා ගැනයි ජගා ගැනයි කතා දෙකක් කිව්ව නිසා අද කියන්නේ සරා ගැන කතාවක්. 


සාමාන්‍යයෙන් ඔපීසියට සුදු මහත්තුරු ආවහම ගණුදෙනුවට සම්බන්ද සාකච්ඡා තියෙන එක තමයි කෙරෙන්නේ.. අදාල අය ඒකට සම්බන්ද වෙලා පැය කාලේ ඉඳලා මුළු දවසම වෙනකන් වුනත් සාකච්ඡා තියෙන වෙලාවල් තියෙනවා. 

එදත් ගණුදෙනුවක් කතා කරගන්න සුදු මහත්තුරු දෙන්නෙක් අපේ ඔපීසියට අවා. වෙලාවට කලාවට වැඩේ කෙරෙන්න ඕනේ නිසා අපේ කට්ටියත් අමාරුවෙන් වුනත් කියපු වෙලාවටම සාකච්ඡාවට සහභාගි වුනා.

" මේ බොස් අනිත් මීටින් එකේ ඉඳලා එන්න ටිකක පරක්කු වෙනවලු.. බොස් එනකන් අපිට මේ දෙන්නත් එක්ක කතා කර කර ඉන්නලු.. "   බොස්ගෙන පණිවිඩයක් අරන් අපේ එක්කෙනෙක් එතනට කියාගෙන වා. 

මොනව කරන්නද සුදු මහත්තුරු දෙන්න හිනා වෙලා ඔළුවත් නමලා ආචාර කරාට පස්සේ ආපහු හැරිලා යන්නයැයි. කට්ටියම දත් 32 ම පෙන්නලා හිනාවෙලා ඔළුවත් නමලා ආචාර කරලා මේසේ වටේට වාඩි වුනා. 

"හපොයි බොස් එනකන් ඉතින් මුණුත් එක්ක කතා කරකර ඉන්න එපැයි" සුදු මහත්තුරුත් එක්ක හොඳට හිනාවෙලා සාරා කට්ටියටම ඇහෙන්න සිංහලෙන් කිව්වා.. 

ෂ්.. කෑ ගහන්න එපා මෙයාලා මොනාහරි හිතයි.. එක්කෙනෙක් කිව්වා.

"පිස්සුද .. සිංහලෙන් කියන ඒවා මෙයාලට තේරෙනවද " කියලා සරා සුදු මහත්තුරුන්ට එක එක දේවල් කිව්වා. කියපු දේවල් වලට කට්ටියටම හොඳටම හිනා. එත් ඉතින් හිනා වෙන්නයැ. අපිත් ඉතින් හිනා නොවී අමාරුවෙන් ඉන්නවා  සුදු මහත්තුරු මොනාහරි හිතයි කියලා

සුදු මහත්තුරු දෙන්නත් ගෙනත් දීපු ශ්‍රී ලංකන් ටී වල රස බල බල අපිත් එක්කත් හිනා වෙලා දැන් ඉන්නවා. 


ඔන්න ඉතින් ටික වෙලාවකට පස්සේ අපේ බොස් කඩිමුඩියේ ආවා..
"හෙලෝ මිස්ටර් xxxxx  නයිස් ‍ටු සී යු... " කියලා සුදු මහත්තුරු දෙන්නටත් ආචාර කරලා කතාව පටන් ගත්තා.

මේ ඔයාලා දන්නවද මේ මහත්තුරු දෙන්නා නිතර ලංකාවට යන එන අය. මීට කලින් අපේ ඔ‍ෆිස් එකට ඇවිත් නැති වුනාට අපේ අනිත් ආයතනේ හුඟක් වැඩ වලට ඇවිත් තියෙනවා. කොච්චර ලංකාව පුරුදුයි ද කියනව නම් හොඳට සිංහල තේරේනවා.. 

සුදු මහත්තුරු දෙන්නත් හිනා වෙලා ඔළුව වනනවා. 

කට්ටියටම හීන් දාඩිය දාන්න ගත්තා.. විශේෂයෙන් සරාට.. මොකෝ වෙච්චි දේ බොස්ට කියන්නැයි.. 

"ඇයි දෙයියනේ මේ විස්තර බොස් අපිට කලින් කිව්වේ නැත්තේ.. " සරා එහෙම කිව්වේ නෑ.. ඒත් අනිවාර්යයෙන්ම එහෙම හිතෙන්න ඇති කියලා සරාගේ මූණ දැකපු අපි හැමෝටම හිතුනා. 

අනිත් එක සුදු මහත්තුරු වෙච්චි දේ බොස්ට කියන්න ගත්තෝත් විනාසයක් වෙන්නේ.. කට්ටියම එක එක්කෙනාගේ මුණු බල බල හිතින් හිත හිත හිටියේ. 

කොහොමින් කොහොමහරි බොස්ගේ පරක්කුව නිසා බොස්ම වැඩේට මුල් වෙලා සාකච්ඡාව කරගෙන ගිහින් අවසානයට ලඟා වුනා.

බොස් ඉස්සරහ සමාව ගන්නත් බැරි නිසා අපේ කට්ටියත් මුකුත් නොවුන ගානට වැඩේට ඕන කරන තොරතුරු දීලා වැඩේ ඉක්මනටම ඉවර කරගත්තා.

අනේ ඉතින් සුදු මහත්තුරු දෙන්නත් කිසිම අමනාපයක් පෙන්නනේ නැතුව වැඩේට සම්බන්ද වෙලා ගෙනාපු ටොපි චොකලට් පාර්සලේත් දීලා යන්න ගියා. අන්න ඒ වෙලේ තමයි කට්ටියටම යන්තම් නිදහසේ හුස්මක් ගන්න පුළුවන් වුනේ.  සරා
කොහොම ඇතිද කියලා හිතා ගන්න පුළුවන්නේ.

කොහොමින් කොහොම හරි යන්තම් ඉතින් එදා වැඩේ දි කිසිම ප්‍රශ්ණයක් වුනේ නෑ.. ඒත් ඉතින් එදයි පස්සේ නම් සුදු මහත්තුරු ඉස්සරහදි එයාලට මුකුත් කියන්න සරා තියා වෙන කෙනෙක් වත් හිතුවෙ වත් නෑ.. හි හි.. ඔන්න ඕවා ඔයාලටත් හොඳ පාඩම්.


31 comments:

  1. සරා ගේ මූණ කෝම තියෙන්න ඇතිද ?හැක් ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ... ඒදා තිබුන මුණ නම් අපිට කවදාවත් අමතක වෙන එකක් නෑ.. හි.. හි..

      Delete
  2. සරා ගොයියා හරි මිනිහා , ඔය වැඩේ නම් ගොඩක් වෙලාවට වෙනවා, මොකද දැන් නිතර ලංකාවට එන විදේශිකයෝ සිංහල ගොඩක් වෙලාවට දන්නවා . අඩු ගානේ උන්ට බනින ටිකවත් කොහොම හරි ඉගෙන ගෙන තමයි ඉන්නේ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත කතා කරන්න බැරි වුනත් කියන දේ තේරුම් ගන්න තරම් හරි දැනුමක් හුඟක් අයට තියනවා..

      Delete
  3. ඒ කතාවනම් මරු. මං හිතුවෙම සුද්ද සරාගේ ඉල කැඩෙන වැඩක් අන්තිමේදී හරි කරයි කියල. කොහොමද සිංහලෙන් රිප්ලයි කලානම්. හැක්!

    ReplyDelete
    Replies
    1. :) මොනවගේ ප්‍රතිචාරයක් ලැබෙයිද කියලා අපිත් හිතා ගන්න බැරුව හිටියේ.. මොනා වුනත් සුදු මහත්තුරු දෙන්න කිසිම ප්‍රශ්ණයක් ඇති වෙන දෙයක් කලේ නැති එක අපි අගය කරනවා..

      Delete
  4. අපොයි බං අපටත් ඉස්කෝලේ යන දවස් වල ඔහොම සීන් එකක් උනා.. සුද්දෙක් ආවා වැඩමුළුවකට.. අපි සුද්දට හොද කුනුහරුප කිය කිය හිටියා.. මේකා පස්සෙන් ඇවිත් පිටට තට්ටුවක් දාලා අහනවා..

    “මල්ලි... බොලාගේ පින්සිපල් කාරයා කෝ“ කියලා.. හැක්

    ReplyDelete
    Replies
    1. හපොයි... එහෙනම් ප්‍රින්සිපල්ගෙන් කට්ට්යට හොඳට හම්බ වෙන්න ඇති නේද ... :D

      Delete
    2. අපෝ මේ දේශා සුද්දෝ දන්නෙත් නැහැ ලංසි අයියලා දන්නෙත් නැහැනේ..:D

      Delete
  5. 1990 දශකයේ මැද භාගයේදී ඇමරිකන් හමුදාවෙන් නියෝජිතයන් ආවා අපිට උපදෙස් දෙන්න. වවුනියාවේ මහ කැලයක් ඇතුලේ සාකච්ඡාවකට ආව ඒ නියෝජිත පිරිස දැකලා අපේ එක්කෙනෙක් කිව්වා මචං යන්න කලින් මේ......ගෙ පුතාලට හොඳ හුප්පද ටිකක් උගන්නලා අරිමු. මුන් සිංහල දන්නේ නැහැනේ කියලා. ඒක අහගෙන හිටපු එකෙක් උත්තර දුන්නා we know some basic Sinhala කියලා.

    අපි හිතනවාට වඩා උන් දියුණුයි.

    ReplyDelete
    Replies
    1. හි.. හි.. ඔව්... අපි හිතනවට වඩා එයාල හරි දියුණුයි..

      Delete
  6. ඔන්න ඔන්න අපිට කොළේ වහනවා...මේක මේ තුශානිටම වුණු දෙයක්ද කොහෙද...තුශානිගෙත් කට හොඳ නෑනෙ නේද...හහ්..හහ්...ඒකට අර අහිංසකයෙක් අහු කරා නේ...හා..හා..කමක් නැතෝ...ඒක නෙවෙයි...දැන් ඉන්න විදේශිකයෝ ඉස්සෙල්ලම ඉගෙන ගන්නෙ අපේ භාෂාවෙ තියන කුණුහරුප ටික...ඇයි උන් දන්නවනේ අපි උන්ට නොතේරෙන්න කුණුහරුපෙන් ජෝක් කරන බව...

    ReplyDelete
    Replies
    1. අයියෝ ... ඔයාලත් එක්ක බෑනේ ඉතින්.. ඔන්න සරා වගේ වෙන්න නම් තුශානිට තව සෑහෙන කාලයක් පුරුදු වෙන්න වෙයි.. :D

      කොහොමත් අපි වුනත් කවුරුහරි වෙන භාෂාවකින් කතා කරනකොට, එයාලා කියන්නේ මොනාද කියල දැන ගන්න ඕනේ කියලා හිතනවනේ.. ඒ වගේ තමයි..

      Delete
  7. අපේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා...කෝච්චියේ තමා අපි ට්‍රිප් එකක් ගියත් යන්නේ....ඔන්න ඉතින් ලංකාවේ අය නැති පෙට්ටියක් බලලම ඉද ගත්තා කියමුකෝ....පිස්සු කතා තමා කියවන්නේ ඔන්න ටිකක් ඩබල් මීනින් කතා යද්දි මායි මගේ යාලුවයි"අනේ අයියා වදින්නම් " කිව්ව ගමන් අනිකා හිනා වෙලා දිවට බ්‍රේක් ගහනවා....මේ ඉතාලිකාරයෝ හෙම සිංහල දැනන් හිටියා නම් අපිට වැලේ වැල් නෑ එල්ලෙන්න හිකිස්

    ReplyDelete
    Replies
    1. හි.. හි.. ඉතාලියේ දැන් සෑහෙන්න සිංහල අය ඉන්න නිසා ඉතාලි මිනිස්සුත් ටිකක් සිංහල දන්නවා වෙන්න පුළුවන්.. පරිස්සමින් හොඳේ.. :D

      Delete
  8. කිව්වට පස්සේ ආයේ මැරෙන්න යැ.....!

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් නිමෝ.. :) කාලෙකින් දැක්කේ.. සතු‍ටුයි මේ පැත්තට ඇවිත් යන්න ආවට..

      Delete
  9. මම නං කතාකරද්දී හොඳට හිතල කතාකරන්නේ ඔහොම දේවල් වෙලා පාඩම් ඉගෙනගෙන තියෙන නිසයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. සුදු මහත්තුරුත් එක්ක වැඩ කරන නිසා හැලපතුමාටත් මේ වගේ අත්දැකීම් හුඟක් ඇති..

      Delete
  10. හෙහ් ඒකනේ මම ඉතාලි කාරයන්ට සිංහල දැනෙන්නවත් තියන්නේ නැත්තේ..

    ReplyDelete
    Replies
    1. ඉතාලියේ සිංහල අය හුඟක් ඉන්න නිසා අන්න දැන් එයාලා සිංහල ඉගෙන ගන්නවලු.. :D

      Delete
  11. මට මැවිල පේනව
    පරණ ටාට බස් එක්කට අහුවෙච්ච දෙහි ලෙල්ලක් වගේ මූණක්...
    හිහික්

    ReplyDelete
    Replies
    1. හි.. හි... හරියටම හරි.. ඒ වගේ මූණක් තමයි තිබුනේ.. :D

      Delete
  12. හෙක් හෙක් අපේ මාමටත් ඔහොම දෙයක්ක් උනා, එච්චර ඕන නෑ අපේ ඉස්කෝලේ o/l පන්තියට ආවා මුස්ලිම් ළමයෙක්, මේකාගේ නම මතක නැතිව ඉතිහාසේ මිස් ඇහුවා එයාගේ නම මොකක්ද කියලා, අපේ හිටපු අමනම එකෙක් කියපි මිස් එයාගේ නම කොනකපාල කියලා, මිස්ට නම් තේරුනේ නා, එත් අපිට නම් හිනා,

    මාමට උනී කට්ටියම ගියා සොභාවික විද්‍යා කටු ගේ බලන්න, ඔන්න පුලුම් පුරවපු තඩි මීහරක් දෙන්නෙක් ළඟ ඉන්නවා සුද්දෙකුඉ දුද්දියකුඉ, අපේ මාමා කියපි අන්න බලාගන්න සුදු මීහරක් බානක් කියලා, සුද්ද කියපි මී හරකා කලුයි නේද කියලා. :D

    ReplyDelete
  13. අපේ ඔෆිස් එකටත් නිතරම එනවා ඉන්දියාවෙන් සුද්දෝ.(සුද්දෝ කීවාත් උන් ඇවිල්ලා ඉන්දියන්කාරයෝම තමයි.පොදුවේ තමයි සුද්දෝ කියලා කියන්නේ .:D)

    එක පාරක් ඔහොම ආපු ඉන්දියන්කාරයෙක්ට අපේ අය කුණුහරුප උගන්වලා මරු කේස් එකක් වෙලා තිබුනා.

    ReplyDelete
    Replies
    1. ඉන්දියන් අය ටිකක් ලංකාවේ අය වගේ නිසා ලංකාවේ අය කියලා හිතලා අකරතැබ්බ එහෙම වෙලා නැද්ද ? අපේ ඔපීසියේ ඒවගේ වෙන අකරතැබ්බත් ගොඩයි..

      Delete
  14. ඉස්කෝලෙ කාලෙ වගේ සුන්දර අද්දැකීම් වැඩ කරන තැන්වල තියෙද්දි සුන්දර යි තමා....

    ReplyDelete
    Replies
    1. ඔව්... අපි හැමෝගෙම හොඳම කාලේ ඉස්කෝලේ ගිය කාලේනේ.. ආපහු ඒ කාලේට ගියා වගේ තමයි දැනෙන්නේ..

      Delete
  15. සිංගප්පූරුවෙ ගාමිණී විලාවෙ හිටිය කාලෙ සුපර් මාකට් වල කැෂියර් නංගිලා ලගටම ගිහිල්ලා ඒ අයගෙ රූ වරුනාව සිංහලෙන් කරපු විදිය තමයි මතක් උනේ....අනේ ඒ නංගිලත් හිනාවෙලා ඉතිරි සල්ලි දුන්නා.

    ReplyDelete
    Replies
    1. හි..හි.. හොඳ වෙලාවට එහෙනම් එයාලා සිංහල දැනගෙන හිටියේ නැත්තේ... : D

      Delete

Related Posts Plugin for WordPress, Blogger...