වලා පටලක් ගමන් ගත් ලෙස
දසුන් බොඳකර දෙනයනේ
පියාපත් තෙත බරිත වු ලෙස
දැවටි දැවටී ඇහි පියේ
උල්පතක දිය මතුවනා ලෙස
සැනින් මතුවි නෙත් ඉමේ
දසුන් බොඳකර දෙනයනේ
පියාපත් තෙත බරිත වු ලෙස
දැවටි දැවටී ඇහි පියේ
උල්පතක දිය මතුවනා ලෙස
සැනින් මතුවි නෙත් ඉමේ
දෝරේ ගලනා දිය කඳක් ලෙස
දෙකොපුලෙන් රූටා වැටේ
දෙකොපුලෙන් රූටා වැටේ
දරන්නට බැරි මහමෙරක් ලෙස
නෙතු පියන් දෙක තෙරපමින්
ගිලිහිලා එන වැහි පොදක් ලෙස
සරයි ඔබ මොබ වත්සුනු වතේ
නෙතු පියන් දෙක තෙරපමින්
ගිලිහිලා එන වැහි පොදක් ලෙස
සරයි ඔබ මොබ වත්සුනු වතේ
සිහිල දුන්නත් පිණි පොදක් ලෙස
තුටින් පිරිපුන් නෙත් කොනේ
දුක සමග උණු කඳුලු බිදු ලෙස
නැගෙයි ගිනි දැල්ලක් ලෙසේ
නැගෙන ලතැවුල් රළ පෙළක් ලෙස
එකින් එක පෙළ ගැහි ගැහී
වෙරළ ඒ හැම දරනවා ලෙස
කඳුල බර කර පින්නාගෙනේ
තුටින් පිරිපුන් නෙත් කොනේ
දුක සමග උණු කඳුලු බිදු ලෙස
නැගෙයි ගිනි දැල්ලක් ලෙසේ
නැගෙන ලතැවුල් රළ පෙළක් ලෙස
එකින් එක පෙළ ගැහි ගැහී
වෙරළ ඒ හැම දරනවා ලෙස
කඳුල බර කර පින්නාගෙනේ
හැමූවත් සැඩ සුළං රළු ලෙස
බිඳෙන් බිඳ බාදාවන් මතින්
නොදැන නොහැගෙන අජීවී ලෙස
සිටිය හැකිදෝ කඳුලට නෑවිදින්...
බිඳෙන් බිඳ බාදාවන් මතින්
නොදැන නොහැගෙන අජීවී ලෙස
සිටිය හැකිදෝ කඳුලට නෑවිදින්...
හරිම අපුරුයි තුශා ඔන්න මාත් ලිව්වා හිතට ආව පද දෙක තුනක්
ReplyDelete"හිතට දැනුනම දුක් සෝ සුසුම් මැද
විටක හිතම වටකර සතුටු සැනසුම්
සිරාවට නොව ධමනියට
ගලයි පලාගෙන නෙත් පියන්
කදුලැල් ඉතින් නොදැනේ කෙලෙස
නවතම්ද මේ කදුළු බිදු වැල්
වැට කඩුළු හෝ බදවා..,.
විටක කදුලත් විශ්මිතයි ලොව
හැගුම් වල බර කදුළු මත රැදුනු හින්දා"
හුඟක් ස්තූතියි ශානු... ඔයාගේ හිතට ආපු පද පෙලි ටිකත් අපූරුයි..
Deleteසරා වන පෙත්
ReplyDeleteනෙලා පල වැල
ගෙනා වත් සැන්දෑ යමේ
කොහේ වත් නැහැ
මගේ සොදුරිය
කවන්නට පෙන්වා රසේ..
පේන මානයේ සොඳුර සිටිදැයි දෑස ආයාසෙන් බලා...
Deleteනොමැති හින්දා නෙතින් කඳුලැලි දෝරේ ගැලුවා
පුරුදු සෙනෙහස සොය සොයා...
ඔන්න මමත් කොටසක් එක්කලා .. ස්තූතියි මේ පැත්තට ගොඩවුනාට ...
තුශානිගෙන් බොහොම සාර්ථක නිර්මාණයක්. ගීයකටත් කදිමයි. ඇත්තෙන්ම විධග්ද ලෙස නිමවා තිබෙනවා. විශිෂ්ඨයි.
ReplyDeleteඅහම්බෙන් බොහොම කෙටි කාලේකදි ලියවුනු පද වැල් ටිකක් මේ.. අගය කලාට බොහොමත්ම ස්තූතියි..
Deleteලස්සනයි ඒත් දුකයි...
ReplyDeleteමක්කද මේ...
හපොයි
:) සතුටෙදි හිනා වෙනවා වගේම දුකේදි කඳුලට මුහුණ දෙන එකටලුනේ ජීවිතේ කියන්නේ..
Deleteවතුරයි කදුළු එන්නේ නෙතු අගින් ගලා
ReplyDeleteඋතුරයි ලය පල්ලේ දුක වාවා කීරී ගසා
මතුරයි තොලග ඉකි බිදුම්ක හඬක් නගා
චතුරයි කදුල නුඹ මා හඬවා සතුට නසා
එන දල කඳුළු වල නිම් හිම් නොමැත නෙතින්
සැන සුම් මග හැඬුම පමණකි නොවේද ඉතින්
ගන අදුරුය තුන් ලෝකෙම හැඟෙන සිතින්
මොන කරුමයද ගෙවන්නේ මේ මෙමා විසින්
සතුටක් උරුම මගේ නෙත් දෙක අද වියැකි ගිසින්
කදුලක් උනන්නේ ඒ නෙතු කවදාකද සතුටු සිතින්
මෙතුවක් කලක් ඉදින් තනිවම මා හැඬවූ ලේසින්
කදුලක් උනාලා හඬවාපන් මා නෙතු සතුටු වෙසින්
හිතට දැනුනු පද පේලි ටිකක්.. හරිම අපූරුයි... :)
Deleteහරිම ලස්සනයි තුශානි ( නෑ..නෑ තුශානි නෙවෙයි ඔයාගෙ කවිය හහ්...හහ්... )...හරිම හැඟුම්බර සංවේදීබවක් තියෙනවා...කාලෙකින් ඔයාගෙ මේ වගේ නිර්මාණයක් දැක්කෙ....ගොඩක් සාර්ථකයි...සුබ පැතුම්...
ReplyDeleteඑතකොට මම ලස්සන නැද්ද :(
Deleteඅගය කලාට බොහොමත්ම ස්තූතියි...
අලෙමන්දා
ReplyDeleteඔව් අලේ... අහ්.. සොරි සොරි ඔව් මැලේ... :D
Deleteතුශානිගේ කවිපෙලට කවිවලින්ම උත්තරයක් ලියන්න බැලුවට හරිගියෙ නෑ.අපූරු කවිපෙළක් කියල කියන්නං.
ReplyDeleteබොහොමත්ම ස්තූතියි හැලපතුමා... පස්සේ හරි කවි පේලි ටිකක් මතක් වුනොත් ලියලා යන්න එන්නකෝ..
Deleteඔය ලස්සන ඇස්දෙකේ අයි මේ කඳුළු...
ReplyDeleteජ ය වේ වා !!
ලස්සන ඇස් වලටත් කඳුලු එනවලු විදානේ..
Deleteස්තූතියි මේ පැත්තට ගොඩ වෙලා යන්න ආවට ..
මරු මරු.. ලස්සන කවි ටික..
ReplyDelete:) තැන්කූ තැන්කූ දිනේෂ්...
Deleteනගාගෙන් කවියක් කියෙව්වමද මන්දා...මොකදෑ හදිස්සියෙ දුක්බර වෙලා...හේතුවක් නැතුව යන්න බෑ....කියලයි අක්මාවට දැනෙන්නෙ.
ReplyDeleteම්.. කවි කීපයක් කලින් ලිව්වා..ඉඩ කඩ තියෙන වෙලාවක ඇවිත් කියවන්නකෝ...
Deleteසිරා අයියගේ අක්මාවටත් දැනෙන දේවල්.. :)
ජීවිතේදී දුක සතුට දෙකටම මුහුණු දෙන්න වෙනවනේ..
අමතක කරන්න බැරි මතකයන් අතරේ
ReplyDeleteඔබ සිහිවන විට නෙතු කඳුළු පිරේ
සඟවා ගන්න හැදුවත් හොරෙහින් රහසේ
බැරි තැන හඬමි ලොවටම පෙනෙනා විලසේ
:) ස්තූතියි.. පද පේලි ටිකක් එක් කරලා කඳුලු ගැන කියන්න මේ පැත්තට ගොඩ වුනාට ...
Deleteකඳුළු දෙන්න මට හඬන්න
ReplyDeleteසත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න
සක්වල ගල සසළ වන්න//
හිත උපන්න ආලවන්ත
ඒ රුව කෝ මට කියන්න
මගේ තනියට මා පමණයි
ඇය එවන්න මා බලන්න
කඳුළු දෙන්න මට හඬන්න...
ලිහිණියනේ පියාඹන්න
ඇය ඇති තැන සොයා යන්න
මා මිය යන බව පවසා
ඇය එවන්න මා බලන්න
කඳුළු දෙන්න මට හඬන්න..
ගායනය - සුනිල් එදිරිසිංහ
ගී පද - ජයරත්න ගමගේ
සංගීතය - රෝහණ වීරසිංහ
බොහොම සරල වචන ටිකක් ඇතුලේ කොයි තරම් නම් අරුතක් හැංගිලා තියෙනවද..
Deleteස්තූතියි මේ පැත්තට ගොඩවුනාට ..