Thursday, September 11, 2014

සිටිය හැකිදෝ කඳුලට නෑවිදින් ...





වලා පටලක් ගමන් ගත් ලෙස
දසුන් බොඳකර දෙනයනේ
පියාපත් තෙත බරිත වු ලෙස
දැවටි දැවටී ඇහි පියේ

උල්පතක දිය මතුවනා ලෙස
 
සැනින් මතුවි නෙත් ඉමේ
දෝරේ ගලනා දිය කඳක් ලෙස
දෙකොපුලෙන් රූටා වැටේ

දරන්නට බැරි මහමෙරක් ලෙස
නෙතු පියන් දෙක තෙරපමින්
ගිලිහිලා එන වැහි පොදක් ලෙස
සරයි ඔබ මොබ  වත්සුනු වතේ

 සිහිල දුන්නත් පිණි පොදක් ලෙස
තුටින් පිරිපුන් නෙත් කොනේ
දුක සමග උණු කඳුලු බිදු ලෙස
නැගෙයි ගිනි දැල්ලක් ලෙසේ

නැගෙන ලතැවුල් රළ පෙළක් ලෙස
එකින් එක පෙළ ගැහි ගැහී
වෙරළ ඒ හැම දරනවා ලෙස
කඳුල බර කර පින්නාගෙනේ

හැමූවත් සැඩ සුළං රළු ලෙස  
බි‍ඳෙන් බිඳ බාදාවන් මතින්
නොදැන නොහැගෙන අජීවී ලෙස
සිටිය හැකිදෝ කඳුලට නෑවිදින්...  



26 comments:

  1. හරිම අපුරුයි තුශා ඔන්න මාත් ලිව්වා හිතට ආව පද දෙක තුනක්

    "හිතට දැනුනම දුක් සෝ සුසුම් මැද
    විටක හිතම වටකර සතුටු සැනසුම්
    සිරාවට නොව ධමනියට
    ගලයි පලාගෙන නෙත් පියන්
    කදුලැල් ඉතින් නොදැනේ කෙලෙස
    නවතම්ද මේ කදුළු බිදු වැල්
    වැට කඩුළු හෝ බදවා..,.
    විටක කදුලත් විශ්මිතයි ලොව
    හැගුම් වල බර කදුළු මත රැදුනු හින්දා"

    ReplyDelete
    Replies
    1. හුඟක් ස්තූතියි ශානු... ඔයාගේ හිතට ආපු පද පෙලි ටිකත් අපූරුයි..

      Delete
  2. සරා වන පෙත්
    නෙලා පල වැල
    ගෙනා වත් සැන්දෑ යමේ
    කොහේ වත් නැහැ
    මගේ සොදුරිය
    කවන්නට පෙන්වා රසේ..

    ReplyDelete
    Replies
    1. පේන මානයේ සොඳුර සිටිදැයි දෑස ආයාසෙන් බලා...
      නොමැති හින්දා නෙතින් කඳුලැලි දෝරේ ගැලුවා
      පුරුදු සෙනෙහස සොය සොයා...

      ඔන්න මමත් කොටසක් එක්කලා .. ස්තූතියි මේ පැත්තට ගොඩවුනාට ...

      Delete
  3. තුශානිගෙන් බොහොම සාර්ථක නිර්මාණයක්. ගීයකටත් කදිමයි. ඇත්තෙන්ම විධග්ද ලෙස නිමවා තිබෙනවා. විශිෂ්ඨයි.

    ReplyDelete
    Replies
    1. අහම්බෙන් බොහොම කෙටි කාලේකදි ලියවුනු පද වැල් ටිකක් මේ.. අගය කලාට බොහොමත්ම ස්තූතියි..

      Delete
  4. ලස්සනයි ඒත් දුකයි...
    මක්කද මේ...
    හපොයි

    ReplyDelete
    Replies
    1. :) සතුටෙදි හිනා වෙනවා වගේම දුකේදි කඳුලට මුහුණ දෙන එකටලුනේ ජීවිතේ කියන්නේ..

      Delete
  5. වතුරයි කදුළු එන්නේ නෙතු අගින් ගලා
    උතුරයි ලය පල්ලේ දුක වාවා කීරී ගසා
    මතුරයි තොලග ඉකි බිදුම්ක හඬක් නගා
    චතුරයි කදුල නුඹ මා හඬවා සතුට නසා

    එන දල කඳුළු වල නිම් හිම් නොමැත නෙතින්
    සැන සුම් මග හැඬුම පමණකි නොවේද ඉතින්
    ගන අදුරුය තුන් ලෝකෙම හැඟෙන සිතින්
    මොන කරුමයද ගෙවන්නේ මේ මෙමා විසින්

    සතුටක් උරුම මගේ නෙත් දෙක අද වියැකි ගිසින්
    කදුලක් උනන්නේ ඒ නෙතු කවදාකද සතුටු සිතින්
    මෙතුවක් කලක් ඉදින් තනිවම මා හැඬවූ ලේසින්
    කදුලක් උනාලා හඬවාපන් මා නෙතු සතුටු වෙසින්

    ReplyDelete
    Replies
    1. හිතට දැනුනු පද පේලි ටිකක්.. හරිම අපූරුයි... :)

      Delete
  6. හරිම ලස්සනයි තුශානි ( නෑ..නෑ තුශානි නෙවෙයි ඔයාගෙ කවිය හහ්...හහ්... )...හරිම හැඟුම්බර සංවේදීබවක් තියෙනවා...කාලෙකින් ඔයාගෙ මේ වගේ නිර්මාණයක් දැක්කෙ....ගොඩක් සාර්ථකයි...සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. එතකොට මම ලස්සන නැද්ද :(

      අගය කලාට බොහොමත්ම ස්තූතියි...

      Delete
  7. Replies
    1. ඔව් අලේ... අහ්.. සොරි සොරි ඔව් මැලේ... :D

      Delete
  8. තුශානිගේ කවිපෙලට කවිවලින්ම උත්තරයක් ලියන්න බැලුවට හරිගියෙ නෑ.අපූරු කවිපෙළක් කියල කියන්නං.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි හැලපතුමා... පස්සේ හරි කවි පේලි ටිකක් මතක් වුනොත් ලියලා යන්න එන්නකෝ..

      Delete
  9. ඔය ලස්සන ඇස්දෙකේ අයි මේ කඳුළු...

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. ලස්සන ඇස් වලටත් කඳුලු එනවලු විදානේ..

      ස්තූතියි මේ පැත්තට ගොඩ වෙලා යන්න ආවට ..

      Delete
  10. මරු මරු.. ලස්සන කවි ටික..

    ReplyDelete
    Replies
    1. :) තැන්කූ තැන්කූ දිනේෂ්...

      Delete
  11. නගාගෙන් කවියක් කියෙව්වමද මන්දා...මොකදෑ හදිස්සියෙ දුක්බර වෙලා...හේතුවක් නැතුව යන්න බෑ....කියලයි අක්මාවට දැනෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ම්.. කවි කීපයක් කලින් ලිව්වා..ඉඩ කඩ තියෙන වෙලාවක ඇවිත් කියවන්නකෝ...

      සිරා අයියගේ අක්මාවටත් දැනෙන දේවල්.. :)
      ජීවිතේදී දුක සතුට දෙකටම මුහුණු දෙන්න වෙනවනේ..

      Delete
  12. අමතක කරන්න බැරි මතකයන් අතරේ
    ඔබ සිහිවන විට නෙතු කඳුළු පිරේ
    සඟවා ගන්න හැදුවත් හොරෙහින් රහසේ
    බැරි තැන හඬමි ලොවටම පෙනෙනා විලසේ

    ReplyDelete
    Replies
    1. :) ස්තූතියි.. පද පේලි ටිකක් එක් කරලා කඳුලු ගැන කියන්න මේ පැත්තට ගොඩ වුනාට ...

      Delete
  13. කඳුළු දෙන්න මට හඬන්න
    සත් සමුදුරු ගොඩ ගලන්න
    සුසුම් දෙන්න මට හෙලන්න
    සක්වල ගල සසළ වන්න//

    හිත උපන්න ආලවන්ත
    ඒ රුව කෝ මට කියන්න
    මගේ තනියට මා පමණයි
    ඇය එවන්න මා බලන්න

    කඳුළු දෙන්න මට හඬන්න...

    ලිහිණියනේ පියාඹන්න
    ඇය ඇති තැන සොයා යන්න
    මා මිය යන බව පවසා
    ඇය එවන්න මා බලන්න

    කඳුළු දෙන්න මට හඬන්න..


    ගායනය - සුනිල් එදිරිසිංහ
    ගී පද - ජයරත්න ගමගේ
    සංගීතය - රෝහණ වීරසිංහ

    ReplyDelete
    Replies
    1. බොහොම සරල වචන ටිකක් ඇතුලේ කොයි තරම් නම් අරුතක් හැංගිලා තියෙනවද..

      ස්තූතියි මේ පැත්තට ගොඩවුනාට ..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...