Monday, March 27, 2017

121. නෙළුම් යායේ නෙළුම් පොහොට්ටුව ...

ලස්සනට පිපිලා ලෝකයම සුවඳවත් කරන නෙළුම් මල් යායක පුංචි නෙළුම් මල් පොහොට්ටුවක් වෙන්න අවස්ථාවක් ලැබුනොත්, එක කොයි තරම් භාග්‍යයක්ද..

ඉතින් පහුගිය 25 වෙනිදා තුශානිටත් ඒ නෙළුම් යායේ පරිනත නෙළුම් මල් අතරේ පුංචි නෙළුම් කැකුලක් වෙන්න අවස්ථාව උදා වුනා ...

" පුංචි කැකුළු මල්"  එහෙමත් නැත්තම්  " Little Flower Buds " රූපයෙන් නෙළුම් පොහොට්ටුවක් විදිහට අහම්බෙන් බ්ලොග් අවකාශයට ආව තුශානි මේ වගේ ගමනක් එන්න ලැබෙයි කියලා නම් කොහොමටවත්ම බලාපොරොත්තු වුනේ නෑ. ඉතින් ආපහු හැරිලා බලනකොට හරිම සතුටුයි. 




හරි අපූරුවට සංවිධානය වුන දැවැන්ත වේදීකාවක පරිනත බ්ලොග්කරුවන් බ්ලොග්කාරිනියන් අතරේ සම්මානයක් ගන්න ලැබීම සැබවින්ම ජීවිතයේ අමරණීය අවස්ථාවක්. 

කාලීන සංවාද අංශය යටතේ තුශානි ලියපු පොත් කියවීම සහ පොත් ඇහීම -  http://littleflowerbuds.blogspot.com/2016/09/115.html  පෝස්ට් එක වෙනුවෙන් තෙවන ස්ථානය ලබා ගන්න නෙළුම් යාය සම්මාන උළෙලෙදී තුශානිට අවස්ථාව උදා වුනා.




ඉතින් ඒ සම්මානයේ කොටස්කරුවො තමයි, පුංචි කැකුළු මල් ගොමුව වෙත ආගිය, අදහස් දීලා අඩු පාඩු පෙන්නපු, දිරිමත් කරපු ඔයාලා හැමෝම. එවැනි අදහස් දිරි ගැන්වීම් නොවන්නට මේ තරම් දුර බ්ලොග් අවකාශයේ තුශානි නොරැදෙන්නට තිබුනා. ඉතින් තුශානිත් එක්ක මේ තාක් දුර ආපු ඔයාලා හැමෝටම හදවතින්ම ස්තුති කරන්න තුශානි මේක අවස්ථාවක් කර ගන්නවා. බොහොම ස්තූතියි !

ඒ වගේම ලියපු දෙයක් අගය කිරීමකට ලක් කරලා බ්ලොග්කරුවන් බ්ලොග්කාරිනියන් මේ වගේ උත්ප්‍රේරණය කරන්න ලොකු මෙහෙයක් ඉටු කරපු, ඒ වගේම අති උත්කර්ශවත් සම්මාන උළෙලක් සංවිධානය කරපු නෙළුම් යායේ හැමෝටම ප්‍රණාමය පුද කරන්නත් මේක අවස්ථාවක් කර ගන්නවා.   අති සාර්ථක සම්මාන උළෙලේ නිමාව පසු පස ඔවුන්ගේ දැඩි කැපවීම මුසුව තිබූ බව එතැන සිටි හැම කෙනෙක්ම සාක්ෂි දරනු ඇතැයි තුශානි විශ්වාස කරනවා.

බ්ලොග් අවකාශයේ නොදුටු සහෘදයින් රැසක් සියැසින් දැකලා කතා බහ කරන්න ලැබීම ගැනත් තුශානි හරිම සතුටුයි. මුහුණු වල තිබුනු ලෙන්ගතු හිනාවල් සුහද කතා බහ බ්ලොග් අවකාශයේ බැදීම තව තවත් වැඩි කලා කිව්වොත් මම නිවැරදියි. 

සම්මාන ලබපු හැම කෙනෙක්ටමත් , තම සහෘදයින් සම්මාන ලබනවා බලන්න, ඔවුන්න සුබ පතන්න ආපු සියළුම බ්ලොග්කරුවන් කාරිනියන්ටත් තුශානි සුබ පතන්න අමතක කරන්නේ නෑ. 

ඉතින් ලබන වසරේත් අති උත්කර්ශවත් බ්ලොග් සම්මාන උළෙලක් පවත්වන්නට සංවිධායක මණ්ඩලයට අවැසි ශක්තිය ලැබේවා කියලා පතන ගමන් බ්ලොග් අවකාශයේදී තව තවත් අපූර්ව නිර්මාණකරණයේ යෙදෙන්නට සහෘද බ්ලොග් රචකයින්ටත් හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. 

                                ~* ~


52 comments:

  1. සුබ පැතුම් තුෂානි, එත් වදනක් හෝ කතා කරන්න අවස්ථාව නොලැබීම ගැන දුක් වෙමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...

      කතා කරන්න හිතාගෙන නලීන් අයියා හිටිය තැනට ආවා මම. ඒත් හදිස්සියෙන් නලීන් අයියා යනවා දැක්ක නිසා ඒ අවස්ථාව නැති වුනා. :(

      Delete
  2. සුබ පැතුම් තුෂා...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝජ්...

      Delete
  3. ආ ඔයත් ආවද ? දැක්කෙත් නෑ අප්පා

    ReplyDelete
  4. ජයග‍්‍රහණයට කොළොම්පුරෙන් සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.. කොළොම්පුරේ ජයග්‍රහණ වලටත් සුබ පැතුම්...

      Delete
  5. අක්කව මුණගැහෙන්න හිතන් හිටියේ.. ඒ වගේම මුණගැහුනා..
    ආයෙත් සුභපැතුම්..

    ReplyDelete
    Replies
    1. ඔව්... මේ පළවෙනි වතාවනෙ අපි හමුණගැහුනු.. සතුටුයි කතා කරන්න ලැබුනට.

      ඔයාටත් සුබ පැතුම් නිර්මාණී..

      Delete
  6. සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි Pra Jay ...

      Delete
  7. උණුසුම් සුභ පැතුම්! සම්මානයට අගයක් එකතු කලාට ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කළණ...

      බ්ලොග්කරුවන් මෙවැනිවු ඇගයීමකට ලක් කීරීමට වෙහෙසුනු ඔබ ඇතුළු නෙළුම් යාය සංවිධායක මණ්ඩලයට හද පිරි ප්‍රණාමය..

      Delete
  8. සුබපැතුම් තුෂානි අක්කේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගෝ...

      Delete
  9. කතා කරන්න ලැබුනේ නැති එකට දුකයි උබගේ සම්මානෙට සතුටයි

    ReplyDelete
    Replies
    1. හනේ හනේ මතක නෑ නේද ... ඇයි මම කතා කලේ.. :O

      Delete
  10. මගේ සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... ඒ වගේම සාදරයෙන් කැකුළු ගොමුවට පිළිගන්නවා...

      Delete
  11. උණුසුම් සුභ පැතුම්!

    ReplyDelete
  12. එදත් කතා කෙරුමට බැරි වීම දුකක්
    එහෙත් මෙලෙස සුභ පතනෙමි එය සතුටක්.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කතා කරන්න ලැබුනෙ නෑනේ...

      බොහොම ස්තූතියි දුමින්ද...

      Delete
  13. සුබ පැතුම් තුෂා, මෙවරත් හමුවන්න ලැබීම සතුටක්. තව ඩිංගෙන් මට අඳුනගන්න බැරි වෙනවා.. හරහට උස ගිහින් තිබුණු නිසා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... ඔයා ඉතින් දන්න කෙනා නිසා දුවගෙන ඇවිත් කතා කලේ... හි..හි... ඔව් අනේ හරහටමනෙ උස යන්නෙ. :(

      Delete
  14. හමුවීම ගැන සතුටියි. ඔබගේ ජයග්‍රහණයට සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. කතාබහ කරලා තිබුනට රූපෙ දැක්කෙ පළවෙනි වතාවට... හරිම සතුටුයි හමුවුනාට ...

      බොහොම ස්තූතියි..

      Delete
  15. සුභ පැතුම් තුශානි.......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... කුරුටු යාළුවො ටික ඇවිත් හිටියද ? දැක්කෙ නෑනෙ මේ සැරේ..

      Delete
  16. වාව්...
    පට්ටනේ...
    ජය වේවා...
    හෙහේ...

    ReplyDelete
    Replies
    1. හි..හි.. බොහොම ස්තූතියි... ජයවේවා !

      Delete
  17. සුභපැතුම් තුෂානි..අඳුනගන්න ලැබීම ගැන සතුටුයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... ඔව් ඒත් හරියට කතා කරන්න බැරි වීම ගැන කනගාටුයි..

      Delete
  18. සුබ පැතුම් තුශානි ඔයාටත්

    ReplyDelete
  19. සුබ පැතුම් තුෂානි ! බොහොම ආසාවෙන් කියවපු අඩවියක් !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...

      සතුටුයි මම ලියපුවා ආසාවෙන් කියෙව්වා කියලා ඇහුවහම.. සම්මාන උළෙලෙදී දැක්කට කතා කරන්න බැරි උනානේ.. :(

      Delete
  20. Replies
    1. බොහොම ස්තූතියි සජ්ජා.. ඒදා වචනයක් දෙකක් හරි කතා කරන්න ලැබීම සතුටක්..

      Delete
  21. හෘදයාංගම සුභ පැතුම් තුශානි.

    පුංචි මල් කැකුළෙන්, තවත් චිරාත් කාලයක් දැනුමේ සුවඳ විහිදන්න හැකිවේවා ...!

    ReplyDelete
    Replies
    1. මෙහි ආ ගිය ඔබ සැම නිසාවෙන්මයි කැකුළු ගොමුව මේ තරම් දුර ආවේ..

      බොහොම ස්තූතියි ...

      Delete
  22. ජයග්‍ර‍හනයට උණුසුම් සුභපැතුම් මටත් එන්න බැරිඋනා අන්තිම මොහොතේ විභාගයක් හින්දා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... එහෙමද.. වැඩේ නම් හොඳටම් තිබුනා... ඊළඟ සැරේ කොහොමහරි එන්න ...

      Delete
  23. ලිපිය දැක්කේ පහුවෙලා. බොහොම ස්තූතියි. තුෂානිව දැක්කා සම්මානය ගණන් එනකොට. කතා කරන්න බැරි වුන එක ගැන කණගාටුයි.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කරනයේ නියැලෙන බ්ලොග් හිතවතුන් වෙනුවෙන් මෙවැනි වු උත්කර්ශවත් උළෙලක් සංවිධායන කිරීමේ පෙරගමන්කරුවා වු ඔබට, වචනයක් හරි කතා කරලා ස්තූති කරන්න ලොකු උවමනාවක් තිබුනා. ඒත් භාරදූර කටයුත්තක හිටිය නිසා බාදාවක් වෙයි කියලා හිතුන නිසයි කතා කරන්න ආවේ නැත්තේ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...