Wednesday, January 4, 2017

120. අනේ ... මටත් ඩයරියක් දෙන්නකෝ...



" අනේ ... මටත් ඩයරියක් දෙන්නකෝ... "
 

හපොයි... මේ දවස්වල තුශානිගෙන් වැඩිපුරම කට්ටිය ඉල්ලන්නේ ඩයරි. හරියට තුශානි ඩයරි ප්‍රින්ට් කරලා බෙදනවා වගේ හැමෝම ඉල්ලන්නේ ඩයරියක්. හි.. හි.. කොහොම වුනත් තුශානිට ලැබුනු එක එක විදිහේ එක එක ප්‍රමාණයේ ඩයරි ගොඩක් කට්ටියට අලුත් අවුරුදු තෑගි විදිහට බෙදලා දෙන්න පුළුවන්කම ලැබුන එක සතුටක්.

හැබෑටම කට්ටිය මෙච්චර ඩයරි ඉල්ලුවට ඉල්ලන්නෙ ඩයරි පාවිච්චි කරන්නමද ?

ඒ ගැන හොයලා බැලුවොත් නම් උත්තරය ලැබෙන්නෙ නෑ කියන එක තමයි. ගොඩ දෙනක් ඩයරියක් ලඟ තියාගෙන හිටියට බොහොම අතලොස්සක් දෙනෙක් තමයි ඩයරියක් පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නිසා අද තුශානි හිතුවා ඩයරි පාවිච්චි කරන එක ගැන ඔයාලත් එක්ක තොරතුරු ටිකක් බෙදා ගන්න. 

එදිනෙදා ජීවිතේදී අපි හැම කෙනෙක්ටම වැඩ කටයුතු, වගකීම් ගොඩක් පැවරිලා තියෙනවා ඉටු කරන්න. ඉතින් ඒ පැවරෙන හැම වගකීමක්ම, වැඩ කටයුත්තක්ම හොඳින් සමබරව, අතපසු වීමකින් තොරව කරගෙන යන්න නම් දිනපොතක් එහෙමත් නැත්තම් ඩයරියක් අනිවාර්යයෙන්ම උපකාර වෙනවා. 

එතකොට කොහොමද ඩයරියක් පාවිච්චි කරන්නේ ? 


මේකට උත්තර ගොඩක් තියෙන්න පුලුවන්. මොකද ඩයරි පාවිච්චි කරන විදිහ ඒ කෙනා අනුව තීරණය වෙන දෙයක් නිසා. 

ඩයරියක් පාවිච්චි කරනකොට ඒ ඒ දවසේ කරන්න තියෙන වැඩ වෙලාවල් එක්ක සටහන් කරගෙන තියා ගන්න පුලුවන්. ඒ වගේම ඒවා ඉවර කරගන්න පුළුවන් උනා නම් "හරි" සලකුණක් දාලා සටහන් කරගෙන තියා ගත්තොත් දවස අවසානයේ අපිටම අපේ දවස ගැන තෘප්තියක් ඇතිකර ගන්න පුළුවන්. කරපු දේවල් වලින් අතපසු වෙච්ච දේවල් වෙන් කරගෙන ඊලඟ දවස සැලසුම් කරගන්නත් පුළුවන්.

උපන්දින , සංවත්සර, මගුල් ගෙවල්, දාන , පිංකම් වගේ දේවල් වලට ආරාධනා ලබුනු සැනින් සටහන් කරගෙන තියා ගත්තොත් ඒවා අමතක වෙලා වෙන අකරතැබ්බ වලක්ව න්නත් පුළුවන්. විශේෂයෙන් උපන්දින සංවත්සර අමතක උනොත් වෙන දේ ඉතින් කියන්න ඕනෙ නෑනේ. හි.. හි.. ඒ නිසා විශේෂ දවස්, විශේෂ වැඩ වෙනමම පාටකින් ටිකක් හයිලයිට් කරලා හරි ලියලා තියා ගන්න එක වැදගත්. 

ඒත් එක්කම සෞඛ්‍ය තොරතුරු, පවුලේ අයගෙ තොරතුරු, ලේ වර්ග, අත්‍යාවශ්‍යම දුරකථන අංක කිහිපයක්, බැංකු ගිනුම් විස්තර රහස්‍ය භාවය රැකෙන විදිහට සංඛේත එක්ක සටහන් ඩයරියෙ ලියලා තියා ගැනීමත් හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනවත් වෙනවා. 

ලයිට් බිල්, වතුර බිල් වගේ වියදම් වෙනමම සටහන් කරගෙන ආදායම් වියදම් පුංචි සටහනක් උනත් පවත්වගෙන යන්න පුළුවන්. 

ඒ වගේම ඉදිරි සැලසුම්, ඒ සැලසුම් ක්‍රියාත්මක කරන මාර්ග, කාලයන් සටහන් කරගෙන තියා ගැනීමෙනුත් ඒ දේවල් වල ප්‍රගතිය බලා ගන්න පුළුවන්. ඒක සැලසුම් සාර්ථක කරගන්න හොඳ උත්තේජනයක් වෙනවා. 

හෑන්ඩ් බෑග් එකේ දාගෙන යන්න පුළුවන් තරමේ පුංචි ඩයරියක් පාවිච්චියට නම් හරිම පහසුයි. කාර්යාලයක ටිකක් වැඩ බහුල කෙනෙකුට කාර්යාලය සඳහා වෙනමම ඩයරියක් පාවිච්චි කරන්න පුළුවන්. තාක්ෂනේ දියුණුවත් එක්ක ගොඩ දෙනෙක් අද  ඉලෙක්ට්‍රොනික් ඩයරි භාවිතයට හුරු වෙලා ඉන්න බවක් දකින්න තියෙනවා. කාර්යාල වැඩකටයුතු වලට නම් මේ ඉලෙක්ට්‍රොකිනික ඩයරි භාවිතය ගොඩක් සාර්ථක ක්‍රියාවලියක්. 

මේ කොයි විදිහට හරි තමන්ගෙ වැඩ සැලසුමකට අනුව කරගෙන යන්න පුළුවන් නම් අතපසු වීම් ගොඩක් වලක්වගෙන සාර්ථක දවසක් , මාසයක්, අවුරුද්දක් ගතකරන්න පුළුවන් කියන පණිවිඩය අද තුශානි අවුරුද්දේ ලියන පලවෙනිම පොස්ට් එකෙන් ඔයාලට මතක් කරනවා. 

ඉතින් ඔයාලටත් ඩයරි ලියන එක ගැන කියන්න බොහෝමයක් දේවල්
ඇති. ඒ අදහසුත් එකතු කරන්න කියලා ආරාධනා කරන ගමන් අදට තුශානි නවතිනවා. 


~*~



28 comments:

  1. Replies
    1. දැන් නම් ඔක්කොම ඉවරයි අටම්... :(

      Delete
  2. අයියෝ මට දැන් නම් මගෙන් ඩයරි ඉල්ලන අයට ඩයරි මේ අවුරුද්දේ වැඩිය ලැබුනේ නෑ කියලාම එපා වෙලා. එකත් එක පිස්සුවක් වගේ. තුශානි ඉස්සර අපිට ඩයරි ලැබුන විදිහට දැන්නම් ලැබෙන්නේ නෑ. එත් අපෙන් එවා බලාපොරෝත්තු වෙන අය නම් අදටත් අඩුවක් නෑ. තුශානි ඇතුලු පවුලේ සියලු දෙනාටම සියලු දුක්ඛ දෝමනස්සයන් දුරීභූතව සුබම සුබ ජයෙන් ජයම පිරි නිරෝගිමත් නව වසරක් වේවා.
    නව වසරට සුබ පතන්න තුශානිව මුන ගැහුනේ නැති හින්දා ඔන්න බ්ලොග් එකෙන් සුබ පැතුවා.

    ReplyDelete
    Replies
    1. ඔව්... ඔයාට වෙච්ච දේමයි මටත් වෙලා තියෙන්නෙ. මටත් මේ අවුරුද්ද වැඩිය ඩයරි හම්බුනේ නෑ. ඒත් ඉතින් ඒක කවුරුත් විශ්වාස කරන්නෙ නැති එකනේ ප්‍රශ්නේ.. ඉතින් එකක් තියාගෙන අනිත් ඔක්කොම ඉල්ලපු අයට දුන්නා.

      ඒක තමයි සුබ පතන හම්බුනේ නෑනේ.. ඔයාටත් පවුලේ හැම දෙනාටමත් වාසනාවන්ත සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ වසරක් ප්‍රාර්ථනා කරනවා...

      Delete
  3. දහිරියක් ගෙන දිවි ගෙවන්නට කාලෙ වටිනා බව දනී
    ඉතිරියක් කර ගත්ත විටකදි පසුතැවිලි නැති බව දනී
    සොයුරියක් විත් දිනපොතක් ගැන ලිව්ව දේ හොඳ බව දනී
    ඩයරියක් දුන් නැති නිසා නුඹ මතකෙ ඉන්නා බව දනී....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දැක කවි කමෙන්ටුව ඔබගේ නව වසරේ
      කවි පිලිතුරක් දෙන්නයි මට හිත් දුන්න්නේ
      දින පොත් නැතන් දෙන්නට මා සන්තකයේ
      තුටු සිත් ඇති වුනා කියූ විට ඇත මතකේ

      ජයවේවා!!!

      Delete
  4. අනේ ... මටත් ඩයරියක් දෙන්නකෝ

    ReplyDelete
    Replies
    1. අන්න ඉවාන් ගාව ගොඩක් තියෙනවලු .. එකක් ඉල්ල ගන්න...

      Delete
  5. තුශානි....ඩයරියකුත් තියෙනවා. පෑන් පැන්සලුත් තියෙනවා. දැන් ඩයරිය මේන්ටේන් කරන්න සෙක්‍රටරි කෙනෙක් තමයි නැත්තේ :D

    ReplyDelete
    Replies
    1. අහ්.. එහෙමද ..

      එතකොට ඔය හොයන සෙක්‍රටරිට පඩිය එහෙම කීයක් ලැබෙනවද දන්නෙ නෑ නේද ... ;)

      Delete
  6. මං අදමයි මේ පැත්තේ ආවේ , ලබන අවුරුද්දේ Diary ඉල්ලන බලාපොරොත්තු ඇතිව Happy 2017 කියලා සුබ පතනවා :):)

    ReplyDelete
    Replies
    1. ඔන්න තුශානි බොහොම ආදරෙයෙන් ඔයාව කැකුළු ගොමුවට පිලිගන්නවා...

      හපොයි. හපොයි.. ලබන අවුරුද්දේ ඩයරි දෙන්න කට්ටිය ගොඩයි...

      ඔයාටත් 2017 වසර සුබම සුබ වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

      Delete
    2. බොහොම ස්තුතී තුෂානි :)

      Delete
  7. මමනම් හිතන්නේ මේ දැන් තියෙන තාක්ෂණයත් එක්ක ඩයරියටත් නිසි අගයක් වටිනාකම නැති වෙලා කියලා.ඉස්සර ඩයරියෙන් කරපු වැඩ අද ෆෝන් එකෙන් ටැබ් එකෙන් ලේසියෙන්ම කර ගන්න පුරුදු වෙලානෙ කට්ටිය.මම උනත් එහෙමයි ඉස්සර ඉස්කෝල් යන කාලෙ ඩයරිය ලියන්න පුරුදු වෙලා හිටිය මම ඉස්සර කවි ලිව්වෙත් ඩයරි වල. ඒත් දැන් ඒ දෙකම මගේ අතින් වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් ශානි.. ඔයාගෙ කතාවත් එක්ක මාත් එකඟයි.

      අද ගොඩක් දෙනෙක් ඩයරි ලියන එකෙන් ඈත් වෙලා ඉන්නෙ.

      Delete
  8. මං දිනපොත්වල ලියන්නෙ එදිනෙදා වෙන දේවල්වත් මතක තියාගන්න ඕන දේවල්වත් නම් නෙමේ.. දකින ලස්සන ප්‍රකාශකයක්,පොතක ක්වෝටේෂන් එකක්,කවියක් දෙකක්,හිතට එන හිතුවිල්ලක් දිනේ කවදද බලන්නෙ නැතුව අහු වෙන තැනක කුරුටු ගාන එක තමා මගේ පුරුද්ද.ඒ වගේම මම දිනපොත් එකතු කරනවා.දැනට අවුරුදු තුනක කලෙක්ෂන් එකක් තියෙනවා.ඒවා පුද්ගලිකත්වයකින් තොර ව ඕනැම කෙනෙකුට කියවන්න පුළුවන් ජාතියෙ දිනපොත්..

    ReplyDelete
    Replies
    1. හරිම අපූරුයි ... ඒ එකතුව කාලයක් යද්දී ගොඩක් වටින එකතුවක් වෙයි අනිවාර්යයෙන්ම...

      මටත් හිතෙනවා ඒ වගේ දෙයක් පටන් ගන්න. නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක උණුසුම් කෝපි කෝප්පයක් එක්ක ඒ දිනපොත් වල පිටු අතර සැරිසරන්න පුලුවන්නම් ඒක හිතට ලොකු සහනයක් දැනෙන දෙයක් වේවී..

      Delete
  9. මට හැමපාරම හම්බෙන්නේ ඇමතුං දිනපොත විතරයි.. හික්..

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. හි..හි... එහෙමද

      ජ ය වේ වා !!

      Delete
  10. මම ඉස්සර ඩයරි පාවිච්චි කලා . නමුත් යාලුවෝ මම නැති වෙලාවේ බලනව අකියල දැනගෙන නැවැත්තුව. ඊට පස්සේ අපොයින්මන්ට් වලට විතරක් පොඩි එකක් පාවිච්චි කලා. දැන් ෆෝන් එක තියෙන නිසා ඒකත් නැවතිලා. ඒ නිශ අඔන්න මම එන්නේ නැහැ ඉල්ලන්න.

    ReplyDelete
    Replies
    1. අප්පෝ ඩයරි පරිස්සං කරන්ඩ බැ

      Delete
    2. @ Ajith Dharma - ඔව් සමහර අය ඉන්නවා අනුන්ගේ ඩයරි කියවලා ඒවට හිනා වෙන. එහෙම වෙන කෙනෙකුගෙ ඩයරියක් කියවනවා කියන එක නම් හොද දෙයක් නෙවෙයි. කොහොම උනත් ඩයරියක් කාගේවත් අතට අහු නොවෙන තැනක තියලා තියන එක නම් සෑහෙන අමාරු වැඩක්.

      හි..හි... ඔන්න ඩයරි නොඉල්ලපු එකම එක්කෙනා අජිත් අයියා...

      Delete
    3. @ අටම්පහුර - හප්පේ ඔව්.. කාගේවත් අතට අහුනොවෙන්න තියන්න ලේසි නෑ..

      Delete
  11. Replies
    1. ධනුවාව සාදරයෙන් කැකුළු ගොමුවට පිලිගන්නවා...

      බොහොම ස්තූතියි ! :)

      Delete
  12. ඩයරි නම් නෑ, ඕනැ නම් දහිරිය (ධෛර්ය) දෙන්නම් කියන්න.

    ReplyDelete
    Replies
    1. හි..හි.. ඒක නම් හොඳ අදහසක්...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...