Monday, April 14, 2014

අලුත් අවුරුද්දේ රබන් පදයක් කියන්න එමුද මේ පැත්තට ....



මුලින්ම ලැබුවාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද 
සාමය සතුට සෞභාග්‍ය පිරි 
සුබම සුබ නව වසරක් වේවා !!!
කියලා අපේ බ්ලොග් යාළුවෝ හැම කෙනෙක්ට වගේම 
සමස්ථ ශ්‍රී ලංකාවාසී හැම කෙනෙක්ටම සුබ පතනවා ...
                                       

                                                        
අවුරුදු කෑම වල රස බලලා නෑ හිතවතුන් එක්ක ගම් මැද්දේ අවුරුදු සමරන්න ලෑස්තිවෙන මේ වෙලේ රබන් පදයක් දෙකක් අහන්න තියෙනව නම් කොයිතරම් නම් අපූරුයිද .... 

මෙන්න ඒකට අවස්ථාව... ඔයාලත් දන්න දන්න රබන් පද තියෙනවනම් පහලින් එකතු කරන්න...

එගොඩ ගොඩෙත් රත්තරන්
මෙගොඩ ගොඩෙත්  රත්තරන්
එගොඩ ගොඩෙත් මෙගොඩ ගොඩෙත්
ඇතෙක් බරට රත්තරන්


....................................
රන් රඹුටන් ගස් දෙකයි
වලි කුකුළන් පස් දෙනයි
උන්ගේ කරේ බොත්තමයි
බලන්න හරි ලස්සනයි

..................................

දොන්ත බබක්කට
දෙන්ට දෙයක් නැත
පෙට්ටගමක් උඩ
තුට්‍ටු දෙකක් ඇත 

.............................

වත්ත කතත් කතත්තා
කුඹුර කතත් කතත්තා
වත්ත කතත් කුඹුර කතත්
දෙකම කතත් කතත්තා 

........................................

උඩින් උඩින් වර පෙත්තප්පු
බිමිම් බිමින් වර පෙත්තප්පු
උඩින් උඩින් වර බිමින් බිමින් වර
කැවුම් කන්න වර පෙත්තප්පු

..................................................

කැත්තක් අරගෙන වත්තට යනකොට
පෙත්තෙක් ඉඳගෙන කජු කනවා
පුංචි පැටවු මුහුදු යන්න නැවක් හදනවා
තක දොං නැවක් හදනවා

........................................

ඉහළ ගෙදර තුන්දෙනයි
පහළ ගෙදර තුන්දෙනයි
අපේ ගෙදර තුන්දෙනයි
තුන් පලේම නව දෙනයි

.....................................

තිත්ත කැකිරි ගෙඩි මාමට දීපන්
තෙලං කැකිරි ගෙඩි නැන්දට දීපන්
පුංචි රබානට ගින්දර දාපන්
ගහන රබන් පද හරියට කියපන් 


38 comments:

  1. ගසට පලච්චෙයි විමනා
    ගසින් වැටිච්චෙයි විමනා
    විමනා කුන්ද මනා කුකඳ මනා
    කුඳං මනා දොං
    වත්ත කතත් කතත්තා
    ගෙදර ගතත් කතත්තා
    වත්ත කතත් ගෙදර කතත්
    දෙකම කතත් කතත්තා...

    තෙලෙන් බැද්දත් කොබෙයියා
    කිරෙන් බැද්දත් කොබෙයියා
    තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත්
    දෙකෙන් බැද්දත් කොබෙයියා

    සඳුන් කැලේ අපි යනකොට
    රිලව් පනිනවා
    එක රිලවෙක් බඩ බැඳගෙන
    පිනුම් ගහනවා තක දොං පිනුම් ගහනවා

    තරිකිට දොං දොං අවුරුද්දයි
    රබාන දැන් දැන් හරි සද්දයි
    තකිට දොදොං තකිට දොදොං තකිට දොදොං දොං
    අපට අරන් කැවුම් කොකිස් නැන්ද එනව දොං
    අක්කෙ වරෙන් නෑනේ වරෙන් නැන්දත් කැඳවන්
    අවුරුද්දට අපි හැමෝම රබන් ගහමු දැන්

    මිටක් අරගෙන විහාරෙට ගොසින් නංගියෙ
    පූජකර වරෙන් නංගියෙ පූජකර වරෙන්
    බුදුන් දම් සඟුන් වැඳ-ලා දෙගුරු ගුරු
    වරන් සිහිකර පූජකර වරෙන් නංගියෙ
    පූජකර වරෙන් තක තෙයි පූජකර වරෙන්

    වංගගිරි මැද වෙස්සන්තර රජ දනක්
    දුන් සැටි අසන් දොං දොං
    රංග බබළාබබළ බබළා
    නමින් අදිපති සුරන් දොං දො
    රංබ රඹ ගස යටට වී හැම
    කොළොම්පුරයේ ඉඳන් දොං දොං
    මේ ලංකාවේ නිරින්ඳුන් ඉදිරියේ
    ගසමුව රබන් දොං දොං

    රාන් කිරිල්ලිය රාන් කිරිල්ලිය
    රාන් කුරුල්ලට එන්න කියාපිය
    රන් පුටුවක් උඩ ඉන්න කියාපිය
    නූලක් මතුරල දේන කියාපිය

    අත්තක රතු මල් අත්තක සුදු මල්
    වලූ මල් බෙලි මල්
    නැන්දගෙ වත්තේ රෑණ කිතුල් මල්
    තකදොං තරිකිට තකදොං තරිකිට
    තකදොංතා තකදොංතා
    තාක්ක දොං දොං තාක්ක දොං දොං
    තේක්ක මල් පිපිලා
    ඔන්න බලන් සකි මෙන්න බලන් සකි
    පාරට අතුනැමිලා
    ඉද්ද මලයි මල් වඩමයි දොංත තකිට තා
    නෙලූම් මලයි මල් වඩමයි දොංත තකිට තා
    දොං ත තකිට දොංත තකිට දොංත තකිට තා
    ඉර බසිනා කල ගසකට කුකුළන්
    පියාසරින් නගිතෙයි
    දෙපතුල් කටුවන් කරමල් රතුවන්
    රිංද ගුඳන් තකතෙයි
    එළිවෙන යාමෙට ඌ ඉඳ එතනින්
    හීන් හඬින් හඬතෙයි
    කුකුළගෙ සවුදම ඔන්න ගසනවා
    කොක කොක් ගහිති ගතෙයි

    තෙලෙන් බැද්දත් කොබෙයියා
    කිරෙන් බැද්දත් කොබෙයියා
    තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත්
    දෙකෙන් බැද්දත් කොබෙයියා

    රුහුණු දනව්වෙහි කරොංචි නයිදෙට
    ගෑනු හරක් බඳිතෙයි – තෙතෙයි තෙයි
    ගෑනු හරක් බඳිතෙයි
    මදු කොළ අහුරක් මිටට කඩාගෙන
    ඉදොඃ ඉදොඃ කියතෙයි – තෙතෙයි තෙයි
    ඉදොඃ ඉදොඃ කියතෙයි
    බාන් පොටක් ගෙන කර දමාගෙන
    කදුරු ගහේ බඳිතෙයි – තෙතෙයි තෙයි
    කදුරු ගහේ බඳිතෙයි
    මෙච්චර මේ රටේ පිරිමි සිටිද්දිත්
    ගෑනු හරක් බඳිතෙයි – තෙතෙයි තෙයි
    ගෑනු හරක් බඳිතෙයි

    ReplyDelete
  2. රන් කුඹලයි රන් කුඹලියි රටක පලච්චී
    ගෙදර හිටිය වකුටු කෙල්ල දීග පලච්චී
    දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත
    වන්ඩු දෙකක් උඩු පිට්ටු දෙකක් ඇත
    තන තන්න තන තන්න තන තන්න කීවා
    ළැම පැත්ත උස් වෙන්න කිරි මැට්ටා ගෑවා

    බච්චො ආත්තත් ගොඬේ ආත්තත්
    කොත්තන් මුත්තත් – බබියානත්
    යකදුරු මුත්තත් පේදුරු මුත්තත්
    ඉලූක් කනත්තත් – කිරි එතනත්
    යද්දෙහි මුත්තත් ගෝසක මුත්තත්
    සලමන් මුත්තත් – කළු මුත්තත්
    මේ හැම මුත්තල අපේ ආත්තල
    කොහේ ගියත් දැන් – සුර පුරයේ

    තකිට දොං දොං - තකිට දොං දොං
    තකිට දොං දොං දොං - අපිට අරන් කැවුම්, කොකිස්
    නැන්දා එනවා දොං
    තරිකිට දොං දොං අවුරුද්දයි
    රබාන දැන් හරි - හරි සද්දයි
    තකිට දොං දොං - තකිට දොං

    සඳුන් කැලේ අපි යනකොට
    රිලව් පනිනවා
    එක රිලවෙක් බඩ බැඳගෙන
    පිනුම් ගහනවා තක දොං පිනුම් ගහනවා

    පිලවක්කේ කැත්ත දො දොං
    පිලවටකර කැත්ත දො දොං
    ගුදං ගතං කැත්ත දො දොං
    රාං රූං කැත්ත දො දොං

    උඩ පල ගත්තත් වට්ටක්කා
    බිම පල ගත්තත් වට්ටක්කා
    උඩ පල ගත්තත් බිම පල ගත්තත්
    පුන්චි පුන්චි ගෙඩි වට්ටක්කා

    උඩින් උඩින් වර පෙත්තප්පු
    බිමින් බිමින් වර පෙත්තප්පු
    උඩින් උඩින් වර බිමින් බිමින් වර
    කැවුම් කන්න වර පෙත්තප්පු

    දොන්ත බබක්කට
    දෙන්න දෙයක් නැත
    පෙට්ට ගමක් උඩ
    තුට්ටු දෙකක් ඇත

    එගොඩ ගොඩෙත් රත්තරන්
    මෙගොඩ ගොඩෙත් රත්තරන්
    එගොඩ ගොඩෙත්, මෙගොඩ ගොඩෙත්
    ඇතෙක් බරට රත්තරන්...........

    රන් තැඹිලි ගස් දෙකයි
    ගොන් තැඹිලි ගස් දෙකයි
    ගස් දෙකට මල් දෙකයි
    මල් දෙකට ගෙඩි දෙකයි

    තාක්ක තෙයි තෙයි - තාක්ක තෙයි තෙයි
    තේක්ක මල් පිපිලා - අන්න බලන් සකි
    මෙන්න බලන් සකි
    පාරට අතු නැමිලා

    අත්තක රතුමල් - අත්තක සුදුමල්
    වලු මල් බෙලි මල් - නැන්දාගේ
    වත්තේ හැදෙන කිතුල් මල්
    තකදොං තරිකිට තකදොං තරිකිට
    තකදොං තං තකදොං තං...

    බුබුල් බුබුල් බණ්ඩක්කා
    තුට්ටු දෙකට මං ගත්තා
    තුට්ටු දෙකට මං අරගෙන
    තුට්ටු දෙකට මං වික්කා

    ඉඳන් පෙත්ත ඉඳ පර්වත
    දෙකට කැපූ ළූනු පෙත්ත
    කොණ්ඩ පරෙයියා තකදොං
    කොණ්ඩ පරෙයියා...

    තරිකිට දොං දොං අවුරුද්දයි
    රබාන දැන් දැන් හරි සද්දයි

    තකිට දොදොං තකිට දොදොං තකිට දොදොං දොං
    අපට අරන් කැවුම් කොකිස් නැන්ද එනව දොං

    අක්කෙ වරෙන් නෑනේ වරෙන් නැන්දත් කැඳවන්
    අවුරුද්දට අපි හැමෝම රබන් ගහමු දැන්

    සමන් මල් මිටක් නංගියෙ ඉද්දමල්
    මිටක් අරගෙන විහාරෙට ගොසින් නංගියෙ
    පූජකර වරෙන් නංගියෙ පූජකර වරෙන්
    බුදුන් දම් සඟුන් වැඳ-ලා දෙගුරු ගුරු
    වරන් සිහිකර පූජකර වරෙන් නංගියෙ
    පූජකර වරෙන් තක තෙයි පූජකර වරෙන්

    බච්චො ආත්තත් ගොඬේ ආත්තත්
    කොත්තන් මුත්තත් - බබියානත්
    යකදුරු මුත්තත් පේදුරු මුත්තත්
    ඉලූක් කනත්තත් - කිරි එතනත්
    යද්දෙහි මුත්තත් ගෝසක මුත්තත්
    සලමන් මුත්තත් - කළු මුත්තත්
    මේ හැම මුත්තල අපේ ආත්තල
    කොහේ ගියත් දැන් - සුර පුරයේ

    ReplyDelete
    Replies
    1. අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා රබන් පදයක් කියන්න මේ පැත්තට ගොඩ වුනාට බොහොමත්ම ස්තූතියි විදානේ මහත්තයා ....

      සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

      Delete
    2. විදානෙ රබාන පැලුවද මන්දා....

      Delete
    3. සිරා.....මූ ඒක පුග්ගල රබං ෂෝ එකක් ගහලා.

      Delete
    4. අනිවා අනිවා....මට හිතුනෙ විදානෙ ඉපදිලා ඇත්තෙ රබන් ගහන නැකතක..

      Delete
  3. http://sinhalapadama.blogspot.com/2012/06/blog-post.html

    http://www.classroom.mytutor.lk/a_raban-pada.php

    මේ සයිට් දෙකට ගිහින් බලන්න..

    ජය වේවා!!!

    ReplyDelete
  4. සුබම සුබ අවුරුද්දක් තුශානි. ……!!!

    ReplyDelete
    Replies
    1. රබන් පදයකුත් කියලම ගියානම් තමයි හොඳ ... ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් !

      Delete
  5. මං දන්න රබන් පද ටික ඔක්කොම තුශානියි විදානෙයි එකතු වෙලා කියලනෙ..මට කියන්න එකක්වත් ඉතුරු කරලා නෑ ;)

    කොහොම උනත් තුශානිටත් ලැබුවාවූ අලුත් අවුරුද්ද වාසනාවන්ත පැතුම් ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. ඒක් නේන්නම් විදානේ මහත්තයා සෑහෙන රබන් පද ගොඩක් කියලනේ...

      බොහොම ස්තූතියි චාම්ස්... ඔයාටත් ලැබුවාවූ අලුත් අවුරුද්ද වාසනාවන්ත පැතුම් ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා...

      Delete
    2. @ චාම්ස්
      අර පැනල දෙන නරක පුරුද්ද අතඇරගන්න බැරි උනානේ..
      සොරි..

      Delete
  6. දන්න රබන් පද ටික ඔක්කොම ඔයාල ලියලනෙ,පොතක්වත් බලල අලුත් එකක් තිබ්බොත් හොයාගෙන එන්නං.
    තුශානිට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. :) හා හා අලුත් එකක් හම්බුනොත් නොවරදවාම ඇවිත් කියන්න හොඳේ...

      හැලප පවුලේ සියලුම දෙනාටත් ලැබුවාවූ අලුත් අවුරුද්ද වාසනාවන්ත පැතුම් ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා...

      Delete
  7. මන් 5 වසරදි කොන්සට් එකට රබන් ගහන්න හිටියා ඔන්න ඕකෙදි මෙන්න මේ පදේ කිව්වා

    වත්ත කැතත් කැතත් තා
    කුඹුර කැතත් කැතත් තා
    වත්ත කැතත්,කුඹුර කැතත්
    දෙකම කැතත් කැතත් තා

    සුබ අලුත් අවුරුද්දක්!

    ReplyDelete
    Replies
    1. ශෝක් නේ...

      ඔය දෙන්නටත් ලැබුවාවූ අලුත් අවුරුද්ද වාසනාවන්ත පැතුම් ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා...

      Delete
  8. මේ විදානේ ඔක්කොම පද ටික කියල ගිහින්නේ..

    සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. : ) අලුත් අවුරුද්දේ මේ පැත්තේ අවිත් ගියාට හුඟක් ස්තූතියි...

      ඔයාටත් ලැබුවාවූ අලුත් අවුරුද්ද වාසනාවන්ත පැතුම් ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා...

      Delete
    2. @ දිනෙෂ්..
      සොරි වේවා!!

      Delete
  9. මේ විදානේ ගම කාලානේ..:( දැන් කොහොමද රබන් පද කියන්නේ..?

    කොහොම වුනත් තුශානිටත් පවුලේ සැමටත් මේ නව වසර රබන් සුරල් හැඩවෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!!

    ReplyDelete
    Replies
    1. :) අමනාප ගන්න කාරිනෑ ... කොහොම වුනත් අලුත් අවුරුද්දේ රබන් පද කියන්න මේ පැත්තට ගොඩ වුනාට හුඟක් ස්තූතියි...

      මනෝජ්ටත් පවුලේ සියලුම දෙනාටත් ලැබුවාවූ අලුත් අවුරුද්ද වාසනාවන්ත පැතුම් ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල තුශානි ප්‍රාර්ථනා කරනවා...

      Delete
    2. @ මනෝජ්
      උඩ කොමෙන්ට් දෙක අයින් කරල ආයෙත් මුල ඉදං කියන්න කියමු

      Delete
    3. @ මනෝජ්
      විදානේ මහත්තයා ඔක්කොම රබන් පද කිව්වට අමනාපයක් නෑ නේද ... :)

      @ විදානේ
      අපිත් අහල නැති රබන් පද ඒ අතරේ තිබුනා ස්තූතියි.....
      තව අලුත් ඒවා තිබුනොත් මේකට එකතු කරන්න කියමු කට්ටිට්යට ...

      Delete
    4. අපෝ මං පොඩි විහිලුවක් කළේ.. කලින් මං එවපු ලින්ක් දෙකෙන් තමයි ගොඩක් ඒවා හොයාගත්තේ ඒ දෙක පබ්ලිෂ් කළානම් හොදයි නෙහ්...

      Delete
    5. : ) හා හා ...

      අනිවාර්යයෙන්ම ඒ ලින්ක් දෙකත් දාන්නම් ...

      Delete
    6. අයියෝ මොකට අමනාප වෙනවාද තුශානි.?විදානේ කියලා තියෙන හුගක් රබන් පද කලින් අහලත් නැති කොට.

      Delete
  10. දන්නෙත් තුනයි හතයි ඒටිකත් විදානය කියල ගිහින්....
    ඔව්...මං මේකට විරුද්දත්තව පොකාස කරනව
    ඉදගෙන
    සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. හි... හි... කමක් නෑ කමක් නෑ රබන් පද ගොඩක් දැන් දැනගත්තනේ...

      මහේෂ්ටත් ලැබුවාවූ අලුත් අවුරුද්ද වාසනාවන්ත පැතුම් ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා...

      Delete
  11. සුබ අළුත් අවුරුද්දක් වේවා තුශානි !

    ඔය ඔක්කොම රබන් පද ටික විදානේ කියලා තියෙන්නේ... ඒක නෙමෙයි.. කොහොමද අවුරුදු ? සරු ද ?

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ලැබුවාවූ අලුත් අවුරුද්ද වාසනාවන්ත පැතුම් ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා...

      අවුරුදු හොඳයි... අවුරුද්දකට සැරයක්නේ මෙහෙම කට්ටිය එකතුවෙන්නේ..

      Delete
  12. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කුශානි...

    අපට කියන්න රබන් පදයක් ඉතුරු වෙලා නැහැ වගේ...

    ReplyDelete
    Replies
    1. සිතූටත් ලැබුවාවූ අලුත් අවුරුද්ද වාසනාවන්ත පැතුම් ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා...

      ඔව්නේ... කමක් නෑ අලුත් අවුරුද්දේ මේ පැත්තේ ඇවිත් යන්න ආවට හුඟක් ස්තූතියි..

      Delete
  13. අපිටත් එක්ක විදානේ රබන් ගහලා....
    සැමට ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ .. :)

      ඔබතුමාටත් ලැබුවාවූ අලුත් අවුරුද්ද වාසනාවන්ත පැතුම් ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා...

      Delete
  14. නගාටත් සියලු පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා !

    අපේ අම්මා මට කොන්ඩා කැවුම් සහ මුං කැවුම් පාර්සලයක් එව්වා...

    ReplyDelete
    Replies
    1. සිරා අයියටත් ලැබුවාවූ අලුත් අවුරුද්ද වාසනාවන්ත පැතුම් ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා...

      අම්මා අවුරුදු එවලා නේ... :)

      Delete
  15. තෙලිජ්ජ ටින උනු කරපන්
    උණු උණුවෙම මුල හදපන්
    පැණි මුල නැනදට දීලා කැවුම් හදාපං
    තක දොං කැවුම් හදාපං

    කිතුල් මුලේ පැණි බේරෙයි
    බේරෙන පැණි රස වෑහෙයි
    රස වෑහෙන පැණි අරගෙන
    තලප හදාපන් රස වැලි තලප හදාපන්

    මේ රබන් පද නම් මීට කලිං අහල නැතුව ඇති යලෙුවනේ
    ගහල බලමු කෝ මේ තෙලිදිය රබන් පද දෙක

    ෂුභ අළුත් අවුරුද්දක් වේවා තුශානි ඔබට!
    (මම තෙලිදිය අලුත් යාලුවෙක්)

    ReplyDelete
    Replies
    1. මේ රබන් පද ටික නම් කලින් අහලා නෑ....

      50 වෙනි යාළුවා විදිහට කැකුළු ගොමුවට පැමිණීම ගැන හුඟක් සතුටුයි... සාදරයෙන් පිළිගන්නවා ...

      ඔයාටත් ලැබුවාවූ අලුත් අවුරුද්ද වාසනාවන්ත පැතුම් ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...