ජීවිතයේ සොඳුරු කවියේ
විසිරුණු පද වැල් එක් කොට
පද වැල් එකිනෙක ඇමිනූ
මනහර රන් පන්හිඳ ඔබ
වයලීනයේ සුසර තතට
අතැඟිලි ගැටෙනා තාලේට
මැවුනු සප්ත ස්වර රටාවේ
සොඳුරු මියුරු තනුවකි ඔබ
අතැඟිලි ගැටෙනා තාලේට
මැවුනු සප්ත ස්වර රටාවේ
සොඳුරු මියුරු තනුවකි ඔබ
හඬ ගා ගී රාව දෙන්න
පද වැල් තනුවට ගයන්න
පද වැල් තනුවට ගයන්න
ආදරයෙන් හුස්ම පෙවු
මධුර ගීත ස්වරයයි ඔබ
මධුර ගීත ස්වරයයි ඔබ
මිණි කිංකිණි හඬ අතරේ
පා තබනා හැටි තාලෙට
පා තබනා හැටි තාලෙට
කියාදෙමින් වාරු දුන්නු
යෝධ බලැති ශක්තිය ඔබ
යෝධ බලැති ශක්තිය ඔබ
වෙයි නම් සුමිහිරි ගීයක්
පද වැල් තනු පදමට මුසු
ඒ සැමටම මුල් ගල වු
ගීයේ හිමිකරුවා ඔබයි ...
පද වැල් තනු පදමට මුසු
ඒ සැමටම මුල් ගල වු
ගීයේ හිමිකරුවා ඔබයි ...
බුදු අම්මේ... ගීතයේ හිමිකරුවා මහ අමාරුකාරයෙක් නේ...
ReplyDeleteම් ... අපූරු පද වැලක් ලියන්න, ඒ පද වැලට හරියන තනුවක් දාන්න, තනුවට මියුරු හඬක් මුසු කරන්න කෙනෙක්ට පුළුවන්නම් අමාරුකාරයෙක් වුනත් නොවුනත් ඒ ගීයේ හිමිකරුවා .... :)
Deleteසුබ පැතුම්! සුබ පැතුම්..!
ReplyDeleteස්තූතියි.. හිතට ආපු සංකල්පනාවක්... :)
Deleteඅපි දන්නේ නෑනේ ඔයාගේ ගීයේ හිමිකරුවා ගැන.. ඒ මතකය බිඳක් අවදි කලොත්.. හික්ස් :)
ReplyDeleteසුබ පැතුම් තුශානි !
හපොයි.. වරදවා වටහගන්න ඔට්ටු නෑ හරිද...
Deleteහිතට ආපු දේවල් ටිකක් කොලේක ලියවුනා එච්චරයි... :)
හෙන වැඩකාරයෙක්නෙ අප්පා,සුබ පැතුම් තුශානි.
ReplyDeleteගීයක් ලියන්න, තනුවක් දාන්න, ලස්සනට ඒක කියන්න පුළුවන් කෙනා වැඩකාරයෙක් තමයි... එහෙම කෙනෙක් හම්බවෙන්න හුඟක් වාසනාවන්ත වෙන්න ඕනේ..
Deleteමේ කවි සංකල්පනාවක් හැලපතුමා ... : )
මේ වගේ සිතුවිලි හිතට එන්නත් මොකක් හරි හේතුවක් ඇති නොවැ...:)
ReplyDeleteකවි පදයක් වත් කුරුටු ගා ගන්න බෑ නොවැ මෙයාලත් එක්ක.. :)
Deleteත්‍රී ඉන් වන් අය බොහොම අඩුයි. කවුරු වුනත් පරිස්සම් කරගන්න වටිනවා.
ReplyDeleteඔව්.. ඒක ඇත්ත .. එහෙම අය හරි අඩුයි..
Deleteලස්සන පද පෙළක් තුශානි...
ReplyDelete(සංකල්පනාවක් විතරයි කියපු නිසා වෙන මොකුත් කියන්නෙ නෑ ඉතින් ;) )
: ) හා හා ... බොහොම ස්තූතියි චාම්ස් ..
Deleteඔන්න වරදවා වටහා ගත්තෙ නෑ හිටගෙන..
ReplyDeleteලස්සන කවිපෙලක්...
ජය වේවා!!!
හි.. හි... හොඳයි හොඳයි ඉඳගෙන...
Deleteබොහොමත්ම ස්තූතියි විදානේ...
බොහොම ලස්සන පද වැල් කීපයක්.
ReplyDeleteබොහොම ස්තූතියි ...
Deleteහිමිකරුවා හිතට රිංගුවම ඉතින් එක ගීයක් මොකෝ ගී පොතක්ම ඒ නමට ලියන්න බැරිය..
ReplyDeleteමෙයත් දන්න දේවල්... බලමුකො බලමුකෝ...
Deleteක්ලැරන්ස් විජේවර්ධන, රූකාන්ත, ආත්මා ලියනගේ, හොද ත්‍රී ඉන් වන් වැඩකාරයො....මේ කියන කෙනත් එහෙමද...
ReplyDeleteඔව් ... එහෙම කෙනෙක් ගැන හිතලා තමයි ලිව්වේ...
Deleteවෙණ තතත් හැඬවෙන තැනත් ඔබ....
ReplyDelete// අහස සේ ඔබ අනන්තයි
Deleteසයුර සේ ඔබ අනන්තයි..
මේ විශ්වයේ මා දකින්නේ
ඔබමැ පමණයි... ඔබ අනන්තයි.. // මාත් ආස කරන ගීතයක්..
කවියක් වුවත් ඒක කියවෙන කෙනා අතර මං වෙන්න ලියල තියෙනව තුශානි...
ReplyDeleteජය වේවා...
සමාවෙන්න සමාවෙන්න අතරමං කරන්න හිතාගෙන ලිව්වා නෙවෙයි.. :)
Deleteස්තූතියි මහේෂ්...
හරිම ලස්සනයි, අපූරු පද ගැලපීමක් වගේම ලස්සන තාලයක් ගොඩක් රස වින්දා ස්තූතියි ඉතිං ජය වේවා
ReplyDeleteහුඟක් ස්තූතියි... කැකුළු ගොමුවට සාදරෙයෙන් පිළිගන්නවා...
Deleteඔය ඉතින් ආදරෙන් ඉන්න වෙලාවට කියන දේවල්නේ . . මගේ හැමදේම ඔයා කියන ගෑනු ළමයින්ම තමයි පොඩ්ඩ එහා මෙහා වෙද්දි මගේ ඔක්කොම නැති කලේ ඔයා කියල කියන්නේ හෙ හෙ හේ
ReplyDelete:) ගෑණු ළමයි විතරක් නෙවෙයි පිරිමි ළමයිනුත් එහෙම තමයි...
Deleteහොඳම දේ හැමදේම ඔයා කියල නොකියම ඉන්න එක නේද ... හි.. හි...