හෙට මැයි පළවෙනිදාව. එහෙමත් නැත්නම් ලෝක කම්කරු දිනය. ඉස්කෝලේ යන කාලේ නම් මැයි පළවෙනිදාව කියන්නේ තවත් එක නිවාඩු දවසක් විතරයි. ටිකක් වැඩිපුර නිදාගන්න, අහල පහල යාළුවො එක්ක එකතුවෙලා සෙල්ලම් කරන්න, ගෙදර අයත් එක්ක දවස ගෙවන්න ලැබෙන නිවාඩු දවසක්.. මොකද උපකාරක පන්ති වුනත් එදාට නෑ නේ.. ඒත් අද වෙනකොට අපි, ඒ කාලේ පහුකරලා රැකියාවක් කරන කම්කරු පන්තියට එක් වෙලා හමාරයි. ඉතින් ඒ කම්කරු පන්තියේ තවත් එක සාමාජිකයෙක්, සාමාජිකාවක් විදිහට කම්කරු දිනය දිහා ඉස්සර බලපු විදිහට බලන්න අපිට දැන් පුළුවන් කමක් නෑ...
ඒ නිසාම කායික ශ්‍රමය වගේම මානසික ශ්‍රමයත් යොදවල අවු වැසි, බාදක කම්කටොළු මැද ජීවන සටනට උරදෙන සියළුම කම්කරු පන්තියේ සහෝදර සහෝදරියන්ට ජීවන ගමන සාර්ථකව ඉදිරියට පියමනින්න ශක්තිය, ධෛර්යය ප්‍රාර්ථනා කරන්න තුශානි මේක අවස්ථාව කරගන්නවා...
මැයි පළවෙනිදාව කිව්වහම තුශානිට අමතක නොවන තවත් එක සිදුවීමත් තියනවා.. මම විතරක් නෙවෙයි ඒ මැයි පළවෙනිදාවේ අඳුරු මතකය අත්විඳින්නට ලැබුනු අය තවත් බොහෝමයක් ඇති.
එදත් දැන් වගේම කම්කරු දිනය සමරන්න කට්ටිය ලක ලැහැස්තිවුන දවසක්.. තුශානි ඒ වෙනකොට හුඟක් පුංචි නිසා ඒ ගැන ලොකූ මතකයක් නෑ. ටීවී එකෙන් රේඩියෝ එකෙන් එහෙම මොකද්දෝ තියනව කියලා අහල තිබුනත් ඒ ගැන තේරුමක් නම් තිබුනේ නෑ.. අම්මගේ සාරියකුත් ඇඳගෙන, අඩි උස සෙරප්පු දෙකකුත් දාගෙන පෙර පාසලේ ටීච වගේ බෝනික්කොන්ට අකුරු උගන්නපු එක තමයි තුශානි ඒ දවස්වල වැඩිපුරම කලේ.. ඔන්න ඔය අතරේ එක පාරටම අපේ මාමා කෙනෙක් කියාගෙන ආවා "අන්න බෝම්බයක් පුපුරලා.. කට්ටිය හුඟක් මැරිලාලු කියලා... තවත් මොන මොනවදෝ විස්තර ටිකකුත් කිව්වා.
ඒක අහල අපේ අම්මයි තාත්තයිත් හුඟක් කලබල වුනා... අම්මා මාවයි මල්ලිවයිත් තුරුළු කරගෙන හොඳටම අඬන්න ගත්තා.. හිනා වෙවී ලස්සන හීන දැක දැක නිදාගෙන හිටිය මල්ලි අම්ම අඬන සද්දෙට ඇහැරිලා අඬන්න පටන්ගත්තා. "බෝම්බයක් පිපිරුන එකට ඇයි අම්ම මෙච්චර අඬන්නේ" ඒ විදිහට අම්ම අඬනවා මීට කලින් දැකල නොතිබ්බ නිසා මම පුදුම වෙලා අම්මා දිහා ටිකක් වෙලා බලාගෙන හිටිය මට අදටත් මතකයි.. තවත් අම්මා අඬන විදිහ බලාගෙන ඉන්න බැරුව මමත් අම්මට තුරුළුවෙලා හොඳටම ඇඬුවා.. ඒ අතරේ තාත්තා අපිට ඉන්න කියලා ඉක්මනට ලෑස්තිවෙලා කොහේදෝ ගියා.
ටික වෙලාවකින් තාත්තා ආවේ උදේ ගමක් ගියපු අපේ ආච්චියි සීයයිත් එක්ක.. අපි පාර දිහා බලාගෙන උන්නු නිසා ඒ ගොල්ලෝ එනවා ඈත තියාම දැක්කා. අම්ම ඉක්මනටම කඳුළු පිහිදගෙන ලොකූ හුස්මක් ගත්ත විදිහ කඳුළු වලින බොඳ වෙච්ච ඇස් වලින් වුනත් මම දැක්ක විදිහ තාමත් මැවිලා පේනව වගේ..
"අපි බේරුනේ අනූ නමයෙන්... ඉක්මනට වැඩේ කරගන්න පුළුවන් වුන නිසා අපි පෙල පාලිය පටන් ගන්න කලින් ආවා.. " කියාගෙන සීයා ගෙට ගොඩ වුනා ... ආච්චිත් සීයත් එදා ගිහින් තිබුනේ ඒ බෝම්බය පූපුරපු තැනට ආසන්නයේ පිහිටි තැනක සීයගේ යාළුවෙක් හම්බවෙන්න.
එදා පුංචි හිතට මේ දේවල් හරියට නොතේරුනත් ඒ සිදුවීම අදටත් මගේ මතකයේ ඡායාවක් විදිහට තියෙනවා.. ප්‍රේමදාස ජනාධිපතිතුමා සහ තවත් විශාල පිරිසකගේ ජීවිත බිලි ගනිමින් එදා ඒ බෝම්බය අඳුරු මතකයක් අතීතයට එක් කලා කියන එක පස්සේ කාලේක තමයි හරි හැටි තේරුම ගත්තේ. ඒ අඳුරු මතකයට හෙටට වසර 21 වෙනවා ..
පස්සේ කාලෙක සීයා අපිව දාලා නො එන ගමනක් යන තුරාවටම මැයි පළවෙනිදාවේ මේ සිදුවීම හැම අවුරුද්දෙම අපි මතක් කලා.. කොහොමවුනත් හෙට ඉස්සර වගේ ඒ ගැන කියන්න සීයා අපි ලඟ නෑ. ඒ ගැන හිතෙනකොට හිතට ලොකු දුකක් දැනෙනවා..
එදා පුංචි හිතට මේ දේවල් හරියට නොතේරුනත් ඒ සිදුවීම අදටත් මගේ මතකයේ ඡායාවක් විදිහට තියෙනවා.. ප්‍රේමදාස ජනාධිපතිතුමා සහ තවත් විශාල පිරිසකගේ ජීවිත බිලි ගනිමින් එදා ඒ බෝම්බය අඳුරු මතකයක් අතීතයට එක් කලා කියන එක පස්සේ කාලේක තමයි හරි හැටි තේරුම ගත්තේ. ඒ අඳුරු මතකයට හෙටට වසර 21 වෙනවා ..
පස්සේ කාලෙක සීයා අපිව දාලා නො එන ගමනක් යන තුරාවටම මැයි පළවෙනිදාවේ මේ සිදුවීම හැම අවුරුද්දෙම අපි මතක් කලා.. කොහොමවුනත් හෙට ඉස්සර වගේ ඒ ගැන කියන්න සීයා අපි ලඟ නෑ. ඒ ගැන හිතෙනකොට හිතට ලොකු දුකක් දැනෙනවා..
මමත් ටිකක්පුංචියි ඒත් මට මතකයි එදා වෙච්ච දෙයක් යන්තමට. මායි තාත්තයි බයිසිකලේ කෑගල්ලෙ ගියා වැඩකට එදා පට්ට වැස්ස දවසක්...
ReplyDeleteඑක පාරටම මිනිස්සු පාරට පැනල රතිඤ්ඤ දාන්නයි හූ කියන්නයි පටන් ගත්ත කොටින්ම කියනව නං එක විකාරයක් වුණා...
පස්සෙ තමා දැන ගත්තෙ ජනාධිපති තුමා ට බෝම්බයක් ගහල කියල...
මට එදා වගෙම අදත් තේරුන් නැත්තෙ ඇයි මිනිහෙක් එහෙම මැරුණ කියල ඒ තරමටසංතෝස වෙන්නෙ කියල....
මිනිස්සුන්නෙ වැරදි තියෙන්න පුලු වං ඒත් එහෙමයි කියල මේහෙම සන්තෝස වෙන එකනං ඒ තරං හරි නෑ කියපලයි මට හිතෙන්නෙ
ඔව්.. මොන වැරදි තිබුනත් කෙනෙක් මැරුණහම එහෙම සතුටු වෙන එක නම් හරි නෑ තමයි...
Delete1993 මැයි පළවෙනිදා මං හිටියේ ඉස්පිරිතාලේ.. මගේ උන්ඩුකේ කපලා දාලා. ඒක කැපුවේ අප්‍රේල් 23 එදා තමා ලලිත්ව මැරුවේ..
ReplyDeleteහපොයි.. ආපහු ඉස්පිරිතාලේ පැත්තේ එහෙම යනව නම් කලින්ම කියන්න ..
Deleteමැයි පළවෙනිදා කියන දවස ඇත්තටම අපේ හිත්වල රැඳිලා තියෙන්නේ ඔයවගේ සිදුවීම් නිසාතමයි. මොකද මැ පළවෙනිදා මූලික හරය අපේ හිත්වලින් ඈත් කරලා , දැන් එක දෙසහ්පාලන දිනයක් බවට පත්වෙලා
ReplyDeleteකිව්වත් වගේ මූලික හරය ගැන හිතලා වැඩ කරන්නේ කීයෙන් කීදෙනාද ..
Deleteඔව් අයියේ ඒක තමයි මගෙත් උත්තරේ තුශානි. දේශපාලුවෝ තුක්
Deleteඒ අසුන්දර මතකය ඔබේ ළබැඳියන්හට එතරම්ම අසුබ නොවිච්ච එක ගැන සතුටුයි.
ReplyDeleteමැයි පළවෙනිදත් දැන් තවත් එක සෑමරු දිනයක්ම පමණක් වෙලා. ඒකයි කණගාටුව. විවිධ දේශපාලන පක්ෂ ඒ දිනේ තමුන්ගෙ කරගන්න වලිකනවා. හොඳම විහිළුව ඒ බහුතරයක් දෙනා කම්කරුවෙක්ගේ දාඩිය සුවඳවත් නොවිදපු කම්කරු පංතියට ද්වේශ කරන අය.
ඔය ඔක්කොටම වඩා කණගාටුදායක කරුණක් තියෙනවා. ඒ ශ්‍රේෂ්ඨ දිනේ අද කම්කරු පංතියට පවා අමතකවෙලා තියෙනවා. ඒ ගැන සමහර උදවියට තියෙන දැනුම ගැන හිතුවම අවංකවම දුකහිතෙනවා. කළකිරෙනවා. දැන් ඩිංගකට කලින් මාත් එක්ක මේ මං වැඩකරන ආයතනයෙම සේවය කරන මගේම යාලුවෙක් කියනව මට මෙහෙම. " ඒයි.. හෙට උඹලගෙ දිනේ නේද? උඹල පෙලපාලි යන්නැතෙයි අහනවා."
බලන්න මූට තියෙන අවබෝධයේ තරම ගැන. මං අදහන් දේශපාලන දර්ශනය එක්ක පටලවගෙන තමා මූ එහෙම කියන්නෙ. පොරට අමතකවෙලා තමනුත් ඒ කම්කරු දිනේම කොටස් කාරයෙක් කියනෙක. තමනුත් ධනේෂ්වර හාම්පුතුන්ට ශ්‍රමය කඹුරන සේවකයෙක් වග අමතකවෙලා. එහෙවු කම්කරු පංතියක් ඉන්න අපේ රටේ කවදාවත් කම්කරු සටනක් ජයගන්න පුලුවන් වෙයිද?
මේ දිනය සමරල පලක් තියෙයිද?
ඔව්.. අපේ ජීවිත වලට ඒ දවස අසුන්දර වුනේ නෑ..
Deleteඔයාගේ කතාවට මාත් එකඟයි.. මේ විදිහට කම්කරු දිනය සමරලා නම් කිසිම පලක් නෑ...
ඔබ කියන සිද්ධිය එදා මගේ කැමරාවේ සටහන් වුණේ ඒ බෝම්බය පිපිරෙන විට ඒ ආසන්නයේම තැනක සිටි නිසයි. එදින මියැදුන අයගේ රු පත්තර මගන් දැක ඇත්නම් ඒ මගේ සේයා රූත් ඇතුළුවයි.
ReplyDeleteඔය සිදුවීම සිදුවෙනකොට මම හුඟක් පුංචියි.. ඒ නිසා ඒ ගැන ලොකු මතකයක් නෑ.. පස්සෙ කාලේක අහපු දැකපු දේවල් තමයි..
Deleteඉඩකඩක් තියනව නම් අත්දැකීම බ්ලොග් පිටු අතරේ වචන වලට පෙරලනවද පින්තූරත් එක්ක ?
වෙලාව හොඳකමට ඒ අය බේරිලා තියෙන්නේ.
ReplyDeleteමටත් මතකයි ඔය කියන මැයි පලවෙනිදාව.
ඔව්... අනූ නමයෙන් බේරිලා තිබුනේ..
Deleteඔය කියන මැයි පලවෙනිදාවෙ අපි කනත්තෙ මිනියක් වලලන්න ලෑස්ති වෙමිනුයි හිටියෙ,ආරංචිය ලැබුනම එකෙක් වලට පිනුමක් ගැහුවා.ඔයිට කලින් ඒ කියන්නෙ 1987 මැයි දිනයේදී අභයාරාමේ පංසලට පැනල වෙඩි තියල දෙන්නෙක් මැරුවා.
ReplyDeleteඑහෙම බැලුවහම හැලපතුමාටත් මැයි පළවෙනිදාව අමතක නොවන දවසක්...
Deleteඔය දවස මට හොදට මතකය.. තාත්තත් එක්ක වෙසක් කූඩු හද හදා ඉන්න ගමන් අාරංචිය කණවැකුණි.. තාත්තා කූඩු හැදීම පැත්තකට දම්මේය.. මා තනිවම කූඩු සෑදුවෙමි..
ReplyDelete:) එහෙමද ...
Deleteහුඟක් මිනිස්සු මැරුණා කිව්වහම වත් දුක හිතිලා නෑ වගේ..
සෑදූ කූඩුව මියගියවුන් වෙනුවෙන් දැල්වුයෙමි..
Deleteමටනම් එහෙම විශේෂ අත්දැකීමක් නෑ. තවත් එක දවසක් විතරයි වගේ
ReplyDeleteගෙදරට වෙලා නිවාඩුවේ දවස ගෙවන්න පුළුවන් තවත් එක දවසක්
Deleteඔය මැයි පළවෙනිදා වැඩ කරන අපිව රවට්ටන තවත් දවසක් විතරයි තුශානියේ මට නම්.වැඩ කරන අපිව හැමදාම රවට්ටනවා තමයි හැබයි මැයි පළවෙනිදාට අපිව උපරිමෙන්ම රවට්ටනවා.
ReplyDeleteඔව්.. කම්කරුවගේ ප්‍රශ්ණ හඳුනගෙන ඒවට සහනයක් දෙන නියම කම්කරු සැමරුමක් අද දකින්න නෑ...
Delete1993 මැයි පළවෙනිදා එක සිදුවීමක් වුනා. ඊට කලින් වතාවක මැයි පළවෙනිදා නාරාහෙන්පිට අර මුරුත්තෙටුවේ ආනන්ද හාමුදුරුවන්ගේ පන්සලේ තිබුනු විරෝධතාවයකට පහර දුන්නා. ඒ හැරෙන්න අපිත් මැයි පෙළපාලි ගියා මතකයි 82-83 කාලේ.
ReplyDeleteඅද අපිට යන්න සැබෑ කම්කරු මැයි පෙලපාලි නෑ..
Deleteඅදයි මේ පැත්තේ ආවේ, හොද අදහසක්.
ReplyDeleteකම්කරුවෝ හැමදාම තැලෙනවා, එක දවසකට විතරක් මවා පාන ක්‍රියාවලියක් තමයි දැන් සිද්ද වෙන්නේ...
ස්තූතියි !
Deleteසාදරයෙන් පිළිගන්නවා කැකුළු ගොමුවට.. දිගටම එන්න ...
ඔය මැයි පළවෙනිදාව ගැන මාත් අහලා තියෙනවා.. මං නම් ඉතින් අද වගේ දවසට ගෙදට්ට වෙලා ඉන්න්න හන්දා කිසිම අත්දැකීමක් නම් නැහැ..
ReplyDeleteගෙදරට වෙලා නිදහසේ ඉන්න ලැබෙන්නෙත් කාලෙකින්නේ ...
Deleteමමත් මේ මැයි පළවෙනිදාව ගෙදරට වෙලා නිදහසේ සමරමිනුයි ඉන්නේ... :)
මම දන්න තරමින් ප්‍රේමදාස මහත්තය කියන්නෙ මනුස්සකම අදුනන පොඩි මනුස්සයට ගරු කරන මනුස්සයෙක්..දැන් මැයි දින තියෙන්නෙ එක එක පුද්ගලයගෙ හයිය පෙන්නන්න.
ReplyDeleteඔව් මමත් ඒ කතාව පිළිගන්නවා... නියම මැයි දින සැමරුමක් අද දකින්න නෑ..
Deleteමැයි දින, පෙලපාලි, නිවාඩු, ගෙදර අය සමග කාලය ගත කිරීම, මේව හීන පමණයි. ඔවුන් මැයි දිනයෙත් පැය 10ම වැඩ.
ReplyDeleteමේ අපේම ශ්‍රී ලාංකිකයෝ අරාබිකරයේ මැයි දිනය සමරන හැටි.
ඔවුන් ලංකාවේ ජීවත්වන ඔබ වෙනුවෙන් මැයි දිනයේත් වැඩ කරමින් විදේශ විමය පොම්ප කරයි.
ජයවේවා !
ස්තූතියි නොහිතපු පැත්තක් පෙන්නල දුන්නට..
Deleteසැබවින්ම ඔවුන්ට අපේ උත්තමාචාරය හිමි විය යුතුයි...
1998 මැයි පළවෙනිදා තමයි බස් එකකින් පිණුමක් ගහලා අත් දෙකේම ඇගිලි වල අදටත් දකින්න පුලුවන් විදියේ ලස්සන කැළැල් ටිකක් ඇති කරගත්තෙ...එදා 99 න් බේරුනා කිව්වොත් හරි...නැත්තං අද මම දෙපා අහිමි අබ්බගාතයෙක්...
ReplyDeleteඒ සිදුවීම ගැන විස්තර පෝස්ට් එකකින් මම කියෙව්වා වගේ මතකයක් තියෙනවා ...
Deleteකරදරයක් නොවිච්ච එක ගැන සතුටුවෙන්න ...
ඔය සිද්දිය වෙච්ච ද මාත් ඇඩුවා, ඒ ප්‍රේමදාස මහත්මය අපේ ගමට ඇවිත් මාව වඩාගෙන තිබුණ නිසා දුකට . ඒ මැයි 1 අපි හැමෝගෙම මතකයේ තියෙයි
ReplyDeleteලස්සන ළමයෙක් නිසා වඩා ගන්න ඇති නේද .... :)
Deleteමටත් ඒ දවස අමතක නොවන දවසක් ...
ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට ...