පහුගිය දවස් ටිකේ ටිකක් වැඩිපුර යකඩ යකා ගැන කතා බහ වුන නිසා යකඩ යකා එක්ක බැදිච්ච ටිකක් දුර්ලභ ගනයේ පරණ පින්තූර ටිකක් කට්ටියටම බලන්න බ්ලොග් පිටු අතරට එක් කරන්න ඕනේ කියලා තුශානි හිතුවා ..
ඊ මෙල් එකකින් තමයි මේ පින්තූර ටික ලැබුනේ... බලන්නකෝ...
1894 දී ඔහිය දුම්රියපොළ අවට ප්‍රදේශය..
1910 දී කඩුගන්නව දුම්රිය මාර්ගය...
1860 දී කොළඹ - නුවර දුම්රිය මාර්ගය ...
යටම තියෙන පිංතූරෙ හැර අනෙක් එක පිංතූරයක් වත් මීට කලිං දැකල නෑ...
ReplyDeleteස්තූතියි අපි එක්ක බෙදාගත්තට...
අර කොළඹ නුවර පාරෙ නාය ගිහිං නේද...
එතන හැටි විතරක්
මේ දේවල් ඔයාලටත් වටිනවා කියලා අහන්න ලැබීම සතුටක්..
Deleteස්තූතියි !
ඉතා වටිනා පින්තූර ටිකක්. ඔබට මෙය ලබා දුන් අයටත් ස්තුතියි...
ReplyDeleteඔහිය ස්ට්ෂම හදන එක ගැන හොද කතාවක් තියෙනවා ඒක දාන්න එපායැ..
ස්තූතියි දේශකතුමා ....
Deleteම්හු... කතාවක් දන්නේ නෑනේ...
පරණ පින්තූර දකිද්දී අපිට දැනේනේ හැගීම තව අවුරුදු දෙතුන් සීයකින් වර්තමාන් පින්තූර බලන අයටත් දැනෙයිද?
ReplyDeleteඒක නම් හරියටම කියන්න අමාරුයි.. අද වුනත් එකම දේ එක එක්කෙනා දකින්නේ වෙනස් විදිහටනේ..
Deleteවටින පින්තූර ටිකක් !
ReplyDeleteමේ වගේ ඒවා අපිත් එක්ක ශෙයාර් කලාට ස්තූතියි !
සතුටුයි එහෙම අහන්න ලැබීම.. ස්තූතියි !
Deleteඉතාම වටිනා වැඩක් ස්තුතියි ඔබට
ReplyDeleteස්තූතියි ! කැකුළු ගොමුවට සාදරෙන් පිළිගන්නවා.. දිගටම එන්න ...
Deleteවටිනවා වටිනවා ගොඩක්ම වටිනවා. පිංතූර ටික සේරම සේවු කරගත්තා.
ReplyDeleteපින්තූර ටිකෙන් ප්‍රයෝජනයක් ගන්න එක ගැන හුඟක් සතුටුයි... ස්තූතියි මනොෂ්..
DeleteThanks..Thushani!!
ReplyDeleteur welcome !!! :)
Deleteඅගනා වටිනා පිංතූර ටිකක් අපිත් එක්ක බෙදාගත්තට තුශානිට ගොඩක් ස්තූතියි.
ReplyDelete:) කලාතුරකින් දකින්න ලැබෙන පින්තූර ටිකක් නිසයි කට්ටිය එක්ක බෙදා ගත්තේ...
Deleteවටිනා සේයාරූ පෙලක්. මෙවැනි සේයාරු දක්නට ඇත්තේ කලා තුරකින්
ReplyDeleteලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න
ස්තූතියි ! සාදරයෙන් පිළිගන්නව කැකුළු ගොමුවට ...
Deleteඅපූරු රූප කතාව, කෝච්චියට තියෙන පිස්සුව නිසාම මේ පින්තුඋර මන් ඩවුන් කරා, ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට :D
ReplyDeleteහොඳයි හොඳයි ... කෝච්චි පින්තූර එකතුවට තවත් පින්තූර ටිකක් එකතු කරන්න පුළුවන් වුන එකට මටත් සතුටුයි...
Deleteඇත්තෙන්ම වටින වැඩක් තුෂානි. ස්තූතියි.
ReplyDeleteඔයාලගේ අගය කිරීම් නිසාමයි බ්ලොග් පිටු අතරේ මේ තරම් දුර ආවේ.. හුඟක් ස්තූතියි..
Deleteවටිනා පිංතුර ටිකක් තුෂානි..
ReplyDeleteඑපා කිව්වත් මේ ටික බාගන්නවා...
ජය වේවා!!!
"පින්තූට බාගැනීම සපුරා තහනම්.." කලින් කියන්න හිටියේ .. අමතක වුනා නේ... හි.. හි.. :D
Deleteස්තූතියි විදානේ...
කන්ද උඩරට දුම් රියෙන් ගමනක් යෑම අතිශයින් චමත්කාරජනකයි. ඒ අත්දැකීමට මම අදත් ඉතා කැමතියි.
ReplyDeleteඔයාවත් සාදරයෙන් පිළිගන්නවා කැකුළු ගොමුවට ...
Deleteකන්ද උඩරට දුම්රිය ගමනක අත්දැකීම් මටත් තියෙනවා ... කිවවත් වගේ අතිශයින් චමත්කාරජනකයි...
වටින කියන පින්තූට ටික.. සුද්දා ඒ කාලේ ගල් කඩලා රේල් පීලි නොදැම්මනම් අපේ අය තාම දානවා පොඩ්ඩ පොඩ්ඩ..
ReplyDeleteස්තූතියි දිනේෂ්...
Delete:) ඔව් ඔව්... සුද්දගේ ඒ වැඩේ නම් අපි අගය කරන්න ඕනේ...
පොතුහැර දුම්රිය පොලේ පින්තූරයට සිත ඇදී ගියා. ඒ අපේ ගමේ දුම්රියපොළ නිසා. ප්‍රධාන ගොඩනැගිල්ලේ සහ ඈතින් පෙනෙන දුම්රිය ස්ථානාධිපති නිළ නිවාසයේ විශාල වෙනසක් අදත් නැහැ වගෙයි මටනම් හිතෙන්නේ. අර සුදුපාට ගේට්ටුව වෙනුවට අද විදුලි ගේට්ටුවක් තියනවා. ඒ අතරින් පොතුහැර - වදාකඩ පාර දිවෙනවා. එදා තිබිලා තියෙන්නේ කරත්ත පාරක් බව පෙනෙනවා. බොහොම ස්තුතියි මේ තොරතුරු වලට. මා හිතන්නේ නැහැ පොතුහැර දුම්රියපොලේ මේ පින්තූරය ඇති කියලා.
ReplyDeleteවිචාරකතුමාගේ කමෙන්ට් එක දැකහම මටත් හුඟක් සතුටු හිතුනා .. ස්තූතියි.. :)
Deleteපේනව නේද කාලය කරලා තියෙන වෙනස ...
ඇත්තෙන්ම ඒ කාලේ කොයි තරම් වෙහෙසක් ගන්න ඇතිද නේ මෙහෙම මාර්ග ඉදිකරන්න ?එත් ඉතින් ඒ වෙහසින් අපි තාමත් හරියට වැඩක් අරන් තියෙනවාද කියලා සැකයි.
ReplyDeleteඅර "ඔහිය"ස්ටේශම ඒකාලේ හැටි.දැන් නම් ඕක ලොකු ස්ටේෂම්ක්.ලෝකාන්තේ යන අය යන්නේ ඕකෙන් බැහැලා නේ.
ඔව්... එදා තාක්ෂණය අද තරම් දියුණුව නොතිබිලත් කරලා තියෙන දේවල් හරි විශිෂ්ටයි... මමත් හිතන්නේ අපි ඒවයින් හරි ප්‍රයෝජනයක් අරගෙන නෑ කියලා ..
Deleteමේක බොහොම අගේ ඇති වැඩක් තුෂානි. මේ වගේ තව පින්තූර ගොඩක් තියෙනවා ශ්‍රී ලංකා රේල්වේ ෆොරිනර් එකේ. මෙන්න ලින්කුව https://www.facebook.com/srilankanrailwayforum
ReplyDeleteදුම්රිය ස්ථාන ගැන කියද්දි තවත් විශේෂ දුම්රිය ස්ථානයක් තියෙනවා,
කිසිම ගමකට අයිති නැති දුම්රිය නැවතුම්පලක් ලෝකෙ තියනවා, දන්නවද ඒ කොහෙද කියලා. දුම්රිය නැවතුම්පලේ නම තමයි "නො.1" නොහොත් No.1. මේක තියෙන්නෙ සිරි ලංකාවෙ වස්කඩුව කියන ගමේ මායිමේ. අල්ලපු ගම තමයි පොතුපිටිය. ගම් දෙකේ මිනිස්සු මේ දුම්රිය නැවතුම්පලේ නාම පුවරුවට රණ්ඩු වෙලා අන්තිමට සුද්දා තීරණය කරල නො.1 කියල නම වෙනස් කරන්න. ලෝකෙටම එකයි මේවගේ නමක් තියෙන දුම්රිය නැවතුම්පලක් තියෙන්නෙ. මං මේ කතාව ලඟකදි සරුංගලේටත් කීවා
දීපු හෝඩුවාවට හුඟක් ස්තූතියි...
Delete"නො.1" දුම්රියපොළේ කතාව කලින් දැනගෙන හිටියේ නෑ... කොහොම වුනත් සුදු මහත්තුරු හරිම සාධාරණ විදිහට රණ්ඩුව විසඳලා... :)
මම ඉතිං කොහොමත් පරණ දේවලට කැමති එකා නොවැ...මේ පින්තූර කථාව දිහා ආශාවෙන් බලාන උන්නෙ. අපේ රටට විදේශිකයො ආවෙ නැත්තං...මේ වගේ භූ විෂමතාවක් තියෙන තැන් වල කවදාවත් දුම්රිය මගක් ඉදිවෙන එකක් නෑ කියලයි මගේ අදහස...
ReplyDeleteඔව්... අපේ රටේ ස්වභාවික පරිසරයට සිද්ධවෙන හානිය අවම වෙන ආකාරයට මේ ඉදිකිරීම කරලා තියෙන එකත් අපි අගය කරන්න ඕනේ...
Deleteපින්තූර ටිකනම් මසුරන් වටිනවා තුශා.....
ReplyDelete:) ස්තූතියි ශානු...
Delete