සාමාන්‍යයෙන් කවුරුහරි කොහේහරි ගමනක් යන්න කතා කලොත් අපි හුඟ දෙනෙක් බොහොම කැමැත්තෙන් තමයි ඒකට සම්බන්ද වෙන්නේ. වෙනදාට උදේ පාන්දර නැගිටින්න වුනාම තව ටිකක් වෙලා කොට්ටෙත් තුරුළු කරන නිදා ගන්න තිබුන නම් හොඳයි කියලා හිතුනත් එදාට එහෙම හිතෙන්නේ නැති එක හරි පුදුම සහගතයි..
ඒත් කවුරුහරි අපායේ යන්න කතා කලොත් එයා අපිට කොයිතරම් හිතවත් කෙනෙක් වුනත් අපි එයත් එක්ක යන්න කැමති වෙන්නේ නෑනේ.. ඒ නිසා ඔන්න මම අපායේ යන්න එන්න කියලා නම් කතා කරන්නේ නෑ... ගිහින් බලලා එන්න කැමති කෙනෙක් ඉන්නව නම් යන පාරයි, යන්න අකමැති අයට පින්තූර ටිකකුයි, විස්තර ටිකකුයි කියන්න තමයි අද පෝස්ට් එක ලියන්නේ..
මෙන්න මෙහෙමයි අපායට යන්නේ...
අපායට යන දොරටුව පිහිටලා තියෙන්නේ ලෝක සිතියමේ ඉරානෙටයි ඇෆ්ගනිස්තානෙටයි ටිකක් උඩින් තියෙන තුර්ක්මෙනිස්ථාන (Turkmenistan) කියන රටේ. තුර්ක්මෙනිස්ථානයේ කාරාකුම් කාන්තාරයේ ඩර්වේස් (Derweze ) වල. ඔය පහලින් පෙන්නලා තියෙන්නේ හරියටම තැන..
තුර්ක්මෙනිස්ථානයේ අගනුවර වූ ඈෂ්ගැබැට්වලට උතුරින් කිලෝමීටර් 260ක් ඈතින් තමයි මේ ඩර්වේස් ගම්මානය තියෙන්නේ.. ඩර්වේස් ගම්මානයේ 350ක පමණ ජනගහනයක් ජීවත් වෙනවා.
ඒරල් මුහුද මෙයට උතුරින් පිහිටා ඇති අතර අමුදර්යා ගංගාව හා කිසිල්කුම් කාන්තාරය ඊසාන දිගින් පිහිටා තියෙනවා. ඒ කියන්නේ කැස්පියන් මුහුදට නැගෙනහිරින් තමයි ඩර්වේස් පිහිටලා තියෙන්නේ..
මේ ප‍්‍රදේශයේ විශාල වශයෙන් තෙල් සහ ස්වාභාවික වායු නිධි තියෙනවා කියලා හොයාගෙන තියනවා.
සෝවියට් භූවිද්‍යාඥයන් පිරිස හිතුවේ මේ දැවීම දින කීපයකින් අවසන් වේවි කියලයි. ඒත් ඒක අදත් එක විදියට ම දැවෙමින් පවතිනවා.මෙයින් නිකුත් වෙන ගිනිදැල් ඩර්වේස්හී අවට සැතැපුම් ගණනාවක් ඈතට පෙනෙනවා කියලයි දැනගන්න ලැබුනේ.
මේ ඉන්නේ අපායේ යන්න ලැස්තිවෙන අය..
2010 දී එරට ජනාධිපති ගුර්බැන්ගුලි බර්දිමුහමදෝ ද මෙය නැරඹීමට පැමිණ මෙය වසා දමන සේ නියෝග කළා. ඒත් තවමත් එය සිදු වන පාටක් නැහැ. තුර්ක්මෙනිස්ථානයේ වැඩි කොටසක් වසා සිටින කාරාකුම් කාන්තාරය මැද පිහිටි එකක් නිසා වසා දැමීම ලේසියෙන් කළ හැක්කකුත් නොවෙයි.
ඔන්න ඉතින් අපායේ යන්න අදහසක් එහෙම තියෙනව නම් ඔන්න අපායේ දොරටුව තියෙන තැනයි, පාරයි කිව්වා..
අර වෙසක් තොරණ්වල, රූකඩ වල, හොල්මන් මන්දිර වල තියෙන කටු ඉඹුලයි, ලෝ දිය හැලියයි, අපායේ ගිහිල්ල ඉන්න කට්ටියයි බලන්න නම් දොරටුවෙන් ඇතුලට යන්නම වෙනවා. :)
ප. ලි. - පින්තූර සහ සියළු විස්තර අන්තරජාලයෙන්...
මට නං යන්න ආසාවක් ඇති උනා... .තැන්කුයි විස්තරේට
ReplyDeleteහි.. හි... ආස හිතුනේ අපායේ යන්නද ? දොරටුව බලන්න යන්නද ?
Deleteහේ හේ ඔය තියෙන්නේ අපුරු ගිනි මැලයක් බාබික්යු පාරක් ගෙන කස්ටියට සෙට් වෙලා බජව්වක් ගෙන නයිටක් ගහන්න, අපුරු තැන, ඔතන ස්වාභාවික පිහිටුමක් උනත් දැල්වෙන ගිනිදැල් කෘතිමයි, ඒ කියන්නේ වගේම ඔතන ස්වාභාවික ඔතනින් පිටවන දහන වායු විතරයි, ඔය ආවාටයත් කෘතිමයි, සෝවියට් භූවිද්‍යාඥයන් පිරිසක් ස්වාභාවික වායු සොයා කරන ලද කැණීමකදී 1971 ඔය ආවාටය අත් වැරදීමකින් නිර්මාණය වෙනවා, ඔතනින් පිටවන දහන වායූන් අනතුරු සීමාවත් ඉක්මවා පිටවන්න ගත්ත අතර එය වලවගන්න බැරි උණ නිසා විසදුමක් විධියට ඔතනට ගිණි දල්වනවා, ඒ ගිනි අධාටත් නොනිමී දැල්වෙනවා, අපායේ ගිනි දැල් කතාන්දරය නිසාත් මහා පොලවේ තියෙන නිස්සත් වෙන්න ඕන ඔතනට අපායේ දොරටුව කියන්නේ
ReplyDeleteස්තූතියි තොරතුරු එකතු කලාට ...
Deleteදෙන්නටම තුති
Deleteලස්සන රුප ටිකක් තියෙනවා ඔකේ මේ සයිට් එකේ
ReplyDeletehttp://www.atlasobscura.com/places/the-gates-of-hell
ස්තූතියි... අනිත් අයටත් මේක වැදගත් වෙයි...
Deleteමට නං මේක කියවල නිරපරාදෙ අපතේ යන වටිනා බල ශක්තිය ගැන දුකක් ඇතිවුණා.
ReplyDeleteඒකනම් ඇත්ත හැලපතුමා මේ ශක්තිය වටිනා දෙයකට ප්‍රයෝජනයට ගන්නව නම් කොයිතරම් වටිනවද ...
Deleteයමුද තුෂානි අපායට ඔයත් එනවනං මාත් එනවා
ReplyDelete:D හා.. හා.. යමුකෝ එහෙනම් ...
Deleteකැමැත්තෙන්ම අපායෙ යන්න ආව ඔන්න. මෙහෙම එකක් ඇහුවමයි. ගොඩක්ම ස්තූතියි තොරතුරට.
ReplyDeleteබැරිවෙලාවත් ලංකාවෙ එහෙම මෙහෙම තැනක් තිබුනනම්, අපේ කට්ටිය පනී ඕකට හිටු කියල. මොකද දිවි නසා ගන්න පට්ට ලේසියිනෙ මේ ක්‍රමේ.
හරි හරි... අපායේ යන ලිස්ට් එකට ඔයාවත් එකතු කරගන්නම්කෝ...
Deleteඒක නම් ඇත්ත හොඳ වෙලාවට අපේ රටේ මෙහෙම එකක් නොතිබුනේ...
අඩේ මම එහේ උන්නා නම් මෙලහට්ට බලන්ඩ ගිහින්. ලස්සන තැනක් වගේ.
ReplyDeleteඔව්.. ඔව්.. ඉඩක් ලැබුන ගමන් ඔයා රට වටේ යන නිසා අනිවාර්යයෙන්ම යයි මේකත් බලන්න ... :)
Deleteතැන්කිව් අපාය පෙන්නුවට....
ReplyDeleteවෙසක් එකට කොල්ලන්ට පෙන්නන පුළුවන්...
ජය වේවා!!!!!!!!!!!!
කට්ටියට අපායේ යන පාර කියන්නකෝ එහෙනම් ගිහිල්ලා බලන්න ... :D
Deleteඅපායේ දොරටුව පෙන්වීම ගැන අගේ කොට සලකමි.
ReplyDeleteදෙව් ලොවට යන පාර පෙන්විය හැකිනම් බොහෝතුති වෙමි....:)
බොට දෙව්ලොවට යන පාර මම පෙන්නන්නෙයි.
Deleteඅනේ පෙන්නාන්කෝ අයියේ...
Deleteඋඹ කොහොමෙයි බන් මූට ඒක පෙන්නන්නේ...
Deleteඅපායේ යන පාර දන්නව උනාට දිව්‍ය ලෝකේ යන පාර දන්නේ නෑ මනෝජ්.. :( බලමුකො හැලපතුමා දිව්‍ය ලෝකේ යන පාර කියයිද කියලා ..
Deleteමේ පොඩි කෙල්ලෙකුත් ඉන්න තැන මට ඔව්ව කියන්න ලැජ්ජයි බංස්ල.
Deleteඉතිං රහසින් කියහන්කෝ අයියේ...
Deleteඒ රටවල් වලත් ජනාධිපති කියන ඒවා නොකරන එවුන් ඉන්නවා එහෙනම්
ReplyDeleteඅපේ රටේ එහෙම නොකර හිටිය නම් කොහොම තියෙයිද ... :)
Deleteහප්පේ මං බැලුව තුෂානි වෙසක් එකට හොල්මන් මන්දිරයක්වත් සයිබරයේ පෙන්නනවද කියල.
ReplyDeleteඕං කැමතිනම් මේ ලිංකුවටත් ගිහින් හැකිතරම් අවබෝධයක් ලබාගන්න බලන්නකෝ.
තිරිසන් අපාය
මේක මේ සතර අපායෙන් එකක්.
:D වෙසක් කාලේ නිසා අපාය ගැන වැඩිපුර කතා බහ වෙනවනේ ඒකයි මෙහෙම දෙයක් ගැන ලියන්න හිතුනේ...
Deleteස්තූතියි තොරතුරට ... නරක, තිරිසන්, ප්‍රේත, අසුර කියලා අපායවල් 4 තියනවලූ....
අනිත් උන් යන්න ඉස්සර වෙලා යන්න ඕන. නැත්නම් අපේ උන් ගිහින් එකෙක්ටවත් යන්න බැරි සයිස් එකට වැඩේ කරනවා.
ReplyDeleteහි.. හි.. අපායට ගියත් ඉස්සෙල්ලා යන්න ඕනේ :D
Deleteමටත් යන්න ආස හිතුණ නෙවැ... ඒක නෙමේ දිව්‍ය ලෝකෙට යන පාර හොයා ගත්තමත් කියන්න හොඳේ :-D
ReplyDeleteඅන්න දිව්‍ය ලෝකේ යන පාර හැලපතුමා නම් දන්නවලු... මාත් අහගන්න හිතාගෙන ඉන්නේ...
Deleteකලින්ම දැක බලා ගත්ත එක හොදයි හරි ලස්සන තැනක් නේ හිත හදන් යන්න පුළුවන් ...
ReplyDeleteදොරටුව නම් ලස්සනයි තමයි.. හැබැයි අපායේ විස්තර බලන්න නම් දොරටුවෙන් ඇතුලට ගිහිල්ලම බලන්න වෙනවා
Deleteමේ ගැන මම විස්තර කියවලා තියෙනවා.. ඕක ඔය ජනාධිපතියා වහන්න කිවුවට ඒක දැන් සංචාරක ආකර්ශණයක් තියෙන තැනක්.. හෙල්ස් ගේට් බලන්න කවුද අකමැති..
ReplyDeleteඔව්.. සංචාරක ආකර්ශණය නිසාම වෙන්න ඇති ඒක වහන්නේ නැතුව ඇත්තේ...
Delete