Monday, May 12, 2014

අපායේ යන පාර ...

සාමාන්‍යයෙන් කවුරුහරි කොහේහරි ගමනක් යන්න කතා කලොත් අපි හුඟ දෙනෙක් බොහොම කැමැත්තෙන් තමයි ඒකට සම්බන්ද වෙන්නේ. වෙනදාට උදේ පාන්දර  නැගිටින්න වුනාම තව ටිකක් වෙලා කොට්ටෙත් තුරුළු කරන නිදා ගන්න තිබුන නම් හොඳයි කියලා හිතුනත් එදාට එහෙම හිතෙන්නේ නැති එ හරි පුදුම සහගතයි..  

ඒත් කවුරුහරි අපායේ යන්න කතා කලොත් එයා අපිට කොයිතරම් හිතවත් කෙනෙක් වුනත් අපි එයත් එක්ක යන්න කැමති වෙන්නේ නෑනේ.. ඒ නිසා ඔන්න මම අපායේ යන්න එන්න කියලා නම් කතා කරන්නේ නෑ... ගිහින් බලලා එන්න කැමති කෙනෙක් ඉන්නව නම් යන පාරයි, යන්න අකමැති අයට පින්තූර ටිකකුයි, විස්තර ටිකකුයි කියන්න තමයි අද පෝස්ට් එක ලියන්නේ..




මෙන්න මෙහෙමයි අපායට යන්නේ...  

අපායට යන දොරටුව පිහිටලා තියෙන්නේ ලෝක සිතියමේ ඉරානෙටයි ඇෆ්ගනිස්තානෙටයි ටිකක් උඩින් තියෙන තුර්ක්මෙනිස්ථාන (Turkmenistan) කියන රටේ. තුර්ක්මෙනිස්ථානයේ කාරාකුම් කාන්තාරයේ ඩර්වේස් (Derweze ) වල. ඔය පහලින් පෙන්නලා තියෙන්නේ හරියටම තැන..



තුර්ක්මෙනිස්ථානයේ අගනුවර වූ ඈෂ්ගැබැට්වලට උතුරින් කිලෝමීටර් 260ක් ඈතින් තමයි මේ ඩර්වේස් ගම්මානය තියෙන්නේ.. ඩර්වේස් ගම්මානයේ 350ක පමණ ජනගහනයක් ජීවත් වෙනවා.




ඒරල් මුහුද මෙයට උතුරින් පිහිටා ඇති අතර අමුදර්යා ගංගාව හා කිසිල්කුම් කාන්තාරය ඊසාන දිගින් පිහිටා තියෙනවා. ඒ කියන්නේ කැස්පියන් මුහුදට නැගෙනහිරින් තමයි ඩර්වේස්  පිහිටලා තියෙන්නේ..

මේ ප‍්‍රදේශයේ විශාල වශයෙන් තෙල් සහ ස්වාභාවික වායු නිධි තියෙනවා කියලා හොයාගෙන තියනවා.





සෝවියට් භූවිද්‍යාඥයන් පිරිස හිතුවේ මේ දැවීම දින කීපයකින් අවසන් වේවි කියලයි. ඒත් ඒක අදත් එක විදියට ම දැවෙමින් පවතිනවා.මෙයින් නිකුත් වෙන ගිනිදැල් ඩර්වේස්හී අවට සැතැපුම් ගණනාවක් ඈතට පෙනෙනවා කියලයි දැනගන්න ලැබුනේ.





මේ ඉන්නේ අපායේ යන්න ලැස්තිවෙන අය..



 

2010 දී එරට ජනාධිපති ගුර්බැන්ගුලි බර්දිමුහමදෝ ද මෙය නැරඹීමට පැමිණ මෙය වසා දමන සේ නියෝග කළා. ඒත් තවමත් එය සිදු වන පාටක් නැහැ. තුර්ක්මෙනිස්ථානයේ වැඩි කොටසක් වසා සිටින කාරාකුම් කාන්තාරය මැද පිහිටි එකක් නිසා වසා දැමීම ලේසියෙන් කළ හැක්කකුත්  නොවෙයි.




ඔන්න ඉතින් අපායේ යන්න අදහසක් එහෙම තියෙනව නම් ඔන්න අපායේ දොරටුව තියෙන තැනයි, පාරයි කිව්වා.. 

අර වෙසක් තොරණ්වල, රූකඩ වල, හොල්මන් මන්දිර වල තියෙන කටු ඉඹුලයි, ලෝ දිය හැලියයි, අපායේ ගිහිල්ල ඉන්න කට්ටියයි බලන්න නම් දොරටුවෙන් ඇතුලට යන්නම වෙනවා. :) 


ප. ලි. - පින්තූර සහ සියළු විස්තර අන්තරජාලයෙන්... 

36 comments:

  1. මට නං යන්න ආසාවක් ඇති උනා... .තැන්කුයි විස්තරේට

    ReplyDelete
    Replies
    1. හි.. හි... ආස හිතුනේ අපායේ යන්නද ? දොරටුව බලන්න යන්නද ?

      Delete
  2. හේ හේ ඔය තියෙන්නේ අපුරු ගිනි මැලයක් බාබික්යු පාරක් ගෙන කස්ටියට සෙට් වෙලා බජව්වක් ගෙන නයිටක් ගහන්න, අපුරු තැන, ඔතන ස්වාභාවික පිහිටුමක් උනත් දැල්වෙන ගිනිදැල් කෘතිමයි, ඒ කියන්නේ වගේම ඔතන ස්වාභාවික ඔතනින් පිටවන දහන වායු විතරයි, ඔය ආවාටයත් කෘතිමයි, සෝවියට් භූවිද්‍යාඥයන් පිරිසක් ස්වාභාවික වායු සොයා කරන ලද කැණීමකදී 1971 ඔය ආවාටය අත් වැරදීමකින් නිර්මාණය වෙනවා, ඔතනින් පිටවන දහන වායූන් අනතුරු සීමාවත් ඉක්මවා පිටවන්න ගත්ත අතර එය වලවගන්න බැරි උණ නිසා විසදුමක් විධියට ඔතනට ගිණි දල්වනවා, ඒ ගිනි අධාටත් නොනිමී දැල්වෙනවා, අපායේ ගිනි දැල් කතාන්දරය නිසාත් මහා පොලවේ තියෙන නිස්සත් වෙන්න ඕන ඔතනට අපායේ දොරටුව කියන්නේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තොරතුරු එකතු කලාට ...

      Delete
  3. ලස්සන රුප ටිකක් තියෙනවා ඔකේ මේ සයිට් එකේ
    http://www.atlasobscura.com/places/the-gates-of-hell

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... අනිත් අයටත් මේක වැදගත් වෙයි...

      Delete
  4. මට නං මේක කියවල නිරපරාදෙ අපතේ යන වටිනා බල ශක්තිය ගැන දුකක් ඇතිවුණා.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත හැලපතුමා මේ ශක්තිය වටිනා දෙයකට ප්‍රයෝජනයට ගන්නව නම් කොයිතරම් වටිනවද ...

      Delete
  5. යමුද තුෂානි අපායට ඔයත් එනවනං මාත් එනවා

    ReplyDelete
    Replies
    1. :D හා.. හා.. යමුකෝ එහෙනම් ...

      Delete
  6. කැමැත්තෙන්ම අපායෙ යන්න ආව ඔන්න. මෙහෙම එකක් ඇහුවමයි. ගොඩක්ම ස්තූතියි තොරතුරට.

    බැරිවෙලාවත් ලංකාවෙ එහෙම මෙහෙම තැනක් තිබුනනම්, අපේ කට්ටිය පනී ඕකට හිටු කියල. මොකද දිවි නසා ගන්න පට්ට ලේසියිනෙ මේ ක්‍රමේ.

    ReplyDelete
    Replies
    1. හරි හරි... අපායේ යන ලිස්ට් එකට ඔයාවත් එකතු කරගන්නම්කෝ...

      ඒක නම් ඇත්ත හොඳ වෙලාවට අපේ රටේ මෙහෙම එකක් නොතිබුනේ...

      Delete
  7. අඩේ මම එහේ උන්නා නම් මෙලහට්ට බලන්ඩ ගිහින්. ලස්සන තැනක් වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඔව්.. ඉඩක් ලැබුන ගමන් ඔයා රට වටේ යන නිසා අනිවාර්යයෙන්ම යයි මේකත් බලන්න ... :)

      Delete
  8. තැන්කිව් අපාය පෙන්නුවට....
    වෙසක් එකට කොල්ලන්ට පෙන්නන පුළුවන්...

    ජය වේවා!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. කට්ටියට අපායේ යන පාර කියන්නකෝ එහෙනම් ගිහිල්ලා බලන්න ... :D

      Delete
  9. අපායේ දොරටුව පෙන්වීම ගැන අගේ කොට සලකමි.
    දෙව් ලොවට යන පාර පෙන්විය හැකිනම් බොහෝතුති වෙමි....:)

    ReplyDelete
    Replies
    1. බොට දෙව්ලොවට යන පාර මම පෙන්නන්නෙයි.

      Delete
    2. අනේ පෙන්නාන්කෝ අයියේ...

      Delete
    3. උඹ කොහොමෙයි බන් මූට ඒක පෙන්නන්නේ...

      Delete
    4. අපායේ යන පාර දන්නව උනාට දිව්‍ය ලෝකේ යන පාර දන්නේ නෑ මනෝජ්.. :( බලමුකො හැලපතුමා දිව්‍ය ලෝකේ යන පාර කියයිද කියලා ..

      Delete
    5. මේ පොඩි කෙල්ලෙකුත් ඉන්න තැන මට ඔව්ව කියන්න ලැජ්ජයි බංස්ල.

      Delete
    6. ඉතිං රහසින් කියහන්කෝ අයියේ...

      Delete
  10. ඒ රටවල් වලත් ජනාධිපති කියන ඒවා නොකරන එවුන් ඉන්නවා එහෙනම්

    ReplyDelete
    Replies
    1. අපේ රටේ එහෙම නොකර හිටිය නම් කොහොම තියෙයිද ... :)

      Delete
  11. හප්පේ මං බැලුව තුෂානි වෙසක් එකට හොල්මන් මන්දිරයක්වත් සයිබරයේ පෙන්නනවද කියල.
    ඕං කැමතිනම් මේ ලිංකුවටත් ගිහින් හැකිතරම් අවබෝධයක් ලබාගන්න බලන්නකෝ.

    තිරිසන් අපාය

    මේක මේ සතර අපායෙන් එකක්.

    ReplyDelete
    Replies
    1. :D වෙසක් කාලේ නිසා අපාය ගැන වැඩිපුර කතා බහ වෙනවනේ ඒකයි මෙහෙම දෙයක් ගැන ලියන්න හිතුනේ...

      ස්තූතියි තොරතුරට ... නරක, තිරිසන්, ප්‍රේත, අසුර කියලා අපායවල් 4 තියනවලූ....

      Delete
  12. අනිත් උන් යන්න ඉස්සර වෙලා යන්න ඕන. නැත්නම් අපේ උන් ගිහින් එකෙක්ටවත් යන්න බැරි සයිස් එකට වැඩේ කරනවා.

    ReplyDelete
    Replies
    1. හි.. හි.. අපායට ගියත් ඉස්සෙල්ලා යන්න ඕනේ :D

      Delete
  13. මටත් යන්න ආස හිතුණ නෙවැ... ඒක නෙමේ දිව්‍ය ලෝකෙට යන පාර හොයා ගත්තමත් කියන්න හොඳේ :-D

    ReplyDelete
    Replies
    1. අන්න දිව්‍ය ලෝකේ යන පාර හැලපතුමා නම් දන්නවලු... මාත් අහගන්න හිතාගෙන ඉන්නේ...

      Delete
  14. කලින්ම දැක බලා ගත්ත එක හොදයි හරි ලස්සන තැනක් නේ හිත හදන් යන්න පුළුවන් ...

    ReplyDelete
    Replies
    1. දොරටුව නම් ලස්සනයි තමයි.. හැබැයි අපායේ විස්තර බලන්න නම් දොරටුවෙන් ඇතුලට ගිහිල්ලම බලන්න වෙනවා

      Delete
  15. මේ ගැන මම විස්තර කියවලා තියෙනවා.. ඕක ඔය ජනාධිපතියා වහන්න කිවුවට ඒක දැන් සංචාරක ආකර්ශණයක් තියෙන තැනක්.. හෙල්ස් ගේට් බලන්න කවුද අකමැති..

    ReplyDelete
    Replies
    1. ඔව්.. සංචාරක ආකර්ශණය නිසාම වෙන්න ඇති ඒක වහන්නේ නැතුව ඇත්තේ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...