Saturday, May 17, 2014

කැලණි පුර වෙසක් සිරි...

සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් වු තෙමගුල සිහිපත් කරමින් මේ දවස් වල ලොව පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් පැවැත්වෙනවා.. ඒ ආමිස පූජා අතුරින් තොරණ හා පහන් කූඩු වලට හිමිවෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්.

තොරණ හා පහන් කූඩු වලින් රටම ආලෝකමත් වෙද්දී කැලණි පුරවරයත් වෙසක් සිරියෙන් නැහැවෙමිනුයි පවතින්නේ.. ඉතින් බුදු පියාණන් වහන්සේගේ පා පහස ලැබූ කැලණි පුරවරය ඒ වෙසක් අලෝකයෙන් නැහැවී පවති ආකාරය ලංකාවේ අනෙක් ප්‍රදේශ වල ඉන්න අපේ බ්ලොග් යාළුවන්ට වගේම විදෙස් රට වල ඉන්න අපේ බ්ලොග් යාළුවන්ටත්  රූපමය පෙළහරක් හෝ අත්විදින්න අවස්ථාවක් සලසලා දෙන්න ඕනේ කියලා හිතුන නිසයි මේ ලිපිය ලියන්න හිතුවේ.. 


මේ තියෙන්නේ විදුලි පහන් ආලෝකයෙන් වර්ණාවත් වුනු කැලණි විහාර භූමිය. විහාර භූමිය වගේම වෙසක් කලාපයත් එකම හිස් ගොඩක් විදිහට තමයි දිස්වුනේ.
රිවාර කූඩු ඉතා විශාල ප්‍රමාණයකින් නිර්මාණය වුනු වෙසක් කලාපය තුළ වු විශාලතම පහන් කූඩුවයි මේ.

ස්වභාවික අමුද්‍රව්‍ය වලට මුල් තැන දෙමින් මේ කූඩු බොහෝමයක් නිර්මාණය වී තිබීමත් කැපී පෙනෙන ලක්ෂණයක් වුනා.


මේ පහන් කූඩුවේ ඉහළ කොටසින් සම්බුදු තෙමගුලත් පහළ කොටසින් වෙස්සන්තර ජාතකයත් පෙන්නුම්කරලා තිබුනා ..

වෙසක් පහන් කූඩු වල තිබුනු තවත් එක ලක්ෂණයක් තමයි ඒවා බොහොම සියුම්ව නිර්මාණය කර තිබූ ඒවා වීම.

මේ බුද්ධගයාවේ ආකෘතියක්.


ම‍ටුළු යොදාගෙන කරපු අපූරු නිර්මාණයක්.


කැලණි පෙරහැරේ කරඬුව වඩම්මන ඇත් රාජයා තමයි මේ ඉන්නේ ...


පොල් ක‍ටු වලින් මේ අපූරු පහන් කූඩුව නිර්මාණය කරපු මාමා තමයි ඔය කූඩුව ලඟින් ඉන්නේ..


වෙසක් කාලාපය තුල තිබ්බ ලස්සනම කූඩු අතරින් තවත් එක ලස්සන කූඩුවක්..


වෙසක් කූඩු නිර්මාණය කරන්න වගේම ඒ සඳහා විවිධ වර්ණයන්ගේ යුක්ත විදුලි ආලෝකය ලබා දෙන්නත් බොහෝ වෙහෙස මහන්සි වෙලා තිබුනා.



මේ විදිහට කැලණි ගඟ අසබඩ පුජා භූමි ප්‍රදේශය පුරාවටම එක පෙලට නිර්මාණය වුනු වෙසක් පහන් කූඩු ‍රැසක් දකින්න ලැබුනා.

වෙසක් පහන් කූඩු අතරේ 11වෙනි වරට නිර්මාණය වුනු මහා තොරණ ගුත්තිල ජාතකය නිරූපණය කලා .. තොරණේ පැහැදිලි ඡායාරූප කිහිපයක් ගන්න නම් අවස්ථාව ලැබුනේ නෑ..

ඡායාරූපයට නැගුනේ තුශානිගේ සිත් ගත්ත පහන් කූඩු කීපයක් විතරයි.. ඉතින් පුලුවන් කමක් තියනව නම් වෙසක් සතිය පුරාවටම පැවැත්වෙන මේ කැලණි වෙසක් කලාපය නරඹන්න ඇවිත් සියසින්ම ඒ අසිරිය විඳ ගන්න කියලා තුශානි බොහොම ගෞරවයෙන් හැම කෙනෙක්ටම ආරාධනා කරනවා...


33 comments:

  1. කැළණි වෙසක් සිරිය නෙතඟට ගෙනාවට ගොඩක්ම ස්තූතියි තුශානිට.

    ReplyDelete
    Replies
    1. :) කැලණිය පැත්තේ වෙසක් බලන්න එන්න බැරි කට්ටියට දැක බලා ගන්නයි පින්තූර ටිකක් දාන්න ඕනේ කියලා හිතුනේ...

      Delete
  2. පස්ට ඈ...
    තැංකු වේවා...

    ReplyDelete
    Replies
    1. දැන් දැක්කනේ කැලණි පුරේ වෙසක්... :)

      Delete
  3. ඇවිත් බලන්න විදියක් නෑ නොවැ,ගෙනත් පෙන්නුවට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. මුහුදෙන් එහා ඉන්න අයට තමයි මේ පින්තූර හුඟක්ම වටින්නේ... වැස්සෙනුත් බාදා ආවේ නැති නිසා මෙදා සැරේ රට පුරාම වෙසක් බොහොම හොඳින් සැමරුනා ...

      Delete
  4. කැළණි වෙසක් සිරි හරිම හැඩයි වගේ, ස්තූතියි තුෂානි නුදුටු දෙයක් අපිට පෙන්නුවට.

    ReplyDelete
    Replies
    1. :) වෙසක් සිරි මේ විදිහට හරි ගෙන එන්න පුළුවන් වුනාට තුශානිටත් හුඟක් සතු‍ටුයි...

      Delete
  5. එන්නං කැළණි පැත්තේ අපට කොත්තමල්ලි දානයක්වත් දෙනවද තුෂානිලගේ ගෙදරින්.. එහෙම නැත්තං‘ ඉතිං මාතලන්ලගේ දිහා තමා යන්න වෙන්නේ. නැත්තං සෑමලාගේ දිහා.

    ReplyDelete
    Replies
    1. :D කොත්තමල්ලි දානේ කිව්වහමයි මතක් වුනේ... තේ වතුර දන්සලක් නම් වෙසක් කලාපයේ තියෙනවා ...

      Delete
  6. ඇවිත් බැලුවේ නැති වුණාට හරිම හොඳට වෙසක් අසිරිය දැකගත්තා.. ගොඩාක් ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. කූඩු ගොඩක් අතරින් හිත් ගත්ත පින්තූර ටිකක් තමයි දැම්මේ... ඔයාටත් ස්තූතියි වෙසක් අසිරිය බලන්න ආවට.

      Delete
  7. මාවරමණ්ඩිය පැත්තේ ගියේ නැද්ද. හොඳ කුඩු සෙට් එකක් තිබුනා. දැන් ගොඩක් තැන්වල තියන කුඩු කොමන් වෙලා අලුත් දෙයක් කරන්නේ නැතිව කවුරු හරි කරපු දෙයක් තමා කරන්නේ

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තට නම් යන්න බැරි වුනා...

      ඒක නම් ඇත්ත නිර්මාණශීලී දෙයක් දකින්න ලැබෙනේ බොහොම කලාතුරකින්.

      Delete
  8. හතර විළි ලැජ්ජාවෙ සංතෝසෙ බෑ. බස් අරන් වටේම ගිහින් වෙසක් බැලුවට මේ පයින් යන දුර ටික බැලුවෙ නෑනෙ.

    අදවත් යන්න ඕන රෑට.

    ReplyDelete
    Replies
    1. හි.. හි... එහෙමද...

      අදවත් යන්න එහෙනම්...

      Delete
  9. කැළණි වෙසක් ... තුශානිලාගේ තේපැන් දසලටනම් අපිත් ආවා

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි... කහට කෝප්පයක් බීලා කූඩු ටිකයි තොරණයි බලලා යන්න ඇතිනේ...

      Delete
  10. ඔබට බොහෝම පිං මේ පිංතූර අපට බලන්න ඉදිරිපත් කලාට. නොරට ඉන්න මට ඇත්තටම වෙසක් කියල හැඟීමක් ඇතිකරන්න මේ පංතූර වලට පිලිවන් වුනා.

    ReplyDelete
    Replies
    1. මුහුදෙන් එහා ඉන්න අයට මේ විදිහට හරි වෙසක් සිරි ගෙනියන්න පුළුවන් වුන එකට මටත් සතු‍ටුයි...

      Delete
  11. බොහොම ස්තූතියි නංගි...ලංකාවෙ වෙසක් සිරි රටින් පිට ඉන්න අපට සමීප කලාට....කොහොමත් එළිය වැඩි නිසා තොරණක පැහැදිලි ඡායාරූප ජංගම දුරකථන කැමරාවකින් ගන්න අමාරුයි...

    පොල්කටු කූඩුව නිර්මාණය කරපු මාමා නම් ඉතාම අහිංසක පුද්ගලයෙක් වගේ...සියුම් නිර්මාණ කරනකොට ඉවසීමේ ගුණය තමයි වැඩෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්... පින්තූර ටිකක් ආසාවට ගත්තට බ්ලොග් එකට දාන්න අදහසක් තිබුනේ නෑ... ලැබුනු ප්‍රතිචාර ගැන හුඟක් සතු‍ටුයි..

      පොල්කටු කූඩුව නිර්මාණය කරපු මාමා වගේම අනිත් අයගේ මූණු වලත් තිබුනේ තමන්ගේ නිර්මාණය ගැන නිහතමානී ආඩම්බරයක්.. වෙහෙස මහන්සිවෙලා ලස්සන නිර්මාණයක් එළි දක්වන්න ඔවුන් ගත්ත උත්සාහය අපි හැම කෙනෙක්ම අගය කරන්න ඕනේ...

      Delete
  12. බොහොම ස්තූතියි මේ දේවල් අපිට බලන්ඩත්තෙක්ක බ්ලොග් වලට ගෙනාවට. ඒක නෙමේ ඔයා කූඩු හැදුවේ නැද්ද ?

    කෙදිනද කූඩු හදන්නට එන්නේ....හික්ස් :)

    ReplyDelete
    Replies
    1. බොලා එක්කද ? එතකොට අර ඉඩම් හොයන්න යන දැරිවි ?

      Delete
    2. තුශානිට ඔය පින්තූර වල විදිහෙ කූඩු හදන්න බැරි නිසා අටපට්ටම් කූඩු තමයි හැදුවේ...

      ආපහු කූඩු හදන්නේ නම් ලබන වෙසක් එකට .... හි... හි... :D

      Delete
  13. බොහොම ස්තූතියි අපිටත් කැලණි වෙසක් පෙන්නුවාට,ගල්කිස්සේ වෙසකුත් ඔය වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි... හැබැයි පින්තූර ටිකක් දැම්මනම් අපිටත් බලන්න තිබුනා ...

      Delete
  14. කැලණි වෙසක් සිරි -

    පෙන්වුවාට තුති..

    ජ ය වේ වා!!!!

    ReplyDelete
    Replies
    1. කැලණි එන්න බැරි අයට බලන්න තමයි පින්තූර ටික දැම්මේ... ස්තූතියි විදානේ !

      Delete
  15. බ්ලොග් එකෙන් හරි වෙසක් පෙන්නුවාට ස්තූතියි. තුශානි....මේ සිරස වෙසක්ද දෙරණ වෙසක්ද? අපේ අම්මාගෙන් ඒ පැත්තේ ළමයෙක් ඇහුවාලු...ඇන්ටි බලන්න යන්නේ සිරස වෙසක්ද...දෙරණ වෙසක්ද කියල.

    ReplyDelete
    Replies
    1. ම්... මට හිතෙන්නේ මේ කැලණි වෙසක් කිව්වොත් හරි කියලා ...

      බලන්නකෝ වෙසක් උත්සවයත් අද වානිජකරණය වෙලා තියන හැටි....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...