කෙලෙස් ඝනඳුර මැකු පහන් සිල සේ
සාදු නද හා රැව් දුන් ඝන්ඨා නද සේ
සිල් සුවඳ හා මුසු මල් සුවඳ සේ
සියළු සත සිත් නිවී පහන් වේවා !
තරහ හිරු දුටු පිනි බිදක් සේ
මාන පෙණ පිඩු විසිර යන සේ
මාන පෙණ පිඩු විසිර යන සේ
මෝහ පහවන දිය බුබුළු සේ
දුරුව සහනය ලැබේවා !
සැලෙන සිත බෝ පතක් සේ
දෝමනස් මල් පරව යන සේ
අයස දිය මත ඇඳි ඉරක් සේ
නික්ම ගොස් යලි නො ඒවා !
සතර බඹ විහරණය ලත් සේ
සතුට සැනසුම සුවය සම සේ
උතුම් තෙමගුල පසක් කල සේ
ලොවට යහපත උදාවේවා !
සැලෙන සිත බෝ පතක් සේ
දෝමනස් මල් පරව යන සේ
අයස දිය මත ඇඳි ඉරක් සේ
නික්ම ගොස් යලි නො ඒවා !
සතර බඹ විහරණය ලත් සේ
සතුට සැනසුම සුවය සම සේ
උතුම් තෙමගුල පසක් කල සේ
ලොවට යහපත උදාවේවා !
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !
ලස්සන කවි පෙළක්... අද තමයි මේ පැත්තට ආවේ... දිගටම එන්නම්..
ReplyDeleteසිත් පහන්වන පින් සිතුවිලි පිරීයන පිනබර වෙසක් මංගල්‍යක් වේවා!!!
ReplyDeleteබැතිබර තෙමඟුලක් වේවා……!!
ReplyDeleteලස්සන,අර්ථවත් පැතුමක්...
ReplyDeleteහැම දේටම මිලක් නියම වෙලා තියෙන රටේ වෙසක් එක පවා සැණකෙළියක් වෙලා නේද...?
ඔබටත් සුබ වෙසඟක් වේවා!!
ReplyDeleteඅපුරු කවි පෙළක් අකුරු වැරැදි ටිකත් හරි ගැස්සුවානං මල් හතයි.....
ReplyDeleteඔයාටත් පින්බර වෙසක් මංගල්ලයක් වේවා !
ReplyDeleteසුබ වෙසක් මංගල්ලයක් වේවා. වෙසක් සමරන්න ඕනේ ආටෝපය පෙන්වන උත්සවයක් විදිහට නෙවෙයි කියලයි මට හිතෙන්නේ.
ReplyDeleteපින්බර ඒ මැයි මාසේ
ReplyDeleteපාලොස්වක පොහොය දිනේ
ලුම්බිණි සල්මල් උයනේ
කුමරෙකු ඉපදුණි සුව සේ
සතර පෙරනිමිති දැකලා
ගිහි ගෙය ගැන කලකිරිලා
රාහුල පුතු ඉපදුණුදා
නික්මිය ගිහි ගෙය හැරදා
දුෂ්කරක්‍රියා කරලා
මැදුම් පිලිවෙතේ ඉඳලා
පස්මරුන්ව පරදවලා
බුදුවිය වීරිය වඩලා
ලොව්තුරු අප බුදු පියා
දෙව් මිනිසුන් අරභයා
අමා දහම් පැන් පොවා
පිරිණිවනින් සැනහුනා
පින්බර ඒ තෙමගුල
සුදුවුණු මේ පොහො දින
පහන් හැඟුම් පුබුදන
සිල් සුවඳයි හැමතැන
ඔබටත් පින්බර වෙසක් දිනයක් වේවා, ඔබේ පින්වත් සිතුවිලි වලින් අපුඋරු පින්වත් ප්‍රාර්ථනයක්..
ReplyDeleteලස්සන කවි පෙලක්. පින්බර වෙසක් දිනයක් වේවා
ReplyDeleteඔයාලාගේ බ්ලොග් අඩවියත් එකතු කරන්න
එන්න ටිකක් පරක්කු උනා. ඒ උනත් නොකියම බෑ. කවි ටිකනම් හරිම අපූරුයි තුශානි.
ReplyDeleteතුන්ලෝකයටම බැතිබර තෙමගුලක් වේවා !
ReplyDelete