Wednesday, May 7, 2014

යකඩ යකා එක්ක අතීත සවාරියක්...

පහුගිය දවස් ටිකේ ටිකක් වැඩිපුර යකඩ යකා ගැන කතා බහ වුන නිසා යකඩ යකා එක්ක බැදිච්ච ටිකක් දුර්ලභ ගනයේ පරණ පින්තූර ටිකක් කට්ටියටම බලන්න බ්ලොග් පිටු අතරට එක් කරන්න ඕනේ කියලා තුශානි හිතුවා .. 

ඊ මෙල් එකකින් තමයි මේ පින්තූර ටික ලැබුනේ...  බලන්නකෝ...


1894 දී ඔහිය දුම්රියපොළ අවට ප්‍රදේශය.. 




1910 දී කඩුගන්නව දුම්රිය මාර්ගය... 





1860 දී කොළඹ - නුවර  දුම්රිය මාර්ගය ...












1894 දී ගිංතොට දුම්රිය පාලම ...


1890  දී පොතුහැර දුම්රිය පොළ ...




38 comments:

  1. යටම තියෙන පිංතූරෙ හැර අනෙක් එක පිංතූරයක් වත් මීට කලිං දැකල නෑ...
    ස්තූතියි අපි එක්ක බෙදාගත්තට...
    අර කොළඹ නුවර පාරෙ නාය ගිහිං නේද...
    එතන හැටි විතරක්

    ReplyDelete
    Replies
    1. මේ දේවල් ඔයාලටත් වටිනවා කියලා අහන්න ලැබීම සතුටක්..

      ස්තූතියි !

      Delete
  2. ඉතා වටිනා පින්තූර ටිකක්. ඔබට මෙය ලබා දුන් අයටත් ස්තුතියි...

    ඔහිය ස්ට්ෂම හදන එක ගැන හොද කතාවක් තියෙනවා ඒක දාන්න එපායැ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශකතුමා ....

      ම්හු... කතාවක් දන්නේ නෑනේ...

      Delete
  3. පරණ පින්තූර දකිද්දී අපිට දැනේනේ හැගීම තව අවුරුදු දෙතුන් සීයකින් වර්තමාන් පින්තූර බලන අයටත් දැනෙයිද?

    ReplyDelete
    Replies
    1. ඒක නම් හරියටම කියන්න අමාරුයි.. අද වුනත් එකම දේ එක එක්කෙනා දකින්නේ වෙනස් විදිහටනේ..

      Delete
  4. වටින පින්තූර ටිකක් !
    මේ වගේ ඒවා අපිත් එක්ක ශෙයාර් කලාට ස්තූතියි !

    ReplyDelete
    Replies
    1. සතුටුයි එහෙම අහන්න ලැබීම.. ස්තූතියි !

      Delete
  5. ඉතාම වටිනා වැඩක් ස්තුතියි ඔබට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ! කැකුළු ගොමුවට සාදරෙන් පිළිගන්නවා.. දිගටම එන්න ...

      Delete
  6. වටිනවා වටිනවා ගොඩක්ම වටිනවා. පිංතූර ටික සේරම සේවු කරගත්තා.

    ReplyDelete
    Replies
    1. පින්තූර ටිකෙන් ප්‍රයෝජනයක් ගන්න එක ගැන හුඟක් සතුටුයි... ස්තූතියි මනොෂ්..

      Delete
  7. Thanks..Thushani!!

    ReplyDelete
  8. අගනා වටිනා පිංතූර ටිකක් අපිත් එක්ක බෙදාගත්තට තුශානිට ගොඩක් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. :) කලාතුරකින් දකින්න ලැබෙන පින්තූර ටිකක් නිසයි කට්ටිය එක්ක බෙදා ගත්තේ...

      Delete
  9. වටිනා සේයාරූ පෙලක්. මෙවැනි සේයාරු දක්නට ඇත්තේ කලා තුරකින්

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ! සාදරයෙන් පිළිගන්නව කැකුළු ගොමුවට ...

      Delete
  10. අපූරු රූප කතාව, කෝච්චියට තියෙන පිස්සුව නිසාම මේ පින්තුඋර මන් ඩවුන් කරා, ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට :D

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි ... කෝච්චි පින්තූර එකතුවට තවත් පින්තූර ටිකක් එකතු කරන්න පුළුවන් වුන එකට මටත් සතු‍ටුයි...

      Delete
  11. ඇත්තෙන්ම වටින වැඩක් තුෂානි. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඔයාලගේ අගය කිරීම් නිසාමයි බ්ලොග් පි‍ටු අතරේ මේ තරම් දුර ආවේ.. හුඟක් ස්තූතියි..

      Delete
  12. වටිනා පිංතුර ටිකක් තුෂානි..
    එපා කිව්වත් මේ ටික බාගන්නවා...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. "පින්තූට බාගැනීම සපුරා තහනම්.." කලින් කියන්න හිටියේ .. අමතක වුනා නේ... හි.. හි.. :D

      ස්තූතියි විදානේ...

      Delete
  13. කන්ද උඩරට දුම් රියෙන් ගමනක් යෑම අතිශයින් චමත්කාරජනකයි. ඒ අත්දැකීමට මම අදත් ඉතා කැමතියි.

    ReplyDelete
    Replies
    1. ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා කැකුළු ගොමුවට ...

      කන්ද උඩරට දුම්රිය ගමනක අත්දැකීම් මටත් තියෙනවා ... කිවවත් වගේ අතිශයින් චමත්කාරජනකයි...

      Delete
  14. වටින කියන පින්තූට ටික.. සුද්දා ඒ කාලේ ගල් කඩලා රේල් පීලි නොදැම්මනම් අපේ අය තාම දානවා පොඩ්ඩ පොඩ්ඩ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්...

      :) ඔව් ඔව්... සුද්දගේ ඒ වැඩේ නම් අපි අගය කරන්න ඕනේ...

      Delete
  15. පොතුහැර දුම්රිය පොලේ පින්තූරයට සිත ඇදී ගියා. ඒ අපේ ගමේ දුම්රියපොළ නිසා. ප්‍රධාන ගොඩනැගිල්ලේ සහ ඈතින් පෙනෙන දුම්රිය ස්ථානාධිපති නිළ නිවාසයේ විශාල වෙනසක් අදත් නැහැ වගෙයි මටනම් හිතෙන්නේ. අර සුදුපාට ගේට්ටුව වෙනුවට අද විදුලි ගේට්ටුවක් තියනවා. ඒ අතරින් පොතුහැර - වදාකඩ පාර දිවෙනවා. එදා තිබිලා තියෙන්නේ කරත්ත පාරක් බව පෙනෙනවා. බොහොම ස්තුතියි මේ තොරතුරු වලට. මා හිතන්නේ නැහැ පොතුහැර දුම්රියපොලේ මේ පින්තූරය ඇති කියලා.

    ReplyDelete
    Replies
    1. විචාරකතුමාගේ කමෙන්ට් එක දැකහම මටත් හුඟක් සතුටු හිතුනා .. ස්තූතියි.. :)

      පේනව නේද කාලය කරලා තියෙන වෙනස ...

      Delete
  16. ඇත්තෙන්ම ඒ කාලේ කොයි තරම් වෙහෙසක් ගන්න ඇතිද නේ මෙහෙම මාර්ග ඉදිකරන්න ?එත් ඉතින් ඒ වෙහසින් අපි තාමත් හරියට වැඩක් අරන් තියෙනවාද කියලා සැකයි.

    අර "ඔහිය"ස්ටේශම ඒකාලේ හැටි.දැන් නම් ඕක ලොකු ස්ටේෂම්ක්.ලෝකාන්තේ යන අය යන්නේ ඕකෙන් බැහැලා නේ.

    ReplyDelete
    Replies
    1. ඔව්... එදා තාක්ෂණය අද තරම් දියුණුව නොතිබිලත් කරලා තියෙන දේවල් හරි විශිෂ්ටයි... මමත් හිතන්නේ අපි ඒවයින් හරි ප්‍රයෝජනයක් අරගෙන නෑ කියලා ..

      Delete
  17. මේක බොහොම අගේ ඇති වැඩක් තුෂානි. මේ වගේ තව පින්තූර ගොඩක් තියෙනවා ශ්‍රී ලංකා රේල්වේ ෆොරිනර් එකේ. මෙන්න ලින්කුව https://www.facebook.com/srilankanrailwayforum

    දුම්රිය ස්ථාන ගැන කියද්දි තවත් විශේෂ දුම්රිය ස්ථානයක් තියෙනවා,
    කිසිම ගමකට අයිති නැති දුම්රිය නැවතුම්පලක් ලෝකෙ තියනවා, දන්නවද ඒ කොහෙද කියලා. දුම්රිය නැවතුම්පලේ නම තමයි "නො.1" නොහොත් No.1. මේක තියෙන්නෙ සිරි ලංකාවෙ වස්කඩුව කියන ගමේ මායිමේ. අල්ලපු ගම තමයි පොතුපිටිය. ගම් දෙකේ මිනිස්සු මේ දුම්රිය නැවතුම්පලේ නාම පුවරුවට රණ්ඩු වෙලා අන්තිමට සුද්දා තීරණය කරල නො.1 කියල නම වෙනස් කරන්න. ලෝකෙටම එකයි මේවගේ නමක් තියෙන දුම්රිය නැවතුම්පලක් තියෙන්නෙ. මං මේ කතාව ලඟකදි සරුංගලේටත් කීවා

    ReplyDelete
    Replies
    1. දීපු හෝඩුවාවට හුඟක් ස්තූතියි...

      "නො.1" දුම්රියපොළේ කතාව කලින් දැනගෙන හිටියේ නෑ... කොහොම වුනත් සුදු මහත්තුරු හරිම සාධාරණ විදිහට රණ්ඩුව විසඳලා... :)

      Delete
  18. මම ඉතිං කොහොමත් පරණ දේවලට කැමති එකා නොවැ...මේ පින්තූර කථාව දිහා ආශාවෙන් බලාන උන්නෙ. අපේ රටට විදේශිකයො ආවෙ නැත්තං...මේ වගේ භූ විෂමතාවක් තියෙන තැන් වල කවදාවත් දුම්රිය මගක් ඉදිවෙන එකක් නෑ කියලයි මගේ අදහස...

    ReplyDelete
    Replies
    1. ඔව්... අපේ රටේ ස්වභාවික පරිසරයට සිද්ධවෙන හානිය අවම වෙන ආකාරයට මේ ඉදිකිරීම කරලා තියෙන එකත් අපි අගය කරන්න ඕනේ...

      Delete
  19. පින්තූර ටිකනම් මසුරන් වටිනවා තුශා.....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...