අද තුශානි කියන්න යන්නේ මීට ටික කාලෙකට කලින් තුශානිට වෙච්චි ඇබැද්දියක් ගැන.. ම්.... පෙත්ත පුතා කියලා උඩින් ලියලා තියෙන නිසා ඔන්න කියන්න යන්නේ ගිරවෙක් ගැන කියලා වරදවා වටහා ගන්න එහෙම එපා හොඳද .. අහන්නකෝ කතාව ...
එදා තුශානිට හොඳටෝම උණ හැදිලා හිටියේ.. හැමදාම බෙහෙත් ගන්න දොස්තර ගාවට බෙහෙත් ගන්න ගියාම දොස්තර හදිස්සියෙම කොහෙද ගිහින් බෙහෙත් සාප්පුවත් වහලා.
" දැන් මොකද දූ අපි කරන්නේ.. වෙන දොස්තර කෙනෙක්ගෙන් වත් බෙහෙත් ටිකක් ගමු නේද.. ඔයාට අමාරුයිනේ.. " අම්මා කිව්වා.
"අනේ අම්මා .. මට බෙහෙත් ඕනේ නෑ.. අපි ගෙදර යමු.. "
" එහෙම කියලා බෑනේ.. මේ ලඟ ඉන්නව තව දොස්තර කෙනෙක්. අපි එයා ගාවට යමු . " කියලා ඔන්න අම්මා මාවත් එක්කගෙන ඒ දොස්තර ගාවට යන්න පිටත් වුනා.
"ඉස්සර හිටියේ දැන් ඔය ඉන්න දෝස්තරගේ තාත්තා.. මිනිස්සු එයාට කිව්වේ පෙත්තා දොස්තර කියලා. පෙති සෑහෙන ගොඩක් දෙනවා බොන්න." යන ගමන් අම්මා කිය කිය ගියා.
"ඔන්න අම්මා, මට නම් බෙහෙත් ගොඩක් බොන්න බෑ.." බෙහෙත් බොන්න තියෙන අකමැත්ත නිසාම තුශානිට ඕනේ වුනේ ගෙදර යන්න.
"හා හා... අපි ගිහින් බලමුකෝ.. දැන් ඉන්නේ හිටිය දොස්තරගේ පුතානේ එයා එහෙම නැතුව ඇති. "
"ඔන්න අම්මා, මට නම් බෙහෙත් ගොඩක් බොන්න බෑ.." බෙහෙත් බොන්න තියෙන අකමැත්ත නිසාම තුශානිට ඕනේ වුනේ ගෙදර යන්න.
"හා හා... අපි ගිහින් බලමුකෝ.. දැන් ඉන්නේ හිටිය දොස්තරගේ පුතානේ එයා එහෙම නැතුව ඇති. "
කොහොමින් කොහොම හරි තුශානිට ඒ දෝස්තර ගාවට යන්න වුනා..
" අහ්.. මොකද මේ ළමයට.. ? " දොස්තර ගාව පුටුවේ වාඩි වෙනකොට දොස්තරගේ අර බෝතල් අඩි කන්නාඩි දෙකෙන් මං දිහා බලලා ඇහුවා..
ම්හු.. සද්දයක් නෑ.. ( හි.. හි.. මං ඉතින් උත්තර දුන්නේ නෑනේ.. )
ඉතින් ලෙඩ වෙලා ඉන්න අයට ඔය අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන්න පුළුවන්ද... මං ඉතින් අම්මා දිහා බැලුවා..
" ඩොක්ට.. මෙයාට ඊයේ ඉඳලා උණ " පොඩි කාලේ වගේම අම්මා ඩොක්ටට විස්තරේ කිව්වා.
හරි... අපි උණට මේ බෙහෙත බොමු.. උණ තිබුනා නම් කැස්ස හෙම්බිරිස්සවත් ටිකක් ඇති. මම ඒවටත් බෙහෙත් දෙන්නම්කෝ. වෙද නලාව තියලා බලන ගමන් දොස්තර හෝ ගාලා බෙහෙත් ලියනවා.
" කෝ.. කහින්න බලන්න.. කැස්සට මේ සිරප් එකත් බොන්න. ඔළුවේ කැක්කුමටත් මම බෙහෙතක් දෙන්නම්.. "
ඔළුවේ කැක්කුම කලින් තිබුනේ නම් නෑ. දැන් නම් ඔළුවේ කැක්කුමයි කලන්තෙයි දෙකම තියෙනව වගේ. ලියන බෙහෙත් වට්ටෝරුව දැක්කහම තුශානිට දැනුනා. ඒත් ඉතින් කලන්තේ වගේ කිව්වෝත් තවත් බෙහෙත් වැඩි වෙන නිසා තුශානි සද්ද නැතුව හිටියා. කොහොමින් කොහොමහරි අන්තිමට බලනකොට කෝලේ ඉවර වෙන තැනටම බෙහෙත් ලියලා.
" වෙන ලියන්න ඉඩ නෑනේ. ඒ නිසා වෙන බෙහෙත් නම් නැතුව ඇති. " කියලා හිතනකොටම මෙන්න දොස්තර තවත් කොලයක් අරගෙන බෙහෙත් ලියනවා.
" කෝ.. කහින්න බලන්න.. කැස්සට මේ සිරප් එකත් බොන්න. ඔළුවේ කැක්කුමටත් මම බෙහෙතක් දෙන්නම්.. "
ඔළුවේ කැක්කුම කලින් තිබුනේ නම් නෑ. දැන් නම් ඔළුවේ කැක්කුමයි කලන්තෙයි දෙකම තියෙනව වගේ. ලියන බෙහෙත් වට්ටෝරුව දැක්කහම තුශානිට දැනුනා. ඒත් ඉතින් කලන්තේ වගේ කිව්වෝත් තවත් බෙහෙත් වැඩි වෙන නිසා තුශානි සද්ද නැතුව හිටියා. කොහොමින් කොහොමහරි අන්තිමට බලනකොට කෝලේ ඉවර වෙන තැනටම බෙහෙත් ලියලා.
" වෙන ලියන්න ඉඩ නෑනේ. ඒ නිසා වෙන බෙහෙත් නම් නැතුව ඇති. " කියලා හිතනකොටම මෙන්න දොස්තර තවත් කොලයක් අරගෙන බෙහෙත් ලියනවා.
ලෙඩ ටික පැත්තක තියලා කෑ ගහල අඬන්න තරම් හිතුනා. මොනව කරන්නද.. :(
අන්තිමේදි දෙවෙනි කොලෙත් පිරෙන්නම බෙහෙත් දීලා තමයි රත්තරන් පාට දාරයක් තිබ්බ ලස්සන් නිල් පාට ඉරි ඉරි පෑන මේසේ උඩින් තිබ්බේ. ඇයි ඉතින් ලියන එක දිහා බලාගෙන හිටිය වෙලාවේ හැටියට ඔය සේරම විස්තර මතක හිටිනවනේ.. හි.. හි..
අන්තිමේදි දෙවෙනි කොලෙත් පිරෙන්නම බෙහෙත් දීලා තමයි රත්තරන් පාට දාරයක් තිබ්බ ලස්සන් නිල් පාට ඉරි ඉරි පෑන මේසේ උඩින් තිබ්බේ. ඇයි ඉතින් ලියන එක දිහා බලාගෙන හිටිය වෙලාවේ හැටියට ඔය සේරම විස්තර මතක හිටිනවනේ.. හි.. හි..
යන්තම් හරි.. දැන්වත් ඉක්මනට ගෙදර යන්න පුළුවන් කියලා හිත හදා ගන්නකොටම මෙන්න දොස්තර ආයේමත් උපදෙස් මාලාවක් දෙන්න පටන් ගත්තා..
" දවස් තුනක් විතර යනකන් හොඳට පරිස්සම් වෙන්න ඕනේ.. ඇල් වතුර අල්ලනවත් එපා. සීතල කෑම බීම සපුරා තහනම්. උණු වතුර තමයි දිගටම පාවිච්චි කරන්න ඕනේ. වේවැලක් තියාගෙන ටීචර්ලා උපදෙස් දෙනව වගේ මං දිහා බලලා ටිකක් සැරෙන් වගේ දොස්තර කිව්වා. "
" අනේ මට නම් බෑ ඕවා කරන්න. මට මේ එච්චර බර පතල ලෙඩක් නෑනේ.. ඊටත් මම ඔය සැරෙන් කියන කිසිම දෙයක් කරන්නේ නෑ.. " එහෙම හිතුවට කිව්වේ නෑ.. හි.. හි.. හොඳ ළමයෙක් වගේ අහගෙන ඉඳලා ඩොක්ටට තැන්කූ කියලා බෙහෙත් ගන්න තැනට ආවා.
" දවස් තුනක් විතර යනකන් හොඳට පරිස්සම් වෙන්න ඕනේ.. ඇල් වතුර අල්ලනවත් එපා. සීතල කෑම බීම සපුරා තහනම්. උණු වතුර තමයි දිගටම පාවිච්චි කරන්න ඕනේ. වේවැලක් තියාගෙන ටීචර්ලා උපදෙස් දෙනව වගේ මං දිහා බලලා ටිකක් සැරෙන් වගේ දොස්තර කිව්වා. "
" අනේ මට නම් බෑ ඕවා කරන්න. මට මේ එච්චර බර පතල ලෙඩක් නෑනේ.. ඊටත් මම ඔය සැරෙන් කියන කිසිම දෙයක් කරන්නේ නෑ.. " එහෙම හිතුවට කිව්වේ නෑ.. හි.. හි.. හොඳ ළමයෙක් වගේ අහගෙන ඉඳලා ඩොක්ටට තැන්කූ කියලා බෙහෙත් ගන්න තැනට ආවා.
බෙහෙත් ලියපු කොළ දෙක දුන්නා විතරයි බෙහෙත් දෙන මනුස්සයා මැෂින් එකක් වගේ සුදු පාට කවර වලට රතුපාට, කහ පාට, නිල් පාට බෙහෙත් පෙති අහුරු අහුරු දානවා. අනේ මේවා ස්මාටීස් වුනා නම් කොච්චර ශෝක්ද.. ( අර චොක්ලට් ඇතුලේ තියෙන පාට පාට ඒවා. ) කියලා හිත හිත තුශානිත් බෙහෙත් ටික දිහා බලන් හිටියා.
අන්තිමේදි කිලෝ එකක් විතර බර බෙහෙත් ගොඩකුත් අරගෙන තමයි බෙහෙත් සාප්පුවෙන් එලියට එන්න වුනේ.
" ඔය බෙහෙත් ඔක්කොම නම් බොන්න ඕනේ නැති වෙයි. බලමුකෝ තාත්තටත් පෙන්නලා. ඕන ඒවා විතරක් බලලා බොමු." මූණත් අඹුල් කරගෙන බෙහෙත් ගොඩත් තුරුළු කරගෙන යන මං දැකලා පව් කියලා හිතිලද කොහෙද අම්මා කිව්වා...
ඔන්න ඒක අහුවහම නම් ඒ වෙලාවෙම තුශානිගේ ලෙඩ ඔක්කොම හොඳ වුනා වගේ දැනුනා.. ඇයි ඉතින් මේ බෙහෙත් කන්ද කොහොම බොන්නද .
" ඔව් අම්මේ මිනිස්සු කියන එක හරි.. එයත් පෙත්ත පුතෙක්ම තමයි.. ඔන්න අපහු නම් කොච්චර ලෙඩ වුනත් ඒ දොස්තර ගාවට නම් යන්න එන්න බෑ හොඳේ.." කියලා අම්මගේ අතේ එල්ලිලා ගෙදර ආවා.
අම්මට හුඩු...මතත් ( අසංක ) පේල්ල බෑ අලේ බෙහෙත් ගොඩාලියක් දෙල එක...මට ඒව බොල්ලත් බෑ...වමනෙට එලවා...කොහොම අලි ට්‍රයි කොලල්ලෙ බෙහෙත් නොබී ලෙඩේ අලව ගල්ල...හි...හි...
ReplyDeleteඔව් අලේ... බෙහෙත් ගොඩාලියක් දෙන දොත්තලලා ගාවට යන්න මාත් ආසම නෑ.. හි.හි...
Deleteඔයාට තිබ්බේ බස්සිගේ මෙතඩ් එක භාවිතා කරන්න , එහෙනම් පෙති ආගිය අතක් නෑ
ReplyDeleteඒක තමයි.. කොහොමහරි තෝරලා බේරලා, බෙහෙත් රස ගැන පරීක්ෂණයක් එහෙම කරලා එකක් දෙකක් මිසක් ඔක්කොම නම් බිව්වේ නෑ... :D
Deleteඅපි පුංචි කාලේ බටහිර වෛද්‍යවරුන් ගෙන් පෞද්ගලිකව බෙහෙත් ගන්නකොට එයාලා දුන්නා බෙහෙත් කුඩු පොඩි කඩදාසි කොලවල ඔතලා. ඒවාට කිවේ 'කුඩු මුල්' කියලා. දැන් එහෙම ඒ විදිහට කිව්වොත් පොලීසියේ තමයි නවතින්න වෙන්නේ.
ReplyDeleteමේ කුඩු මුල් දෙනවානම් මිනිස්සු හරි කැමතියි ඉක්මනින් ලෙඩ හොඳ වෙනවා කියලා දැඩි විශ්වාසයක් තිබුණ නිසා. නමුත් ඊට අවුරුදු ගණනාවකට පස්සේ තමයි දැනගත්තේ කුඩු මුල් කියන්නේ පැරසිටමෝල් හෝ ඇස්පිරින් කාණ්ඩයේ පෙති කුඩුකරලා දෙන එක බව.
//අපි පුංචි කාලේ //
Deleteඉතිං ඕක අපි පුංචි කාලෙත් දුන්නනෙ. ඔය විතරක් නෙමෙයි ඇන්ටිබයොටික් පවා ඉස්සර කුඩු තමා.
මට ඕව දුන්නෙ රත්මලානෙ "ඩොක්ට ගවුස්". ගියාම නම කියල, අත අල්ල කතා කරම ලෙඩ හොඳ වෙනව. ඒතරං හොඳ මණුස්සය.
ඉස්සර "ඩොක්ට ගවුස්" ගේ යවජිව සාමාජිකයෝ තමයි අපිත්.:D
Delete"උණ වැඩි වූ විට කුඩු මුලක් ගන්න"
ඔන්න ඔහොමයි ඩොක්ට ගවුස් බෙහෙත් ලීවේ.
කුඩු මුල් බොන්න වත් "ඩොක්ට ගවුස්" ගාවට යන්න වත් අපිට චාන්ස් එකක් හම්බුනේ නෑ නේ... :(
Deleteහැබැයි බෙහෙත් කුඩු වල රස දැනෙනකොට කුඩු මුල් බොන්න සැහෙන අමාරු ඇති නේද ?
හෙහ්! ඉස්සර අපි බෙහෙත් ගත්තෙ ඌව බෙහෙත් ශාලාව කියල එකකින්. මං හිතන්නෙ මහියංගනේ තිබුන පරණම බෙහෙත් ශාලාව ඕක වෙන්නැති. තුශානි මගේ හිත අතීතෙට අරං ගියා. එතන කතන්දර ගොඩයි. පෝස්ට් එකක්ම දාන්න හිතෙනවා.
ReplyDeleteශෝක් ශෝක්.... ඔන්න එකක්වත් මිස් කරන්නේ නැතුව ඔක්කොම කතා ටික ලියන්න ඕනේ...
Deleteඔහැක්...
ReplyDeleteසමාර අයට හැමදාම ෙඉයියං ගන්න තැනිං ගත්තෙ නැත්තං හොද වෙන්නැති ලෙඩකුත් තියනව නෙව...
හෙක් හෙක...
පෙත්ත තාත්තත් හරි පුතත් හරි...
හි.. හි... ඒක ඇත්ත... සමහර අයට ඩොක්ට දැක්කහමත් ලෙඩ හොඳ වෙනවා....
Deleteපෙත්ත පුතාගේ තව විස්තර බලාගන්න වෙලාවක බෙහෙත් ටිකක් ගන්න ගිහින්ම බලන්න ... :D
පෙත්තා කියනකොට මතක් උනේ අපේ පොලිස් පෙත්තප්පු.
ReplyDeleteපරිස්සමින්... සුදු වැන් එකකින් ඔයාවත් ගෙනියයි.. :D
Deleteඅපොයි බං පෙත්ත පුතාලා ඕන ලෙඩක් හොයාගන්න බැරි උනාම පෙති ගෝනියක් විතර දෙනවා. මම නං යන්නෑ ඒ හාදයෝ ගාවට. හරිම සිරියාවන්න දොස්තර මහත්තෙයක් ඉනන්වා මට.. මොන ලෙඩටත් පෙති තුනයි..
ReplyDelete:) අපිටත් කියන්නකෝ ඔය සිරියාවන්ත දොස්තර මහත්තයගේ තව විස්තර ටිකක් පෝස්ට් එකකින්ම..
Deleteඅපි බේත් ගත්ත ඩොක්ට නං බේත් පුළුවන් තරං අඩුවෙන් දීල ලෙඩ හොඳ කරන්න බැලුවෙ.වනල ගහන්නෙ නෑ කොහොම හරි ලෙඩේ හොයාගෙනමයි බේත් දුන්නෙ.
ReplyDeleteඔව් බෙහෙත් අඩුවෙන්ම බොන තරමට තමයි හොඳ.. මොකද ඒවෑ අතුරු ප්‍රතිඵලත් තියෙනවනේ. නියම දොස්තර කෙනෙක් නම් ලෙඩේට ඕනේකරන බෙහෙත් ඇර නිකන් පෙති ගොඩක් දෙන්නේ නෑ.
Deleteඑයත් පෙත්ත පුතෙක්ම තමයි
ReplyDelete:-)
ඔව්නේ ඔව්නේ... සතුටුයි කැකුළු ගොමුව පැත්තට ඇවිත් ගියාට.. දිගටම එන්න.. :)
Deleteඔහොම පෙත්තලා බිහි වෙන්න සමහර විට රෝගීන්ගේ මානසිකත්වයත් බලපානවා.මම අහලා තියෙනවා ඔය අපේ ආච්චිලා එහෙම කියනවා .අනේ ඒ දොස්තර නම් වැඩක් නැහැ.හරියට බලන්නෙවත් නැහැ.හැබැයි අර දොස්තර මහත්තයා නම් හරි හොඳයි ගොඩක් වෙලා බැලුවා.බෙහෙතුත් හොඳට දුන්නා වගේ කතා.ඉතින් එහෙම වෙන කොට දොස්තරලා පෙත්තලා වෙන එක පුදුමයකුත් නැහැ.:D
ReplyDeleteඒක ඇත්ත මනෝජ්.. මමත් ඔය කතා අහලා තියෙනවා. හුඟක්ම වයසක ආච්චිලා සීයලා ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙනවා..
Deleteමම නම් බෙහෙත් ගන්නේ වන් ෂොට් ගෙන්, අගේ එක පෙත්තයි ලෙඩ හරි, හැබැයි වැඩේ තියෙන්නේ පස්සේ පොඩි වෙන ලේටක් සෙට් වෙනෝ මගේ කරුමෙට. අනේ මන් පොඩි එකා කලේ අම්ම වින්ද දුකක් මට බෙහෙත් පොවන්න.
ReplyDeleteවන් ශොට් බෙහෙත් බොන්නේ කොහොම වුනත් පරිස්සමින්..
Deleteපව් අම්මා.. අම්මට හරි කරදරේ වෙන්න ඇති නේද මේ ළමයගෙන්... :D
උණ වගේ සාමාන්‍ය ලෙඩකට පරීක්ෂණයක් වත් නොකර මෙච්චර බෙහෙත් දෙනවා නම් ගරානා පාර දාන දොස්තර කෙනෙකු වෙන්න ඇති...අපේ පැත්තෙ හිටිය ජයරත්න දොස්තරට සැට් එක කිවවෙ වන් ෂොට් කියලා...එක වේලක් බිව්වම ලෙඩේ කම්මුතුයි...දවස් දෙක තුනක් යනකං ඔලුව තෝන්තු වෙනවා බෙහෙත් සැරට....අපි ඉස්කෝලෙ යන කාලෙ බෙහෙත් ගන්න ගියාම රූප සටහන් එහෙම ඇදලා අපේ දැනුම වැඩි වෙන විදියට එතුමා රෝගය ගැන විස්තර කරනවා....අද මේතුමා ඇමරිකාවෙ ඉන්නෙ. ඉතිං නගා ගෙනිච්ච බෙහෙත් ටික බිව්වැයි...
ReplyDeleteඔව්.. ලෙඩ හරියට බලන්නෙත් නැතුව තමයි බෙහෙත් ලියන්න පටන් ගත්තේ.
Deleteකොහොමවුනත් වන් ශොට් බෙහෙත් බොන එක නම් එච්චර හොඳ නෑ නේද...
බෙහෙත් ගැන ලෙඩ ගැන එහෙම දොස්තරලා මිනිස්සුන්ව දැනුවත් කරන එක හරිම වැදගත්.. මොකද ලෙඩකට බෙහෙත් බොනවට වඩා ඒ ලෙඩේට ගොදුරු වෙන්නේ නැතුව ඉන්න එකනේ වටින්නේ.
ම්.... බෙහෙත් පෙති දෙක තුනක් වැඩිම වුනොත් වේල් තුනක් බොන්න ඇති.. දීපු බෙහෙත් ඔක්කොම බිව්ව නම් වෙනමම ලෙඩක් හැදෙනව බෙහෙත් බීලම හි.. හි..
පෙත්ත පුතා... හික් හික් හික් .... මන් නම් හරිම අඩුවෙන් බේත් ගන්න යන්නේ.. ඔය පෙති බිව්වට පස්සේ තව ලෙඩ.. දැන් ඉන්න දොස්ටරලා දෙන්නෙත් එහෙමනෙ.. ලෙඩ මවනවා...
ReplyDeleteඒක ඇත්ත. බෙහෙත් ගන්න යනවා කියන එක මමත් අකමැතිම වැඩක්.
Deleteහ හා.. පෙත්ත පුතෙක්ම තමයි.. බදුල්ලේ ඉන්නව ඔය වගේ ප්‍රයිවෙට් විතරක් බෙහෙත් කරන ඩොකෙක්.. මිනිස්සු කියන්නෙ වෙඩි බෙහෙත් කියලා.. අලුත් ඉස්පිරිතාලෙ ඔත්තුවෙන් ආවේ..
ReplyDeleteහි..හි.. වෙඩි බෙහෙත් .. ශෝක් නම ..
Deleteපෙත්ත පුතාගේ විස්තර කියවපු නැති අයට බලන්න තමයි ලින්ක් එක දැම්මේ.. තැන්කූ ඒ පාරේ මේ පැත්තට ආවට.
හපොයි.
ReplyDeleteහ්ම්.. හ්ම්.. තැන්කූ මේ පැත්තටත් ආවට.
Deleteහපොයි..මටත් වෙන ඕන දෙයක්..බෙහෙත් බොන්න නම් බෑ අප්පා...
ReplyDeleteහි..හි.. මං වගේම තමයි එහෙනම්..
Delete