තනියම මං අයිතිකරගෙන හිටිය හැමෝගෙම ආදරයෙන් ටිකක්
ඔයා ඇවිදින් ඉක්මනින්ම අයිති කරගත්තා...
අම්මගේ උණුහුමට තුරුළුවෙලා බීපු කිරි වලින් ටිකක්
ඔයා ඇවිදින් බීලා පුංචි බන්ඩිය පුරෝගත්තා...
ඔයා ඇවිදින් ඉක්මනින්ම අයිති කරගත්තා...
අම්මගේ උණුහුමට තුරුළුවෙලා බීපු කිරි වලින් ටිකක්
ඔයා ඇවිදින් බීලා පුංචි බන්ඩිය පුරෝගත්තා...
මං අඬනකොට මාව නලවන්න, මාව වඩාගෙන කතා කියන්න
ඔයා ඇවිදින් ඉස්සරට වඩා පරක්කුවුනා...
තාත්තා හවසට ගෙදර එනකොට ගේන හැම දෙයින්ම කොටසක්
ඔයා ඇවිදින් ඔයාටත් ඕනේ කිව්වා ...
ඔයා ඇවිදින් ඉස්සරට වඩා පරක්කුවුනා...
තාත්තා හවසට ගෙදර එනකොට ගේන හැම දෙයින්ම කොටසක්
ඔයා ඇවිදින් ඔයාටත් ඕනේ කිව්වා ...
මේ ඔක්කෝම ඔයාට දෙන්න බෑ කියලා පුංචි හිතට එදා හිතුනත්
සුදු පාටට හිනාවෙන ඔයාගේ ලස්සන මුණ දැකලා ...
සුදු පාටට හිනාවෙන ඔයාගේ ලස්සන මුණ දැකලා ...
හුඟක් ආදරේ හිතුන නිසාම ලැබුනු හැම දෙයක්ම
ඔයත් එක්ක බෙදා හදා ගන්න පුරුදු වුනා ...
එක අම්මගේ කුසෙන් බිහිවෙලා
සොයුරු පෙම ලියලලා ගිහින්...
කාල කඩයිම් පහුකරන් යනකොට
අපිට අපි නැතුවම බැරිවුනා ...
වෙලාවකට යාළුවෙක් වගේ
මං කියන දේවල් අහගෙන හිටියත්...
තවත් වෙලාවක හුඟක් පරිස්සමින් මාව බලාගෙන
අයියෙක් වගේ දැනමුතුකම් දෙනවා ...
සොයුරු පෙම ලියලලා ගිහින්...
කාල කඩයිම් පහුකරන් යනකොට
අපිට අපි නැතුවම බැරිවුනා ...
වෙලාවකට යාළුවෙක් වගේ
මං කියන දේවල් අහගෙන හිටියත්...
තවත් වෙලාවක හුඟක් පරිස්සමින් මාව බලාගෙන
අයියෙක් වගේ දැනමුතුකම් දෙනවා ...
මට නම් බෑ ලොකු මිහිහෙක් වෙන්න
ඉස්සර වගේම අදටත් කියන ඔයා ...
ජීවිතේ කඩයිම් පහු කරගෙන ඉස්සරහට යනකොට
අම්මා තාත්තාත් එක්ක මාත් හුඟක් සතුටු වෙනවා ...
එදා පොඩි ළමයෙක් වගේ ඉඳගෙන
ලෝක ළමා දිනේ තමයි මගේ උපන් දිනේ...
කියලා හැමෝටම කියපු ඔයා අද
ළමා කාලය පහු කරපු තරුණයෙක් වෙලා...
ඉස්සර වගේම අදටත් කියන ඔයා ...
ජීවිතේ කඩයිම් පහු කරගෙන ඉස්සරහට යනකොට
අම්මා තාත්තාත් එක්ක මාත් හුඟක් සතුටු වෙනවා ...
එදා පොඩි ළමයෙක් වගේ ඉඳගෙන
ලෝක ළමා දිනේ තමයි මගේ උපන් දිනේ...
කියලා හැමෝටම කියපු ඔයා අද
ළමා කාලය පහු කරපු තරුණයෙක් වෙලා...
ඔයා දකින ඒ ඔයාගේ ලෝකේ දිනන්න
දිරිය ශක්තිය ආශිර්වාදයත් එක්ක...
සුබම සුබ උපන්දිනයකට ආසිරි පතනවා
මුළු හදවතින්ම මට ඉන්නේ ඔයා විතරක් නිසා...
එහෙනම් ඉතින් අපිත් සුභ පැතුවයි කියන්න..
ReplyDeleteහුඟක් ස්තූතියි උමේෂ් සුබ පතන්න එක් වුනාට .... :)
Deleteමමත් සුබ පැතුවා කියන්න මල්ලිට තුශානියාගේ.
ReplyDeleteමගේ හොඳ යාළුවෝ දෙන්නෙක්ගේත් උපන් දිනේ අද.ඒ දෙන්නා නිවුන්නු.
අක්කායි,මල්ලියි ...:)
හරි... බොහොමත්ම ස්තූතියි සුබ පැතුම් වලට...
Deleteඅද දවස ටිකක් විශේෂ නිසා එයාලගේ උපන්දිනේ කට්ටියට අමතක වෙන්නේ එහෙම නම් නැතුව ඇති නේද ...
අපිත් සුබ පැතුවයි කියන්නකො තුශානි.මල්ලි ඉපදිලා තියෙන්නෙ විශේෂ දවසක නේද.
ReplyDeleteසුබ පැතුවට ගොඩක් ස්තූතියි හැලපතුමා... අද දවස විශේෂ නිසා හැමෝටම එයාගේ උපන්දිනේ මතකයි..
Deleteඔහුට සුබ උපන්දිනක් වේවා!!
ReplyDeleteබොහොමත්ම ස්තූතියි මනෝෂ්....
Deleteහැමදාම ලමයෙක් වෙලාම ඉන්න කිහයං දිනේ හොද නිසා.. සුභ උපන්දියනක් වේවා කියල දේශක සීයා කිව්වයැ කියල කියාපිය..
ReplyDeleteවැඩිහිටි දිනේත් අද නිසා ප්‍රශ්ණයක් නෑ නේද :D
Deleteහොඳයි හොඳයි සීයේ ... සුබ පැතුම් වලට ගොඩක් ස්තූතියි...
අපිත් හදවතින් ම සුභ පතනවා.... කොහොම වුණත් වචන ටික හදවතට ම දැනුණා.... හරිම ලස්සනයි....
ReplyDelete:) බොහොමත්ම ස්තූතියි... හැමදාම මේ පැත්තට ගොඩවෙලා කරන අගය කිරීම් ලොකු ශක්තියක්...
Deleteඔන්න මගෙනුත් සුභ පැතුම්
ReplyDeleteගොඩක් ස්තූතියි තනූජා... ඉඩක් ලැබුන ගමන්ම ඒ පැත්තට ඇවිත් යන්න එන්නම්කෝ..
Deleteසුභ පැතම එක් කලා කියන්න තුෂානි...
ReplyDeleteජ ය වේ වා (කවි පෙළ අගේයි) !!!
සුබ පතන්න මේ පැත්තට ගොඩ වුනාට හුඟක් ස්තූතියි විදානේ ...
Deleteජය වේ වා !!!
ඔන්න මගෙත් සුබ පැතුම් :)
ReplyDelete:) බොහොමත්ම ස්තූතියි දිලිනි...
Deleteඔන්න අපිත් හැපී බර්ත් ඩේ ටු ටු කිව්වා හරිය :D
ReplyDeleteමල්ලිට වගේම මල්ලිට ආදරේ ඔබටත් සුබ පැතුම් සාර්ථක අනාගතයකට.
තැන්කු... තැන්කූ...... :)
Deleteපරක්කු වෙලා ඇවිත් ඔන්න ඉවාන් පුතාත් සුබ පැතුවා ... ;)
ReplyDeleteමේමමත් පරක්කු වෙලා ඇවිත් සුබ පැතුවා මම දිලා :)
Delete@ ඉවාන් - අයියෝ..... උපන්දිනේ තාත්තාගේ නෙවයි..... ;)
Delete@ දිලා - ඔයාවත් කැකුළු ගොමුවට සාදරෙන් පිලිගන්නවා... හුඟක් ස්තූතියි සුබ පතන්න එක් වුනාට ...
Deleteපරක්කු වෙලා මාත් ඇවිත් සුබ පැතුවා !!!
ReplyDeleteගොඩක් ස්තූතියි මධුරංග... පහුගිය ටිකේ වැඩිය පේන්න හිටියේ නෑ නේද ...
Deleteපරක්කු වෙලා වැඩි ද මන්ද 0.o
ReplyDeleteසුබ පැතුවා එහෙනම් :)
කාලෙකින් තාම ගොඩ වෙන්න හම්බුනේ .....
මතකද මන්ද අපිව
මතකයි මතකයි සෑහෙන කාලේකින් නේද ...
Deleteපරක්කු වුනාට කමක් නෑ.. සුබ පතන්න මේ පැත්තට ගොඩ වුනාව හුඟක් ස්තූතියි..