Wednesday, October 1, 2014

එදා ළමා දිනය සමරපු පුංචි ඔයා අද තරුණයෙක්...

තනියම මං අයිතිකරගෙන හිටිය හැමෝගෙම ආදරයෙන් ටිකක්
ඔයා ඇවිදින් ඉක්මනින්ම අයිති කරගත්තා...
අම්මගේ උණුහුමට තුරුළුවෙලා බීපු කිරි වලින් ටිකක්
ඔයා ඇවිදින් බීලා පුංචි බන්ඩිය පුරෝගත්තා... 

මං අඬනකොට මාව නලවන්න, මාව වඩාගෙන කතා කියන්න
ඔයා ඇවිදින් ඉස්සරට වඩා පරක්කුවුනා...
තාත්තා හවසට ගෙදර එනකොට ගේන හැම දෙයින්ම කොටසක්
ඔයා ඇවිදින් ඔයාටත් ඕනේ කිව්වා ...  

මේ ඔක්කෝම ඔයාට දෙන්න බෑ කියලා පුංචි හිතට එදා හිතුනත්
සුදු පාටට හිනාවෙන ඔයාගේ ලස්සන මුණ දැකලා ...
හුඟක් ආදරේ හිතුන නිසාම  ලැබුනු හැම දෙයක්ම 
ඔයත් එක්ක බෙදා හදා ගන්න පුරුදු වුනා ...


එක අම්මගේ කුසෙන් බිහිවෙලා
සොයුරු පෙම ලියලලා ගිහින්...
කාල කඩයිම් පහුකරන් යනකොට
අපිට අපි නැතුවම බැරිවුනා ...

වෙලාවකට යාළුවෙක් වගේ
මං කියන දේවල් අහගෙන හිටියත්...
තවත් වෙලාවක හුඟක් පරිස්සමින් මාව බලාගෙන
අයියෙක් වගේ දැනමුතුකම් දෙනවා ...

 මට නම් බෑ ලොකු මිහිහෙක් වෙන්න
ඉස්සර වගේම අදටත් කියන ඔයා ...
ජීවිතේ කඩයිම් පහු කරගෙන ඉස්සරහට යනකොට
අම්මා තාත්තාත් එක්ක මාත් හුඟක් සතු‍ටු වෙනවා ...


එදා පොඩි ළමයෙක් වගේ ඉඳගෙන
ලෝක ළමා දිනේ තමයි මගේ උපන් දිනේ...
කියලා හැමෝටම කියපු ඔයා අද
ළමා කාලය පහු කරපු තරුණයෙක් වෙලා...

ඔයා දකින ඒ ඔයාගේ ලෝකේ දිනන්න
දිරිය ශක්තිය ආශිර්වාදයත් එක්ක...
සුබම සුබ උපන්දිනයකට ආසිරි පතනවා
මුළු හදවතින්ම මට ඉන්නේ ඔයා විතරක් නිසා...

28 comments:

  1. එහෙනම් ඉතින් අපිත් සුභ පැතුවයි කියන්න..

    ReplyDelete
    Replies
    1. හුඟක් ස්තූතියි උමේෂ් සුබ පතන්න එක් වුනාට .... :)

      Delete
  2. මමත් සුබ පැතුවා කියන්න මල්ලිට තුශානියාගේ.
    මගේ හොඳ යාළුවෝ දෙන්නෙක්ගේත් උපන් දිනේ අද.ඒ දෙන්නා නිවුන්නු.
    අක්කායි,මල්ලියි ...:)

    ReplyDelete
    Replies
    1. හරි... බොහොමත්ම ස්තූතියි සුබ පැතුම් වලට...

      අද දවස ටිකක් විශේෂ නිසා එයාලගේ උපන්දිනේ කට්ටියට අමතක වෙන්නේ එහෙම නම් නැතුව ඇති නේද ...

      Delete
  3. අපිත් සුබ පැතුවයි කියන්නකො තුශානි.මල්ලි ඉපදිලා තියෙන්නෙ විශේෂ දවසක නේද.

    ReplyDelete
    Replies
    1. සුබ පැතුවට ගොඩක් ස්තූතියි හැලපතුමා... අද දවස විශේෂ නිසා හැමෝටම එයාගේ උපන්දිනේ මතකයි..

      Delete
  4. ඔහුට සුබ උපන්දිනක් වේවා!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි මනෝෂ්....

      Delete
  5. හැමදාම ලමයෙක් වෙලාම ඉන්න කිහයං දිනේ හොද නිසා.. සුභ උපන්දියනක් වේවා කියල දේශක සීයා කිව්වයැ කියල කියාපිය..

    ReplyDelete
    Replies
    1. වැඩිහිටි දිනේත් අද නිසා ප්‍රශ්ණයක් නෑ නේද :D

      හොඳයි හොඳයි සීයේ ... සුබ පැතුම් වලට ගොඩක් ස්තූතියි...

      Delete
  6. අපිත් හදවතින් ම සුභ පතනවා.... කොහොම වුණත් වචන ටික හදවතට ම දැනුණා.... හරිම ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. :) බොහොමත්ම ස්තූතියි... හැමදාම මේ පැත්තට ගොඩවෙලා කරන අගය කිරීම් ලොකු ශක්තියක්...

      Delete
  7. ඔන්න මගෙනුත් සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තනූජා... ඉඩක් ලැබුන ගමන්ම ඒ පැත්තට ඇවිත් යන්න එන්නම්කෝ..

      Delete
  8. සුභ පැතම එක් කලා කියන්න තුෂානි...

    ජ ය වේ වා (කවි පෙළ අගේයි) !!!

    ReplyDelete
    Replies
    1. සුබ පතන්න මේ පැත්තට ගොඩ වුනාට හුඟක් ස්තූතියි විදානේ ...

      ජය වේ වා !!!

      Delete
  9. ඔන්න මගෙත් සුබ පැතුම් :)

    ReplyDelete
    Replies
    1. :) බොහොමත්ම ස්තූතියි දිලිනි...

      Delete
  10. ඔන්න අපිත් හැපී බර්ත් ඩේ ටු ටු කිව්වා හරිය :D

    මල්ලිට වගේම මල්ලිට ආදරේ ඔබටත් සුබ පැතුම් සාර්ථක අනාගතයකට.

    ReplyDelete
  11. පරක්කු වෙලා ඇවිත් ඔන්න ඉවාන් පුතාත් සුබ පැතුවා ... ;)

    ReplyDelete
    Replies
    1. මේමමත් පරක්කු වෙලා ඇවිත් සුබ පැතුවා මම දිලා :)

      Delete
    2. @ ඉවාන් - අයියෝ..... උපන්දිනේ තාත්තාගේ නෙවයි..... ;)

      Delete
    3. @ දිලා - ඔයාවත් කැකුළු ගොමුවට සාදරෙන් පිලිගන්නවා... හුඟක් ස්තූතියි සුබ පතන්න එක් වුනාට ...

      Delete
  12. පරක්කු වෙලා මාත් ඇවිත් සුබ පැතුවා !!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මධුරංග... පහුගිය ටිකේ වැඩිය පේන්න හිටියේ නෑ නේද ...

      Delete
  13. පරක්කු වෙලා වැඩි ද මන්ද 0.o
    සුබ පැතුවා එහෙනම් :)
    කාලෙකින් තාම ගොඩ වෙන්න හම්බුනේ .....
    මතකද මන්ද අපිව

    ReplyDelete
    Replies
    1. මතකයි මතකයි සෑහෙන කාලේකින් නේද ...

      පරක්කු වුනාට කමක් නෑ.. සුබ පතන්න මේ පැත්තට ගොඩ වුනාව හුඟක් ස්තූතියි..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...