මතකද
අපි මුලින්ම ඉස්කෝලේ ගියපු දවස ? සමහර අයට නම් මතක නැතුව ඇති. ඒත් හුඟ
දෙනෙක් කියයි ඔව් මතකයි කියලා. මොකද ඒ දවස අපි හැම කෙනෙක්ගේම ජීවිත වල හරිම
සුවිශේෂී දවසක් නිසා.
අලුතෙන්ම මහපු සුදුම සුදු ගවුමක් ඇඳලා අලුත් සපත්තු දෙකක් දාලා ලස්සන රෝස
පාට අලුත් බෑග් එකකුත් පිටේ එල්ලගෙන අම්මයි තාත්තයි එක්ක ලොකු ඉස්කෝලේ
ගියපු හැටි නම් තුශානිටත් තාමත් මතකයි. එක වසරේ ඉඳලා දෙක වසරට ගිය චූටි අක්කලා
නෙළුම් මල් අලුත් නංගිලාගේ අතට දීලා, ඉස්කෝලේ ඇතුලට එක්කරගෙන යනකොට, තුශානිට
වඩා චුට්ටක් ලොකු අක්කෙක් නෙළුම් මලක් දීලා අම්මගේ අතේ එල්ලිලා හිටිය තුශානිව එකේ පන්තියට එක්කගෙන ගිය හැටි හරිම සුන්දර මතකයක්.
හදිස්සියේම
එකේ පන්තියට ගිය මුල් දවස ගැන ලියන්න හිතුනේ අද දවසත් එදා ඒ එකේ පන්තියට
ගිය දවසත් එකම විදිහට තුශානිට දැනුන නිසා. එදා තුශානිගේ අතින් අල්ලගෙන
ආදරෙන් , පරිස්සමින් එකේ පන්තියට එක්කගෙන ගියා වගේම බ්ලොග් ලෝකය තුලත්
වසරක් කාලයක් ගතකරලා වසරක් සම්පූර්ණ කරන්න, ඒ කියන්නේ එකේ පන්තියේ වාඩි
වෙන්න ඉස්කෝලේ ගිය පලවෙනි දවසේ වගේම තුශානිට ශක්තිමත් අත්වැලක් ලැබුනා.
බ්ලොග් එකක් හදා ගන්න, බ්ලොග්
ලියන්න, අඩුපාඩු කම් හදා ගන්න වගේම, ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න, බෑ කියලා
නැවතුනාම කොහොම හරි එක්කරගෙන යන්න ඒ ලැබුන අත්වැල නිසා නොවෙන්න සමහර විට අද
මේ පෝස්ට් එක වුනත් නොලියවෙන්න ඉඩ තිබුනා. ඉතින් ස්තූති කරන්න වචන නැති
වුනත් හුඟක් ආදරෙන් වගේම ගෞරවයෙන් ඒ හැම දිරිගැන්වීමක්ම තුශානි මතක් කරනවා.
ගෙවුනු
අවුරුද්ද ජීවිතේට අලුත් දේවල් එකතු වුනු ජීවිතේ ගත කරපු ලස්සනම අවුරුද්දක්
කිව්වොත් මම හිතන්නේ එකේ වැරැද්දක් නෑ. මොකද කලින් තුශානි බ්ලොග් එකක්
පටන් ගන්නව තියා බ්ලොග් ගැන වත් ඒ තරම් දැනීමක් ඇතුව හිටියේ නැති නිසා. "අ"
යනු "ආ" යනු වත් නොදැන හිටිය බ්ලොග් කලාව ගැන දැන ගත්ත මුල් කාලේ කලේ, රෑ
දවල් නැතුව බ්ලොග් වල පොස්ට් කියවපු එක. ඊට පස්සේ තමයි හිතුනේ ඒවට කමෙන්ට්
එකක් දාන්න ප්‍රොෆයිල් එකක් වත් හදා ගන්න ඕනේ කියලා. අන්තිමට කොහොමින්
කොහොම හරි ප්‍රොෆයිල් එකක් වෙනුවට බ්ලොග් පිටුවක්ම නිර්මාණය වුනා.
බ්ලොග්
එකක් හදා ගත්තට ලියන්න කොහෙද වෙලාව, ඔපීසියේ වැඩයි අමතර අධ්‍යාපන වැඩ
කටයුතුයි එක්ක වෙලාවක් හොයා ගන්න එක ලේසි පහසු නෑනේ. ඒත් ඉතින් පුළුවන්
විදිහට පෝස්‍ටු 55 ක් ලියලා ඉවර කරගත්ත එක ගැන නම් හිතනකොට හිතට ලොකු
සතුටක් දැනෙනවා. කිසි දවසක නොදැක්ක අය වුනත් දවසින් දවස එකතු වුනු බ්ලොග්
යාළුවන් ගෙන් ලැබුනු අදහස්, දිරි ගැන්වීම්, අඩුපාඩු හදා ගන්න ලොකු
පිටිවහලක් වුනා. ඉතින් කැකුළු ගොමුවට ගොඩවැදුනු හැම කෙනෙක්ටම ස්තූති
කරන්නත් තුශානි මේක අවස්ථාවක් කරගන්නවා.
ඉතින් පුළුවන් විදියට, ඉඩ කඩ ලැබෙන විදියට ඉදිරියේදිත් මොන මොනාහරි කුරුටු ගාන්න උත්සාහ කරන්නම්කෝ
තුශානි ලියපු පෝස්‍ටු අතරේ ඔයාලා කැමතිම එකක් තියෙනව නම් කියලා යන්න කියලාත් ඔන්න පුංචි ඉල්ලීමක් කරනවා..
ජීවිතේ කවදාවත්, කාටවත්ම තමන්ගෙ ඉස්කෝල ගමනෙ මුල්ම දවසනම් අමතකවෙන එකක් නෑ. හිත ආයෙත් අතීතෙට ගියා.
ReplyDeleteඒ වගේම තුශානි, මේ ලැබුනු පන්නරය තවත් මුවහත් කරගෙන, බොහොම දීර්ඝ ගමනක් යන්න ඔබට ශක්තිය ධෛර්‍ය සහ වාසනාව ලැබෙන්න කියල එක හිතින් අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා.
බොහොමත්ම ස්තූතියි මනෝෂ්..
Deleteහැමදාමත් මේ පැත්තට ගොඩ වෙලා කරන දිරි ගැන්වීම් ලොකු ශක්තියක්...
ජය වේවා.. මං කැමතියි ඔපිසියේ අර අන්ඩර කතා වලට..
ReplyDeleteහුඟක් ස්තූතියි දේශකතුමා...
Deleteතව ඔපීසියේ රස කතා ටිකක් ලියන්න බලන්නම්කෝ...
තුශානි ගේ බ්ලොගවසරියට ඔන්න මගෙන් උණුසුම් සුබ පැතුම්. ඔයාගේ අර ඔපීසියේ කතා තමා මාත් ආසම . හැබැයි මම ඔපිසියට ආපු දවසේ වෙච්ච සීන් එක ලියන්න එපා හොඳේ.... එහෙනම් සුබ උපන්දිනයක්
ReplyDeleteසුබ පැතුම් වලට බොහොමත්ම ස්තූතියි !
Deleteඔයා අපේ ඔපීසියට ආව දවසේ කතාව නොලියා කොහොමද... ඒකත් ඉක්මනින්ම ලින්නම්කෝ.. :D
ඔහොම ඔහොම ගිහින් සිස්සස්සේත් ඉහලින් ම පාස්වේවා!
ReplyDeleteඔය කකා කියන ඒවා අහල සිස්ත්වේ පාස් වෙලා නිකං ගෙදර ට නාකි වෙන්න නං එපා හොදේ..
Deleteඔව්, සිස්සත්තෙ පාස් වෙලා ඉස්කෝලෙ යන එක මඟ නතර කොරන්ඩ.
Delete@ කකා - මුල්ම පෝස්‍ටුවෙදි වගේම අවුරුද්දක් ගතකරන අද දවසේත් කකාගේ පැමිණීම තුශානිට ලොකු සතුටක්.. බලමුකෝ සිස්සත්තේ පාස් වෙන්න පුළුවන්ද කියලා.. සුබ පැතුම් වලට ගොඩක් ස්තූතියි..
Deleteතුශානියාට ආවට වඩා වැඩි දුරක් යන්න මේ බ්ලොග් අවකාශයේ පුළුවන් වේවා.මේ බ්ලොග් හිතවත්කම් බොහෝම ආශ්වාදජනකයි ...:)
ReplyDeleteගොඩක් ස්තූතියි මනෝජ්...
Deleteඔව්... කිසි දවසක නොදුටු අය වුනත් බ්ලොග් හරහා ඇතිවුනු බැඳීම් හරිම ආශ්වාදජනකයි ..
අවුරුද්දකුත් ගෙවිලා..
ReplyDeleteදන්නෙම නැතුව..
තව අවුරුදු 10ක් - 15ක්
මේක ලියාගෙන යන්න
සත්තිය, දයිර්යිය.
ලැබෙන්ඩ කියලා..
ජ ය වේ වා !!!
(හැම එහෙකටම මං කැමතියි බොල)
ඒක නම් ඇත්ත විදානේ.. අවුරුද්දක් ගෙවුනා දන්නෙම නැතුව....
Deleteවිදානේ ඉතින් නිතර මේ පැත්තට ආ ගිය කෙනෙක්නේ .. සුබ පැතුම් වලට බොහොමත්ම ස්තූතියි..
උණුසුම් සුභපැතුම්. තව තවත් ලියන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා!!!
ReplyDeleteගොඩක් ස්තූතියි තනූජා..
Deleteකිව්වහම මොකද මම ඉස්සෙල්ලම ඉස්කෝලෙ ගිය දවස මටනං මතක නෑ.පස්සෙ කාලෙදි කරපු අන්ඩර වැඩ එහෙම නං මතකයි.
ReplyDeleteහි හි... එහෙමද ...
Deleteඒක නෙවෙයි හැලපතුමා... සුබ පතන්නේ නැද්ද මට... :(
ඔන්න ඉතිං කතාවෙන් කතාවෙන් සුබ පතන්න අමතක උනා නේන්නං.තරහ වෙන්න ඕනෑ නෑ.තවත් අවුරුදු ගණනාවක් රසවත් ලිපි ලියන්නට ලැබේවා කියල පතනවා.
Deleteඅනේ නෑ.. තරහ නෑ .. හැලපතුමාගේ සුබ පැතුම් කොහොමත් තියෙනවා කියලා මම දන්නවනේ .. :)
Deleteසුබ පැතුම් මගෙත්... තව තවත් අද්දැකීම් ලබන්න දිගට ම ලියමු හොඳේ....
ReplyDeleteබොහොමත්ම ස්තූතියි දිලිනි.. බලමුකෝ බලමුකෝ... :)
Deleteමම මොන්ටිසෝරි ගිය ආයතනය අපේ කණ්ඩායමෙන් තමයි විවෘත කරලා තියෙන්නෙ. එදා ඒක විවෘත කරන්න පලාතේ මන්තිරි ඇවිල්ලා පීත්ත පටිය කපන්න ලෑස්ති වෙලා ඉදලා...පොඩි උන් දැන් පීත්ත පටියට එහායින් පේලි ගැහිලා ඉන්නවලු...සිරා කොලුවා මන්තිරියට කපන්න පීත්ත පටියක් ඉතිරි නොකර ඒක කඩාගෙන ගිහින් පන්තියෙන් වාඩි උනා කියලයි අපේ අම්මා මට කිව්වෙ.
ReplyDelete1 වසරෙදි නම් ගොඩාක් උන් ඇඩුවා මතකයි...ඒත් මම නම් ඇඩුවෙ නෑ...ඒක මට ඉරහද වගේ ෂුවර්...ලොකු කෑම මේසයක් එහෙමත් තිබුනා...කැවුම් කොකිස් තිබුන....ඒවා බොහොම සොදුරු මතක...
හි..හි... එතකොට මොන්ටිසෝරිය විවෘත කරලා තියෙන්නේ සිරා අයියා එහෙනම්... ඒක තාම ඇති නේද ? :D
Deleteකෑම මේසේ නිසා ද කොහෙද අඬන්නේ නැතුව ඉඳලා තියෙන්නේ.. කැවුම් කොකිස් කොච්චර කෑව වගේ මතකයිද ?
ඔන්න මට විෂ් කලේ නැති එකට නම් තරහයි.... :(
ඒ මොන්ටිසෝරිය වැඩිකල් දුවලා නෑ...කෙටි කලකින්ම හබක්...සරණ ගුණවර්ධන කියන ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්තිරිතුමාගෙ පියා ලයනල් ගුණවර්ධන මන්තිරි තමයි එදා විවෘත කිරීමට ඇවිත් තියෙන්නෙ. ඒ පවුල සහ අපේ අම්මලාගෙ පවුල අතරත් ඒ කාලෙ ලග සබඳතා තිබුනා. අද නෑ.
Deleteහි.. හි.. එහෙමද
Deleteමේ ... බ්ලොග් ඇන්වසරි එකට විෂ් කරන්නේ නැද්ද :(
ඒක අමතක උනා...පළමු බ්ලොග්වසරියට මගේ අක්මාවෙන්ම සුභ පැතුම් !
Deleteගොඩක් ස්තූතියි... විෂ් කලේ නැති වුනාට තරහ නෑ හොඳේ. :)
Deleteශ්‍රී සුභ වේවා! තව චිරාත් කාලයක් කොටන්න ලැබේවා!
ReplyDelete:) තැන්කූ තැන්කූ.... ලියන ඒවා කියවන්න ඉඩ ලැබෙන වෙලාවට එන්නකෝ...
Deleteඅඩේ පරක්කුද මන්දා? ඔන්න එහෙනම් අපෙනුත් සුබ පැතුම් එකෙන් දෙකට ගියාට පුලුවන්නම් එහෙමම අනික් විභාගත් පාස් කොරන් Ph.d එකක්ම ගහමු සය්යිබර් ලෝකේ. එතුවක් නොව තවත් එහාට ලියන්නට ඔන්න අපෙනුත් සුභ පැතුම්.
ReplyDeleteමම නම් කියවපු ලිපි වලින් මතක එක එපයි කියන්න, මට මතක අර පොඩි ළමයෙකුගේ සිතුවම් පෙළක් එක්ක එයාට ඔබ ලබා දුන් වටිනාකම තමයි ලිපි වලින් සුන්දරම කියලා.
ජය වේවා !!!
සුබ පැතුම් වලට ගොඩක් ස්තූතියි.. තියෙන වැඩත් එක්ක පුළු පුළුවන් විදියට ලියන්නම්කෝ..
Deleteඔව්.. පුංචි පැංචියෙක්ගේ ලොකු හපන්කමක් ගැන සයිබර් අවකාශයටම කියන්න ඒ ලිපිය හරහා පුළුවන් වෙච්චි එක ගැන මටත් සතුටුයි..
එලම තමා සුභ පැතුම්... ඉස්සරහටත් එන්නම් මේ පැත්තේ..
ReplyDelete:) තැන්කූ තැන්කූ .. සාදරෙන් පිලිගන්නවා කැකුළු ගොමුවට.. දිගටම එන්න..
Deleteතුශානිටත් පුංචි කැකුළු මල් යායටත් චිරං ජයතු!!!!
ReplyDelete1968 ජනවාරී 4වැනිදා එකේ පංතියට ඉස්කෝලෙට ඇතුල්වුන දවස තාම මතකයි. මොරායස් ටීචර්, මගේ ලඟ වාඩිවුන නිමල්, සාලිය දෙන්නාව හොඳටම මතකයි. තව ඒ පන්තියේ බොහෝ අය තාම මතකයි.
බොහොමත්ම ස්තූතියි අරූ මාමේ..
Deleteඔව් ඔව්.. අරූ මාමට හොඳ මතකයක් තියනවා කියලා තුශානි හොඳටම දන්නවා.. ඒකනේ ඒ ඉස්සර කතා ආසාවෙන් කියවන්නේ..
දන්නවද .. අරූ මාමා ඉස්කෝලේ ගිහින් අවුරුදු විස්සකටත් පස්සේ තමයි තුශානි ඉපදුනේ..
ඔයා දරුවෝ අපේ දුවගේ වයස එහෙනම්.
Deleteඑහෙමද ... ශෝක් ශෝක් ... :)
Deleteමටත් ලොකු කතාවක් පලවෙනි දවස ගැන තියෙනවා වෙලාවක එකත් දාන්නම්කො
ReplyDeleteඑක නෙවෙයි සුබ පතනවා ඉදිරියටත් නිර්මාණ කරන්න
ඒ වගේම වෙලාවක් තිබ්බොත් අපේ පැත්තෙත් ගොඩ වෙන්න
සුබ පැතුම් වලට බොහොමත්ම ස්තූතියි..
Deleteපළවෙනි දවස ගැන කතාවත් ඉක්මනින්ම ලියන්න.. ඉඩ ලැබෙන විදිහට අනිවාර්යයෙන්ම එනවා ලියන ඒවා කියවන්න ..
සුභ පැතුම්...! ඉදිරියටත් ලියන්න ලැබේවා! :)
ReplyDeleteහුඟක් ස්තූතියි.. ඒ වගේම කැකුළු ගොමුවට සාදරෙන් පිළිගන්නවා.. දිගටම එන්නකෝ ලියන ඒවා කියවන්න... :)
Deleteඑන්නම්.. මගේ blog roll එකටත් add කර ගත්තා. :)
Deleteස්තූතියි අශාන්... මමත් මේ ඒ පැත්තට ගොඩ වෙලා එන ගමන්..
Delete:)
Deleteසුබ පැතුම් !! අවුරුද්දක් කියන්නෙ ලොකු කාලයක් තමයි ඉතින්.... ඔහොම්මම ලියාගෙන ලියාගෙන ලියාගෙන යන්න..
ReplyDeleteමං නම් මේ ආවම ද මන්දා මෙහෙට :)
සුබ පැතුම් වලට ගොඩක් ස්තූතියි..
Deleteඅවුරුද්දක් පිරෙනකොට තවත් අලුත් යාළුවෙක් අඳුන ගන්න ලැබීම සතුටක්.. සාදරෙන් පිළිගන්නවා කැකුළු ගොමුවට.. දිගටම එන්නකෝ..