මතකයිනේද තුශානි පොරොන්දු වුනා ගමේ පන්සලේ කඨින පෙරහැර ගැනත් විස්තර ටිකක් කියනවා කියලා. පොරොන්දුව ඉෂ්ට කරන්න නම් ටිකක් ප්‍රමාද වුනා. ඒත් කොහොමහරි ඔන්න ඉතින් පොරොන්දු වුන විදිහටම පෙරහැර ගැන විස්තර ටිකක් කියන්න තමයි අද මේ පෝස්ට් එක ලියන්නේ.
සාමාන්‍යයෙන් කඨින පෙරහැරවල් තියෙන්නේ පාන්දර වුනත් අපේ ගමේ පන්සලේ කඨින පෙරහැර පැවැත්වෙන්නේ හවස් කාලයේ. කඨින චීවරය ගම වෙටේම අරගෙන ගිහින් ආපහු කඨිනය භාර ගත්ත ගෙදරට වැඩම කරවලා ඊට පස්සේ උදේට ඒ ගෙදර ඉඳලා චීවරය පන්සලට වැඩම කරවන එක තමයි අපේ පන්සලේ සිද්ධ වෙන්නේ. ඉතින් පෙරහැර පැවැත්වෙන්නේ හවස් කාලේ හින්දා පෙරහැරේ බර කරටම අරන් කටයුතු කරන්නේ දහම් පාසලේ ළමයි.
පෙරහැරට සති තුනකට හතරකට කලින්, දහම් පාසලේ උදේ රැස්වීමේදි පෙරහැර ගැන ළමයින්ව දැනුවත් කරලා, එක එක වැඩ කොටස් භාර දෙන එක තමයි මුලින්ම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ පන්ති මට්ටමෙන් කට්ටිය එකට එකතු වෙලා පෙරහැර ලස්සන කරන්න ඕන කරන හේවිසි, නැටුම්, වගේ විශේෂාංග පුරුදු පුහුණු වෙනවා. දන්නවද ... ඒ කාලේට තමයි වැඩිපුරම ළමයි දහම් පාසල් එන්නේ. මොකද දවසෙම කෙරෙන්නේ පුරුදු පුහුණු වීම්නේ. ඒ නිසා කවුරුත් කැමතියි දහම් පාසල් එන්න.
වෙස් නැටුම්, කලගෙඩි , කුළු, පන්තේරු, රබන්, උණ බට බෙර, ලී කෙලි, පතුරු වගේ නැටුම් ඒ අතර ප්‍රධාන වෙනවා. නැටුම් වලට අමතරව මල් බයිසිකල්, කොඩි ගෙනියන අය, මල් ගෙනියන අය, නිලමෙවරුත් පෙරහැර ලස්සන කරන්න දායක වෙනවා.
ඒ විදිහට සති තුන හතරක ඉඳලා පුරුදු පුහුණු වෙලා හවස තුනට විතර පෙරහැර ආරම්භ වෙනවා. ගස්ලබු ගෙඩියකට
හීනියට තීරු කපපු සව් කොළ අලවලා ඇල්බීසියා කෝට්ටක හයි කරලා හරි පොල් කොලේක
අගිස්සක් ඉරටු ඉතුරු වෙන්න සුද්ද කරලා බයිසිකල් වල ගැටගහලා හරි හදන මල්
බයිසිකල් තමයි පෙරහැරේ මුලින්ම යන්නේ. පෙරහැර එන සද්දේ හැමෝටම කියන්නේ දහම් පාසලේ හේවිසි කණ්ඩායම . ඊටත් පස්සේ බෞද්ධ කොඩි වගේම දහම් පාසල් කොඩි අරගත්ත ළමයි පෙළින් පෙළට පෙරහැරේ යනවා. එකකට එකක් නොදෙවෙනි විදිහට පුරුදු පුහුණු වෙච්ච නැටුම් කණ්ඩායම් තමයි ඊලඟට දකින්න පුළුවන් වෙන්නේ. සිලම්බු, ගෙජ්ජි සද්ද අතර බෙර පද තාලෙට කියවෙන කවි, නැටුම් වලට තවත් ජීවයක් ලබා දෙනවා. ඒ අතරේ බොහොම ගාම්බීර විදියට තේජස් ගමනින් යන නිළමෙවරුත් පෙරහැරට අමුතුම ගෞරවාන්විත බවක් ලබා දෙනවා.
නිළමෙලා ගැන කිව්වහමයි මතක් වුනේ, තුශානිගේ මල්ලිත් ඒ විදිහට කීප සැරයක්ම නිළමෙ කෙනෙක් වගේ පෙරහැරේ ගිහින් තියෙනවා. මුතු කුඩයක් යටින් වට පිට බල බල යන එක ලේසි දෙයක් වගේ පෙනුනත් ඒක ලේසි පහසු කාරියක් එහෙම නෙවෙයි. මොකද ඔය නිළමෙ ඇඳුම් ඇඳගෙන හුඟක් වෙලා ඉන්නවා කියන්නේ හරිම අමාරු වැඩක්ලුනේ. ඇඳගෙන යන එක විතරක් නෙවෙයිනේ බොහොම ගාම්භීර විදිහට පෙරහැර ඉවර වෙනකන් යන්නත් ඕනේනේ. අමාරුයි කියලා හරි, කකුල් රිදෙනවා කියලා හරි මග නවතින්න කියලායැ. කොච්චර අමාරු වුනත් අන්තිම වෙනකන්ම එකම විදිහට ගාම්බීර ගමනින් යන්න ඕනේ. නිළමේ වගේ මුළු ගම වටේම ගියත් පෙරහැර ඉවර වෙලා පන්සලේ ඉඳලා ගෙදරට එන පුංචි දුර වත් ඒ ගන්න බැරුව තාත්තා මල්ලිව වඩාගෙන ආපු හැටි අදටත් නිළමෙවරු පෙරහැරේ යනකොට තාත්තා මතක් කරනවා. හි.. හි.. පෙරහැර පුරාම හිනා වෙවී ගාම්බීර විදියට ගියත් පෙරහැර ඉවර වෙලා ගෙදර ඇවිත් මූණත් ඇඹුල් කරගෙන ඉන්නකොට අම්මයි තාත්තයි කකුල් දෙක උණුවතුරෙන් තවලා නිළමෙට කරණ සත්කාර දැක්කහම "ඒයාට නම් රජ සැප" කියලා ඉස්සර තුශානිට හිතිලා තියෙනවා. . :D
නැටුම් කණ්ඩායම් ඔක්කොටම පස්සේ තමයි කඨින චීවරය වඩම්මන එක සිද්ධ වෙන්නේ. වියනක් යටින් එක එක්කෙනා මාරුවෙන් මාරුවට හිස මත තියාගෙන සාධු කාර මැද්දේ චීවරය වඩම්මනවා. අත්තම්මලා, සීයලා වගේම වැඩිහිටි තරුණ බේදයකින් තොරව පුංචි දුරක් හරි හිස මතින් චීවරය වඩම්මන්න හැම කෙනෙක්ම එක පෙළට යනවිදිහ හරියට එක්කෙනා පිටිපස්සේ එක්කෙනා යන කූඹි රැලක් වගේ.
එකේ පන්තියේ ඉඳලා පහේ පන්තිය වෙනකම් ළමයින්ට පෙරහැරේ යන එක අනිවාර්ය නොවුනත්, පහේ පන්තියේ ඉඳලා ඉහළට යනකම් ළමයින් හැම කෙනෙක්ටම නම් පෙරහැරේ යන එක අනිවාර්ය දෙයක්. ඉතින් තුශානිත් පහේ පන්තියේ ඉඳලා දහම් පාසල් ගිහින් ඉවර වෙනකන්ම හැම අවුරුද්දකම කඨින පෙරහැරට සහභාගී වෙලා තියෙනවා. මල් ගෙනියන්න, කොඩි ගෙනියන්න නැටුම් නටන්න වගේම පස්සේ කාලේක යකඩ බැජ් එකකුත් ලැබිලා පෙරහැරේ සංවිධාන කටයුතු වලට සම්බන්ධ වෙන්නත් අන්තිම අවුරුද්දේදී අර යකඩ බැජ් එක ටිකක් ලොකු බැජ් එකක් වුන නිසා සම්පූර්ණ පෙරහැරේම කටයුතු හොයලා බලන්නත් සිද්ධ වුන එක දීහා ආපහු හැරිලා බලනකොට බොහොම නිහතමානී සතුටක් දැනෙනවා. ඒ කාලේදී ඒ දේවල් ලොකු බරක් විදිහට හිතට දැනුනත් ඒ දේවල් වලට සහභාගි වීම නිසා ජීවිතයට හුඟක් දේවල් ලැබුනු බව නම් අද වෙනකොට හොඳින්ම තේරුම් ගිහින් තියෙනවා.
පෙරහැර ගැන කියද්දි කියන්න ඕනේ තවත් විශේෂ දෙයක් තමයි කිසිම දවසක කිසිම කෙනෙකුට පෙරහැරේදි මොන විදිහේ හරි අනතුරක් නොවෙන එක. චුට්ටක් කකුල් රිදෙන්න ගත්තත් පෙරහැර ඉවර වෙලා රෑ පිරිත් අහන්නත් හැම කෙනෙක්ම සහභාගි වෙන්නේ මහන්සියක් නොදැනෙන ගානට. ඒ පින්කමේ තියෙන අනුහස් බලෙන් වෙන්න ඇති කියලා තමයි තුශානි විශ්වාස කරන්නේ.
ඉතින් අවුරුද්දකට සැරයක් ගමේම අය එකට එකතු කරන කඨින පිංකම ගමට වගේම අපි හැම කෙනෙක්ගේම ජීවිත වලටත් ලොකූ ආශිර්වාදයක්.
~ පින්තූරය ගූගල් ගෙන් ~

මෙවරනම් කඨිනයකට සහභාගී වෙන්න බැරි උනා...
ReplyDeleteඒ අතින් ඔබ පිං වන්තයි
ජ ය වේ වා !!
එහෙමද ... ලබන සැරේවත් කඨින පිං කමට සහභාගී වෙන්නකෝ.. :)
Deleteතෙරැවන් සරණයි !!
Deleteමංද, මං එච්චර මනාප නෑ ඕවට. ඒ හැමදේම දැන් වෙන්නෙ, සිරිතක් හැටියට මිසක් බුදුරජාණන්වහන්සේ වදාළ අරමුණු ඉටුකරගන්න නෙවෙයි. නැත්නම් ඉතින් පට්ට පායන කාලෙට වස් පිංකම් තියෙයියෑ.
ReplyDeleteමගේ අදහස, ටිකක් වෙනස් වෙලා වුනත් අද වෙනකන් මේ දේවල් පැවතගෙන එන එක ගැන සතුටු වෙන්නෙ ඕනේ කියන එකයි. මොකද මිනිස්සු මේ පිංකම් වලින් ඈත් වුනා නම් කඨින පිංකමක් දකින්නවත් ලැබෙන්නේ නෑනේ.
Deleteහැක්! මල් බයිසිකල් පැදපු හැටි මතක් උනා. :D
ReplyDeleteමල් බයිසිකල් පදින්න ගිහින් වැටිච්ච හැටි එහෙම නෙවෙයි නේද මතක් වුනේ.. :D
Deleteකථින පින්කමකට සහභාගී වුනේ නෑ කාලෙකින් මම නම්
ReplyDeleteලබන සැරේ හරි සහභාගි වෙන්න බලන්න එහෙනම් ..
Deleteඔන්න මම ලියනවයි කිව්ව කතාවෙ බාගයක් ලිව්වා.ඉතුරු හරිය ඊළඟ කටින පිංකම් කාලෙට ලියන්න බැරුවයැ.
ReplyDeleteඒ ගැන මොන කතාද :D
Deleteඒකනේ... බාගෙනේ ලියලා තිබුනේ.. ඉතුරු ටික කියවන්න එහෙනම් ලබන අවුරුද්ද වෙනකන් ඉන්න වෙනවා නේද ... :D
Deleteසාදු,සාදු,සාදු...!!!
ReplyDeleteදන්නවද .. කඨින පිං කමක් ගැන අහලා සාදුකාර දුන්නත් කුසල් රැස් වෙනවාලු.. :)
Deleteතුශානි.....බොහෝම බොහෝම ඉස්සර මම රට ගිහින් ආපු පළමු වතාවේ පලාතක් එලිය වෙන ජාතියේ ලොකු ටෝච් එකක් වගේ එකක් ගෙනවා. දැන්නම් ඒ වගේ ඒවා ඕන තරම් තියෙනවා. ඕක ඒ පැත්තේ පොඩි පන්සලේ කඨිණ පෙරහැරට දුන්නා කළුවර නිසා පාවිච්චි කරන්න. එක අංකල් කෙනෙක් අද මේ පැතිරෙන්නේ 'අරුණාලෝකයයි' කිය කිය ඕකත් උස්සන් ගියාලු. ලැජ්ජවේ බැහැ. අරුණාලෝකය කොහොම වුනත් මට ඒක ආපහු හම්බවුනේ නම් නැහැ. මේක කියවනකොට මට ඒක මතක්වුනේ.
ReplyDeleteචීවරෙත් එක්ක පූජකරන්න් ඇති
Delete@ අරූ මාමා - හි හි... එතකොට පෙරහැරට අරුණාලෝකය ලබා දීලා තියෙන්නේ අරූ මාමා..
Delete@ විදානේ - ඒකතමයි... චීවරේත් එක්ක ඒකත් පූජ කරන්න ඇති...
DeleteEvening Katina.. good
ReplyDelete:)
Deleteහිහික් තුශානි ලියපු දිගම පෝස්ටුව වෙන්නැ...
ReplyDeleteඒත් අර අරූ අය්ය ලියන ඒව එක්ක බලද්දි මොකද්ද වගේ...
ජයවේවා...
අපේ කටිනෙට නං මොකක් හරි විනයක්කැටලද මංද තාම තිබ්බෙ නෑ පංසල පැත්ත පලාතෙයන්න බැරිවුණා
මෙහෙමනේ... දිග පෝස්ට් ලියන්නේ නැත්තේ ඔයාලා ගැන හිතලමයි.. නැතුව කම්මැලි කමට නෙවෙයි ;)
Deleteඉඳලා හිටලා හරි පිනක් දහමක් කරගන්න පන්සල පැත්තේ ගිහින්..
අපේ පන්සලේ කටිනෙ හැම පාරම වගේ ඉවර වෙන්නේ උපාසක අම්මලාගේ වලියකින්, හෙක් හෙක් කජු හට්ටි හංගලා, කිරි හට්ටි ආවසෙන් පහල වෙනවා, පැණි බෝතල් උපාසක අම්මලාගේ බෑග් වල, ජීවිතේට පන්සලේ ඉන්නවා දැකලා නැති සැදැහැතියෝ සැදැහැවත්තු වැහි වහැලා, පට්ට ආතල්, බුදුහාමුදුරුවෝ හිටියනම් ආපහු පාරිලෙය්‍ය කාලෙට වඩිනවා. මේ සැරේ අපි දුන්නේ වස විසෙන් තොර කෑමත් එක්ක බෙහෙත් පිරිකර.
ReplyDeleteඑහෙමද .. පිංකමකට සහභාගී වෙලා පව් පුරව ගන්න එක හරි නෑ නේද ...
Deleteවස විසෙන් තොර කෑම එක්ක බෙහෙත් පිරිකර දීපු එක නම් අනිත් අයටත් ආදර්ශයට ගන්න වටින දෙයක්.
අපේ ගමෙත් එකක් තිබ්බා අප්පා...
ReplyDeleteඔයා ඒකට සහභාගී වුනේ නැද්ද අප්පා.. :D
Deleteඅලේ ලෑ...අම්ම එහෙමනම් ගියා..මට ඉතිං දොයිය ගන්න තියෙනවානේ..
Deleteඑහෙමද ... අලිම නලක ළමයෙක්.. :D
Deleteඕන්න අපිත් ගොඩ වැදුනා...
ReplyDeleteසාදරෙන් පිලිගන්නවා කැකුළු ගොමුවට ... දිගටම එන්නකෝ...
Deleteඅපේ පැත්තෙ කාලෙකට ඉස්සර කසිප්පු පෙරපු හාදයගෙ නම කලුවා...මෙයා ගැන මම පෝස්ටුවකුත් ලියලා තියෙනවා. ඉතිං මේ කලුවා කටින පෙරහැරට මුවාවෙලා පොඩි වාසියක් අත්කරගන්න බැලුවා. පෙරහැර යන්න නියමිත මාර්ගය එක් තැනකදි වැටී තිබෙනවා රබර් වත්තක් අසලින්...මේ වත්තෙ පාර දෙසට වෙන්නට ඇවිල්ලා තියෙන රබර් අතු පෙරහැරට ඉඩ සකසන මුවාවෙන් කපලා..ඒ දර යොදාගෙන කසිප්පු පෙරන අදහස තමයි කලුවට තිබුනෙ...නමුත් එක සැරයක් රබර් අත්තකුත් කඩාගෙන කලුවා ඉහළින් පහළට පත බෑවුනා..සුසුම්නාවට කෙළඋනා...මිනිහා එදායින් පස්සෙ ආයෙ ඇවිද්දෙ නෑ.
ReplyDeleteහපොයි... බලන්නකෝ නරක චේතනාවකින් දෙයක් කරනකොට ඒකේ විපාක ලැබෙන හැටි ...
Delete