පැය කට්ට දුවනවා
මැෂින් වගේ වැඩ කරනවා
හුස්ම හිර වෙන තරම්
වැඩ කන්ද ගොඩ වෙලා...
මැෂින් වගේ වැඩ කරනවා
හුස්ම හිර වෙන තරම්
වැඩ කන්ද ගොඩ වෙලා...
බැලු බැලූ හැම පැත්තේ
කට්ටියම වැඩ මත්තේ
හිනාවක් කතාවක්
නැහැලු කලකින් දැක්කේ...
කට්ටියම වැඩ මත්තේ
හිනාවක් කතාවක්
නැහැලු කලකින් දැක්කේ...
වැහි අනෝරා වැටෙනවා
සීතලේ තෙමෙනවා
නිවාඩුවෙ ගෙදරට වෙලා
ඉන්න බෑ වැඩ නිසා...
සීතලේ තෙමෙනවා
නිවාඩුවෙ ගෙදරට වෙලා
ඉන්න බෑ වැඩ නිසා...
ඇස් දෙකත් රතු වෙලා
මූණ දැන් කැත වෙලා
අකුරු කොට කොට ඉඳලා
ඇඟිලි ටික කොට වෙලා...
පරිඝණක තිර ඇතුලේ
වැඩ වලම තනි වෙලා
කල් මරණ හෝරාව
නොදැනීම වැඩි වෙලා...
මූණ දැන් කැත වෙලා
අකුරු කොට කොට ඉඳලා
ඇඟිලි ටික කොට වෙලා...
පරිඝණක තිර ඇතුලේ
වැඩ වලම තනි වෙලා
කල් මරණ හෝරාව
නොදැනීම වැඩි වෙලා...
ගිරවි වගේ කියවන්න
කිචි බිචියේ හිනැහෙන්න
දුව පැනලා දඟලන්න
වැඩ නිසා බැරිවෙලා...
බ්ලොග් රෝල කියවන්න
කමෙන්ට් කර කර යන්න
කුරුට්ටක් ගා ගන්න
වෙලාවක් නැති වෙලා ...
කමෙන්ට් කර කර යන්න
කුරුට්ටක් ගා ගන්න
වෙලාවක් නැති වෙලා ...
හපොයි මේ වැඩ කන්ද
නැද්ද කෙන්දක් වෙන්නේ
ඒත් නෑ අඩු වෙන්නේ
හිත හිතා පසු වෙන්නේ...
නැද්ද කෙන්දක් වෙන්නේ
ඒත් නෑ අඩු වෙන්නේ
හිත හිතා පසු වෙන්නේ...
කවුරු හරි වෙයි නම් මෙයට
උපායක් හෙම දන්න
කීවොතින් ගැලවෙන්න
එවමි තුති මල් ඔන්න ...
උපායක් හෙම දන්න
කීවොතින් ගැලවෙන්න
එවමි තුති මල් ඔන්න ...
හම්මෙ මටම ලිව්වා වගේ
ReplyDeleteකරපු ගොන්කම් වල බලෙන්
ලිව්වා කියෙව්ව බොගි අතීතෙ
හදා ගන්නට ලැබු අණින්
හදා ගන්නට සදමි මෙමන් :D
මේ මගේ කතාව ඈ :))))
හි.. හි.. එහෙනම් ඔයාටත් මට වගේ හොඳටෝම වැඩ ඈ...
Deleteවැඩ ටික කරගෙන කරගෙන යන්න
ReplyDeleteඑතකොට වත් ඉවර වෙන්නෙ නැතෑ...
හිහි..
අපූරු කවියක්
ස්තූතියි ස්තූතියි.. බලමුකෝ ඒ උපාය ක්‍රියාත්මක කරලා ...
Deleteහප්පේ එහෙමද තුෂානි...මක් කොරන්නෙයි ඉතිං ....වැඩත් කරගෙන හෙමීට මොනාහරි කුරුටු ගාමු
ReplyDeleteඒක නේන්නම් ... පුළු පුළුවන් විදිහට මොනාහරි කුරුටු ගාන්නම්කෝ...
Deleteඅපොයි ඔවු... වැහිදාට වැඩට යන්න මාර කම්මැලියි.. වැඩට ගියත් වැඩ කරන්න කම්මැලියි !!!
ReplyDeleteඉස්කෝලේ යන කාලේ වගේ වුනා නම් වැස්සට ගෙදර නවතින එක හරිම සිම්පල් වැඩක් ... :D
Deleteඅර උඩ පොටෝ එකේ වගේ හිටියම වැඩ ගොඩ ගැහෙන එක අහන්නත් දෙයක්යැයි
ReplyDeleteහි හි... ඔන්න අපි නම් එහෙම ඉන්නේ නෑලූ....
Deleteමේකනේ වෙලා තියෙන්නේ මැලේ රාළේ ... හදිසි ව්‍යාපෘති කීපයක් නිසා ඔෆිස් එකේ හැමෝටම වෙනදටත් වඩා මේ ටිකේ ටිකක් වැඩ...
කවුරුත් මෙහෙමයි වගේ. හෆොයි
ReplyDeleteහෆොයි කියලා වැඩක් නෑ...
Deleteවැඩ ගොඩක් මැද්දේ වුනත් කැකුළු ගොමුවට ඔයාව සාදරෙන් පිලිගන්නවා... ඉඩකඩ තියෙන විදිහට කුරුටුගාන ඒවා කියවන්න දිගටම එන්නකෝ...
ආඬවනේ...ජොබක් සෙට්වෙලා වගෙයි..
ReplyDeleteසුබපැතුම් සුබපැතුම්!!
කවද්ද පාටිය??
ටික කාලයක් යද්දි ඕක හරියනවා. මෙන්න මේ විදියට අතරින් පතර කමෙන්ට්ස් කරන්න ඉබේම කාලය හැදෙනවා.
ඒකනේ... තැන්කූ තැන්කු...
Deleteඔපීසියට ගිහින් නම් දැන් ටිකක් කල් වෙනවා... වැඩ ටිකක් අඩු වෙච්ච වෙලාවක ඔපීසියේ රස කතා ටිකකුත් ලියන්නම්කෝ...
තුති පියුම් මමත් පුද දෙනවා තුශානියෝ ඔය උපාය මටත් කියලා දුන්නොත්....:)
ReplyDeleteහරි හරි... අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්... තුති පියුම් ටික මතක් කරලා එවන්න ඕනේ හොඳේ... :D
Deleteවැඩිය හිතන්න එපා ඉඩ තියන වෙලාවට ඔලුව දාල යන්න.. බරක් කර නොගෙන.. විනෝදයෙන්...
ReplyDeleteජ ය වෙ ව ා !!!!
හුඟක් ස්තූතියි විදානේ...
Deleteඒක නම් සහතික ඇත්ත.. කොච්චර වැඩ වුනත් විනෝදෙන් කරන්න ඕනේ... සමහර දවස් වලට මෙච්චර වැඩ ටිකක් මම කොහොම කරාද කියල හිතා ගන්නත් බෑ..
මට වැඩ නැතුව අප්පා ඔපීසියෙ කල් මරන්නෙ....මට අවුරුද්දටම ටිකක් හරි වැඩිපුර වැඩ තියෙන්නෙ මාස දෙකයි...ඒ මාස දෙකේ ප්‍රදර්ශනයකට යන්න තියෙන නිසා ඒ....මම නම් හරිම මනාපයි වැඩ වැඩියෙන් තියෙනවා නම් එතකොට කාලය ගත වෙනවා දැනෙන්නෙ නෑ.
ReplyDeleteබැරිද ඔය ඔපීසියට අපිටත් එන්න ... :D
Deleteකිව්වත් වගේ වැඩ වැඩියෙන් තියෙන කොට කාලේ ගත වෙනවා තේරෙන්නෙ නෑ තමයි.. ඒත ඉතින් දිගටම එහෙම වුනාම මිනිස්සුත් හරියට මැෂින් වගේ වෙනවා...
වැඩිත් නැති, අඩුත් නැති මැදුම් පිලිවෙත තමයි හොඳම ...
පොඩි කතාවක් කියන්නම් තරහ අවසර....අපි තුන් දෙනෙක් ඉන්නවා...අනිත් දෙන්නත් ප්‍රසිද්ධ බ්ලොග්කාරිනියකුයි,බ්ලොග්කාරයෙකුයි වෘතියෙන් ඒ දෙන්නම වැඩ එක්ක බිසී මට නම් එච්චර වැඩක් හිටින් නෑ ඔන්න තුන් දෙනා සදුදා උදේක වයිබර් ගෘප් එකේ ඇවිත් කිවා "මතන්ලා මේ සතිය පට්ට බිසී සතියක් කියලා" රයිට් මටත් වැඩ වැඩි සතියක් කියලා මාත් කිව්වට මොකද අපි වෙනදා විදිහටම චැට් කරා කියන්නකෝ...... ඔන්න බිසීකමේ තරම වයිබරේ ටින්,ටොන් ගානකොට හොම්බ දාල යන්න එනවමයි.....ඒ බිසී නැති නිසා නෙවේ වැඩ එක්ක අවුල් වෙලා තියෙන ඔළුව පොඩ්ඩක් නිදහස් කර ගන්න ඒ සැහැල්ලු කතා බහෙන් අපිට පුළුවන් නිසා....අන්න ඒ වගේම තමා ගිය මාසේ මං හොදටම වැඩ පැය 12 ක් 13ක් එක දිගට ඒත් ගිය මාසේ මන් පෝස්ට් 6 ලියලා....වැඩියෙන්ම පෝස්ට් ලියපු මාසය.....ලියන එකෙත් මාර තෘප්තියක් තියෙනවා තුශා.....ඒ නිසා වැඩ අතරේ හරි ඇවිත් මොනා හරි කුරුටු ගාලා යන්න....සුබ පැතුම්!!!
ReplyDeleteඇත්ත ශානු... සතුටෙන් ඉන්නකොට මහන්සි දැනෙනව අඩුයි...
Deleteකොච්චර වැඩ අස්සේ වුනත් මොනාහරි පුළුවන් විදිහට ලියල කට්ටිය කමෙන්ට් කරනව දකිනකොටත් හිතට පුදුම සතුටක් දැනෙන්නේ...
සුබ පැතුම් වලට බොහොමත්ම ස්තූතියි.. ඉඩ ලැබෙන විදිහට මොනාහරි කුරුටු ගාන්නම්කෝ...
පරිඝණක තිර ඇතුලේ
ReplyDeleteවැඩ වලම තනි වෙලා
කල් මරණ හෝරාව
නොදැනීම වැඩි වෙලා...
මටත් ඕකම තමයි.. ඔය බිසී කිවුවට අපිට ඕන දේකට වෙලාවක් හොයාගන්න බැරි නෑ..
ඒ කතාවට මාත් එකඟයි... ඕන කමක් තියෙනව නම් ඕන දේකට වෙලාවක් හොයා ගන්න පුළුවන්...
Deleteඅලුත් ඔෆිසියෙ රස කතා වලින් ආයෙම හමුවෙමුකො එහෙනම්.......
ReplyDelete:) හරි හරි... ඉඩ ලැබෙන විදිහට ලියන්නම්කො...
Deleteකාලෙකට කාටත් ඔය දේ වෙනවා.. තුෂානි.. වැදගත් ම දේ ආසාව නැති කර නොගැනීමයි...
ReplyDeleteඔව් දේශකතුමා.. කොච්චර වැඩ එක්ක වුනත් මොනාහරි කුරුටු ගෑවහම හිතට අමුතුම සතුටක් දැනෙනවා.. ඒ සතුට වෙන දේවල් වලින් ලැබෙන්නේ නෑ..
Deleteඋපායක් දෙමි ඔබට
ReplyDeleteඔය ටිකෙන් ගැලවෙන්න
බොග් ඒකෙ වැඩ ඔහෙදී
නවත්තල වැඩ කරන්න
වැඩ ටිකත් ඉවර වේවි
ඊට පස්සේ බොග් යන්න
වැඩේ හරි ගියොත් ඔන්න
කිව්වා තුති මල් එවන්න ..
පමා වී මුත් නමුදු
Deleteමෙහි පැමිනි බව දැකලා
සතුට ඉතිරී ගියා
මහන්සිය නැතිවෙලා ..
යකඩ ගොඩකුත් එක්ක
නොවැ මෙහේ හරඹ මම
හිත යකඩ වෙනකොටම
දුවමි සයිබරය වෙත
තෙහෙට්ටුව එහිදමා
නැවත එමි ජවයගෙන
වැඩ වලදි නම් පමා
නැහැ කරන්නේ මෙමා
කවි දෙකක් අමුණලා
Deleteලිව්වා මම තටමලා..
රිප්ප්ලයි එකට මෙයා
කවි තුනක් අලවලා
වැඩ පමා නොවේ නම්
සියල්ලම කෙරේ නම්
මහන්සිත් නොවේ නම්
ජයෙන් ජය ඔබ ලබයි දැන්
"යකඩ ගොඩකුත් එක්ක නොවැ මෙහේ හරඹ මම "
හාඩ්වෙයාර් එකකද වැඩ ?
තුතියි ජය පැතුවාට
Deleteනිවැරදියි අනුමානේ
වෙනසකට නම් ඇත්තේ
නැව් හදන එක මෙහේ. :)