ජීවින ගමනේ එක්තරා සොඳුරු නවාතැන් පලකදී අපිට අපි හමුවෙන්න ඇති...
පහුකරන් යන දහස් ගණනක් වු නෙත් අතරේ මුණ ගැහුණු, හුරු පුරුදු නෙත් දෙකක් ලඟ අපි නතර වෙන්න ඇති...
ලෙන්ගතු කමක් එක්කම හැංගිලා තිබුණු ආදරයක් නිසා ස්නේහයෙන් අපි බැඳෙන්නට ඇති...
පහුකරන් යන දහස් ගණනක් වු නෙත් අතරේ මුණ ගැහුණු, හුරු පුරුදු නෙත් දෙකක් ලඟ අපි නතර වෙන්න ඇති...
ලෙන්ගතු කමක් එක්කම හැංගිලා තිබුණු ආදරයක් නිසා ස්නේහයෙන් අපි බැඳෙන්නට ඇති...
නෙත් විඩා දෙන කඳුළු අතරේ දුක සම සමව ගෙන අපි හඬන්නට ඇති..
සතුට පිරිපුන් සිනා ගඟුලේ එක්ව කිමිදී හිනැහෙන්න ඇති...
සතුට පිරිපුන් සිනා ගඟුලේ එක්ව කිමිදී හිනැහෙන්න ඇති...
පැන නැගුණු රළු බාධා පසුකර අත් වැල් බැඳන් අපි පියමණින්නට ඇති....
ආත්ම ගණනක් පෙරුම් පුරාගෙන මේ විදිහට අපි ආදරයෙන් ලඟ ඉන්න ඇති..
මාලිනී ජයරත්නයන්ගි ගී සංකල්පනාවක් අනුව, මහාචාර්ය රෝහණ වීරසිංහයන්ගේ ස්වර තත් රටාවන්ට, ටී. එම්. ජයරත්නයන්ගේ හඬ මුසුවු මේ ගීතය ඔබත් රස විඳලා ඇති...
සොඳුරු අතීතයේ
නිමල පැතුම වී...
මගෙ හදතුළ ඔබ ඉන්න ඇති...
ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමු වෙන්න ඇති...
කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද...
බවය පුරා ළඟ ඉන්න ඇති...
එදත් මගේ සිත අද මෙන් කැපවී
ඔබේ නමට පුද දෙන්න ඇති...
නොසැලී නොතැවී බාධක හමුවේ
ආ හින්දා ජය ගන්න ඇති...
ආත්ම ගණන් පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමුවෙන්න ඇති...
සොඳුරු අතීතයේ...
මේ ගීතය තුශානිත් හුඟක් ආස කරන ගීතයක්.. ඉතින් ගීතය රස විඳිද්දී හිතට ආපු දේවල් ටිකක් තමයි මේ කුරුටු ගාලා තියෙන්නේ... :)
ගීතය ඇතුලේ කොයි තරම් නම් ලස්සන අදහස් ටිකක් ගැබ් වෙලා තියෙනවද කියලා ඔයාලත් ටිකක් හිතලා බලන්නකෝ...
ගීතය ඇතුලේ කොයි තරම් නම් ලස්සන අදහස් ටිකක් ගැබ් වෙලා තියෙනවද කියලා ඔයාලත් ටිකක් හිතලා බලන්නකෝ...
කවදාවත් මතකයෙන් බැහැරකරන්න බැරි අහන හැම මොහොතකම හදවත තෙත් කරන හරි අපූරු ගීයක්. බොහෝම ස්තූතියි තුශානි.
ReplyDeleteලියල තියෙන විදියත් ඉතාම සිත් ගන්නා සුලුයි.
හුඟක් ස්තූතියි... හැබැයි ඔයාට තරම් හොඳට ගීත විචාර ලියන්න නම් මට බෑ..
Deleteමං කැමතී සිංදු සෑහෙන්න තියේ ටී එම්ගෙ...
ReplyDeleteතුශානි අහලත් ඇති
මේ පුංචි රටේ....
මං පට්ට ආස සිංදුවක්
ඔව් ඔව්... ඒ සිංදුවට මාත් කැමතියි..
Deleteමේ ගීතයත් ලස්සනයි තුශානි.තව "චණ්ඩිකමට රණ්ඩුවක් වෙලා" සිංදුවටත් මම ගොඩක් ආසයි.
ReplyDeleteඅපි දන්නවා ඒ සිංදුවට ආස හේතුව...
Deleteපුතා දඟ වැඩ කලාම හැලපතුමා ඒ සිංදුව කියනවා ඇති නේද ... හි..හි..
අහන්න අහන්න ආස හිතෙන ගීයක්
ReplyDeleteඔව්... ඇත්තටම ඒ ගීතය ඇතුලෙ ලස්සන කතාවක් තියෙනවා...
Deleteඇත්තට ම හරිම ප්‍රිය කරන ගීතයක්... ටී. එම් ජයරත්න මහතා විසින් මේ ගීතයට භාවයන් එකතු කරනවා. ඒ ගීතය අහනවා විතරක් නෙමෙයි අපිට ඒක දැනෙනවා. අපි අතීත මතකයන් එක්ක ජීවත් වෙනවා. හරිම සුන්දරයි. ගීතයක් කියන්නේ ඒකයි. දැන් තියෙන උඩ පැන පැන නටන හරසුන් ගීත නෙමෙයි..................
ReplyDeleteගීතයක් පරිපූර්ණ වෙන්න පද වැල වගේම ගායනයත් සංගීතයත් හොඳට සුසංයෝගී වෙලා තියෙන්නෙ ඕනේ .. ඒ අතින් එතුමන් ගේ ගීත හුඟක් ඉදිරියෙන් තියෙනවා .. ඒ සුන්දරත්වය නිසාම එදාටත් අදටත් හෙටටත් ඒ ගීත අමරණීයයි..
Deleteමමත් ආස කරන ගීතයක් තමා... මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමු වෙන්න ඇතී අහල තියනව ද? ඒකත් ආකෘතිය අතින් මේ වගේ ම යි. මම දෙකට ම කැමති යි....
ReplyDeleteඔව් අහලා තියෙනවා .. මගේත් කැමතිම ගීත අතරේ ඒ ගීතයත් තියෙනවා ...
Deleteභාවනාවක් වගේ ගීතයක්...
ReplyDeleteඔව් .. හිත දැහැන් ගතවෙන ගීතයක් ..
Deleteමේ වගේ ගීත තව කොයි තරම් ඇතිද තුශානියෝ මතකයෙන් බැහැර කරන්න බැරි.කවදාවත් පරණ නොවන,පරණ මතකඅවදි කරවන.
ReplyDeleteමේ වාගේ මම අසා කරන තවත් ගීතයක් තමයි අසංක ප්‍රියමන්ත පීරිස් ගේ "සෙනෙහසකට අරුතක් පුරවන්නට" කියන ගීතය.
ඒක ඇත්ත මනෝජ්... හුඟක් පරණ ගීත වුනත් එදා අය වගේම අදත් ඒ ගීත රස විඳින්නේ ඒ ගීත වල තියෙන අමරණීයත්වය නිසා වෙන්න ඇති..
Deleteමම කැමති ගීත අතරේ ඒ ගීතයත් තියෙනවා.. පද වැල් කීපයක් අතරේ කොයි තරම් නම් ලොකු ආර්ථයක් හැංගිලා තියෙනවද නේද ...
ඇයි නගෝ ටී ඇම් ජයරත්න මහතාම ගායනා කරන මේ ගීතය ඔබට අමතක උනාද ?
ReplyDeleteමේ අයුරින් අපි
සංසාරේ ආදරයෙන්
හමුවෙන්න ඇති...
මේ අයුරින් අපි
දවසක් දා අතරමගදි
වෙන්වෙන්න ඇති...
සාලිය මාලා පෙම්බැඳි දා මම
සිටුකුමරෙකු වී ඉන්න ඇතී...
ඒ සිටුකුලයේ කුමරිය වී ඔබ
මේ ලෙස මට රිදවන්න ඇතී...
අපරාජිත යැයි ඔබ පිදු ප්‍රේමය
පුදසුන මත පරවෙන්න ඇතී...
සාගර ජලයත් මදි හැඬුවා මම
ඔබ හින්දා ඔබ දන්නේ නැතී...
ආත්ම ගණනේ ඔබ පය පාමුල
මගේ කඳුලින් සේදෙන්න ඇතී...
එදත් මගේ දුක් ආයාචනයට
අද මෙන් ඔබ හිනැහෙන්න ඇතී..
නෑ නෑ අමතක වුනේ නෑ.. දිලිනිත් මේ ගීතය මතක් කරලා තිබුනා..
Deleteමමත් කැමති ගීතයක්..
හිතට දැනෙන, මාත් ආස කරන සින්දුවක්.....
ReplyDeleteඔව් ධනුෂ්... මමත් මේ ගීතයට හුඟක් කැමතියි...
Delete