හැමෝම දන්නවනේ හිම කුමාරිගේ කතාව .. ඔව් ඔව් අර කුමාරයෙක් ඇවිත් නපුරු මන්තරකාරියකගේ ශාපයක් නිසා නිදාගෙන හිටිය කුමාරිකාවට හාද්දක් දීලා ශාපෙන් මුදව ගත්ත කතාව තමයි..
කතාවේ හැටියට කුමාරයා එහෙමත් නැත්නම් ප්‍රින්ස් චාර්මින් හිම කුමාරිත් එක්ක බොහොම සතුටින් කල් ගෙව්වලු. ඒත් ඊට පස්සේ අර හිම කුමාරි බලාගත්ත කුරුමිටි මාමලට මොකද වුනේ කියල කොහේවත් ලියවිලා තිබුනේ නෑනේ. ඉතින් තුශානිට හිතුනා මේ කුරුමිටි මාමලා ඉන්න ගමට ගිහින් එයාලගේ විස්තර ටිකක් හොයලා බලන්න ඕනේ කියලා.
පහුගිය ටිකේ තුශානි බ්ලොග් එක පැත්තේ පේන්න හිටියේ නෑ කියල හොය හොය හිටිය අයටත් ඔන්න දැන් උත්තරේ දුන්නා හොඳේ .. :)
ඉතින් හිම කුමාරිගේ වගේ දිගම දිග ගවුමකුත් ඇඳගෙන සින්ඩරෙල්ලාගේ වගේ සෙරප්පු දෙකකුත් දාගෙන ඇලඩින් අයියා දීපු අර මැජික් පාපිස්සේ නැගල ගමට ගියාම කුරුමිටි මාමලා හිතලා තියෙන්නේ මම හිම කුමාරි කියලා .. හි.. හි...
දන්නවද ... එයාලා තුශානිව හරිම ආදරෙන් පිළිගත්තා. අපේ DOC මාමා ලස්සන කවියක් කියලා තමයි කතාව පටන් ගත්තේ. කොහොමත් එයා ඉස්සර ඉඳලම කවි ලියන්න, කියන්න හරි දක්ෂයිනේ..
ඊට එහා පැත්තේ හිටියේ Grumpy මාමා. දන්නවනේ.. එයාගේ හෝස්ස ලඟින් මැස්සෙක්ටවත් යන්න බෑ කියලා. පුංචි දේටත් තරහ යන නිසා තුශානි එයත් එක්ක නම් වැඩි කතාවට ගියේ නෑ.
තුශානි කෙලින්ම ගියේ Happy මාමා ලඟට. එයාගේ වැඩේ ඉතින් ඉස්සර වගේම තාමත් හැමදේටම හිනා වෙවී ඉන්න එක.. හිනා වෙවී ඉඳලම එයා නම් දැන් ටිකක් මහත් වෙලා. ඒ වෙලාවෙත් Sneezy මාමට කිඹුහුම් යන එකට හිනා වෙවි තමයි හිටියේ.
"ගානක් වෙන්න තව කිඹුහුම් දෙකක් ගියා නම් හරි... හි.. හි... " Happy මාමා හිනා වුනා.
අනේ පව්.. Sneezy මාමට ඉස්සර වගේම තාමත් හෙම්බිරිස්සාව. එවෙලේත් එක දිගට කිඹුහුම් 8 ගිහින් තමයි ඔය Happy මාමා හිනා වෙවී හිටියේ..
හිනා සද්දෙට ඇහැරිච්ච Sleepy මාමා දිග ඈනුමකුත් ඇරලා කතාවට හවුල් වුනාට මොකද මෙන්න ටික වෙලාවකින් ආපහු නිදි.
Dopey මාමත් ඉස්සර වගේමයි. ඔන්න නම Dopey වුනාට මෙයාගේ සැර බීම නම් පාවිච්චියක් නෑ හොඳද . හැබැයි හැසිරුනේ බීපු කෙනෙක් වගේ.
ලැජ්ජාවෙන් පොලව හාර හාර හිටිය Bashful මාම නම් වැඩිය කතා බහ කලේ නෑ. එයා ඉතින් ඉස්සර ඉඳලම හරි ලැජ්ජකාරයනේ .. රසට කෑම හදන්න දන්න නිසා එයා තමයි හැමෝටම දවල් කෑම පිලියල කලේ.
දවල් කෑමෙන් පස්සේ මාමලා ටික එකතුවලා තුශානිට ගෙදර ගේන්න දෙන්න එක එක දේවල් ලෑස්ති කලා.
රට කජු ගෙනැල්ලා පොතු ඇරලා ලොකූ... රට කජු ගොට්ටක් හදලා දුන්නා තුශානිට එන ගමන් කකා එන්න. ඔය තියෙන්නෙ ඒකේ පින්තූරයක්.
තුශානි චීස් කන්න ආසයි කියලා කොහොම දැනගෙනද මන්දා චීස් ටිකකුත් දුන්නානේ ගෙදර ගේන්න.
අන්තීමේදි
ඔක්කොම එකතු වුනාම මැජික් පාපිස්ස පිරෙන තරමටම ගේන්න එක එක ජාති ගොඩයි..
හිම
කුමාරිත් නැති නිසා එහේ ටික දවසක් නැවතිලා යන්න කියලත් කට්ටියගෙන හරිම
කරදරේ.. ඒත් ඉතින් එහෙම ඉන්න බෑනේ.. බැරි වෙලාවත් ප්‍රින්ස් චාමින් කෙනෙක් ආවේ නැත්තම් නේද ... හි.. හි... :D දුකෙන් වුනත් තුශානි එයාලගෙන් සමු අරගෙන අවා.
ඔන්න ඔහොමයි කුරුමිටි මාමලගේ අලුත්ම විස්තර. ඉතින් ඔයාලත් ඉඩකඩක් තියෙන වෙලාවක ඒ පැත්තේ ගිහින් එන්න යන්නකෝ..
ප.ලි. - පින්තූර ටික නම් ලැබුනේ ඊමෙල් එකකින්. පින්තූර දැක්කහම එක පාරටම මතක් වුනේ හිම කුමාරිගේ කතාව නිසා මේ විදිහට කතාවක් ලියන්න හිතුනා .. :)
ආගන්තුක සත්කාර හොඳට දන්නා කට්ටියක් වගේ.
ReplyDeleteනියම කතාව...ලස්සනට ලියල තියෙනවා..එත් ටිකක් කෙටි වැඩියද මන්ද?///
හුඟක් ස්තූතියි ශෙහාන්...
Deleteකට්ටියට කියවන්න කම්මැලි හිතෙයි කියලයි ටිකක් කෙටියන් ලිව්වේ.. :)
නියමයි ඈ ,රූප ටිකට සාධාරණයක් කරලා තියෙනවා ,කතාවත් හොදයි ....
ReplyDeleteරූප ටික දැක්කහම හිතට ආපු අදහසක් තමයි...
Deleteගොඩක් ස්තූතියි ඈ...
පින්තූර ටික වතාවක් මාත් දැක්කා.. අපූරුයි කතාව...
ReplyDeleteහුඟක් ස්තූතියි දිනේෂ් ... පින්තූර ටික මටත් ලැබුනේ ඊමෙල් එකකින්... පුංචි පුංචි මිනිස්සු කරන මේ ලොකු වැඩ දැක්කහම පින්තූර ටිකට ආස හිතුනා.
Deleteඒ කියන්නේ දැන් අපිට තුශානිලා ගේ ගෙදර ආවම ඩ්‍රැගන්පෘට් විතරක් නොවේ පැණි කොමඩු එහෙමත් කන්න පුළුවන් වේවි නේ...:)
ReplyDeleteමේ එක නෙමේ ඇත්තටම ඔය හිම කුමාරිට මමත් ගොඩක් කැමතියි.තුශානියාත් එයා වගේ නේද ඇත්තට...:D?
ඔව්නේ ඔව්නේ ... ඩ්‍රැගන්පෘටුයි පැණි කොමඩුයි දෙකම කන්න පුළුවන්.. :)
Deleteමේ.. ඔයත් අර අඟුටු මිටි මාමලා වගේ වයසට ගිහින්ද මාව ඒ වගේ පේන්නේ... හි..හි..
එහෙනම් ඔයයි හිම කුමාරි ..... ???????????
ReplyDeleteඅඟුටු මිටි මාමලා දැන් වයසයිනේ මැලේ රාළේ... අඳුර ගන්න බැරිවෙලා
Deleteඅනික හිම කුමාරි වගේ දිග ගවුමක් නේ ඇඳගෙන ගියෙත්.. ඒකයි එහෙම පෙනිලා තියෙන්නේ...
හම්මේ...
ReplyDeleteඅපූරු කතාව...
පිංතූර ටික ආවෙ කොහේද කියලඅහන්න හදනකොටම උත්තරෙත් දීල නෙ..
අපූරුයි තුශානි
ජයවේවා
බොහොමත්ම ස්තූතියි මහේෂ්...
Deleteඔන්න ඔක්කොම ප්‍රශ්ණවලට උත්තර දීලා තියෙන්නේ... ජයවේවා!
දැන් ඉතිං ඔය හම්බ උන ඒවයෙන් අපිටත් ආගන්තුක සත්කාර කරානම්!!!!! :D
ReplyDeleteරට කජු දුන්නේ එන ගමන් කන්නනේ... ඒ නිසා එනකොට දන්නෙම නැතුව ඔක්කොම ඉවරවෙලා.. :D
Deleteම්... දැනට ඉතුරු වෙලා තියෙන්නේ නම් පැණි කොමඩු ඇට ටිකක් විතරයි ඕනේ නම් දෙන්න පුළුවන් ටිකක් ගෙනිහින් පැළ කරගන්න...
pinthuura dekkama katata kela unanava appa....
ReplyDeleteහොඳ වෙලාවට ටිකක් ඉල්ලගන්න ඕනේ කියලා හිතිලා නෑ... :D
Deleteතැනේ හැටියට ඇනේ ලස්සනට ගහල තියෙනවා.
ReplyDeleteපොඩි කාලේ ජීවත් උනු සුරංගනා ලෝකෙට ට්‍රිප් එකක් ගියා වගේ හිතුන
සාදරෙයෙන් පිළිගන්නවා තුශානිගේ කැකුළු ගොමුවට...
Deleteපුංචි කාලේ ජීවත් වුනු සුරංගනා ලෝකෙටම වෙලා ජීවත් වෙන්න තියනව නම් කොයිතරම් ශෝක්ද ...
ස්තූතියි දිගටම එන්නකෝ...
පැණි කොමඩු දැක්කම කන්න ආසාවක් ඇතිවුණා.හැබෑටම තුශානිලගේ වත්තෙ පැණි කොමඩු නැද්ද?
ReplyDeleteපැණි කොමඩු කන්න නම් මාත් හරිම ආසයි..
Deleteනෑ හැලපතුමා.. දන්න විදිහට පැණි කොමඩු හැදෙන්නේ ටිකක් වියලි කලාපේ.. අපි ඉතින් කැලණියෙනේ ...
හැක එහෙනම් අපිත් එන්නම් ගෙදර ,ඔය ගෙනාපුවා ලාස්තික්රලා තියන්න
ReplyDeleteහපොයි.. මෙන්න මෙයත් ගෙනාපුවා ඉල්ලනවෝ...
Deleteහපොයි ගිහිං තියන රවුම..
ReplyDeleteකමක් නැ සසවත් ගමනක්..
ජය වේ වා!!!
ඇලඩින් අයියා දීපු මැජික් පාපිස්සේ පිහිටෙන් තමයි ඉතින්... :D
Deleteහුඟක් ස්තූතියි... ජයවේවා !
පින්තූර ටික නම් දැන් තමයි ඉස්සෙල්ලාම දැක්කෙ....චාරිකාව බොහොම සුන්දර එකක් වගේ...
ReplyDeleteඔව් සිරා අයියේ .. පුංචි කාලේට ගිහින් එන්න අපි හැමෝම තාමත් කැමතියිනේ...
Deleteහරිම ලස්සනයි තුශානි.............
ReplyDeleteකතාව හරි අගේට ලියලා.. ඇත්තට ම ආයෙත් පුංචි කාලෙට ගිහින් සුරංගනා කතාවක් කියෙව්වා වගේ දැනුනා... අපි හැමෝම ආසයි ඒ කාලයට... ඔබ ඒක මනාව භාවිතා කරලා ලියලා තියෙනවා තුශානි... ඔබට මෙවැනි රචනා කිරීමට විශේෂ හැකියාවක් ඇති බව පේනවා... අගෙයි.
බොහොමත්ම ස්තූතියි ගී පවුරේ... :)
Deleteපින්තූර ටික දැකලා මගේ හිතේ මැවුනු දේයි කතාවකට හරවන්න උත්සාහ කලේ... දිරිමත් කිරීම ලොකු ශක්තියක් මට ...
පැණි කොමඩු අදත් කෑවා. රස්නේ කාලේ නිසා කඩවල්වල ගන්න තියෙනවා.
ReplyDeleteතුශානි පින්තූර නිසා මෙහෙම කතාවක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ ඔබ දක්ෂයෙක් නිසා.
හූඟක් ස්තූතියි අරූ මාමේ..
Deleteපැණි කොමඩු කන්න ආස අය ගොඩට සාදරෙන් පිලිගන්නවා... :)
තුශානි බ්ලොග් ලියන්න පටන් ගත්තු මුල් කාලේ ඉඳලම තුශානි ලියන දේවල් කියවන්න, ඒ ගැන අදහසක් කියන්න ආපු කෙනෙක්නේ අරූ මාමා ... වැරදිත් පෙන්නලා දෙන්න ඕනේ හොඳද ...
නියමයි නොවෑ පරක්කු වෙලා හරි කියෙව්වා....ඔබ දක්ෂයි
ReplyDeleteතැන්කූ තැන්කු..... කොයිවෙලේ හරි මේ පැත්තට ගොඩ වුන එක නොවෑ වටින්නේ .... :)
Deleteහිම කුමාරි මොකද පිනි කුමාරි මොකද. තුෂානි ලස්සනට කතාව ගොතල තියෙනවා. බොහොම අගෙයි ඕං.
ReplyDeleteමම තෙලිදිය
බොහොමත්ම ස්තූතියි කිව්ව ඕං ... :)
Deleteගෑණු ළමයින්ගේ වැඩි කැමැත්ත කුමාරිකාවන්ටලුනේ ...
තුශානිනම් බ්ලොග් වලින් ඈත් වෙලා එහෙම හරි ගමනක් ගිහින්. මටත් පහුගිය ටිකෙ බ්ලොග් පැත්තපලාතෙ එන්න බැරිවුනාට, කාලෙ මහ කමකට නැතිව ගෙවුන මිසක් කරගත්ත වැඩක්නම් නෑ.
ReplyDeleteඔව්නේ ඔව්නේ... කුරුමිටි මාමලගේ දුක සැප බලලා එන්න ගියා...
Deleteකොහොමහරි ඉඩක් වෙන්කරගෙන මොනාහරි ලියන්න.
ගීතයක විචාරයක් කතාවක් විදිහට මම මුලින්ම රසවින්දේ ඔබ ලියූ ලිපි හරහා... ඒ හැකියාව පිහිටන අය අඩුයි.. ඒ නිසා දිගටම ලියන්න..