Tuesday, February 12, 2019

127. තාත්... තත්තත් තා....

" තාත්... තත්තත් තා.... " මේ බලන්නකෝ.. බබා තාත්තා කියනවා... මම ගෙට ගොඩ වෙනකොටම තොටිල්ලට වෙලා කියව කියව ඉන්න බබා දිහා බලාගෙන අම්මා කිව්වා... " ඒ තාත්තා කියනවද ? " මම අහුවෙ හිතා ගන්න බැරි පුදුමෙන්.. ඔව් මෙයත් පොඩි කාලේ ඔහොමම තමයි නේද කිව්වේ.. අම්මා තාත්තා දිහාවට හැරුනා. එතකොට තාත්තගෙ මූණෙත් තිබුනෙ වචනෙන් විස්තර කරන්න බැරි සතුටක්.


මේ වෙනකොට තුශානි නිවාඩු ඉවර වෙලා ඔපීසියට යන්න පටන් අරගෙන නිසා දෝනිව බලාගන්නේ, කවන්නේ, පොවන්නේ, නාවන්නේ ආදී දවල් කලේ සියළුදේ සිද්ද වෙන්නේ තුශානිගෙ අම්මගෙයි තාත්තගෙයි අතින්. ඉතින් අම්මයි තාත්තයිත් දෝනි එක්ක දැන් ආපහු තුශානිගේ පුංචි කාලෙට ගිහින් දෝ කියලත් වෙලාවකට තුශානිට හිතෙනවා.

" ඔයා පොඩි කාලේ තාත්තා වැඩට ගියානේ.. ඒ හින්දා ඔයාගේ වැඩ වලට තාත්තට උදව් වෙන්න වැඩිය කාලයක් තිබුනෙ නෑ.. බලන්නකෝ දෝනිගෙ වැඩ වලට නම් සීයා හරියට මහන්සි වෙනවා."

අපේ අම්මා කියන විදිහට මම පොඩි කාලේ තාත්තා වැඩට ගිය නිසා මගේ වැඩ කරගන්න අම්මට ලොකු සහයෝගයක් දෙන්න තාත්තට වෙලාවක් තිබිලා නෑ. අම්මත් රැකියාවක් කරපු නැති නිසාත් ආච්චි ඒ කියන්නෙ අම්මගෙ අම්මා හිටිය නිසාත් මගේ වැඩ වලට තාත්තාගෙ සහයෝගය නොතිබ්බා කියන එක ලොකු ගැටලුවක් වෙලත් නෑ. ඒත් අද අපේ තාත්තා විශ්‍රාම අරගෙන ගෙදර ඉන්න නිසා මගේ දෝනිගේ හැමදේටම අම්මට තාත්තා ලොකු සහයෝගයක් හරි සතුටින් ලබා දෙනවා.

" දුවලා වැඩිපුර ආදරේ තාත්තලාටලු.. " ඒ නිසාද දන්නෙ නෑ අපේ දෝනිත් ඉස්ස ඉස්සෙල්ලාම තාත්තා කියලා බහතොරන්න ගත්තේ.. හපොයි හපොයි එහෙම හිතනොකොට නම් ටිකක් හිතට දුකයි. ඒත් හිතට එකඟවම ගත්තොත් තුශානිත් වැඩිපුරම ආදරේ තාත්තට කියන එක පිලිගන්නම වෙනවා. 

කොහොම වුනත් ඊයෙ දවස මගේ තාත්තටත් දෝනිගේ තාත්තටත් ගොඩක් විශේෂ දවසක් උනා. ඒ මගේ තාත්තගෙ උපන්දිනේත් ඊයෙට යෙදිලා තිබුන නිසා...




තුශානිගෙ ජීවිතේ තාත්තා කියන්නේ වීරයෙක්. බොහොම සරලව ජීවත් වෙන්න, ජීවිතේ බාදක කම්කටොලු වලට හිනාවකින් සැහැල්ලුවෙන් මුහුණදෙන්න තාත්තට තියෙන හැකියාව ඇත්තටම හරි පුදුමාකාරයි.


ඒ හැම දේ එක්කම මගේ දෝනිටත් ආදරණීය සීයා කෙනෙක් විදිහට බොහොම සුන්දර වට පිටාවක් ගොඩ නගන්න අදටත් මගේ තාත්තා ඇප කැප වෙලා ඉන්නවා කියලා හිතෙනකොට හිතට ලොකු සතුටක් දැනෙනවා.


ඉතින් ඊයෙ දවසට විතරක් නෙවෙයි හැමදාටම සතුට, වාසනාව, නිදුක් නීරෝගී බව මුලු හදවතින්ම අපි  තාත්තා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන බව දැන ගෙන හිටියත් තාත්තා ඒ කිසිම දෙයක් අපෙන් බලාපොරොත්තු නෙවෙන බව නම් තුශානි හොඳාකාරවම දන්නවා...








16 comments:

  1. තුශානි ගේ තාත්තාට නිදුක්,නිරෝගී,සුව දීර්ඝායු පතනවා.අපේ බබාත් මුලින්ම කිව්වේ අම්මා නෙමේ තාත්තා කියලායි.තාත් කියලා පොඩ්ඩක් වෙලා ඇදලා තමයි "තා" යන්න කියන්නේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝජ් ...

      :) දැන් මනෝජ්ගේ බබාට වයස කීයද ?

      Delete
    2. අවුරුද්ද කියන්නෙ හරි හුරතල් වයසනෙ ශෝක් ඇති දැන් ... :)

      Delete
  2. තුශානිගෙ තාත්... තත්තත් තා..ට සුභ උපන්දිනයක් සහ දීර්ඝායුශ පතනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉයන් ...

      Delete
  3. තුශානිගේ පියානන්ට සුභ උපන්දිනයක් හා නීරෝගි විශ‍්‍රාම දිවියක් පතනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කොළොම්පුරේ...

      Delete
  4. අපේ තාත්තා අම්මට සවුත්තුව දානවා මං ඉස්සෙල්ලම තාත්තා කිව්වම, අම්මට දුක හිතිලා අම්මා ඇඬුවා කියලා..
    අපේ දෙන්න නම් කිව්වෙ අම්මා කියලා, අප්පච්චි කියන්න අමාරු හින්දා.
    තුශානිගෙ තාත්තටත් සුභ උපන් දිනයක් සහ නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා මමත්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මියුරු...

      මටත් දුකයි අම්මා කියන්නෙ නැති එකට නම්. බලන්නකො කොච්චර අම්මා අම්මා කියලා කිව්වත් ඒ වචනෙ කියන් නෑ. තත්..තාත් කියලා නම් දැන් නිතර කියනවා.

      Delete
  5. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී හැම දේම ලබාදෙනවා. ඒ තමයි තාත්තා....❤️

    තුශානිගෙ තාත්තට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් හරියටම හරි...

      බොහොම ස්තූතියි ආර්යන්...

      Delete
  6. සීයාටත්, ෙදා්නිටත් පවුෙල් හැමටත් සුබ පැතුම්... ෙදා්නි ඉන්නවා කියල දැන්ෙන දන්ෙන....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තරූ අක්කේ...

      දෝණිට තාම මාස 6යි :)

      Delete
  7. කාලෙකින් මේ පැත්තෙ ආවෙ. හැබැයි ලස්සන පෝස්ට් එකකට.
    තුශානිගෙ තාත්තාට සුබම සුබ උපන්දිනයක් වේවා!

    ReplyDelete
    Replies
    1. සතුටුයි මේ පැත්තට ආවට... ගොඩ කාලෙකින් මාත් ලියන්න පටන් ගත්තේ... ඩොක්ටත් පහුගිය ටිකේ වැඩිය මුකුත් ලියලා නෑ නේද ...

      බොහොම ස්තූතියි සුබ පැතුමට ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...