Friday, February 28, 2014

මේ අවුරුද්දෙත් මට නෑ ...



කෑ ගහල සතු‍ටු වෙන්න , විනෝදෙන් ගත කරන්න 
ලස්සන දවසක් මේ අවුරුද්දෙ මට නෑ

හැමෝම සුබ පතන , තෑගි බෝග ගොඩක් ලැබෙන 
ලස්සන දවසක් මේ අවුරුද්දෙ මට නෑ

බැලුම් බෝල එල්ල
න්න, ක්‍රේප් පටි වලින් සරසන්න
ලස්සන දවසක් මේ අවුරුද්දෙ මට නෑ

යාළුවෝ ගොඩක් වටකරගෙන කේක් ගෙඩියක් කප
න්න
ලස්සන දවසක් මේ අවුරුද්දෙ මට නෑ

ආදරේ වැඩි වෙන්න, ආදරේ පිරුණු  හාදු ගොඩක් ගන්න
ලස්සන දවසක් මේ අවුරුද්දෙ මට නෑ

පෙබරවාරි  29 වෙනිදාවක් මේ අවුරුද්දෙ නැති නිසා  
උපන්දිනය සමරන්න දවසක් මේ අවුරුද්දෙ මට නෑ.




 ප.ලි. - පෙබරවාරි 29වෙනිදාවක් නැති වුනත් පෙබරවාරි 29වෙනිදා උපන්දිනය සමරන යාළුවො හැම කෙනෙක්ටම සුබම සුබ උපන්දිනයක් !

ඔන්න මගේ උපන්දිනය කියලා හිතලා කේක් ඉල්ලන්න නම් ඔට්ටු නෑ හොඳද ...

36 comments:

  1. පෙබරවාරි 29 ඉපදුන අය වාසනාවන්තයි.. මොකද යාළුවන්ට කේක් දෙන්න ඕන නෑ නේ.. අපේ නම් කන්තෝරුවේ සගයන්ට කේක් ඕන කියලා වදේ ගහන්ඩ බෑ නේ :)

    ReplyDelete
    Replies
    1. කේක් දෙන්න වෙන්නෙ නැති එක නම් හොඳයි.. තෑගිත් නෑ හැබැයි...

      Delete
  2. ඉතින් හොදයිනේ ගාණක් ඉතුරුයි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ... ගාණක් නම් ඉතුරුයි දෙගොල්ලන්ටම.. මොකද තෑගි දෙන්න වෙන්නෙත් නෑ නේ..

      Delete
  3. මං හිතුවෙ ඔයාගෙ උපන්දිනේ 29 වෙනිදා කියලා. :)
    මං දන්න කෙනෙක්ගෙ උපන්දිනය පෙබරවාරි 29. එයා නම් කියන්නෙ අවුරුදු හතරකින් උපන්දිනය ලබන කොට අගය වැඩියිලු...

    ReplyDelete
    Replies
    1. මගේ උපන්දිනේ කියලා හිතලා කේක් ඉල්ලයි කියල බයේ තමයි කලින්ම කිව්වේ...

      හැබැයි අගේ වැඩි නිසා 29 වෙනිදා වුනා නම් හොඳයි කියලත් හිතෙනවා ..

      Delete
  4. එතකොට කාගේ උපන්දිනේද?

    ReplyDelete
    Replies
    1. ඔන්න මගේ නම් නෙවෙයි... 29 උපන්දිනය සමරණ හැමෝටම සුබ පතන්නයි පෝස්ට් එක ලිව්වේ..

      Delete
  5. ඉන්දියාවෙ අපි දන්න ටීචර් කෙනෙක් එයාගෙ වයස තිස් ගානයි කියනව,පෙනුමට නං හැටකටත් වැඩියි,බලපුවම එයාගෙ උපන්දිනේ පෙබරවාරි 29.එයාට අවුරුද්දකින් වයස යන්නෙ අවුරුදු හතරකට සැරයක්ලු.ඇත්තටම මේ කාගේ උපන් දිනේද තුශානි.

    ReplyDelete
    Replies
    1. එහෙමත් හොඳයි එතකොට වයස යන්නෙත් නෑ නේ...

      විශේෂ උපන්දින සැමරුමක් නෑ හැලපතුමා.. 29 උපන්දිනය සමරණ අය වෙනුවෙන් ලිව්වේ...

      Delete
  6. හරිම පරාර්ථකාමී සුභ පැතුමක් නේ.. ජය වේවා. මාත් ඒ අයට සුභ පතනවා සුභ උපන්දිනයක් කියා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුබ පතන්න එක් වුනාට ..

      Delete
  7. හ්ම්ම් මටත් ආසයි පෙබරවාරි 29 නෙමේ අප්‍රේල් 31 ඉපදෙන්න.

    ReplyDelete
    Replies
    1. හ්ම්.. චතුරංගටත් තියෙන ආසාවල් ..

      Delete
  8. ඕක ඒ තරං හිතන්න දෙයක් නෙවීනෙ... කීයක් හරි ඉතුරුයි කියල හිත හදාගමු..... අනික කී දෙනෙක්ගෙන් එක්කනෙක්ටද ඔය වාසනාව තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ඒක ඇත්ත... හරිම දුර්ලභ වාසනාවක්...

      Delete
  9. මගේ යාළුවෙක් ඉන්නවා පෙබරවාරි 29 ය උපන්.. මිනිහා මාර්තු 1 තමා ගන්නේ පාර්ටි එක.

    ReplyDelete
    Replies
    1. අප්පෝ මහ මෝඩ මිනිහෙක්. කීයක් හරි ඉතුරු කර ගන්න තිබුණනේ...))

      Delete
    2. ඔන්න නලීන් අයියේ මතක ඇතුව පාටි එකට යන්න එහෙනම්...

      Delete
  10. ඒකෙත් හැටි ඕං.......

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඔන්න ඔහොමලු 29 වෙනිදා ඉපදිච්ච අය හිතන්නේ..

      Delete
  11. අනේ පව්! ඒත් එක වාසියක් තියෙනවා හරිම අඩුවෙන් වයස යනනේ. අවුරැදු 4කින් අපි වයසට යනකොට ඔයා වයසට යන්නේ අවුරැද්දකින්. ඒ කෙසේ වෙතත් සුභම සුභ උපන් දිනයක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ම්... චන්දන අයියා පෝස්ට් එක කියවල තියෙන්නේ කලබලෙන්ද කොහෙද ...

      පටලව ගනියි කියලා හිතුන නිසාමයි මගෙන් කේක් ඉල්ලන්න එපා කියලා ලිව්වේ...

      Delete
  12. ආයේ ඉතින් 2016 තමයි.. මගේ හොදම යාළුවා ආදරවන්තයා හොයා ගත්තේ පෙබරවාරි 29 තමයි.. උන්ට සුභ පතන්නවත් විදිහක් නෑ ඉතින්..

    ReplyDelete
    Replies
    1. සුවිශේෂි දවසක් එහෙනම්...

      Delete
  13. හරි ෂෝක් සිතිවිල්ල තුෂි.....
    කාටවත් නොපෙනෙන පැත්තක් ඔබ දැකීම ඇත්තටම මා අගය කරනව.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි අගය කලාට ...

      Delete
  14. හරිම හොඳ වැඩක් තුශානි කරලා තියෙන්නේ. ඇත්තටම මේ දිනය එහෙම් පිටින්ම අමතක වෙන දිනයක්.

    ReplyDelete
    Replies
    1. අවුරුදු 4 කට සැරයක්නේ ඒ දවස මතක් වෙන්නේ .. ඒකයි ඒ ගැන ලියන්න හිතුනේ.. ස්තූතියි...

      Delete
  15. ඇත්තටම මේ දවසෙ ඉපදුන අයට වයස යන්නෙ අවුරුදු හතරෙන් හතරටද?හි හි

    ReplyDelete
    Replies
    1. ඔව්නේ.. වයසට යන්නේ අවුරුදු 4 කට සැරයක්ලු...

      Delete
  16. ඔව්නෙ එහෙම අයත් ඉන්නවනෙ නේද :3

    ReplyDelete
    Replies
    1. ඉන්නවනේ ඉන්නවනේ.. හැම තත්පරයකම කොහේහරි කෙනෙක් උපදිනවා...

      Delete
  17. මට ඔහොම වුනා නම් දෙයියනේ.. මං අඩයි අවුරුද්ද පුරාම.. පෙබරවාරි 29 ඉපදලා උපන්දිනයක් නෑ කියන්නේ අවාසනාවක්//

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට මොණරි පෙබරවාරි 29 ඉපදුනේ නැත්තේ...

      නැත්තන් අඬ අඬ ඉන්න නිසා මොණරිගේ බ්ලොග් පොස්ට් අපිට කියවන්න ලැබෙන්නෙත් නෑනේ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...