ඔන්න ඉතින් එකෝමත් එක දවසක අපේ බ්ලොග් ලියන යාළුවො කට්ටියට තිබුනලු සම්මන්ත්‍රණයක්. ඉතින් හැමෝම හරියටම වෙලාවට ඇවිත් සම්මන්ත්‍රණයට සහභාගී වුනාලු. සම්මන්ත්‍රණය බොහොම සාර්ථකව ඉදිරියට යන අතරතුරේ කට්ටියම හරිම උනන්දුවෙන් දේශනය අහගෙන ඉන්න නිසා දේශනය පවත්වපු මහාචාර්යතුමාට හිතුනලු කට්ටියත් එක්ක පුංචි ක්‍රියාකාරකමක් කරන්න.
" හැලප.. මොකද හිතන්නේ අපි කට්ටියත් එක්ක පුංචි ක්‍රියාකාරකමක් කරමුද ? "
" අනේ කරමු මහාචාර්යතුමා මාත් මේ ටිකක් නිදිමෙතේ හිටියේ හැක හැක .. ඒ දේශක තුමා. "
" හරි හරි ... එහෙනම් හැමෝම මේ බැලුම් ටික ගන්න.. අරගෙන පුම්බලා තමන්ගේ නම ලියන්න. "
ඔන්න ඉතින් කට්ටිය බැලුම් ටික පුම්බලා මාකර් පෙන් එකකින් තමන්ගේ නම් ලිව්වලු මැකෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ මහාචාර්යතුමා එතන තිබුන කාමරයක් පෙන්නලා, බැලුම් සේරම ඒ කාමරේට දාන්න කියලා කිව්වලු.
හරි... එහෙනම් ජය වේවා !! විදානේ මුලින්ම බැලුමත් අරගෙන ගියාලු..
" අරූ, සහෝදර, විදානේ,දිනේෂ්, සඳුමල්, හැලප, දේශක, කකා කෝ ඔයාලගේ ඒවා.. දෙන්න මම ගෙනියන්නම් " කියලා නලීන් අයියා ඒ කට්ටියගේ බැලුම් ටික එකතු කරගෙන ගියාලු..
මධුරංග, අපි නම් "ම" යනු කියලා මනෝෂ්ගෙයි, මහේෂ්ගෙයි, මනෝජ්ගෙයි, මැලේගෙයි බැලුම් ටික එකතු කරගෙන ආවලු.
" මෙන්න අපේ බැලුම් ටික.... " කියලා අපූර්වි , ශානුගෙයි, දිලිනිගෙයි, රෙහානිගෙයි, මොණරිගෙයි, චාම්ස්ගෙයි, බස්සිගෙයි බැලුම් ටික අරගෙන ආවලු.
කුරුටු ගෑ ගී පවුරේ අයත් එයාලා කට්ටියගේ බැලුම් ටික අරගෙන ආවලු.
ඉවාන් අයියයි, සිරා අයියයි, චතුරංග අයියයි, කොහොමත් පොදු වැඩ වලට කැමති නිසා ස්වේචාවෙන්ම ඉදිරිපත් වෙලා අනිත් අපේ බ්ලොග් ලියන යාලුවො හැමෝගෙම බැලුම් බෝල ගෙනැල්ලා, බැලුම් බෝල ටික කාමරේ අසුරණ වැඩේ බාර අරගෙන කලාලු.
කාමරේ පිරින්න බැලුම් බෝල ඇසුරුවහම මෙන්න මේ විදිහට තමයි තිබිලා තියෙන්නේ... ( නම ඈතට පේන්නේ නෑලු හොඳේ... :) )
ඊට පස්සේ මහාචාර්යතුමා කට්ටියටම කතා කරලා මෙන්න මෙහෙම කිව්වලු
" හැමෝටම මම විනාඩි 3 ගානේ දෙනවා... ගිහිල්ලා තමන්ගේ නම ගහලා තියෙන බැලුම හොයාගෙන එන්න ඕනේ.. "
ඔන්න ඉතින් එක එක්කෙනා ගිහින් උත්සාහ කලත් කාටවත් විනාඩි 3 කදි නම් තමන්ගේ නම ගහපු බැලුම හොයා ගන්න බැරි වුනාලු.
ආපහු කට්ටියටම කතා කරපු මහාචාර්යතුමා
" හරි ... එහෙනම් අපි මෙහෙම දෙයක් කරමු. ඔයාලා හැම කෙනෙක්ම දැන් ගිහින් අහඹු විදිහට බැලුමක් හොයාගෙන ඒ බැලුම අයිති කාරයා හොයලා ඒයාට දෙන්න. හැබැයි මේකටත් මම දෙන්නේ විනාඩි 3 යි. "
ඔන්න ඉතින් ආයෙමත් කට්ටිය දුවලා ගිහින් තමන්ට හම්බවෙච්චි බැලුමේ අයිතිකාරයා හොයාගෙන එයාට දෙන්න පටන් ගත්තාලු. විනාඩියක් වගේ බොහොම සුළු කාලේකදි හැමෝටම පුළුවන් වුනාලු තමන්ට අයිති බැලුම ලබා ගන්න.
හැමෝටම හරිම
සතුටුයි.. ඉතින් එහෙම සතුටින් හිටිය කට්ටිය ගාවට ආපු මහාචාර්යතුමා මෙන්න
මේ විදිහට තමන් කරන්න උත්සාහ කරපු කණ්ඩායම් ක්‍රියාකාරකම ගැන විස්තර කලාලු..
"මේ දේමයි අපිට අපේ ජීවිත වලදිත් වෙන්නේ.. අපි අනිත් අය ගැන චුට්ටක් වත් හිතන්නේ නැතුව හැමතිස්සේම අපේ සතුට හොයනවා. ඒත් එහෙම කොච්චර හෙව්වත් ඒ සතුට අපිට හොයා ගන්න බැරි වෙනවා එහෙමත් නැත්තම් සතුට හොයාගන්න හුඟක් කල් ගත කරන්න සිද්ධ වෙනවා.
අපිට ටිකක් හිතලා බලන්න පුළුවන් නම් අනිත් අයගේ සතුට වෙනුවෙනුත් අපිට යමක් කරන්න පුළුවන්ද කියලා, ඒ අයගේ සතුට වෙනුවෙන් අපි යමක් කරන කොට නිකම්ම අපිට අපේ සතුටත් ලැබිලා තියෙනවා. එතකොට අපිට වගේම අපේ ලඟ ඉන්න අයත්ට දැනෙන්නේ අපේ සතුට ලැබුනට වඩා ලොකු සතුටක්. ඒ නිසා හැමතිස්සේම තව කෙනෙක්ට සතුටක් හිතෙන දෙයක් කරන්න උත්සාහ කරන්න. එතකොට අපිටත් හැමදාම සතුටින් ඉන්න පුළුවන්.
අපිට ටිකක් හිතලා බලන්න පුළුවන් නම් අනිත් අයගේ සතුට වෙනුවෙනුත් අපිට යමක් කරන්න පුළුවන්ද කියලා, ඒ අයගේ සතුට වෙනුවෙන් අපි යමක් කරන කොට නිකම්ම අපිට අපේ සතුටත් ලැබිලා තියෙනවා. එතකොට අපිට වගේම අපේ ලඟ ඉන්න අයත්ට දැනෙන්නේ අපේ සතුට ලැබුනට වඩා ලොකු සතුටක්. ඒ නිසා හැමතිස්සේම තව කෙනෙක්ට සතුටක් හිතෙන දෙයක් කරන්න උත්සාහ කරන්න. එතකොට අපිටත් හැමදාම සතුටින් ඉන්න පුළුවන්.
මම හිතනවා බ්ලොග් ලියන අය විදිහට ඔයාලට මේ පුංචි ක්‍රියාකාරකම ආදර්ශයට අරෙගෙන ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. එහෙනම් ආයෙමත් දවසක හමුවෙමුකෝ.. " කියලා මහාචාර්යතුමා කට්ටියට සමුදුන්නලු.
ප.ලි - මේ කතාව තුශානිට දේශනයකදි අහන්න ලැබුන කතාවක් කට්ටියටම සතුටු හිතෙයි කියලා හිතුන නිසයි මේ විදිහට ලියන්න හිතුවේ.
ස්තුති යි මේ වගේ කතාවක් අපිත් එක්ක බෙදා ගත්තට. සතුට කියන්නෙ බෙදන්න බෙදන්න වැඩි වෙන දෙයක් නේ....
ReplyDeleteඔව්.. සතුට කියන්නේ බෙදන්න බෙදන්න වැඩි වෙන දෙයක් ... සතුට පරම ධනය කියලත් කියනවනේ...
Deleteපහුගිය ටිකේ පේන්න හිටියේ නෑ නේද ?
වාව් තුශානි නියම කතාව. ආ.............. නියම කතාව නෙමෙයි නියම ක්‍රියාකාරකම හොදේ..........
ReplyDeleteකොහොමත් කට්ටියත් එක්ක ම අපේ කුරුට්ටෝ ටික එකතු කරගත්ත එකට අපි ස්තූතිවන්ත වෙනවා. ඇත්තට ම ඒ ක්‍රියාකාරකම ලොකු යථාර්තයක් ගැන අපිට කියලා දෙනවා කියලා තේරෙනවා තුශානි. ඉතින් අපි බ්ලොග් සහෘදයෝ හැටියටත් මේ විදිහට වැඩ කරොත් හැමෝට ම තෘප්තිමත් පිරිසක් වෙන්න පුළුවන් වෙයි කියන එක තමයි තුශානි කියන්න උත්සහ කරන්න ඇත්තේ. ඒ වගේ ම සමාජය තුළත්.............
බොහොමත්ම ස්තූතියි කුරුටු ගෑ ගී පවුර...
Deleteඒක පුංචි ක්‍රියාකාරකමක් වුනත් ඒකෙන් අපේ ජීවිත වලට ලොකු ආදර්ශයක් ගන්න පුළුවන්.. මම විශ්වාස කරන විදිහට අපේ ජීවිත වල වැදගත්ම දේ සතුට.. සතුටින් ඉන්න පුළුවන් නම් හැම දෙයක්ම සාර්ථක කරගන්න පුළුවන්...
කතාව එලකිරි ...අර ම යන්න සෙට් එක නම් පට්ට කතාව
ReplyDeleteහුඟක් ස්තූතියි සහෝ... ඔයත් සම්මන්ත්‍රණයට සහභාගී වුනා නේ... :)
Deleteම යන්න හික්ස්
Deleteඔයත් "ම" යනු එක්කෙනෙක් නේ... හි.. හි..
Deleteමාස දෙකක් මග ඇරුනු ලිපි නම් කියවලා ඉවර කරන්න බැරි උනා.....තුශා හරි අපුරුවට කතාව ලියලා ..../////අපිට ටිකක් හිතලා බලන්න පුළුවන් නම් අනිත් අයගේ සතුට වෙනුවෙනුත් අපිට යමක් කරන්න පුළුවන්ද කියලා, ඒ අයගේ සතුට වෙනුවෙන් අපි යමක් කරන කොට නිකම්ම අපිට අපේ සතුටත් ලැබිලා තියෙනවා. එතකොට අපිට වගේම අපේ ලඟ ඉන්න අයත්ට දැනෙන්නේ අපේ සතුට ලැබුනට වඩා ලොකු සතුටක්. ///// මේ කතාව නම් මම අද්දැකීමෙන්ම කියනවා සියටම්සීයක් හරි කියලා...අනිත් අයගේ සතුට ගැන හිතුවම අපේ හිතට ලැබෙන සතුට කියලා නිම කරන්න බෑ...... එහෙනම් මම දිගටම එනවා....බොහොම ස්තූතිවන්ත වෙනවා මේ කතාව බෙදා ගත්තට
ReplyDeleteඅම්මෝ කාලෙකට පස්සේ මේ ඇවිත් ඉන්නේ... සාදරෙයෙන් පිලිගන්නවා... මග ඇරුන ලිපි ටික හෙමිහිට කියවන්නකෝ...
Deleteඔව් ශානු.. මමත් එකඟයි ... සතුට හොයනවට වඩා සතුට දීලා ලොකු සතුටක් අත්විඳින්න පුළුවන්..
ඔයාටත් හුඟක් ස්තූතියි දිගටම එන්නකෝ..
බෙදාහදාගැනීම තුල දැනෙන සතුට ගැන නම් වෙලාවකට කියල නිම කරන්න බෑ..
ReplyDeleteපොඩි කතාවක් අස්සෙ හැංගුන ගැඹුරු ඔවදනක්..
අපූරුයි
ජයවේවා
ඔව් මහේෂ්... හුඟක් ස්තූතියි...
Deleteමාත් බොලං ඇවිත්නෙ සම්මන්ත්‍රණේට... ඒකනම් සුපිරියි. කෝ මේ පත්තරය. යසයි..ඕක මෙලහට ඉරිසියාවෙ පැලෙනවා, ඕකට එන්න බැරිවුනාට. මං ඕකට කොච්ච්cඅරනම් කියනවද අර අටව ගත්ත බ්ලොගෙස් හරි මොනා හරි ලියපිය කියලා. කෝ අහනවැයි. එහෙම කලානම් පත්තරයත් එනවා නොවැ.
ReplyDeleteතුශානි.. මේ දේශනය මේ ළඟදි දවසක අපි වැඩකරන තැනට ආව දේශකයකුත් කිව්වා. ඒ කතාව ඔයානම් බොහොම හැඩට නිර්මාණශීලීව අපිට වඩාත් සමීප විදියට හිතට හොඳින්ම දැනෙන විදියට අරං ඇවිත් තියෙනවා.
ඇත්තෙන්ම අපි එකතු උනොත් කොච්චර නම් දේවල් කරන්න පුලුවන්ද. ඇත්තටම මේ බ්ලොග් ලෝකෙ අපේ අය එකතුවෙලා කොච්චරනම් දේ කරල තියෙනවද. එකතුවෙලා උදවු වෙලා තියෙනවද. කට්ටියට මතක ඇති අපේ ඉංග්‍රීසි අච්චු පොතක තිබ්බා මෙහෙම කතාවක්.
"Together We Stan, Divided We Fall"
ගෙනාව පණිවුඩයනම් විශිෂ්ඨයි තුශානි, අතිවිශිෂ්ඨයි...
ඔයත් ඉන්නේ අර "ම" යනු කට්ටියත් එක්ක :) කිව්වත් වගේ පත්තර මල්ලි ඇවිත් නෑ නේ...
Deleteමේ කතාව මමත් දේශනයකදි තමයි ඇහුවේ... අලුත් විදිහකට ලියන්න ඕනේ කියලා හිතුන නිසයි මෙහම ලිව්වේ ...
ඇත්තටම තනි තනි පුද්ගලයෝ විදිහට වඩා කට්ටියක් විදිහට එකතු වුනාම ලොකු ලොකු දේවල් වුනත් පහසුවෙන් කරන්න පුළුවන්...
අගය කලාට බොහොමත්ම ස්තූතියි...
මේ පෝස්ට් එකට විතරක් හරි කමෙන්ට් මොඩරේශන් අයින්කරන්න තුශානි.
ReplyDeleteමොඩරේෂන් ඇක්ටිවෙට් කරන්න වුනේ පහුගිය කාලේ සිද්ධ වුන සමහර සිදුවීම් නිසා.. සමාවෙන්න ඕනේ සිද්ධවෙච්චි අපහසුතාවයට..
Deleteඅපි අන් අයගේ සතුට ගැන හිකනා විය නිරන්තරයෙන් අපටද සතුට ලැබේ. ලස්සන කතාවක්. අපිවත් මතක් කරලා ලිව්ව එක ගැන ගොඩක් සතුටුයි. ඉතින් ඔයාටත් සතුටුයිි නේද? එහෙම නම් ජයම වේවා...
ReplyDeleteඔව් නලීන් අයියේ.. මටත් හුඟක් සතුටුයි...
Deleteපෝස්ට් එකේ කියලා තියෙනව වගේ තව කෙනෙක්ට සතුට ගෙනත්දුන්නහම අපිටත් සතුට නිකම්ම ලැබෙනවා...
හැබෑට මාත් සම්මන්ත්‍රණයෙ ඉඳල තියෙනවනෙ.
ReplyDeleteතුශානි ලොකු කතාවක් සරලව කියල තියෙන්නෙ.ඇත්තටම මේ ක්‍රමය හැම කෙනාම අනුගමනය කරනව නං ජීවිතේ මොන තරම් සුන්දර වේවිද.නමුත් අවාසනාවකට වගේ නොවෙන්නෙත් මේ දේමයි.
:) ඔව්නේ ඔව්නේ...
Deleteහරබර දේශනයක් විදිහට කියනවට වඩා මේ විදිහට කිව්වොත් තේරුම් ගන්න පහසුවෙයි කියලා හිතුනා.. අපි නොහිතන මේ වගේ පුංචි පුංචි දේවල් වලින් අපේ ජීවිත වලට ලොකු වෙනසක් ඇති කරගන්න පුළුවන්..
ආදර්ශමත් කතාවක්!!! බැලුම් සෙල්ලමට අපිවත් ගත්තාට තැන්ක් යු :D
ReplyDeleteඅගය කලාටත් බොහොමත්ම ස්තූතියි ...
Deleteකතාව සහතික ඇත්ත....
ReplyDeleteස්තුතියි තුෂා....ආදර්ශමත් ආ ...
ඔන්න ඔයා හිටිය කාලේක තමයිලු ඔය සම්මන්ත්‍රණේ තිබිලා තියෙන්නේ... මොකද පහුගිය ටිකේ පේන්න හිටියේ නෑනේ...
Deleteහුඟක් ස්තූතියි ඈ...
ආ...කියන්න බැරි උනානේ...අර බත්ති කෙල්ල එයාගේ බැලුම පුපුරවගෙන මගේ බැලුම හොරෙන් අරං ....බස්සා එක්ක බැලුම් සෙල්ලම් කරන්නලු.මං ඉතින් ඉවාන්ගේ බැලුම හොරෙන් ඉස්සුවා....හී ...
ReplyDeleteහපොයි... බස්සි ඔයාගේ බැලුම අරගෙනද අර බස්සත් එක්ක සෙල්ලම් කරන්නේ...
Deleteඅන්න ඉවාන් බැලුම හොයනවා.. ගොළුබෙලි කට්ටක් වත් හොයා ගන්න හැංගෙන්න ... :D
ෂා තුශ් ලස්සනට කථාව ලියල...නිකන්ම කථාව කියනවට වඩා මේ විදිහට කියද්දි රසවත් බව වැඩියි. :)
ReplyDeleteඔයාගෙ කථාවෙන් කියවෙන දේ සම්පූර්ණ ඇත්ත. කඩේකට ගිහින් අලුත් ඇඳුමක් ගන්නවට වඩා මම සෑහෙන සතුටක් ලබනවා තවත් කෙනෙක්ට ඇඳුමක් අරන් දීලා එයා ඒක ඇඳගෙන ඉන්නවා දැක්කම...
බොහොමත්ම ස්තූතියි චාම්ස්...
Deleteඔව්.. අපේ දෙයක් තව කෙනෙක්ට දීලා ඒ කෙනා ඒ දේ සතුටින් පාවිච්චි කරනවා දකින එක අපි ඒ දේ පාවිච්චි කරනවට වඩා සතුටක් ...
අපේ බ්ලොග් ලියන උන් නම් බැලුම අයිතිකාරයා හොයයිද විනාඩි 3 න්. වැඩි පුර ඉන්නේ ෆේක් උන් නේ. කොහෙන් කොහොම හරි සෙට් වෙලා තියෙන උන් ටික නම් කොහොම හරි හොයලා දෙයි. අනිත් උන්??
ReplyDeleteහැබෑනේන්නම් ... එයාලව හොයා ගන්න නම් දවස් ගානක් යයි..
Deleteඇත්තටම කාලේට ගැලපෙන විදියේ කතාවක්. නියමයි. ඔහෝම හිතන්න පුළුවන් නම් ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙයි අපි හැමොටම.
ReplyDeleteහූඟක් ස්තූතියි මදාරා... කැකුළු ගොමුවට ඔයා මේ ආවමයි මගේ හිතේ...
Deleteආදරයෙන් පිළිගන්නවා... දිගටම එන්නකෝ...
අන්න අරහේ මාතලන්ගේ බැලුම සිරා අරන් කියලා තාමත් හෙන වලියක්
ReplyDeleteහපොයි.... එහෙනම් STF එකෙන් වත් ගෙන්නන්න වෙයි ...
Deleteතුෂානි එක පාරකුත් මේ වගේ මොකක් හරි දැම්ම නේද??
ReplyDeleteකෝම උනත් කතාවේ බොක්ක නං (මං කිව්වේ ඇතුලාන්තය) හොදයි..
හි.. හි.. හැක හැක... ( දේශකතුමාගේ හිනාව )
Deleteබොහොමත්ම ස්තූතියි .....
එකෙන්ම පට්ටයි. යටි අරුතට 200%ක් එකඟයි තුෂානි.
ReplyDeleteබෙදා ගත්තට බොහොම ස්තූතියි.
හුඟක් ස්තූතියි... ඔව්.. බෙදන්න බෙදන්න සතුට වැඩි වෙනවලු.. :)
Deleteකතාවනම් නියමයි.. සහයෝගය කොයි දේකදිත් වැදගත් වෙනවා කියලා අපි හුඟක් දෙනෙක්ට අමතකයි දැන් නම්..
ReplyDeleteඅඩේ මාත් ඉදලා තියෙන්නේ සම්මන්ත්‍රණේ..
බොහොමත්ම ස්තූතියි දිනේෂ්... කිව්වත් වගේ හුඟදෙනේක්ට ඒක අමතකයි..
Deleteඔව්නේ...ඔන්න අනිත් අයගේ ඒවා හොරෙන් ගන්න ඔට්ටු නෑ හරිද ..
ඇත්ත තුශානියා කියලා තියෙන්නේ අපි අපේ සතුට හොයන්න වෙහෙසන අතරේ තවත් කෙනෙක්ගේ සතුට වෙනුවෙන් පොඩි හරි කැපකිරීමක් කරන්න පුළුවන් නම් එකම ලොකු සතුටක්.හැබැයි ගොඩක් අය එක ගොඩක් වෙලවට තේරුම් ගන්නේ නැහැනේ තුශානියෝ.
ReplyDeleteඕව්.. ගොඩක් වෙලාවට අපි කරන්නේ අමාරු දේවල් තේරුම් ගන්න උත්සාහ කරන එක.. බොහොම සරළ පුංචි පුංචි දේවල් ගැන හිතනවා අඩුයිනේ...
Deleteවෙන කෙනෙකුගේ බැලුමක් අරං පුපුරවන්න කියලා කිව්වා නම්?
ReplyDeleteඅපොයි තප්පරයක් යන්නත් කලින් ඒක කරයි..
Deleteහුඟක් ස්තූතියි බැලුම් කතාව කියවන්න මේ පැත්තට ගොඩ වුනාට ...
අපිට බැලුම් පුම්බන්න දුන්නොත් ඉතිං හිරේ තමයි යන්න වෙන්නේ.. සුපිරි කතාව ඉතින්..
ReplyDeleteජය වේවා!!!
හි.. හි... බොහොමත්ම ස්තූතියි විදානේ...
Delete"ජය වේවා....." විදානේගේ තේමා පාඨයනේ... :D ඔන්න මම ඒකත් කතාවේ ලිව්වා..
ජීවිතේට වටින දෙයක් හරි ලස්සනට කියල දීල.
ReplyDeleteබොහොමත්ම ස්තූතියි.. කැකුළු ගොමුවට සාදරෙන් පිළිගන්නවා...
Deleteතුෂානි අගනා ආදර්ශයක් දෙන්න තෝරාගෙන තියෙන ආකෘතිය නම් මරේ මරු. ඒ දේශනයේදී අහන්න ලැබෙන දේ අපිට ඉදිරිපත් කරපු ආකාරය ගැනයි මං කිව්වේ . අපි පොදු වැඩවලට ගිය ගමන් තමයි තාමත් . එල
ReplyDeleteහුඟක් ස්තූතියි ඉවාන් අයියා..
Deleteඔන්න පොදු වැඩ කියලා බ්ලොග් එක අමතක කරන්න එහෙම ඔට්ටු නෑ හරිද ...